[ratings]
මේ රුක් රෝපණය නැතහොත් ගස් වැවීම නිසා බොහෝ ආනිසංස ලැබෙන බව පුරාණ ජ්‍යෙතිෂ ග්‍රන්ථවල දක්‌වා තිබේ. විනාඩි එකොළහක් තුළ පැළ එකොළොස් ලක්‍ෂයක් සිටුවීමේ ජාතික ව්‍යාපාරය රාජ්‍ය අනුග්‍රහයෙන් පසුගිය නොවැම්බර් 15 දින රට පුරා සිදු කෙරිණි.ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ රුක් රෝපණය පිළිබඳව අප්‍රකටව පවතින නමුත් ඉතා වැදගත් කරුණු කිහිපයකි.
යමෙකු විසින් එක බෝ ගසක් ද, එක කොහොඹ ගසක් ද නැතහොත් එක නුග ගසක් ද, සියඹලා ගස් දහයක් හෝ දිවුල්, බෙලි, නෙල්ලි, ගස් තුනක් හෝ අඹ ගස් පහක් වැව්වේ නම් ඒ පුද්ගලයා අපාය නොදකින බව සඳහන් වේ.
එමෙන්ම යමෙකු පාරක් අබියස ගස් රෝපණය කර ළිඳක් සෑදවීමෙන් දීර්ඝ කාලයක් දෙව්ලොව සැප ලබන බව ද කියෑවේ. බුදු දහම ද, ආරාම, වනාන්තර රෝපණය කිරීම අගය කරමින් වර්ණනා කර තිබේ.
“විශ්වකර්ම ප්‍රකාශය”, “පලදාවලිය” ආදි පුරාණ ග්‍රන්ථවල සඳහන් වන්නේ ගෙවල් සෑදීමට පෙරගස් වැවීම කළ යුතු බවයි. නගර නිර්මාණයේදී පළමුව රුක් රෝපණය කර පසුව ගොඩනැඟිලි හා නිවාස ඉදිකළ යුතු බව කියා තිබේ.
බොහෝ සතුන්ට ආහාර ලබා දීම, උෂ්ණත්වය පාලනය කිරීම, ඔක්‌සිජන් නිපදවීම යන ප්‍රධාන කරුණු හැර ගස්‌වැල් මනුෂ්‍ය ජීවිතයට කරන බලපෑම අතිමහත්ය. ඖෂධයක් නොවන කිසිදු පැළෑටියක් නොමැති බව ආයුර්වේදයේ සඳහන් වන්නේය.
ගෙවත්තේ පළමුකොටම සිටුවිය යුත්තේ කොහොඹ, මූණමල්, දොඹ, මාර, පුවඟු යන වර්ගය, කොස්, කෙසෙල්, ජම්බු, දෙල්, දෙළුම්, මිදි යන ගස් ගෙඋයනේ වැවීම ප්‍රශස්‌තය.
පැළයක් ගලවා වෙනත් ස්‌ථානයක සිටුවන විට අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමයක් තිබේ. එනම් එම පැළය අතු විහිදී තිබූ දිශාවන් වෙනස් නොකර සිටුවිය යුතු බවයි.
එනම් නැගෙනහිරට යම් අත්තක් විහිදී ගොස් තිබුණේ නම් ගලවා සිටුවන විට ද එසේ තිබෙන ලෙසම සිටුවිය යුතු බවයි.
පැළ සඳහා වතුර දැමිය යුතු බව අපි කවුරුත් දනිමු. එහෙත් වියළි ගී්‍රෂ්ම කාලයේදී උදේ සහ සවස ද ශීත කාලයේදී දහවල්හිද, වර්ෂා කාලයේදී පොළව වියලුණු අවස්‌ථාවල පමණක් ද ජලය වත් කළ යුතුය. එයින් පැළය වඩාත් හොඳින් වැඩේ.
අව්ව, ශීතල සහ සුළඟ නිසා ගස්‌වල රෝගයන් හටගනී. මෙහිදී වලඟසාල්, ගිතෙල් හා මඩ යන මේවා සංයෝග කර ආලේප කළ යුතුය. ඉන් රෝගය සුව වේ. සමහර ගස්‌වල ගෙඩි හට ගන්නේ නැත. එවැනි අවස්‌ථාවලදී කොල්ලු, උඳු, මුං, තල, යව යන ද්‍රව්‍යයන් කිරිවලින් කකාරවා ගසට වත් කරන්න.
රෙහෙණ, අනුර, නිසා, මුවසපස, රේවත, මුල, වීසා පුෂ සුව, අස්‌විද යන නැකත් රුක් රෝපණයට ඉතා සුදුසු බව දක්‌වා තිබේ. කෙසේ නමුත් ගස් වැල් මගින් අපට කරන බලපෑම සුළුපටු නොවේ. ගෙමිදුලේ සිටුවිය යුතු සහ එසේ සිටුවීමට සුදුසු නැති ගස් වැල් පිළිබඳව ද සඳහන් වේ.
මෙකල ගස් වැවීමේදී එයට සුදුසු නැකතක් තබා දිනයක් වත් බලන්නේ නැත. එහෙත් නූතන රසායන ද්‍රව්‍ය භාවිතය නිසා මෙරට කෘෂිකර්මයට පසුගිය වසර තිහ හතළිහ තුළ සිදුවී ඇති පාඩුව සුළුපටු නොවේ. අතීතයේදී පළිබෝධ මර්දනය සඳහා යොදාගෙන ඇති නැකත් හා කෙම් ක්‍රම පිළිබඳ නැවත අධ්‍යයනය කළ යුතු කාලය දැන් එළැඹී තිබේ.
ගෙඩි ලබා ගැනීමට බලාපොරොත්තු වන ගස් සිකුරාදා හා බ්‍රහස්‌පතින්දා දිනවලද, අලංකාර පොතු සහිත ගස් සෙනසුරාදා දිනවලද කොල හෝ මල් අවශ්‍ය ගස් සඳුදා ද, ප්‍රධාන උසස් තත්ත්වයේ දැව අපේක්‍ෂා කරන ගස් බ්‍රහස්‌පතින්දා දිනවලද පැළ කිරීම ඉතා සුදුසුය. සිකුරාදා දිනවල සිකුරු හෝරාව මල් පැළ සිටුවීමට සුදුසුය. මුල් හා අල සිටුවීම ඉරිදාට ශුභය.
අප අවට පරිසරයේ ඇති ගස්‌වල මල් හා ගෙඩි බහුල වන කාලයක් ද තිබේ. ඒ මල ඵල හට ගැනීම අනුව රටේ වෙනත් ද්‍රව්‍යයන් ද සුලභ වන ආකාරය කල් ඇතිව දැන ගතහැකිය. එනම් මෙහි පහත සඳහන් වෘෂ්‍යයන් බහුල වීමෙන් හෝ මල් ඵල හට ගන්නා කාලයට ඉදිරියෙන් දක්‌වන අංශවල වර්ධනයක් අපේක්‍ෂා කළ හැකිය.
රතුනෙළුම් – රජය/රජු
නිල් මහනෙල් – අමාත්‍යවරු
ඇසල – ව්‍යාපාරිකයන්
කෙළිඳ – රෝග භය
ඉඹුල් – යුද බිය
කොහොඹ / නා – සෞභාග්‍යය
අඹ – සියලු මිනිසුන්ගේ සැප සම්පත්
ගෙවල් ඉදිරිපිට වැවීමට ගුණා ගුණ ගස් වැල් පිළිබඳව “පුරාණ පලදාවලිය” නම් ග්‍රන්ථයේ කවියෙන් විස්‌තර කෙරේ. සෞභාග්‍ය හා නිරෝගී බව පහත සඳහන් කවියේ සඳහන් ගස් වැවීමෙන් උදා වන බව කියා තිබේ.
නෙළුම් සමන් මානෙල් සාදික්‌කා ද
දොඩම් කෙසෙල් සහ සුවÄති වැටකේ ද
වැවුම් කළහොතින් ගෙමිදුලෙහි රිසි ලෙ ද
නොනිමී සිරි සැපත නිරෝaගි බැව් ලබයි සොඳ
එමෙන්ම නැගෙනහිරට නුග ගසද, දකුණට දිඹුල් ගසද, උතුරට බෙලි හා බටහිරට ඇසටු ගස වැවීම ශුභ බව කියෑවේ. ගේ ඉදිරිපිට (දොර ඉදිරියේ) වැවීමෙන් ධනය හානිවන ගස් ගැන පහත කවියෙන් කියෑවේ.
එරබදු වතුසුදු කතුරු කර ම්බා
එරඬු ද එවරා තල කපු නිම්බා
පෙරදොර ගෙ අසල ඇනිමුව පුම් බා
සුර රදුගේ වත් ඉසුරු කලම්බා
එහෙත් එරබදු, වතුසුද්ද, කතුරුමුරුංගා ආදී ගස් නිවසේ වෙනත් දිශාවල සිටුවිය හැකි වේ. රතු මල් පිපි ගස් හා කටු ගස් ද අශුභ බව පහත කවියෙන් පෙනේ.
රතුමල් පිපෙන ගස් දොරකඩ වැවුවොති නා
සැමකල් පැමිණේය රජ බිය නොසිතු මෙ නා
වියවුල් කටුගසින් ගව බිය කිරි ගසි නා
ඒ ඉඹුල් ගසින් ගෙය බිඳුමද කිව් සොරනා
ගස් කොතරම් ශුභ වුවද නිවසේ ප්‍රධාන දිශා හතරේ වැවීමෙන් දෝෂ ඇතිකරන ගස් වර්ග ගැන “විශ්වකර්ම ප්‍රකාශය” නම් පැරණි ග්‍රන්ථයේ සඳහන් වෙයි. එනම් නැගෙනහිර ඇසටු, දකුණේ පුලිල, බටහිර නුග සහ උතුරේ අත්තික්‌කා යන ගස් හතර වර්ගය පිහිටීම ඉතා අශුභය. එමෙන්ම ඇසළ, කොහොඹ, අඹ, කෙසෙල් යන ගස් වර්ග හතර නැගෙනහිර දකුණ ආදී දිශා හතරේ තිබීම ඉතා අශුභය. එමෙන්ම නැගෙනහිර ගෙඩි ඇති ගස් ද දකුණේ කිරි ඇති ගස්‌ද, බටහිර ජලජ පැලෑටි ද සතුරු බිය ගෙන දෙන බව කියා තිබේ. මේවා දක්‌වා ඇත්තේ “වේධදෝෂ” නමිනි. වේධ දෝෂ ඇති නිවසක පදිංචි වූ විට අවුරුදු හයකින් ගෙහිමියා මිය යයි. අවුරුදු නවයකින් නිවසේ ශ්‍රියාව නැතිව යයි. අටවන වර්ෂයේ සියල්ල වැනසේ” යෑයි කියා ඇත.
ජ්‍යෙdතිෂයේදී රුක් රෝපණයට සුවිශේෂි තැනක් දී ඇත. මෙහි සාකච්d කළේ කරුණු ස්‌වල්පයක් පමණි. ගස් කැපීමද, පූජනීය කටයුත්තකි. මෙකල සමහර කූට ව්‍යාපාරිකයන් මෙන් එකල ගස් කපා පරිසරය විනාශ කළේ නැත. සුදුසු පූජා විධි නිම කරගත් විට පමණක් ගස් කපා ගත්ත නමුදු ඒවාට පැරැන්නන් බෙහෝ ගරු කළෝය. රුවන්වැලි සෑය සාදන විට ඒ සඳහා ගසක් කැපූ බවත් එහි සිටි වෘක්‍ෂ දේවතාවියගේ නම සෑයට තැබූ බවත් කියනු ලැබේ. ගෘහ නිර්මාණ ශිල්පය ග්‍රන්ථයේ එන පහත වැකියෙන් මෙම ලිපිය අවසන් කරමු.”ජාතියෙන් හුනු තැනැත්තේය. දුරාචාරයේ හැසිරෙන තැනැත්තේය.නානාවිධ අකුසල් කරන තැනැත්තන්ය. පිටමන් කරන ලද මනුස්‌සයෝය යන මොවුහු පවා වෘක්‍ෂලතා රෝපණය කිරීමෙන් සැප ඇත්තෝ වෙත්”.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here