[ratings]
වාස්‌තු විද්‍යාවේ ආරම්භය තේත්‍ර යුගයේ දී සිදු වු බව ශිල්ප ශාස්‌ත්‍රීය ග්‍රන්ථ දක්‌වයි. විශ්ව කර්ම මය මනු තවෂ්ට්‍ර වැනි ඉසි වරුන්ගේ ප්‍රවාදයන් අනුව සකස් වුණු වාස්‌තු සම්ප්‍රදාය යුගයෙන් යුගයට නව අරුත් සපයමින් වැඩි දියුණු වී ඇත. තේත්‍ර යුගයේ දී මහ පොළවේ සිදු වූ වෙනස් කම් අනුව මහා බ්‍රහ්මයා විසින් වාස්‌තු පුරුෂයා හට දුන් වරදානය හේතුවෙන් නව ඉදි කිරීමක දී මේ වාස්‌තු පුරුෂයා මුල් තන්හි ලා සැලකෙයි. මෙය සිදුවූ අයුරු සඳහන් කර ඇත්තේ මෙසේය. පෙර තේත්‍ර යුගයේ දී සිය සිරුරෙන් මුළු ලොව වසා නිදන මහා භූතයෝ විය. මේ දුටු බියට පත් සක් දෙවිඳු මහ බඹු වෙතට ගියේය. බඹුගේ උපදෙස් අනුව දෙවියන් මේ භූතයා අල්ලා යටි මුව කොට බිම හෙළීය. සූරයෝ එය මත හිඳ ගත්හ. බිණර මස අව පස තියවක දවස් හි දී මහ බඹු විසින් මේ භූතයා වාස්‌තු පුරුෂයා නැතහොත් බහිරවයා බවට පත් කර ලීය. උපත ශනි දිනක කැති නැකතේ වෙයි.
ගණනය කරන ලද දිගින් හා පළලින් යුතු වර්ග ඵලයක යම් ගොඩනැඟêමක් වෙත් නම් මේ වාස්‌තු පුරුෂයාගේ අරක් ගැනීමක් එහි වන බව පැවසේ. ඊශාන දිගට හිස ද නිරිතට දෙපය ද තබා ගෙන සිටින මේ වාස්‌තු පුරුෂයා තේරුම් ගෙන ගොඩ නැගීම කළ යුතු යයි පැරණි මතයයි. මෙහිදී ගෘහ හිමියා හා වාස්‌තු පුරුෂයා අතර සාපේක්‍ෂ සාම්‍යයක් ඇති විය යුතුය. මෙය තේරුම් ගැනීමට සරල උදාහරණයක් ගනිමු. වාස්‌තු පුරුෂයා මහ පොළව බදා ගෙන සිටින අතර එම පිණ්‌ඩය ං යයි ගත හොත් මහ පොළවේ කොතනක හෝ තනන ගෘහ පිණ්‌ඩයක් ංස ලෙසට ගත හොත් මේ වර්ග පිණ්‌ඩයන් අතර සාම්‍යයක් හට ගැනීම සිදු විය යුතුය. වාස්‌තු පුරුෂයා හා ගෘහ හිමියා අතර සාපේක්‍ෂ බව ඇති කරන්නේ වඩු රියෙනෙන් මැන ලබා ගත් වර්ග ඵලයෙනි. මෙය ඇති කළ හැක්‌කේ ගෙයි හිමියාගේ දකුණු අතේ දිග අනුව ගෘහ පිණ්‌ඩය වර්ග කිරීමෙනි. අතේ දිග වඩු රියන වශයෙන් ද එහි පුරුක් අගුල නැතහොත් අඟල වශයෙන් ද ව්‍යවහාර වේ. මේ මිනුම් ක්‍රමයන්හි දී විස්‌කම් මතය හා මය මතය දෙකකි. ලංකාවේ වාස්‌තු විද්‍යාඥයන් මේ ක්‍රම දෙකම අනුගමනය කරති. ක්‍රි. ව. 1892 දී ඩී. පී. සිල්වා අප්පුහාමි විසින් අවසාන වරට පිටපත්කරන ලද ජනප්‍රිය පැරණි ශිල්ප ග්‍රන්ථයක් වන මය මතය නොහොත් සිංහල මයිමතය කවි පොතේ එන හැටියට වඩු රියනට අර්ථ දක්‌වා ඇත්තේ මෙසේය.
යහපත් ලෙස සිඳ ගත් මගුල් කප ගෙන – මනිනා වඩු රියන මෙලෙසට ගනු හැඳින
දකුණෙන් එක් රියන් වියතක් සිවු ගුලෙන – මෙලෙස වඩු රියන මැන ගනු වඩු විසින මය ලංකාපති රාවණගේ මාමණ්‌ඩිය වෙයි. අසුරයන්ගේ කර්මාන්ත කරුවා ද වෙයි. එහෙයින් ම ලක් ජනතාව හට වඩාත් ලංව සිටින්නේ මය ඉසිවරයාය. ඔහුගේ මාන ක්‍රමයන් අනුව වඩු රියන මෙසේය. වැලමිට හන්දියේ සිට සුලැඟිල දක්‌වා රියන ද මහපටැඟිල්ලේ සිට සුළැඟිල්ල දක්‌වා වියතද දබරැඟිල්ලේ මැද පුරුකේ දිග අඟුල වශයෙන්ද සැලකේ. මෙය එකතු කර ගත් කල්හි ආසන්න වශයෙන් අඟල් තිස් එකකට සමානය. මෙලෙස තනා ගත් වඩු රියනක ආදර්ශයක් දැනට මහනුවර කටු ගෙයි තැන්පත් කර ඇත. පරිපූර්ණ මිනිසෙකුගේ උරහිසේ සිට සුළැඟිල්ල දක්‌වා දුර ද මෙයට සමානය. මේ වඩු රියනයි. ශිල්ප ශාස්‌ත්‍රීය ග්‍රන්ථයන්හි සඳහන් ගුරු අදහස් කඩ නොකොට අනුගමනය කළ බැවින් පැරණි මුතුන් මිත්තන් මිනුම් ක්‍රමයන්ගෙන් වැඩ ගත්හ.
සමහරක් වාස්‌තු විද්‍යාඥයන් වැලමිට හන්දියේ සිට සුළඟිල්ල දක්‌වා වූ මිටි රියන ද ගෙවල් ගොඩනැඟêමට යොදා ගනිති. එය නිවැරැදි නොවේ. මිටි රියන භාවිත කරන්නේ දුර මැනීමටයි. අබ ඇටයෙන් පටන් ගැනෙන ඒ මිනුම් ක්‍රමය අනුව වියත හා රියන තීරණය වෙයි. වියතට විග්ගුහු දෙකකි. විගුස්‌ස යනු මිට මොළවා ගත් අත සහ දිග හැර ගත් මහ පටැඟිල්ලයි (අඟල් 4.5) එයින් දෙකක් වියතක් වෙයි. (වත්මන් අඟල් නවයයි) වියත් දෙකෙන් මිටි රියනක් (අඟල් 18) වෙයි. මේ මිනුම් ක්‍රමය අවසන් වන්නේ මහ දුර නැමැති මිනුමෙනි. නගර පවුර වීදි මැනීමේ දී මේ මිනුම් භාවිත කර තිබේ. නමුත් වඩු රියන යනු වෙන් පැහැදිළිව සඳහන් වන්නේ වාස්‌තු පුරුෂයාට සාපේක්‍ෂව ගෙ හිමියන්ගේ අතින් ලබා ගන්නා දුරකි. නමුත් මේ දුර පොදු වශයෙන් ගෙන අඟල් තිස්‌එකක් මිම්ම ගෙන ගෙවල් වර්ග කිරීම ද කරති. එය ද වර්තමානයට අනුව නිවැරැදිය. මේ වඩු රියන පුරුක් විසි හතරකට විසි අටකට සහ තිස් දෙකකට බෙදා භාවිත කරන ක්‍රමයක් ද පුරාණ ග්‍රන්ථවල දක්‌වා තිබේ. සිටු ගෙවල් තැනීමට මාළිගා තැනීමට හා සාමාන්‍ය ගෙවල් තැනීමට මෙවැනි ප්‍රභේදයක් තිබූ බව තේරුම් ගත යුතුයි. සමහරුන් මේ ව්‍යවහාරය වැරදි ලෙසට තේරුම් ගෙන වර්තමාන අඟල් විසි හතරද වඩු රියන ලෙසින් ගැනීමට උත්සාහ කරති. මෙසේ කිරීමෙන් ගෘහ පිණ්‌ඩය නිවැරැදිව සකස් නොවේ. අවශ්‍ය වන්නේ වාස්‌තු පුරුෂයාට සාපේක්‍ෂව මය පොළව මත නිර්මිතයක් ගොඩනැඟêමයි. එවිට එය පරිසරයේම වස්‌තුවක් බවට පත්වේ.
We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here