Friday, September 12, 2025
HomesiMarriageවිවාහය සාර්ථක කරගන්නේ කෙසේද?

විවාහය සාර්ථක කරගන්නේ කෙසේද?

[ratings]

මඟුලේ රඟ දැනෙන්නේ දූ පුතුන් ලත් තැනේයා. ලෝ සිරිතට අඹුදරු රකිනවා විනා. මෙවැනි කවිපද වැඩිහිටි මුවින් ඉඳහිට පිටවෙයි. කසාදය මී උගුලක්‌ ලෙසටත් සිතනු ලැබේ. උක්‌ ගසේ අගසිට රස බලන්නාසේ විවාහයද දිනෙන් දින රසවත් විය යුතු බව තවත් මතයකි. කෙසේ වෙතත් සාර්ථක විවාහයක්‌ ඇත්තේ සියයට එකක්‌ තරම් යෑයි කිව හැකිය. තවද අඬ දබර තොර කසාදයක්‌ දැක ගැනීමටත් අපහසුය. මෙසේ වන්නේ ඇයි. “දුප්පත් කම ගෙයි දොරට වඩිනවා දැක්‌කම ආලය පැනල දුවනවා.” දුකටත් විවාහ දුකටත් මූලික වන්නේ දුප්පත් කම යෑයි කෙනකුට තර්ක කළ හැකිය. එහෙත් එය එසේම වන්නේ නැත. දුගියෝද සතුට ලබති. ධනවත් අයද කසාදය අවුල් කර ගනියි.

කසාදයකට සුදුසු මූලික කරුණු කීපයක්‌ වෙති මනාල යුවළ බලන්නේ රූපයයි. මවුපියන් බලන්නේ ධනයයි. නෑයින් බලන්නේ වංශයයි. මෙය ඉතා සත්‍යයකි.

කෙළින්ම කතා කරනවා නම් කසාදය ජ්‍යෙdතිෂයට මුල්තැන දී කර ගැනීම විද්‍යාත්මකය. පොරොන්දම් බැලීම යනු දෙදෙනාගේ සුදුසු බව විද්‍යාත්මක ලෙස තක්‌සේරු කිරීමකි.

දෙපැත්තේම මවුපියන් සිටිනවා නම් ඉතා හොඳය. රූපයට ගැලපිය යුතුය. කුලයට ගැලපිය යුතුය. උගත්කම ද ටිකක්‌වත් සමවිය යුතුය. ශරීරවල උස මහතද ගැලපිය යුතුය. දෙපසේම පෙළපත් නිරෝගී වීම ඉතා හොඳයි. අපරාධ කාරයන්, සූදු කාරයන්, සුරා සොඬුන් නොවිය යුතුය. වෙනම නිවසක්‌ විය යුතුමය. “ඉන්නට එපා නිවසක නැන්දම්මාගේ”

මෙය හොඳ ආදර්ශයකි. කාව්‍ය ශේඛරයේ ඇති ලලනියට ඔවදන් අදත් පිළිපැදිය හැකිනම් ඉතා හොඳය.

“අද යුතු ඉඟුරු දුරු මල්ගොමු වවා වතු

ගේ වටකර වවයි ක්‍රෝටන් කියන අතු

සීදේවියද මූදේවිද වැඩිය යුතු

මේ දේසය සිරිතෙන් බටහිරට නතු

මෙය මා ලියූ කවියකි.

බොහෝ විට පවුල් සිරිත් වෙනස්‌ වීම හෝ වෙනස්‌ කිරීම කසාද අවුලට හේතු විය හැකිය. අඹුසැමි යුවළ එක වහළක්‌ යට විසිය යුතුය. රාත්‍රි ඇවිදීම නොකළ යුතුය. ඒ කියන්නේ තනියමය. අනවැසි මිතුරු මිතුරියන් හානි කර වෙයි. බිරිඳ සේවිකාවක්‌ වුවද ගෘහණියක්‌ද වීම අගේය. සැමියාද ගෙයි වැඩට උදව් කළ යුතුය. දුක සැප දෙකේදීම එකසේ සතුට ලබා ගත යුතුය. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් විසිය යුතුය. පැරැණි සිරිත් ගරු කළ යුතුය. මේ සාර්ථක විවාහයට ඔවදන් බිඳකි. මේවා අනුගමනය කළොත් කසාදය දිස්‌ මිස්‌ වන්නේ නැත. අද වැඩිපුර ඇත්තේ කොට කසාදයන්ය.

හඳහනකින් බලන්නේ සත්වැනි භාවයේ ග්‍රහ පිහිටීම්ය. කුජ හත හඳහනට කුජ හතම ගත යුතුය. ශනි හතත් එසේ මය. මෙය අප අත්දැකීමෙන් සත්‍යය දුටුවකි. “රතු රෝස” කතාව යුවතියන් බැලිය යුත්තකි. පැනයන ලියන්ගේ විවාහය සාර්ථක දැයි ඔබම සිතා බලන්න.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments