[ratings]
වාස්තු පුරුෂයාට සාපේක්ෂව අවශ්‍ය වූ නිර්මිතය පිහිටුවාලීම සඳහා තෝරා ගන්නා භූමිය කෙසේ විය යුතු ද යන්න ගැටලුවක් ලෙසට ඉස්මතුවන අවස්ථා ඇත. වෙසෙසින්ම වෙන්දේසි කරන ලද ඉඩම් වල පිහිටන විවිධ රූපාකාර කොටස් වල තිබෙන ශුභ අශුභ ගැන වැටහීමක් ඇති කර ගත යුතුය. මෙහිදී පැරණි වාස්තු ග්රන්ථයන්හි සඳහන් මූලික කරුණු ප්‍රථමයෙන් සාකච්ඡා කළ යුතුය. තෙත පස් ඇති බිම ගේ නැගුවා නම් රෝගී වෙත්. බොහෝ දුක් වෙත් ව්‍යාධී පීඩා වෙත්. කලුපස් ඇති බිම ගේ නැගුවා නම් යසශ්‍රී වඩයි. තිරිවානා පොළව ඇති බිම ගේ නැගුවා නම් දරුවෝ වෙත්. ආයු බොහෝ වෙත්. යට පහණ ඇති බිම ගේ නැගුවොත් නපුරුයි. සෝපාන ඇති බිම ගේ නැගුවොත් එළුවන් බොහෝ වෙත්. කිවුලැති බිම සැප ගෙන දේ. ගෙවල නොයිඳී. ඊතණ කලාඳුරු ආදී පැළෑටි වැවී ඇති බිම යහපත් වන අතර යමුසු ගල් පස්ද වේ තුඹස් ද ඇති බිම් වාසයට යහපත් නොවේ.
වර්තමානයේ දී බොහෝ විට ඉඩම් කට්ටි කරලීමේ දී බිම සමතලා කරන අටියෙන් ඩෝසර් කිරීම දක්නට ලැබේ. එහිදී ඉහත සඳහන් ඇතැම් දොස් මග හරවා ගැනීමට හැකිය. නමුත් ගල් බහුලව ඇති යපස් මුසු බිම්වල ස්වභාවයන් නැති කර ගැනීම අසීරුය. සමහරක් ඉඩම් වල තිබෙන ඇතැම් ශාක වර්ග ද නිවෙස් වලට අගුණය. එම නිසා ඉඩම සුද්ද කිරීමේ දී මේ ගැන සැලකිල්ල ට ගත යුතුය. නමුත් ප්‍රයෝජනවත් ගස් ද බිම් ද අනවශ්‍ය ආකාරයට ඩෝසර් කරලීමෙන් තිබෙන සම්පත් විනාශ කර ගැනීමක් ද සිදු වෙයි. ඉඩමේ රූපාකාරය මගින් ද සුබ අසුබ ඇතිවේ. විශාල පෙදෙසක පැතිර පවතින ඉඩම් වලදී මෙය සැලකිල්ලට ගැනීම වඩා වැදගත් වේ. එම රූපකාරයන් අතරින් ගජාකාර ඉඳිබු පිටාකාර වෘෂභාකාර ඡත්‍රාකාර ජල තලා කාර ගංගාකාර වරහා කාර යන බිම ද පර්නික අයිතන යන බිම් වඩාත් වාසයට සුදුසු යෑයි දක්වා ඇත. නමුත් සිංහලමය මතය දක්වන්නේ වෙනස් අදහසකි. සමාජයේ වර්ණ අනුව නැතිනම් ශිල්පයන් අනුව බිම් වෙන් කර ගත යුතු බව එහි දක්වයි. වෙසෙසින්ම දේවාල බුද්ධ මන්දිර ආදියට ගැළපෙන බිම් එහි දක්වා තිබේ.
සුරාකාර බිම ලකුණු අසන්නේ – සුදු රතු දෙවලින් ගැවසි තිබෙන්නේ
බූම දෙවිඳු අදිපතිව වසන්නේ – බුද්ධස්ථානයට මයි ඔබින්නේ
බමුණු කාර බිම ලකුණු අසන්නේ – ඊතණ පැළ වෙයි ඉඳුරු දෙසින්නේ
ඒ බිම දේවාලයට ඔබින්නේ බමුණු කාර බිම ඉන් දැන ගන්නේ
ලංකාවේ ඉදිවන බොහෝ නිවාස සෘජුකෝණාස්‍ර බිම් වල ගොඩනැගී ඇත. එම බිම සුව සම්පත් ගෙන දෙන වෙසෙසි භූමියක් බව දක්වා ඇත. එහි මුලු අංශක අනූවට හැඩ ගැන්වෙයි. ලම්බක වෙයි. ඒ මගින් ඇති වන යහපත ගැන දක්වා ඇත්තේ ඒ තුළ නිම වන ගෘහයට ද එවැනි රූපාකාරයක් හිමි වන බැවිනි. එවිට වාස්තු පුරුෂයාගේ නිවැරදි පිහිටීමක් ඇතිවන බව සිතිය හැකිය. සිංහකාර බිම හැඳින ගැනීමට දක්වා ඇති රූපය වැදගත් වේ යෑයි සිතමි. සතර පැත්තක් ඇති නමුදු එය විවිධාකාරය. මූණත හා පසුපස එකිනෙකට පරස්පර වෙයි. මෙම භූමි නිවෙස් වලට නොගැළපේ. නමුත් ව්‍යාපාර සඳහා මෙය ගැළපේ. එයද ගැළපෙන්නේ සමූහ ව්‍යාපාර සඳහා පමණි. සිංහාකාර බිමට විරුද්ධ පාර්ශ්වය වෘෂභාකාර බිමයි. එහි මුල් පැත්ත අනෙක් සියලු පැති වලට වඩා කෙටිය. මෙය නිවාස සඳහා සුදුසු නමුත් කාර්යාල කඩ සාප්පු ආදියට නුසුදුසුය. වෙසෙසින්ම දකුණ හා බටහිරෙන් මෙයට සාපේක්ෂව මාර්ග පිහිටා තිබුණ හොත් මේවාට නුසුදුසුය. වෘත්තයක් නොහොත් රෝදයක් විලස තිබෙන බිමක් නම් එය මගින් නිවාස හිමියාගේ ධනය පැහැර ගනී. සතර පැත්ත ලම්බකව නැති බිම් හැඩය මගින් අයිතිකරුවා ප්‍රශ්නවලට මැදි කරයි. එසේම දිළිඳු භාවයට ද ඇද හෙලයි. ත්‍රිකෝණාකාර බිම තුළ කිසිවක් කළ යුතු නැත. වෙසෙසින්ම රජයේ ගොඩනැගිලි සෑදුවහොත් ප්‍රශ්න මාලාවකට මුහුණ දීමට සිදු වේ. බෙර හැඩයෙන් යුතු බිම ගැන සැලකුවහොත් එය මගින් ගෙයි නිවැසි භාර්යාවට අපල ඇති වේ. විනාශය ඇති වේ. අට පට්ටම් හැඩ ඇති බිම් ද වරෙක අපට හමුවේ. මෙය ජීවත් වීමට සුදුසු බිමක් ලෙස දක්වා තිබේ. වාස්තු රූපය නිසි පරිදි එහි පිහිටුවීමට ඉඩ කඩ ඇත. පොරෝ හැඩයේ බිම් ද දිවි ගෙවීමට සුදුසු නැත. ඒ මගින් ධනය විනාශ කරන අතර ගව සම්පත්ද විනාශ කරති. මෙලෙස විවිධ රූපාකරයන් තුළ ගෘහ පිණ්ඩය පිහිටුවීම තුළ ඇතිවන සුබ අසුබ වාස්තු විද්‍යාවේ දී වඩාත් සැලකිල්ලට ගතයුතු කාරණයකි. එය අද නොසලකා හැර තිබෙන්නේ බහුතරයක් ඉඩම් කැබලිකරණයට ලක් වන බැවිනි. නමුත් එසේ කැබලි කරන ලද ඉඩම් ද මැනවින් පරීක්ෂා කර අවශ්‍ය සැලසුම් නිර්මාණය කිරීම වාස්තු විද්‍යාඥයන්ගේ යුතුකම වේ.
We found this article from Divaina on 2012/03/16.
Also Sinhala to English Google word to word translation can be found here