Friday, September 12, 2025
Homesiසුවඳින් මත් වෙනවා වෙනුවට ශූභා ශූභ දැක සුවඳවත් වෙමු

සුවඳින් මත් වෙනවා වෙනුවට ශූභා ශූභ දැක සුවඳවත් වෙමු

[ratings]

සුවඳ විලවුන් පිළිබඳ ඉතිහාසය ඉතාමත් දිගු වූවකි. පාරාවෝ රජ දවස මේ සම්බන්ධව විශිෂ්ට දියුණුවක්‌ තිබුණ බව කාලීන ඉතිහාසය මැනවින් පහදා දෙයි. සංස්‌කෘත සන්දේශ කාව්‍යය හා වෙනත් කෘතිවල මේ සම්බන්ධව විස්‌තර කියයි. සෘතු සංහාරය නමැති කෘතියේ ඒ ඒ මල්වලින් ඇතිවෙන සුභාසුභ දක්‌වන අතර ඒ ඒ සෘතු වල සේවනය කළයුතු සුවඳ වර්ග පහදා ඇත. නූතන යුගය වන විට “සැනට්‌” නමින් අපර දේශයන්ගේ වචන වලින් හඳුන්වා දෙන අතර ඉතා දියුණු තත්ත්වයෙන් මෙකී සුවඳ (සැනට්‌) වෙළෙඳපළේ ඒ ඒ අසුරනයන් තුළ මනාව අසුරා පොදු ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා තබා ඇත.

පෙරදිග විද්‍යාවන්හිදී මෙකී සුවඳ වර්ග විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලබයි. බෞද්ධයන්ද එදා සිට අද දක්‌වා මුණි පුදයට මෙය යොදා ගන්නේ මල් පූජාව වශයෙනි. මලින් මුණිදු පිදුම දෙවියන් පිදුම ප්‍රධාන ස්‌ථානයක්‌ ගන්නා අතර, බෞද්ධ ශික්‍ෂාපදයක්‌ තිබෙනවා.

“මාලාගන්ධ විලේපන ධාරණ මණ්‌ඩණ විභූෂ නට්‌ටානා” මල් – සුවඳ භාවිතයෙන් වැලකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙන බවට මගේ අදහස්‌ හැටියට මෙම ශික්‍ෂා පදය බොහෝ දෙනාගේ වැරදි අර්ථ කතනයකට අසුවී තිබෙන බවයි. පංචසීලයේ හා දස සීලයේ දක්‌වා ඇති තෙවැනි සිල්පදය, නැතිනම් “කාමේ සුමිච්ඡාචාර” – “අබ්භ්‍රවාම චරියා” යන සිල්පද අනුව ලෞකික සම්පත් විඳීම බුදුදහමේ සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කර නැත. එය අවබෝධයෙන් යුතුව විඳිය යුත්තකි. බුදුන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක්‌ දේශනා කර ඇත්තේ ඒ නිසයි. විදුලිය අප නිසි ලෙසට පරිහරණය කළ යුතුය. අනිසි ලෙසට භාවිතා කළොත් විනාශය සිදුවෙයි. මෙවැනි කතා සමාජයේ අප්‍රමානව අසන්න ලැබේ. එහෙත් විදුලිය භාවිතය කවුරුත් තහනම් කරන්නේ නැත. එය හොඳ නැතය කියන්නේද නැත. එසේම සුවඳ වර්ගද දැනට අවබෝධයෙන් භාවිතා කිරීම ගිහි – පැවිදි, ස්‌ත්‍රී – පුරුෂ, බාල – මහලු කොයි කවුරුත් සිදුකළාට ඉන් යහපතක්‌ම මිස අයහපතක්‌ සිදුවේය අප නොසිතමු. සුවඳ වර්ග පිළිබඳව (සැනට්‌) වර්ග සම්බන්ධයෙන් ඇති කරන සුභාසුභ මෙතැන් සිට දක්‌වමි.

සපුමල් සුවඳ – මනස ප්‍රබෝධමත් කරයි. අධ්‍යාපනයට හිතකරයි. මානසික උද්යෝගය ඇති කරයි.

බෙලිමල් සුවඳ – මනස ප්‍රබෝධමත් කරයි. උද්යෝගිමත් බවට පමුණුවාලයි.

සඳුන් සුවඳ චිත්ත ඒකග්‍රතාවය ඇති කරයි. වශී කර්මාදියට යොදා ගනී. ආගමික කටයුතු වලදී යොදාගත හැකි සුවඳකි.

පිච්ච මල් සුවඳ – භූත දෝෂ ඇති ස්‌ථානවල භාවිතය තුළින් භූත බල පෑම් ඈත්වේ. ආගමික කටයුතු වලදී යොදා ගැනීමට ඉතාමත්ම හොඳය. සිත චංචල බවට පත්කරයි.

කොට්‌ටන් සුවඳ – අධික ඥණ ශක්‌තියක්‌ ඇති කරයි. අධ්‍යාපනය සම්බන්ධව කටයුතු කරන කොයි කාටත් යහපත් සුවඳකි. මෙම සුවඳ යටිබඩ ගාගතයුතු බව සඳහන්ය.

දෙහිමල් සුවඳ – ලෞකික ආසාවන්ගෙන් ඈත් කරයි. මලගෙවල් ආදියට යන විට භාවිතයට යහපති.

රෝසමල් සුවඳ – විනෝදයට සිත පොළඹවයි. අධික වියදම් ඇතිකරයි.

කස්‌තුරි සුවඳ – වශීකාරක සුවඳකි. විවාහය ප්‍රමාද අයට භාවිතයට යහපති. ප්‍රති පාක්‍ෂිකයන් ඇදී එන සුවඳකි.

පොපිමල් සුවඳ – ඉක්‌මන් නින්දට පත්කරයි. නිදහසේ සැහැල්ලුවෙන් සිටින විට භාවිතයට යෝග්‍යයි. සැනසිලිදායක සිත ප්‍රමෝදයට පත් කරන සුවඳකි.

ලයිලැක්‌ සුවඳ – ආර්ථික අපහසුතා මඟ හරවයි. මෙය සියලුම දෙනාගේ භාවිතයට අඟනා සුවඳකි.

ලැවැනඩර් සුවඳ – සිත පුබුදයි. දැඩි ආත්ම ශක්‌තියක්‌ ඇති කරයි. සිතේ කනස්‌සල්ලක්‌ ඇති වූ විට භාවිතා කර බලන්න.

ඔබද සුවඳ විලවුන් පිළිබඳව දැන අවබෝධයෙන් යුතුව භාවිතා කර ඔබගේ ප්‍රාර්ථනා ඉටු කරගන්න.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments