Friday, September 12, 2025
Homesiආත්මීය රහස්‌ හෙළි කරන ග්‍රහ සංයෝග

ආත්මීය රහස්‌ හෙළි කරන ග්‍රහ සංයෝග

[ratings]

උත්පත්ති කේන්දරය බලය විශාල වශයෙන් සැඟව ඇත්තේ එහි උපතේදී පිහිටන ලද ග්‍රහ සංයෝග තුළය. එහෙත් එම ග්‍රහයෝග පිළිබඳව අප රටේ සිටින වර්තමාන ජ්‍යෙතිෂවේදීන් වැඩිපුර අවධානයක්‌ යොමු කරන බවක්‌ නම් පෙනෙන්නට නැත. සමහර ජ්‍යෙතිෂවේදීන් ජ්‍යෙතිෂයේ මුදුන් මල් කඩ බඳු පංච මහා පුරුෂ යෝග පිළිබඳවද කේන්දර පරීක්‍ෂාවේදී උනන්දුවක්‌ නොදැක්‌වීම කනගාටුවට කරුණකි. එම නිසා ඡන්මියෙකුගේ පලාපල ප්‍රකාශයේ විශාල හිදැසක්‌ ඇති වීම නොවැළක්‌විය හැකිය.

ලංකාවේ කෙසේ වෙතත් භාරතීය ජ්‍යෙතිෂවේදීන් කේන්දර පරීක්‍ෂණයේදී දුර්ලභ ග්‍රහ යෝග පිළිබඳව මහත් සේ විමසිලිමත් වෙයි. එමගින් ජන්මියා තුළ සැඟවුණ ආත්මීය රහස්‌ පවා හෙළි කර ගැනීමට ඔවුන් තුළ ඇත්තේ සුවිශේෂී වූ දස්‌කමකි. භාරතය තුළ යෝග ලියෑවුණ පොත් සුලභව දක්‌නට ඇති අතර එවැනි පොත් කිහිපයක්‌ම සිංහලට පරිවර්තනය කර අප රට ජ්‍යෙතිෂ පොත් වෙළෙඳ පොළෙහි අලෙවියට තබා ඇත. එයින් සිංහල ජ්‍යෙතිෂවේදියාට මහත් රුකුලක්‌ ලැබී ඇත.

එක්‌ රාශියක ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි ගණනක්‌ එක්‌ව සිටීම ග්‍රහ සංයෝග ලෙස ජ්‍යෙතිෂයේ හැඳින්වෙයි. මෙම ග්‍රහ නියෝග පිහිටි ස්‌ථානය හා රාශිය අනුව ශුභ අශුභ ඵල ජන්මියා වෙත ප්‍රදානය කෙරෙයි. එමෙන්ම කේන්දරයක පිහිටි ග්‍රහ බල – දුබලතා අනුවත් ග්‍රහ සංයෝගයන් හී බලය අඩු වැඩි වීම සිදුවෙයි.

එකම රාශියක ග්‍රහයන් දෙදෙනකු සිටියත් ඔවුන් අංශක 28 කට වඩා දුරින් පිහිටා සිටීමෙන් එම ග්‍රහ සංයෝගයේ බලය ජන්මියා හට නොලැබේ. රාශි දෙකක වුවත් අංශක දෙකක්‌ ආසන්නව සිටීමේදී එක රාශියක නොවුවත් එම යෝගයේ ඵලය ජන්මියාට ලබාදෙනු ඇත.

සාමාන්‍යයෙන් එක්‌ ග්‍රහයෙකුට අයත් රශ්මි වළල්ල තුළ තවත් ග්‍රහයෙකු සිටි විටදීත් ග්‍රහ සංයෝගයේ ඵල නිසි අයුරින් ලැබෙනු ඇත. එමෙන්ම රාශි දෙකක වුවත් එකම නැකැතේ ග්‍රහයින් සිටි විට එයද සංයෝගයක්‌ සේ ගණන් ගැනෙයි.

තවදá ග්‍රහ ලොව රජු වූ රවි ග්‍රහයා සමඟ හෝ ගුරු ග්‍රහයා සමඟ වෙනයම් ග්‍රහයෙකු සංයෝග වූ විට රවිගේ හෝ ගුරුගේ බලය අඩු නොවන අතර සංයෝග වන අනිත් ග්‍රහයාගේ බලය හීන වෙයි.

චන්ද්‍රයා හෙවත් සඳු සමඟ හෝ බුධ සමඟ කිසියම් ග්‍රහයෙකු සංයෝaග වූ විට චන්ද්‍රයාගේ හා බුධගේ ගතිගුණ දුර්වල වනු ඇත. එවිට ඔවුන් හා යෝග වූ අන්‍ය ග්‍රහයාගේ බලය ප්‍රකටව පෙන්නුම් කෙරේ.

ගුරු හා ශනි යන ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගයන් හිදී ශනිගේ කුඩුකේඩු ගති අවම කිරීමට ගුරු සමත්වන අතර එහිදී ගුරුගේ ගුණවන්තකම ප්‍රකටව දැකගත හැකිවේ. නමුත් ශනි චන්ද්‍ර සංයෝගයේදී ඊට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌ උදාකරනු ඇත.

සඳු මෙම යෝගයේදී දුර්වල වන අතර, ශනිගේ නිසඟ ගති ලක්‍ෂණ මෙහිදී ඉස්‌මතු වනු ඇත. එවැනි අවස්‌ථාවලදී ශනිට අයිති ලෙඩ දුක්‌, කරදර, හිරිහැර මෙන්ම දේපළ, මිල මුදල් හානි, ස්‌ථාන වෙනස්‌වීම් ආදි දුෂ්ඨ ඵල ප්‍රකටව ජන්මියා වෙත ලබාදෙයි. එහෙත් මෙම ශනි චන්ද්‍ර සංයෝගයේ බලය වනාහි අන් සියලුම ග්‍රහ සංයෝග වලට වඩා වැදගත්ය. එහි ඇති විශේෂත්වය වනුයේ ඡන්මියා තුළ දරාගැනීමේ ශක්‌තිය හා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර වීමය. තෙත මනය රහිත ශනි හා තෙත්ගතිය අධික සඳුගේ සංයෝග වීම ඊට මූලික හේතුව වී ඇත.

කුජ, චන්ද්‍ර සංයෝගය කාන්තාවන්ට නම් යහපත් පිහිටීමක්‌ නොවනු ඇත. නරක ස්‌ථානයක නම් ඉතාම නරක වේ. දූෂිත ක්‍රියාවන් වෙත නැඹුරුතාවයක්‌ දක්‌වන ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයේම හඳහන් වල කුජ, චන්ද්‍ර සංයෝගය දුෂ්ට ස්‌ථානයක්‌ හී පිහිටනු ඇත.

බොහෝ දෙනෙකු හොඳ යෑයි පවසන ගුරු, චන්ද්‍ර සංයෝගයද මුලදී එතරම් ඵල නොදෙන අතර පසුකාලීනව සුභ ඵල උදාකළ අවස්‌ථා දැකගත හැකිවිය. ගුරු හා සඳු යෝගය පිහිටි ස්‌ථානය අනුව ඒ හා සම්බන්ධ දේ ඇතිව කිරීම හෝ නැතිම කිරීම සිදුවන බව තහවුරු වී ඇත. දෙක, හත කටකය වී එහි ගුරු චන්ද්‍ර සංයෝගය පිහිටි කේන්දර කිහිපයකම විවාහය සම්බන්ධව අවුල් ඇති වූ බව අත්දැක තිබේ.

ගුරු චන්ද්‍ර සංයෝගය වඩාත් ශුභ ඵල උදාකරනුයේ දෙදෙනා එකට ළංවූ පමණටය. එබැවින් සංයෝගයක්‌ තිබුණු පමණින් තීන්දුවකට පැමිණීම උගහටය. ඒ සම්බන්ධ කැපවීමකින් පිරික්‌සිය යුතුමය. මන්ද ඒ සම්බන්ධ බැලිය යුතු බොහෝ දේ ඇති බැවිනි.

ගුරු සිකුරු දෙදෙනා සදා වෛරක්‌කාරයන් දෙදෙනකු බව පැරණි ශ්ලෝක වලින් කියවුණද ඔවුන් දෙදෙනා නිකාය දෙකකට අයත් පූජකයන් දෙදෙනකු වැනිය. මොවුන් දෙදෙනාගේ සංයෝගය යෙදුනු ස්‌ථානය සම්බන්ධ දේ ඉතා උසස්‌ ලෙස වැඩිදියුණු වූ අවස්‌ථා පිළිබඳව සටහන් ඇත.

කුජ සිකුරු (ශුක්‍ර) දෙදෙනාගේ සංයෝගය, ස්‌ථානය අනුවත්, රාශිය අනුවත් වේගවත් බවක්‌ පළකරයි. මෙම යෝගය අධික බලවූ කළ පිහිටි ස්‌ථානය අනුව දූෂිත චරිත ඇත්තෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇත. මුත්‍රා රෝග, වකුගඩු රෝග වලට පහසුවෙන්ම ගොදුරු වන්නේ කුජ, ශුක්‍ර සංයෝගය අධි බලැතිව නරක ස්‌ථානයක පිහිටි කලය. එසේම මෙම සංයෝගය යහපත්ව ශුභ ස්‌ථානයක පිහිටීම ඉතා අගනේය. ප්‍රීතිමත් විවාහ ජීවිතයක්‌ ගත කිරීමට මෙම කුජ සිකුරු යෝගයෙන් මහත් පිටුවහලක්‌ ලැබෙන බව අත්දැක තිබේ. ඇත්ත වශයෙන්ම එම සංයෝගය ඉතා වටිනා පිහිටීමකි. (පැරැණි ග්‍රන්ථයක්‌ ඇසුරෙනි)

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments