[ratings]
සෙත් කවි ය පවතින ලොව එකම රට ශ්‍රී ලංකාවයි. එහි ඇති ප්‍රබලත්වයට හේතුව වාග් විද්‍යාත්මක ශබ්ද විද්‍යා හා ශාස්‌ත්‍රීයත්වයයි. රෝගීන් සුවපත් කිරීම, සතුරන් මිතුරු කිරීම. යක්‍ෂ – භූත, ප්‍රේත පීඩාවන්ගෙන් වැළකීම, අනියත මාරක බාධක, ග්‍රහ දෝෂ පලවා හැරීම ආදී දහසක් කරුණු සෙත්කවි බලෙන් චිත්ත ශක්‌තිය දියුණු කළ සෙත් කවි රචකයකුට කළ හැක. මේ සියල්ලටම බුදු දහමේදී පෙන්වන පංච භූත ශක්‌තිහරය වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන එම ශක්‌තීන් සංයෝගයෙන් මූලිකවම සෙත් කළ හැක.
මෙම පංච භූත චක්‍රය සෙත් කවිකරණයේදී අක්‍ෂර සංයෝග කිරීම ඖෂධ සංයෝගයක් මෙනි. ඉන් විපුල ඵල නෙළාගත හැක්‌කේ අක්‍ෂරවල සතුරු මිතුරුකම හා උදාසීන තත්ත්වයන් සලකා සංයෝග කර ගැනීමෙනි. සෙත්කවි රචනයේදී අක්‍ෂර භේද, ගණ, ගණ අධිපතීහු, පක්‍ෂ දින, නැකත් තිථි ලග්න හෝරා තිථි අධිපති දෙවිවරු, පංච පක්‍ෂී ක්‍රමය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. අෂ්ට යෝනි ගුරුළු චක්‍රය අංඩතල චක්‍රය, සිද්ධි චක්‍ර සමඟ මූලිකවම ගණ 8 පිළිබඳව හා ඒ ගණ සංයෝග ගැන මනා අවබෝධයක් ලැබ ගත යුතුය.
අෂ්ඨ ගණයන්ගේ ඵල විපාක සහ ගණ (-
භූමි ඹ ඹ ඹ ම
දේව – – න
චන්ද්‍ර ඹ – – බ
ජල – ඹ ඹ ය
සූර්යය – ඹ – ජ
ගිනි ඹ – ඹ ර
වායු – – ඹ ස
ආකාශ ඹ ඹ – ති
ජය සම්පත් ලාභ – බුධ
බලය තේජය ආයු – ගුරු
සෙත් යසස, නුවණ – සඳු
ආයු, ධෛර්යය, අභිවෘද්ධිය – ශුක්‍ර
ලෙඩ, රුජා, දුක් – රවි
දැඩි සෝක, මරණ බිය – කුජ
උමතු විදෙස් ගමන – ශනි
ව්‍යසන, ධනහානි හිස්‌බව – රාහු
ගුරුම තැන භූමි ගණ ජය වෙයි ම ගණ
ලගුම තුන දේව ගණ තේ ජය න ගණ
අග දෙලගුයි චන්ද්‍ර ගුණ සෙත් දෙයි බ ගණ
අග දෙගුරුයි ජලස් ගණ ආයුස ය ගණ
දෙපසෙහි ලගුවෙයි ජ ගණේ
දෙපසෙහි ගුරුවෙයි ර ගණේ
මුල දෙලගුයි දී ස ගණේ
මුල දෙගුරුයි වේ ත ගණේ
යනාදී වශයෙන් ගණ අට සඳහන් කරමි.
අක්‍ෂර සංයෝගය ද යෝනි සොයන ක්‍රමය ද අක්‍ෂර සංඛ්‍යාවන්ගේ වටිනාකම නොදැන සෙත්/ වස් කවි සෑදිය නොහැක. අ,ඉ,උ, එ, ඔ. යන පංචාක්‍ෂර ස පCඳ්චපක්‍ෂි ක්‍රමය ද මේ සඳහා වැදගත් වේ. එය ඉහතින් දැක්‌වූ පංචභූත ශක්‌තිය හා සබැඳි යයි. එකකට වැඩි වූයේ සමූහයක වේ. එය ගණය නම් මාත්‍රා හෝ අකුරු සමූහයක් ද ගණයයි. එය වර්ණ හා මාත්‍රා යනු කොටස් දෙකකි. ඇසිපිය හෙළන කාලයක් මාත්‍රාවක් වේ. එක් මාත්‍රාව ලඝූ නම් මාත්‍රාව වැඩිවනුයේ ගුරකි ප්‍රාණක්‍ෂර වලින්
අ. ඉ. උ. එ. ඔ. ලඝූයි
ආ. ඊ. ඌ. ඒ. ඕ. ගුරුයි
ලඝූ ගුරු ගණනක් නියමිතව හා මාත්‍රා ගණ අනියමිත වී තිබීම වර්ණ ගණය වේ. මාත්‍රා 6 ක් (ම) ගණයට ද මාත්‍රා 3 ක් (න) ගණයට ද මාත්‍රා 5 බැගින් (ය) (ර) (ක) ගණයන්ට ද මාත්‍රා 4 බැගින් (ස) (බ) (ජ) ගණයන්ට ද යෙදේ.
මාත්‍රා/ ලඝූ ගුරු අක්‍ෂර/ ඉන් බිහිවන ගණද/ ඉන් පද ද පදවලින් පද්‍යය ද/ ඉන් මහා කාව්‍ය ද බිහිකළ හැක.
අක්‍ෂර
දිව්‍ය මනුෂ්‍ය අපාය යන අක්‍ෂර වර්ග ද තුනකි
දිව්‍ය – ඉ ඕ ට ඉ ත ද ල ව ස
මනුෂ්‍ය – උ ප ඛ ග හ
අපාය – එ ක ය ම ර ජ අ ණ න ළ අං
08. යෝණිය සොයන ක්‍රමය
මෙය නැතිව නොදැන කවි සෑදිය නොහැක. අක්‍ෂර වලට නියමිත සංඛ්‍යාවක් ඇත.
අ, එ, ක, ද බ යනාදී අකුරු වටිනාකම – 6
ඉ, න, ප, ය, ව යනාදී අකුරු වටිනාකම – 4
උ, ර, ත. ච, ජ යනාදී අකුරු වටිනාකම 7
ධ, ම, ස, ග ඩ යනාදී අකුරු වටිනාකම – 3
ට, ල, හ, ළ, Cඳ, ං යනාදී අකුරු වටිනාකම – 2
කාව්‍ය නායක (ලබන්නා) ගේ නමට හිමි අක්‍ෂර වලට මේ වටිනාකම් යොදා එකතු කර එය 8 න් බෙදන්න. එය නමට අයිති යෝනිය වේ. එම යෝනියට කවෙහි මුල යෝනිය ගැලපීම අත්‍යාවශ්‍යයි. යෝනිය සාදන ක්‍රමය මෙසේය.
ෂ. ගුණරත්න යන වචනයේ යෝනිය හදමු. 8 න් බෙදූ ඉතිරිය (2) එය යෝනිය වේ.
ග් – 3
උ – 7
න් – 4
අ – 6
ර් – 7
අ – 6
ත් – 7
න් – 4
අ – 6
8 50
6 2 ඉතිරි
මේ මගින් වදන් තුළ ඇති ස්‌වර හා ව්‍යංජන වෙන් කිරීමත් ඉටු කෙරේ.
අෂ්ට යෝනි ගුරුළු චක්‍රය මෙසේය.
1 – ගුරුළු – අ, ඉ, උ, එ, ඔ
2 – බළල් – ක, ඛ, ග, ඝ, ඬ
3. සිංහ – ච, ජ, ඡ, ධ ඳ
4. ව්‍යාඝ්‍ර ට, ඨ, ඩ, ඪ, ණ
5. සර්ප – ත, ථ, ද, ධ, න
6. මූෂික – ප, එ, බ, භ, ම
7. හස්‌ති – ය, ර, ල, ව
8 මෘග – ශ, ෂ, ස, හ, ළ, අං
මෙහි 1 ට 5 ද/ 2 ට 6 ද/ 3 ට 7 ද/ 4 ට 8 ද වෛරී නිසා මෙම යෝනියකින් කවරකට හෝ ඉදිරියෙන් ඇති අක්‍ෂර හෝ යෝනි සෙත් කවියේදී නොගනිමු.
එසේම අඛතල චක්‍රය ද නමේ මුලකුරට පදයේ මුලකුර, අවිරුද්ධ වන ලෙස තැබීමත්, නම දෙපස යෙදෙන අකුරුවලට විරුද්ධ නොවන ලෙස ඊළඟ අකුරු තැබීමටත් මහෝපකාරී වේ.
උදා ( – මේ චක්‍රයේ පියසේනට සෙත් කවියක් තනන විට ඒ, ණ ර යන අක්‍ෂර නමට දෙපසත්, කවිය මුලත් යෙදුනොත් ව්‍යාධි පමුණුවයි.
එමෙන්ම ජ්‍යෙතිෂය නැකැත් අනුව හිමි අක්‍ෂර මෙන්ම, සම්පත්, සාධක, මෛත්‍රී යනාධී ලෙස තෝරා ගැනීම ද වැදගත් වේ.
ශබ්ද විරෝධී නොවීම ද වැදගත් ය.
අ – උ ශබ්දය විරෝධීයි (බන්ධනය වේ)
ආ – ඌ ශබ්දය විරෝධියි (සුණු විසුණු වේ)
ඉ – එ ඒ ශබ්ද විරෝධි (වෛරී වේ)
ඊ – ඔ ඕ ශබ්ද විරෝධියි (මර පමුණුවයි)
එය කවියකින් දක්‌වමි
අ යන උ යනු වෙයි විරිඳු
ආ යනු ඌ යනු විරිඳු
ඉ ඒ යනු ඒ විරිඳු
ඊ යනු ඕ යනු විරිඳු
මේවා සමඟ කවියක ශබ්දාලංකාරය අවිලංකාරය විය යුතුය. නව විධි රසය ද මීට – ඕජස් ගුණය තිබීම වැඩියෙන් භාවිත වන නාමය මුල්කර ගැනීම නැකැත්, තිථි, යෝග, කරණ ආදී පංචාංගය මුල්කර සිය ඉටු දේවතාවට අනුස්‌මරණය කොට සෙත් කවි රචනය කළ යුතුය. එවන් කවි ලියූ මොහොතේ සිට උපරිම ඵල අත්කර දෙන බව අපගේ අත්දැකීමයි. එපමණකුදු නොව මන්ත්‍ර විද්‍යාවට අදාල ඝෘණ ධන ශෝධන චක්‍ර වලින් තමන් පුහුණු කරගත් චක්‍රයකින් ප්‍රතිඵල අත්වන නොවන බව පවා දක්‍ෂ සෙත්කවි රචකයෙකුට දැනේ.වාත රෝගියකුට චන්ද්‍ර ශාන්ත වැනි ගණයක් මුල්කරගෙන සෙත් කවියක් හැදුවොත් සමහර විට ප්‍රාණය පවා හානිවිය හැක. රෝගියාගේ තත්වයද අනුව එය තීරණය කළ යුතුය. වා, පිත්, සෙම් යන ත්‍රි දොaෂයට පිළිවෙළන් ශනි, රවි, සඳු, මූලික වේ.අ ප්‍රාණිෂරයෙහි පඨවි ගුණය ගැබ්ව ඇත.ඉ ප්‍රාණිෂරයෙහි ආපෝ ගුණය ගැබ්ව ඇත.උ ප්‍රාණිෂරයෙහි තේජෝ ගුණය ගැබ්ව ඇත.එ ප්‍රාණිෂරයෙහි වායෝ ගුණය ගැබ්ව ඇත.ඔ ප්‍රාණිෂරයෙහි ආකාශ ගුණය ගැබ්ව ඇත.මේ පංචා අක්‌ෂර තුළින් ලොව සියල්ල ගැබ්කරගෙන ඇත. මින් පරිභාහිර කිසිදු ශබ්දයක් ලෝක ධාතුව තුළ නැත. කුරුල්ලකුගේ සතෙකුගේ, වස්‌තුවක, රටක, නාමයක, මේ ශබ්ද 5 න් එකක් ගැබ්ව තිබේ.උදාහරණයක් ලෙස නිවසින් අමනාපව ගිය තරුණයකු සඳහා ලියා ප්‍රතිඵල ලද කවියක් දක්‌වමි.ශ්‍රී විෂ්ණු දෙවිඳුනි(ගිහිම් දුන්/ තෙද ග/ ගන ගැ/බ සලි/ තව ගි/යෙද නො/ නැතුව ලෙසගැඟුම් පා රිපු බිඳසෙ සත් අප “ශ්‍රී පතිඳු” ලෙලවන ඇසලැගුම් ගත් තැන නැගු ගිනි “….” ව හසඇළුම් දී නිවසට ලඟා කළ මැනව රහු පිරිසත පිසසෙත් කවිය තුළින් අසාධ්‍ය රෝගීන්ගේ සිට විවිධ කරුණු සඳහා කළ ප්‍රතිකර්ම අප අත්දැක ඇති අතර ප්‍රතිඵල ප්‍රකාශිත ලිපි මගින් වාචිකව අදාළ පාර්ශ්වයන්ගෙන් විමසීම සෙත්කවි රචකයකු විසින් කළ යුතුය. එය ශාස්‌ත්‍රීය ප්‍රගමනයටද හේතු වේ. තමන් කරන කාර්යය මෛත්‍රියෙන් සද්භාවයෙන් ඉටුකරදීමට මිස වෙනත් වෙනත් දේ ගැන නොසිතිය යුතු වේ. තමන් කරන කාර්යය නිසියාකාරව ඉටුකර සමාජයටත් සෙතක් සලසා තමන්ටත් සතුටු විය හැකි උතුම් ශාස්‌ත්‍රයකි සෙත්කවි කලාව, ශබ්ද විද්‍යාත්මක සෙත්කවි ශාස්‌ත්‍රය මුදල් පසුපස යමින් ශාස්‌ත්‍රය නිසිලෙස හැදෑරීමකින් තොරව කිරීම අනර්ථකාරී වනු ඇත.
We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation
can be found here