[ratings]
පෙර රජ දවස සතුරු සේනා සමඟ යුද්ධයට ගිය මෙරට පාලනය කළ විවිධ රජවරු යුද්ධය ජයගැනීම සඳහා යුද පුහුණුවට අමතරව විවිධ උපක්‍රම මෙන්ම ශාන්ති කර්ම, ගාථා පාඨ, ආරක්‍ෂක පිරිත් භාවිත කර ඇති අතර දුටුගැමුණු රජතුමා “බුද්ධෝ තිලෝක සරණෝ” නමැති අතිප්‍රබල මහානුභාවසම්පන්න ගාථා පංතිය සිය ඔටුන්නේ සඟවා තබාගෙන ගොස් යුද්ධයෙන් ජය ලැබූ බවත් එතැන් පටන් මෙම අති ප්‍රබල ගාථා රත්නය සියලු ජයග්‍රහණ හා බිය දුරුවීම සඳහා ජනතාව භාවිතයට ගත් බව පැරැණි පුස්‌කොළ පොත්වල සඳහන් වේ.
දුටුගැමුණු රජතුමා සිය ආරක්‍ෂාව සඳහා නිතර භාවිත කළ මෙම අති ප්‍රබල ගාථා රත්නය භාවිත කරමින් පැරණි සෘෂිවරුන් ප්‍රස්‌තාරගත කළ බලසම්පන්න විජයරාජ යන්ත්‍රය පැළඳීමෙන් රාහු මහ දශා ශනි මහ දශා ලබා තිබෙන ඕනෑම පුද්ගලයකුට සෙත සැලසෙන අතර අධ්‍යාපන කටයුතුවල නියෑළෙන දරුවන්ට ඊට එල්ලවන බාධාවලින් මිදී තම ජයග්‍රහණය කරා යා හැක. විශේෂයෙන්ම සෙනසුරු ලබා ඇතිවිට සිදුවන අමතක වීමට මෙම යන්ත්‍රය මහඟු ඖෂධයකි.
සියලු පරාජයන් හමුවේ සිතින් නොවැටී මෙම ගාථා තුන උදේ හවස කීමෙන් එම තත්ත්වයෙන් මිදී වාසනාවන්ත කාලයක් උදාකර ගතහැකි අතර නිවසේ සිටින සියල්ලන්ටද එය මහඟු ආරක්‍ෂාවක් වේ.
වාහනයකින් ගමන් ඇරඹීමට පෙර මෙම ගාථාව සිහිපත් කිරීමෙන් අනතුරුවලින් වැළකී තම ගමන සාර්ථක ලෙස නිමාකරගත හැකිය. සම්මුඛ පරීක්‍ෂණ තරග විභාගවලින් ජය අත්කර ගැනීමටද නඩු හබ වලින් ජයග්‍රහණය කිරීමටද මෙම ගාථා භාවිත කළ හැකිය.
නිවසේ තබා පුද පූජා කිරීමෙන් නිවැසියන්ගේ සියලු දොස් දුරුකර රැකී රක්‍ෂා ව්‍යාපාර දියුණුව, අධ්‍යාපන කටයුතු==වල නිරතවන්නන්ගේ අධ්‍යාපන කටයුතු ව්‍යාපාර දියුණුව, අඹු සැමි භේද දුරුකර පවුලේ සතුට සමගිය, නවග්‍රහයන්ගෙන් පැමිණෙන්නා වූ සියලු දොaෂයන්ගෙන් ජය ලැබීමටද ඇස්‌වහ කටවහ සතුරු කරදර මැඬලීමටද සියලුම බාධක දොස් දුරුකර සර්වජන වශීය ලැබීමටද මෙම අතිප්‍රබල විජයරාජ යන්ත්‍ර භාවිත කළ හැක.
රන්පතක හෝ රිදී පතක යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය නිසියාකාරව දන්නා අයකු ලවා යන්ත්‍රය ප්‍රස්‌තාරගත කර “සංසාර සාරෝග” බුද්ධ මන්ත්‍රයෙන් 336 වරක් ජපකර ගත යුතුය.. බදාදා දිනක සුබ නැකතකට අනුව යන්ත්‍රයේ වැඩකටයුතු ආරම්භ කිරීම යහපත් වන අතර මස්‌මාංශ, මත්පැන්, මත් ද්‍රව්‍යවලින් තොර සිල්වත් අයකු ලවා මෙකී කටයුතු ඉටුකර ගතයුතු අතර යන්ත්‍රය පළඳින අයද දුසිරිතෙන් තොරවිය යුතුය.
යන්ත්‍රය පැළඳ සිටින අය දිනපතා උදේ හවස බුදුන් වැඳීමෙන් අනතුරුව යන්ත්‍රය මුවට ළංකර මෙම ගාථා පාඨ තුන එයට කීමෙන් පැළඳ සිටින යන්ත්‍රයේ බලය දිනෙන් දින වැඩිවන අතර ජන්මියා නොසිතන පරිදි දුක්‌කරදර නිම වී වාසනාව දියුණුව සැලසේ.
දුටුගැමුණු රජතුමා තම ආරක්‍ෂාව පිණිස භාවිත කළ බුද්ධ මන්ත්‍රය
බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සුරියෝ තමෝනුදොa
ඒවං තං සරණං ෙ€මං
බුද්ධෝ මේ සරණං වරං
ගච්චාමි සරණං බුද්ධං
නත්ථි මයිහං භයං සදා
ධම්මෝ තිලෝක සරණෝ
ධම්මෝ සුරියෝ තමෝනුදොa
ඒවං තං සරණං ෙ€මං
ධම්මෝ මේ සරණං වරං
ගච්චාමි සරණං ධම්මං
නත්ථි මයිහං භයං සදා
සංඝෝ තිලෝක සරණෝ
සංඝෝ සුරියෝ තමෝනුදොa
ඒවං තං සරණං ෙ€මං
සංඝෝ මේ සරණං වරං
ගච්චාමි සරණං සංඝං
නත්ථි මයිහං භයං සදා
සිංහල තේරුම
01. තුන් ලෝකයටම සරණ බුදුරජාණන් වහන්සේය. මෝහාන්දකාරය දුරුකරන සූර්යයා බුදුරජාණන් වහන්සේයි. මෙසේ උන්වහන්සේගේ නිර්භය වූ සරණයි. මට උතුම් සරණ බුදුරජාණන් වහන්සේය. මම බුදුරදුන් සරණ යමි. එහෙයින් මට බයක් නැත.
02. තුන්ලෝකයටම සරණ ධර්ම රත්නයයි. මෝහාන්ධකාරය දුරුකරන සූර්යයා ධර්ම රත්නයයි. මෙසේ ඒ ධර්මය නිර්භය වූ සරණයි. මට ඇති උතුම්ම සරණ ධර්මයයි. මම සැමදින ධර්මය සරණ යමි. එහෙයින් මට සැමදා බියක් නැත.
03. තුන් ලෝකයටම සරණ සංඝ රත්නයයි. මෝහාන්ධකාරය දුරුකරන සූර්යයා සංඝරත්නයයි. මෙසේ ඒ සංඝරත්නය නිර්භය වූ සරණයි. මට උතුම් සරණ සංඝ රත්නයයි. මම සංඝ රත්නය සරණ යමි. සැමදා මට බයක් නැත.
ඕනෑම වෙලාවක සිතට බයක් දැනුන විට මෙම ගාථා තුන කීමෙන් එම බය දුරුවී සිතට සැනසීම උදාවේ. වැඩි වාර ගණනක් කීමෙන් දැඩි ආරක්‍ෂාවක් ලැබෙන අතර ගමනක් යැමට පෙරත් රාත්‍රි නින්දට යැමට පෙරත් කීමෙන් බොහෝ ගුණ ලැබේ.
We found this article from Divaina on 2011/11/04.
Also Sinhala to English Google word to word translation can be found here