Friday, September 12, 2025
Homesiවාස්‌තු විද්‍යාව සහ ගෘහ නිර්මාණය

වාස්‌තු විද්‍යාව සහ ගෘහ නිර්මාණය

[ratings]

පුද්ගලයෙකු ගෘහාරම්භ කරන අවස්‌ථාවේ ඔහුගේ කේන්ද්‍රයේ දෙක සහ හතර අධිපති ග්‍රහයකුගේ ශුභ දශා අතුරු දශා ගෝචරයෙන් තිබිය යුතු බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

එහෙත් එසේ නැති විටක නිවාස ශුභ මුහුර්ථයක්‌ පිළියෙල කිරීමේදී එම ජන්මියාගේ ආර්ථික තත්ත්වයත් අධිෂ්ඨාන ශක්‌තියක්‌ සැලකිල්ලට ගෙන කටයුතු කිරීම සුදුසු බවද සඳහන් වේ.

* එසේම ගෝචරයෙන් සිකුරු සිව් වැන්නට පැමිණ බලයෙන් සිටින අවස්‌ථාවද ඉතාමත් ශුභ යෙදීමකි.

* එමෙන්ම ජන්ම කේන්ද්‍රයේ සිව්වැන්න සහ සිව්වැන්න අධිපති පාප පීඩිත නොවූ කාලයක්‌ද විය යුතුය.

* නිවාස මුහුර්තයක්‌ සාදවා ගන්නට කෙනෙකු දෛවඥයකු හමුවන මොහොතේ තත්කාල කේන්ද්‍රයේ සිව්වැන්නේ රාහු හාa පාප ග්‍රහයකු පාප පීඩිතව සිටියහොත් තමා අදහස්‌ කළ එම නිවස සාදන්නට ලැබෙන්නේ නැති බවද කිය වේ.

ජන්ම නැකතට ශුභාශුභ නැකත්

නිවාස සඳහා ශුභ මුහුරත සාදනවිට එය උපන් නැකතටද ඒ කාලයේ පවතින දශාවට සහ අතුරු දශාවට අධිපති ග්‍රහයන්ට අයිති නැකත්වලටද සීහෙන නැකත් වීමද අවශ්‍ය කරුණකි.

* එසේම මුහුර්තය යෙදෙන දිනයේ සඳු සිටින රාශිය ජන්ම කේන්ද්‍රයේ ශනි සිටි රාශිය නොමිය යුතුය.

* මේ සියල්ල කෙරෙහි අවධානය යොමුකර ශුභ මුහුර්තයක්‌ සෑදුවේ නම් කටයුත්ත සාර්ථක වේ.

* එසේම නිවාස ශුභ මුහුර්තයකදී ජන්ම කේන්ද්‍රයේ දෙවැන්න සහ සිව්වැන්න අධිපතියාගේ මාසයත් දිනයක්‌ හෝරාවත් උදාවීමද ප්‍රශස්‌තය.

* නිවස සාදන ජන්මියාගේ ජන්ම අනුජන්ම ත්‍රිජන්ම නැකතක පාපයන් ගමන් කරන කාලයකදී එම නැකතකින් නිවසක්‌ සෑදුවහොත් එය විපත්තිදායකය.

* එහෙත් එම නැකැත්වල ශුභ ග්‍රහයන් බලවත්ව සිටින අවස්‌ථාවල නිවසක්‌ සෑදීම අශුභ නොවේ යයිද මතයකි.

(1) උපන් නැකතට සම්පත් නැකතින් සෑදූ නිවස ධන ලාභ ඇති කරයි.

(2) උපන් නැකතට විපත් නැකතින් සෑදූ නිවස විපත් ඇති කරයි.

(3) උපන් නැකතට ක්‍ෂේම නැකතින් සෑදූ නිවස සැනසීම සහ සතුට ඇති කරයි.

(4) උපන් නැකතට ප්‍රත්‍යාරී නැකතින් සෑදූ නිවස සතුරු පීඩා සහ භයද ඇති කරයි.

(5) උපන් නැකතට සාධක නැකතින් සෑදූ නිවස දියුණුවෙන් දියුණුවට යයි.

(6) උපන් නැකතට වධ නැකතින් සෑදූ නිවස හිංසා පීඩා ඇති කරයි.

(7) උපන් නැකතට මිත්‍ර නැකතින් සෑදූ නිවස මිත්‍ර උපකාර ඇති කරයි.

(8) පරම මෛත්‍රී නැකත සැනසීම දෙයි.

ශූභාශුභ ලග්න

(1) පාපයන් සහිත කටක – වෘශ්චික – මකර ලග්නයක්‌ උදාවූ අවස්‌ථාවක සෑදූ නිවස කඩ කඩා සාදන්නට කටයුතු යෙදෙයි.

(2) පාපයන් සහිත තුලා – ධනු – ලග්නයක්‌ උදා වූ අවස්‌ථාවක සෑදූ නිවස සාදා නිම කරන්නට නොහැකි වේ.

(3) තුලා ලග්නය නිවාස සෑදීමට හා මුල්ගල් තැබීමට ඉතා අශුභය. එහෙත් එම ලග්නවල ශුභ ග්‍රහයන් බලවත්ව සිටින විට අශුභ ඵල නොදේ යයි මතයක්‌ද වෙයි.

(4) පාපයන් සිටින මිථුන – කන්‍යා – තුලා – මකර ලග්නයකින් නිවස ආරම්භ කළ විට එම නිවාස කඩා වැටෙන්නට බොහෝ ඉබඩකඩ තිබේ.

(5) ශුභ ග්‍රහයන් සිටි මිථුන – කන්‍යා – ධනු – මීන – ලග්නයකින් නිවස සෑදීමට ආරම්භ කළවිට ධන ලාභද දියුණුවද ඇතිවේ.

(6) වෘෂභ – සිංහ – කුම්භ – යන ලග්නයකින් නිවස සෑදීමට ආරම්භ කළවිට සිතේ සතුටද ධන ලාභද නිවෙසේ සිරියාවද ඇතිවේ.

(7) පුරසඳ බලවත්ව සිටි වෘෂභ හෝ කටක ලග්නයකින් නිවස සෑදීම ආරම්භ කළවිට ගෙහිමියාගේ වාසනාව මතුකර දෙයි. ඉතාමත් ශූභයි.

* මේ සෑම අවස්‌ථාවකම තත්කාල කේන්ද්‍රයේ මෙන්ම ජන්ම කේන්ද්‍රයේ සිව්වැන්න සහ සිව්වැන්න අධිපතියා පීඩා නොවී බලවත්ව සිටිය යුතුය.

* එසේම සඳුට අශුභ දෘෂ්ටි එල්ල නොවිය යුතුය.

* ඕනෑම ශුභ මුහුර්තයකදී කිලිටි නොවූ පුරපස බලවත් සඳු අර්ථ සිද්ධිය දෙයි.

ග්‍රහබල දුබල විපාක

(1) ගෘහාරම්භ මොහොතේ රවි දුර්වල නම් පියාට විපත් ඇතිවේ.

(2) සඳු හෝ සිකුරු දුර්වල නම් බිරිඳට සහ දූ දරුවන්ටද විපත් පැමිණේ.

(3) කුජ දුර්වල නම් සහෝදරයන්ට විපත් ඇතිවේ.

(4) බුධ දුර්වල නම් පිරිමි දරුවන්ට අපලයි.

(5) ගුරු දුර්වල නම් පවුලේ සියලුදෙනාටම කරදර සිදුවේ.

(6) ශනි දුර්වල නම් ලෙඩ දුක්‌ ධන හානි ආදියට මුහුණපායි.

(7) රාහු කේතු දුර්වල නම් අමනුෂ්‍ය පීඩා – භය ඇතිවේ.

ගෘහාරම්භය සහ ජන්ම ලග්න ශුද්ධිය

(1) ගෙහිමියා තමන් උපන් ලග්නයෙන් මුල්ගල් තබා ගෘහාරම්භ කළේ නම් – නිරෝගී බව ලැබෙයි.

(2) දෙවැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භ ලග්නය වුවහොත් ගෘහහිමියා දිළිඳු වේ.

(3) තමාගේ තුන්වැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් – විපත්තිදායක වෙයි.

(4) තමාගේ කේන්ද්‍රයේ සිව්වැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් – තමාට හා හිතවතුන්ට විපත්තිදායක වෙයි.

(5) තමාගේ පස්‌වැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් දරුවන්ට විපත්තිදායකයි.

(6) තමාගේ සිව්වැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් සතුරන්ට විනාශය අත්වෙයි.

(7) තමාගේ හත්වැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් ගෘහණියට අපල ඇතිවේ. සැනසීම නැතිවේ.

(8) තමාගේ අටවැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් පවුලේ ප්‍රධානියාට මාරක ඇතිවෙයි, විපත්තිදායකය.

(9) තමාගේ කේන්ද්‍රයේ නවවැන්නට එන රාශිය මුල්ගල තබන හෝ ගෘහාරම්භක ලග්නය වුවහොත් රෝග පීඩා ඇති වෙයි.

(10) තමාගේ කේන්ද්‍රයේ දසවැන්නට එන රාශිය මුල්ගල තබන හෝ ගෘහාරම්භක ලග්නය වුවහොත් කාර්ය සිද්ධිය ඇතිවේ.

(11) තමාගේ කේන්ද්‍රයේ එකොළොස්‌ වැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් ධන ලාභ ඇතිවෙයි.

(12) තමාගේ කේන්ද්‍රයේ දොළොස්‌වැන්නට එන රාශිය මුල්ගල තබන හා ගෘහාරම්භක ලග්නය වුවහොත් සතුරු භය සහ ධන හානි ඇතිවේ.

(13) කුමන ලග්නයකට වුවද තමාගේ කේන්ද්‍රයේ හය, අට, දොළහ යන භාවාධිපතියකුගේ ලග්න – නවාංශක – හෝරා – ශුභ වැඩට නොගත යුතුය.

ඒකාදශ මහා දොaෂය

(1) මිථුන – කන්‍යා – තුලා – ධනු – යන රාශියක්‌ උදාව පවතින විට රික්‌තාව නාග ලොවෙහිය. ශුභ වැඩ කළහොත් ලැබෙන්නේ මධ්‍යම පලය.

(2) වෘශ්චික – කුම්භ – මීන – යන රාශියක්‌ උදාව පවතින විට රික්‌තාව සාලිමා දිවයිනෙහිය. ශුභ වැඩ කළහොත් ලැබෙන්නේ අශුභ පලය.

(3) මේෂ – වෘෂභ – කටක – මකර – යන රාශියක්‌ උදාව පවතින විට රික්‌තාව දිව්‍ය ලෝකයෙහිය.

* ශුභ වැඩ කළහොත් නිරන්තරයෙන්ම ශුභපල ලැබෙයි.

* එසේම කාර්ය සිද්ධිය ඇති වෙයි.

* එහෙත් ගෘහකර්මයකදී මුල්ගල් තබන ලග්නය තිර රාශියක්‌වීම අත්‍යවශ්‍ය කරුණකි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments