Saturday, November 1, 2025
Homesiකරන දෙයක්‌ හෝරාව බලලා කරන්න 2

කරන දෙයක්‌ හෝරාව බලලා කරන්න 2

[ratings]

රවි හෝරාව

ඉරිදා දිනයේ රවි හෝරාව බලවත්ය. රවි හෝරාව රජය හා සම්බන්ධ කටයුතුවලට සුබවේ. උසස්‌ රාජ්‍ය නිලධාරීන් හමුවීමට යහපත්ය. රජයේ ලිපි ලේඛන ලිවීමට වැදගත්ය. අන්තිsම කැමැති පත්‍ර ලිවීම හා ඒවා අත්සන් කිරීමට, උසස්‌වීම් ඉල්ලා රජයට පෙත්සම් ඉදිරිපත් කිරීමට, පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට, නගරාධිපතීන් හමුවීමට, තම පියාගෙන් උරුමයත් ලබාගැනීම සඳහා කටයුතු කිරීමට, පෞරාණික දේ සම්බන්ධ කටයුතු වලට, ශල්‍ය වෛද්‍යවරු හමුවීමට, කොන්ත්‍රාත් අත්සන් කිරීමට, ඉඩම් හෝ ගෙවල් කුලියට/බද්දට දීමට, මෙන්ම කරඳමුංගු, ගම්මිරිස්‌, රටකජු ආදී පැළ වර්ග සිටුවීමටද රවි හෝරාව වැදගත් වේ.

එමෙන්ම දේශපාලන වැඩවලට සම්බන්ධ කටයුතුවල නිරත වීමට, දේව පූජා තැබීමට, මන්ත්‍ර ජප කිරීම ආරම්භයට, ඖෂධ වර්ග පාවිච්චිය ආරම්භයට, ආභරණ සාදවා ගැනීමට අත්තිකාරම් ලබා දීමටද මෙම හෝරාව ඉතා සුබය.

සිංහ ලග්න හිමියන් හා රවි මහ දශාව හෝ රවි අතුරු දශාව පසු කරන අයට අපල උපද්‍රව සඳහා පූජා තැබිය යුත්තේද රවි හෝරාවකදීය. සූර්යයා මේෂ රාශියේ හෝ සිංහ රාශියේ හෝ එනම් සූර්යයා අප්‍රේල් 15 සිට මැයි 15 දික්‌වා අගෝස්‌තු 18 සිට සැප්තැම්බර් 17 දක්‌වාත් කාලයේ ගමන්කිරීමේදී රවි ඉතා බලවත්වේ. රවි හෝරාව මේෂ ලග්න හිsමියන්ටත් සිංහ ලග්න හිමියන්ටත් වඩාත් සුභඵල ඇති කරයි. රවිට අයත් කැති නැකත උත්‍රපල් නැකත හා උත්‍රසල නැකත උදාවී ඇති දිනවල රවි හෝරාව ඉතා බලවත්ය.

සඳු හෝරාව

සඳු දින සඳු හෝරාව බලවත්ය. සඳුපුර පක්‍ෂයේ නම් වඩාත් බලවත්ය. සුබ කටයුතු සඳහා යොදාගත යුත්තේ සඳු හෝරාව වන අතර ස්‌ත්‍රී ග්‍රහයකු බැවින් වනිතාවන් සම්බන්ධ කටයුතු වලට සඳු හෝරාව වඩාත් සුදුසු වේ.

වනිතා පක්‍ෂයෙන් උදව් උපකාර ඉල්ලා ගැනීමට යායුත්තේ සඳු හෝරාවෙනි. කාන්තා පක්‍ෂයට ලිපි ලිවීමටත් මවගෙන් හා නැන්දනියගෙන් උදව් ලබාගැනීමටත් සඳු හෝරාව සුබය. කිරිපට්‌ටි ආරම්භයට කුඹුරු මිලදී ගැනීමට, ජලාශ්‍රිsත වැඩ ආරම්භයට, තද හිත් ඇත්තන් සමඟ සාකච්ඡා වලට යැමට, උක්‌ගස්‌ සිටුවීම සඳු හෝරාවෙන් කිරීම යහපත් වන අතර එම හෝරාවෙන් ළිං කැපීමෙන් එහි වතුර මිහිරි රස වන බව කියෑවේ. සඳු හෝරාවෙන් කරන ලද වගාවන්ගෙන් වැඩි අස්‌වැන්නක්‌ ලබාගත හැකිය. අඟහරුවාදා සඳු හෝරාවෙන් ආපනශාලා ආරම්භ කිරීම බදාදා සඳු හෝරාවෙන් රෙදි පිළි වෙළදාම ආරම්භය සුභවේ. විදේශ සංචාර සඳහා යැමට සඳු හෝරාව තෝරාගැනීමෙන් ගමන ප්‍රවේශම් සහිත වේ. වගුරු බිමක්‌ හෝ සඳු හෝරාවකින් මිලදී ගතහොත් එයින් අධික ලාභ අත්වේ. සඳුදා දිනක සඳු එදින තත්කාලයේ 4,7,10 වැන්නේ පිහිටි වීමක්‌ කටක රාශියේ පිහිටි කල්හිත් ඉහත කටයුතු වඩා ප්‍රතිඵලදායී වේ.

කුජ හෝරාව

කුජගේ බලය වැඩියෙන් ඇත්තේ කුජ දිනයේය. හේන් ගිනි තැබීමට මෙන්ම උළු, ගඩොල්, පෝරණුවලට ගිනි දැල්වීමටද කුජ හෝරාව සුදුසුය. අසාධාරණයක්‌ පිළිබඳ සාධාරණයක්‌ ලබාගැනීමට බ්‍රහස්‌පතින්දා දිනයක කුජ හෝරාව යහපත් මෙන්ම නඩුවක්‌ දැමීමෙන් ඉන් ජයගත හැකිය. ඉඩම් මිලදී ගැනීමට, පෝරණු බැඳීමට බ්‍රහස්‌පතින්දා කුජ හෝරාව යහපත්ය. වගාවන්ට පොහොර යෙදීමට යුද හමුදාවට පොලිසියට බැඳීමට, මුද්‍රණ කටයුතු ආරම්භයට, ලී වලින් කරන කටයුතු වලට මෝටර් රථ ප්‍රවාහන සම්බන්ධ වැඩවලට, ක්‍රීඩා භාණ්‌ඩ වෙළදාමට, අවි ආයුධ සෑදීමට, මුවහත් කිරීමට, කුජ හෝරාව සුබය. බ්‍රහස්‌පතින්දා දිනක කුජ හෝරාවෙන් ස්‌වර්ණාභරණ වෙළෙඳසල් ආරම්භ කළහොත් එය දියුණුවේ. වෘශ්චික ලග්නයේ විසා නැකතේ හතරවන පාදයෙන් කුජ ක්‍ෂේත්‍රව සිටියදී කුජ හෝරාවෙන් ගෙයකට මුල්ගල තැබීමෙන් ගෙය ඉදිකිරීමට අවශ්‍ය බඩු බාහිරාදිය හා මුදල් කාගෙන් හෝ ලැබේ. සිත, මුවසිරිස, දෙනට යන නැකතකින් එක්‌ නැකතක්‌ උදාවී ඇති දිනක උදා ලග්නයේ දසවැන්නේ කුජ සිටීනම් එම මොහොතේ කුජ ඉතා බලවත්ය.

බුධ හෝරාව

බුධ හෝරාවේ බලය වැඩි වශයෙන් ඇත්තේ බුධ දිනයේය. බුධ බුද්ධියට අධිපති බැවින් බුද්ධිය මෙහෙයවා කරන කියන හැම කටයුත්තකටම මෙම හෝරා බලය සුදුසු වේ. බුධ ග්‍රහයා තීක්‍ෂණ නුවණ ලබාදෙන බැවින් ජ්‍යෙdතිෂ්‍ය ඉගෙනීම ආරම්භ කිරීමට සුභය. නීතිය හැදෑරීමට තැපැල් හා ගමනාගමන කටයුතු වලට, ගුරු වෘත්තිය ආරම්භයට කඩදාසි ලිපි ද්‍රව්‍ය වෙළෙදාම් ආරම්භයට, රිදී කර්මාන්ත ආරම්භයටද, මෙම හෝරාව යහපත්ය. බුධ දිනයේ බුධගේ හෝරාවෙන් පාසල් ගමන ආරම්භ කිරීමෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනී. දිනපතා, සතිපතා, මාසික පුවත්පත්, සඟරා පළකිරීම ආරම්භ කළ යුත්තේද බදාදා දිනක බුධ හෝරාවෙනි. ඉගෙනීමට, පුහුණුවලට පිටරට යැමට බ්‍රහස්‌පතිsන්දා බුධ හෝරාව හොඳය. බුධ ග්‍රහයා කන්‍යා රාශියේ හෝ මිථුන රාශියේ සිටිය දී ලබන බුධ හෝරාව ඉතා වැදගත්ය. දෙට, අස්‌ලිය, රේවතී, යන බුධට අයත් නැකතක්‌ උදාවී ඇති විටද බුධ හෝරාව ඉතා බලවත්ය.

ගුරු හෝරාව

ග්‍රහ මඬුල්ලේ මන්ත්‍රී තනතුර දරණ ගුරු ග්‍රහයාගේ හෝරාව සියලු සුබ කටයුතු ආරම්භයට යෝග්‍යය. බ්‍රහස්‌පති යනු ගුරුට තවත් නමකි.

ගුරු දිනයේ යෙදෙන ගුරු හෝරාව අධික සුබඵල ගෙන දෙයි. ආවාහ විවාහ කටයුතුවලට ගුරු හෝරාව යහපත්ය. බැංකු, නීති, ශාස්‌ත්‍රීය කටයුතු වලට මෙන්ම වාණිජ මධ්‍යස්‌ථාන විවෘත කිරීමට පන්සල්, පල්ලි, කෝවිල් ආරම්භයටද ගුරු හෝරාව සුබය. දරුවන්ට අකුරු කියවීමට, දරුවන් සසුන්ගත කිරීමට, නීතිඥ වෘත්තිය ආරම්භයට, මුදල් ගනුදෙනුවලට, වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට, පුස්‌තකාල ආරම්භයටද, ගුරු හෝරාව සුභය. යාන වාහන මිලදී ගැනීමට සිකුරාදා දින ගුරු හෝරාව ශුභය. උපතේදී ගුරු බලවත්ව සිටී නම් හෝ ගුරු දශාව හෝ අතුරු දශාව ලබා ඇත්නම් වඩාත් යහපත්ය. ගුරු ග්‍රහයා, කටක, ධනු, මීන රාශියක ගමන් කරන විට ලබන ගුරු හෝරාව ඉතා ප්‍රබල වන අතර පුනාවාස, පුවපුටුප, විසා යන නැකැත් වල සඳු ගමන් කරන කාලයේ ගුරු හෝරාවද ඉතා ප්‍රබලය.

ශුක්‍ර හෝරාව

කිවි, ශුක්‍ර, සිකුරු යන නම්වලින් හැඳින්වෙන්නේ එකම ග්‍රහයෙකි. මෙම ග්‍රහයාට අයත් කිවි හෙවත් ශුක්‍ර හෝරාව සිකුරාදා දින බලවත්වේ. සිකුරාදා දින සිකුරු හෝරාවෙන් වැඩක්‌ පටන්ගත් විට සිතේ සතුට හා දියුණුව ඇතිවේ. දැකුම් කලු ලෙස ලබාගත යුතු සෑම කටයුත්තක්‌ම සඳහාම සිකුරු හෝරාව යොදාගැනීම යහපත්ය. මංගල කටයුතු සඳහා සුබම හෝරාව සිකුරු හෝරාවය. මෙම හෝරාවේදී සෑම අයකුගේම සිත් සතින් මෘදු වන බැවින් සැර පරුෂ අයගෙන් උදව් උපකාර ඉල්ලා ඔහු වෙතට යැමෙන් ඉල්ලීම් වලට සානුකම්පිතව කන්දෙනු ඇත. චිත්‍ර මූර්ති හා සංගීත වැනි කලාත්මක දේ ආරම්භයට, මැණික්‌ ගැරීමට, මනාල මනාලියන් දැකගැනීම සඳහා පිටත්ව යැමට, වැනි ආලය විවාහය වැනි සෑම දෙයටම මේ හෝරාව ශුභය. සිකුරාදා දින සිකුරු හෝරාවෙන් රථ වාහන මිලදී ගැනීම, ගොවිතැන් කටයුතු ඇරඹීමද ශුභවේ. කාන්තා රූ සපුව වඩවන, පියරු, ආලේපය, සුවඳ විලවුන් වැනි සියලු දේ විකිණීම මිලදී ගැනීම, සිනමාශාලා, කාන්තා නිවාස, සංගීsත, විද්‍යාල මෙම හෝරාවෙන් ඇරඹීමෙන් වැඩි ලාභ ප්‍රයෝජන ලබාගත හැකිය. සිකුරාදා දිනයන්හි බෙරණ, පුවපල්, පුවසල යන නැකැත්වලින් මෙම කාර්යයන් ආරම්භ කිරීම වඩාත් සුදුසුය.

ශනි හෝරාව

සූර්යපුත්‍ර, සෙනසුරු හෙවත් ශනි එකම ග්‍රහයෙකි. ඔහුට අයත් ශනි හෝරාව බලවත් වන්නේ සෙනසුරාදාය. ලෝකෝත්තර නොහොත් අධ්‍යාත්මික සුවය පතා කරන වැඩ පටන්ගැනීමට ශනි හෝරාව ඉතා සුබය.

පැවිදි දිවියට ඇතුළත් වීමට මෙන්ම ධ්‍යාන භාවනා වැඩීමට මෙම හෝරාව සුභය. කෘෂිකාර්මික, පතල් වැඩට, කය වෙහෙසා කරන කර්මාන්ත පටන්ගැනීමට සුභ මෙම හෝරාවෙන් දරදඬු සාහසික පුද්ගලයන් මෙල්ල කිරීමටද යා හැක. එකී පුද්ගලයින් කතා කළත් නොකළත් ශනි හෝරාවෙන් කථා කිරීමෙන් ඔහු මෙල්ලකරගත හැක. බුදු දහමේ ඉගැන්වෙන සමත හා විදර්ශනා භාවනා ආරම්භයටද ශනි හෝරාව සුබය.

ශනි ග්‍රහයා, මකර, කුම්භ, තුලා යන රාශිවල ගමන් කරන විටද සෙනසුරාදා දින ශනි හෝරාව, ඉතා බලවත්ය.

පුෂ, අනුර, උත්‍රපුටුප, යන නැකත් පවතින ශනි දිනවලදී ශනි හෝරාව ඉතා බලවත්ය.

තත්කාලයේ ශනි හිමි රාශියක්‌ උදාව ඇති විටද ශනි ඉතා බලවත්ය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments