Saturday, November 1, 2025
Homesiජුනි 22 සිට ජුලි 22 දක්‌වා උපන් අයගේ පලාපල මෙන්න

ජුනි 22 සිට ජුලි 22 දක්‌වා උපන් අයගේ පලාපල මෙන්න

[ratings]

මේ ලිපියට ඇතුළත් වන්නේ, සෑම වසරකම ජුනි 22 වැනි දාත්, ජුලි 22 වැනිදාත් අතර කාලයේදී (කටක රාශික පිළිබඳ මාසය) උපත ලද අයගේ පලාපලය.

කටක රාශියේ ලක්‌ෂණය කකුළුවකුගේ රූපයකි. සඳු ග්‍රහයා, පාලක ග්‍රහයාය.

කටක රාශියට අදාළ මාසයේ උපන් ගැහැනු හෝ පිරිමි හෝ කෙනකුගේ ස්‌වභාවික ගති පැවතුම් චංචල ස්‌වභාවයේ ගති පැවතුම් තිබියහැකි වුවද, තියුණු හැඟීම සහිත කෙනකු වන්නට පුළුවන. කරදර කම්කටොලුවලට මුහුණදීමේ වැඩි ඉඩකඩක්‌ ඇති අතර එහි ප්‍රධාන ප්‍රතිඵලයක්‌ වශයෙන් ස්‌වකීය සැප සම්පත් වුවද යම් තරමකට හෝ නොසලකා හැරීමට ඉඩකඩ ඇත. කලබලයකින් තොර නිශ්චල ගති ගුණය චරිත ලක්‌ෂණයකි. එනිසාම ස්‌ථිර අදහස්‌ හා සෘජු ස්‌වභාවයේ ගතිගුණ ද සහිත කෙනෙකු විය හැකිය. සිත්තැවුලට පත්කර ගන්නේ එතරම් ගණනකට ගත යුතු නැති දේවල් ගැන දැඩි ලෙස කල්පනා කිරීමෙනි. තමන් ගැන අනුන් හිතන කියන හැමෙකක්‌ම වාගේ තදින් සිතට ගැනීම සිරිතක්‌ විය හැකිය. සිය අභිමතය පරිදි මාහැඟි අවස්‌ථාවලින් පල ප්‍රයෝජන නෙලා ගැනීමට ඉඩක්‌ සැලසෙන්නේ, ස්‌ථිර සෘජු ස්‌වභාවයේ කෙනකු ලෙසට සෙස්‌සන්ගේ සැලකිල්ලට පාත්‍ර වන නිසාය. තමන්ගේ උපදෙස්‌ තමන් වෙත පැමිණීමට ඉඩ කඩ ඇත. කිසියම් දෙයක්‌ ගැන සිතන අතරතුර ඊට තුඩු දුන් හෝ සම්බන්ධ වූ හෝ හේතු යනාදිය ගැනද සොයා බලන්න තැත දරන සෙයකි. කිසියම් දෙයක්‌ පිළිබඳව කල්පනා කරන කියන තරමටම පිටස්‌තරට කියාපාන්න නොයන ස්‌වභාවයක්‌ද දක්‌නට ඇත. තමන්ගේ අවවාද ගුරුහරුකම් ලබාගන්නා සෙස්‌සන්, ඒ අනුව ක්‍රියාකරන්නටද පුළුවන. අනුන් කෙරෙහි දැඩි ලෙස දයානුකම්පාවක්‌ දැක්‌විය හැකි අතර කොයිකාගේත් කුලුපග මිතුරකු හෝ මිතුරියක හෝ වන්නේ, එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. මාහැඟි පුද්ගලයකු ජාති හිතෛෂීයකු විය හැකිය. පවත්නා යහපත් ගතිගුණ නිසා අයහපත් ගතිගුණ ඉස්‌මතු නොවන්න පුළුවන. විවාහ වූ විට බද්ධ ප්‍රේමයෙන් බැඳුණු ප්‍රේමණීය සැමියකු හෝ බිරිඳ නැත්නම් පියකු හෝ මවක විය හැකිය. තමන් දෙන අවවාද ගුරුහරුකම්වලට ගැලපෙන ලෙස තමන් ක්‍රියා නොකිරීම කටක රාශිය පිළිබඳ මාසයේ උපත ලද අයගේ ස්‌වභායකි.

ජීවිතයේ තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය – දිගු කලක්‌ ජීවත් විය හැකි තත්ත්වයක්‌ පවතින නමුත් අජීර්ණාබාධ වාතරෝග ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා ප්‍රවේශම් විය යුතුය. ශරීර ශක්‌තිය මධ්‍යස්‌ථ මට්‌ටමකින් පැවතිය හැකිය. අජීර්ණ ඇතිවීමෙන් වැළකී සිටිමට නම් කලට වේලාවට ආහාර ගැනීමට වග බලා ගත යුතුය. වාතාබාධවලින් බොහෝ දුරට ආරක්‍ෂා විය හැක්‌කේ තෙත වාතාශ්‍රයෙන් වැළකී සිටීමෙන් හා දෙපා නිතරම උණුසුම්ව තබා ගැනීමෙන්ය.

විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය යම් යම් දේවල් ලබාගැනීම සඳහා ආශාවක්‌ පවතින අතර එතුළින් යම්යම් දේවල් එකතු කරන කෙනකු විය හැකිය. යමක්‌ අහක දැමීමට හෝ ඉන් ඉවත් වීමට හෝ කැමැත්තක්‌ දක්‌වන සෙයක්‌ දක්‌නට නැත.

“මේක මන් අහවල් දවසෙදි ඕනෑ වෙන්ඩ පුළුවන්” යි සිතා යමක්‌ අහක නොදමන්නට පුළුවන. විවේක කාලවලදී යම් යම් දේවල් සැකසීමටද කැමැත්තක්‌ ස්‌වභාවයක්‌ ද ඇත.

කරන රැකී රක්‌ෂා යනාදිය – තමන් කැමත්තක්‌ දක්‌වන වැඩකට විනා වැඩ ගැන දක්‌වන සැලකිල්ල අඩුය. කරන හැම දෙයකම වාගේ උසස්‌ ස්‌වභාවයක්‌ මෙන්ම පිරිසිදු ස්‌වභාවයක්‌ සෙවීම සිරිතය. ශරීරය වෙහෙසෙන හෝ වගකීම් රැසක්‌ සහිත හෝ වෘත්තීන්වලට සුදුසුයයි කිව නොහැක. අඟුරු වෙළෙ¹ම, මස්‌ මාළු වෙළ¹ම තුළින් සැලකිය යුතු ලෙස ලාබ ලැබිය හැකිය. කෙසේ වෙතත් නිශ්චල ගතිගුණය, චරිත ලක්‌ෂණයක්‌ වන නිසා සිත් ගන්නා ස්‌වභාවයේ හැම වෘත්තියක්‌ම සුදුසුය.

පොත්පත් වෙළෙ¹ම, දියමන්ති වෙළෙ¹ම වැනි වෘත්තියක්‌ වඩා සුදුසුයයි කිව හැකිය.

කටක රාශියට අදාළ මාසයේ උපත ලද කාන්තාවන්, ප්‍රණීත ලෙස ආහාර සකසන්න දක්‌ෂයන්ය. ආපනශාලාවල පාලනය නැටුම් ගැයුම්වල යෙදීම, ශාස්‌ත්‍රීය කටයුතුවල නිරතවීම මෙන්ම ස්‌වකීය දක්‍ෂතා කුසලතා උපයෝගී කරගෙන කළ හැකි හැම කාර්යයක්‌ම ඔවුන්ට සුදුසුය.

ප්‍රේමය හා විවාහ ජීවිතය – තමන්ගේ ගෘහය දේවත්වයෙන් සලකන සෙයක්‌ දක්‌නට ඇත. අවිවාහකව සිටීම කටක රාශිය පිළිබඳ මාසයේ උපන් අයට හිසරදයක්‌ වන නිසා වයස මෝරන විටම තමන්ගේ දුක සැප බැලීම සඳහා සහකාරියක්‌ හෝ සහකාරයකු හෝ ගැන සැලකිල්ල යොමුකරන්නේ ඉබේමය. අදාළ මාසයේ උපන් කාන්තාවන්ට, ළමා ළපටියන්ගෙන් නිවෙස පිරෙත්ම, ඇතිවන සතුට කියා නිම කළ නොහැකි තරම්ය. ප්‍රේමය පදනම් කොට ගෙන විවාහ වීම, කටක රාශිය පිළිබඳ මාසයේ උපන් අයගේ සිරිතය. විවාහ ජීවිතයේ වසරින් වසර ගෙවීයත්ම, දෙදෙනා පිළිබඳ දෙදෙනාගේ සිතිවිලි හා හැඟීම් ද වැඩිවීම සාමාන්‍ය දෙයකි. දෙදෙනා කෙතරම් කුලුපගව සිටිනවාද කිවහොත් දවසක්‌ හෝ දෙකක්‌ හෝ ඈත්වී සිටීමට දෙදෙනා කැමැත්තක්‌ නොදක්‌වන තරම්ය.

ශුභ දවස – ඉරිදාය

වාසනාව උදාකරන වර්ණය – නිල් පාටින් හෝ අළුපාටින් ශුභඵල උදාකරගත හැකිය.

වාසනාව උදාකර ගැනීම සඳහා පැළඳිය යුත්තේ රතුකැටය. ශුභ ඵල ගෙන දෙන ලෝහය රිදීය.

සෑම වසරකම ශුභාශුභ කාලවකවානු – සෑම වසරකම ශුභා කාල වකවානු වන්නේ ජනවාරි 21 වැනිදාත්, පෙබරවාරි 19 වැනිදාත් අතර කාලයත්, සැප්තැම්බර් 23 වැනිදාත්, ඔක්‌තෝබර් 23 වැනිදාත් අතර කාලයත්ය.අශුභ කාලය වන්නේ ජුනි 22 වැනිදාත් ජූලි 22 වැනිදාත් අතර කාලයයි.

සෑම වසරකම වැඩි කාලයක්‌ ශුභ කාලයට ඇතුළත්ය. ජීවිතයේ සෑම ශුභ කටයුත්තක්‌ම, යටකී ශුභ කාලය තුළදී සිදුකිරීම යහපත්ය.

යටකී අශුභ කාලයේදී හැකි තරම් ප්‍රවේශම් වීම මැනමි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments