Friday, September 12, 2025
HomeRituals & Consecrationsසුබ ගමනක්‌ යනවිට ඔබේ කරුණු ඉටුවීමට ගාථාවක්‌

සුබ ගමනක්‌ යනවිට ඔබේ කරුණු ඉටුවීමට ගාථාවක්‌

ගාථාව –
ඕම් උත්‍ර චන්ද්‍රරාජාම්

අර්ථ සිද්ධි සීධීම්

වෛජයන්ති අෂ්ඨ

ලෝකාග්‍රතේ කොංඩුම්

තේවර තේවර දේවින්ද

නාරායනේ කන්දස්‌වාමි

මා කරා නැමි නැමි අර්ථ

සිද්ධි සිද්ධි නමෝ නමං

ඕම් ශිවාය නමෝ නමං

ක්‍රමය –

පෙරාගත් පිරිසිදු වතුර වීදුරුවක්‌ ගෙන, එයට සමන් පිච්ච මල් 7 ක්‌ දමා බුදු පහනක්‌ ළඟට ගොස්‌ 21 වරක්‌ වතුර වීදුරුවද අත තබා ගාථාව කියන්න. ඉන් පසු එම වතුරෙන් ඔබේ මුහුණ සෝදා ගන්න. ඉතිරි වතුර දෙපා වලට දමා යන පාර පැත්තට ඉතුරුවී තිබුණොත් වතුර ටිකද විසිකර දමන්න. දකුණ කකුල පෙරට තබා පිටත්ව යන්න. ඒ ගමන යැමට පිටත්වූ පසු නැවත පිටුපස හැරී නොබලන්න. ගමන ඉදිරිය බලාම යන්න.

මෙම ගාථාව කීමට පෙර බුදුන් වැඳ – තෙරුවන් නමැද, ඉතිපිසෝ ගාථාවද 7 වර කියවන්න.

මෙම ගාථාවෙන් ඔබට සුබ කටයුතු සඳහා ලිපියක්‌ තැපැල් කිරීමට හා විභාග පරීක්‍ෂණ, උසස්‌ නිලධාරියකු හමුවීමටද, රැකියාවක්‌ සඳහා පිටත්ව යැමටද විදේශගත වීමකට හෝ විවාහයක්‌ ඉටුවීමට යනවිට හෝ මුදලක්‌ ඉල්ලීමට යන විටදී මෙම ගාථාව කියා යැමෙන්ද ප්‍රතිඵල ඇත. 21 වරක්‌ හෝ 54 වරක්‌ හෝ කාලය ඇත්නම් පාන්දර 5.00-6.00 වේලාවට කියා සුබ හෝරාවෙන් රාහු වේලාවෙන් මිදී පිටත්වීමෙන්ද ඔබට ජයම අත්වේ.

We found this article from Divaina on 2012/10/05.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments