Friday, September 12, 2025
Homesiග්‍රහ බලය අනුව ඔබේ වාසනාව

ග්‍රහ බලය අනුව ඔබේ වාසනාව

[ratings]

ඔබ වාසනාවන්තයෙක්‌ද යන්න තීරණය කිරීම සඳහා පහත දැක්‌වෙන ග්‍රහ පිහිටීම් බෙහෙවින්ම ඉවහල් වනු ඇත. නව වැන්න අධිපති ග්‍රහයා එකොලොස්‌ වැන්නේද, 11 වැන්න අධිපති ග්‍රහයා 9 වැන්නේද සිටියේ නම් හෝ 9,11, අධිපති ග්‍රහයන් යෝගව ඇති නම් හෝ දෘෂ්ටියෙන් යුතු වූයේ නම් කේන්ද්‍ර හිමියා වාසනාවන්තයෙක්‌ වන්නේය. ග්‍රහයන් දෙදෙනකු බැගින් රාශි හතරක ග්‍රහයන් අට දෙනෙක්‌ සිටියේ නම්, කේන්ද්‍ර හිමියා අධික ලෙස වාසනාවන්තයකු වන්නේය. ග්‍රහයන් හය දෙනෙක්‌ තෙපලක යුගල බැගින් සිටියේ නම් එම ජන්මියාද වාසනාවන්තයෙක්‌ වන්නේය. ග්‍රහයන් සිව් දෙනෙක්‌ ශුභ ග්‍රහයින් විසින් දකිනු ලැබුවේ නම් කේන්ද්‍ර හිමියා අධික වාසනාවන්තයකු නොවූයේ නමුදු අල්ප වස්‌තුවකට හිමිකාරයෙක්‌ වන්නේය.

පාප ග්‍රහයන් 3,6,11 යන ස්‌ථාන වල සිටියේ නම්, කේන්ද්‍ර හිමියා වාසනාවන්තයකු වන්නේය. ලග්නයේ දොළහේ සිටින ග්‍රහයින් කරණ කොට ගෙන එම ග්‍රහයන්ට හිමි තාරක ස්‌ථාන සම්බන්ධයෙන් කේන්ද්‍රහිමියා වාසනාවන්තයකු වන්නේය. හතර වැන්න අධිපති ග්‍රහයාද, සිකුරුද, හත් වැන්න අධිපති ග්‍රහයාද, නව වැන්න අධිපතියාද යන මේ ග්‍රහයෝ ශනි ග්‍රහයාගේ සිටීමෙන් හෝ දැකීමෙන් යුක්‌තව 9-11 සිටියේ නම් ශනි දශා අතුරු දශා කාල සීමා වලදී ජන්මියා භාග්‍යවන්තයෙක්‌ වීමට ඉවහල් වනු ඇත. ලග්නාධිපති ග්‍රහයාද, 9 අධිපති ග්‍රහයා හා 4 අධිපති ග්‍රහයාද 10 වැන්නාධිපතියා සමග එක්‌ව 10 වැන්න, ලග්නය, 7 වැන්න යන මින් එක්‌ ස්‌ථානයක සිටියේ නම්, යටකී අධිපතීන්ගේ මහ දශා අන්තර් දශා කාල වලදී කේන්ද්‍ර හිමියාගේ භාග්‍යය උදා කිරීමට අතිශයින්ම සමත් වනු ඇත. 5 වැන්නේ හෝ 9 වැන්නේ උච්ච වූ ග්‍රහයකු සිsටියේ නම්, කේන්ද්‍ර හිමියා වාසනා ශක්‌තියෙන් හා කීර්තියෙන් යුක්‌ත වන්නේය. රවි- බුද – සිකුරු පස්‌ වැන්නේද, ගුරු 11 වැන්නේද සිටියේ නම් බුද දශා කාලයේදී කේන්ද්‍ර හිමියා අධික ලෙස ධනය උපයීම කරන්නේය. රවි සහ නවය අධිපතියා එක්‌ව දොළොස්‌ වැන්නේ සිටියේ නම්, පියා කරණ කොට ගෙන වාසනාව ඇති කරවන්නේය. ධනු ලග්නය හා නවාංශකය උදාව පවතින විට උපත ලක්‌ ජන්මියාට පියා කරණ කොට ගෙන භාග්‍යය උදා කෙරේ. රවි තුලා රාශියේ සිටි නමුත්, නිරායාසයෙන්ම උදාවන වාසනාවන්ත භාවය නොවැළැක්‌විය හැකිය. 12 වැන්න අධිපති ග්‍රහයාද, 9 වැන්න අධිපති ග්‍රහයාද, රවිද 12 වැන්නේ සිටියේ නම් හෝ, ගුරු සහ 12 වැන්න අධිපතියා 12 වැන්නේ සිටියේ නම් හෝ, කේන්ද්‍ර හිමියාගේ පියා වාසනාවන්තයකු වන්නේය. සිකුරු සහ සඳු 12 වැන්නේ සිටියේ නම්, පිළිවෙළින් භාර්යාවගෙන්ද, මවගෙන්ද කේන්ද්‍ර හිමියා වාසනාවන්තයකු වන්නේය. කුජ 12 වැන්නේ සිටියේ නම් හෙතෙම සහෝදරයන් පිළිබඳව වාසනාවන්තයකු වන්නේය. 9 වැන්න අධිපතියා 12 වැන්නේ සිටියේ නම් පියා සම්බන්ධ වාසනාවන්තයකු වන්නේය.

9 අධිපතියා හත් වැන්නෙහිද, හත් වැන්නාධිපතියා 9 වැන්නෙහිද සිටියේ නම්, කේන්ද්‍ර හිමියා භාර්යාව සම්බන්ධව වාසනාවන්තයකු වනු පමණක්‌ නොව තම උත්සාහයෙන්ම සපයන ලද ධනය ඇත්තෙක්‌ද වන්නේය. බුද සහ දෙක අධිපතියා හයේ සිsටියේ නම් කේන්ද්‍ර හිමියා මස්‌සිනාවරුන්ගෙන් මිළ මුදල් ලබන්නේය. ගුරු ග්‍රහයා පහ අධිපතියා වී උච්චව සිටියේ නම් කේන්ද්‍ර හිමියාගේ දරුවන් වාසනාවන්ත වන්නේය. මේ ආදී ග්‍රහ තත්ත්වයක්‌ ජ්‍යෙdතිෂයෙහි කොතෙකුත් ඇතත්, මේවායේ සත්‍යතාව ඔබගේ කේන්දරයෙන් බලා ගත යුතුව ඇත. මෙබඳු යෝග ඉමහත් රාශියක්‌ ජ්‍යෙdතිෂයෙහි දැක්‌වෙයි. මෙම යෝගවල ඇති සත්‍යතාව කේන්ද්‍ර පරීක්‍ෂාවේදී මනාව අවබෝධවනු ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments