[ratings]
රාජකීය තනතුරු ලබා දෙන අධියෝගය
චන්ද්‍රයා තැන්පත්ව සිටි ස්‌ථානයේ සිට හය, හත, අට යන තුන් ස්‌ථානයන් හි කිවි (සිකුරු) බුධ, ගුරු යන නෛසර්ගික ශුභයින් පිහිටීමෙන් මෙම බලගතු යෝගය යෙදෙයි.
මෙම අධියෝගයෙන් උපත ලැබූවන් සෞම්‍ය ගුණයෙන් යුත්, දීර්ඝායුෂ භුක්‌ති විඳිනු ලබන්නන් වේ. සොම්නස් හැඟුමින් නිරතුරු කල් ගෙවන මොවුන් සමාජයෙන් බුහුමන් ලබන අතර ප්‍රසිද්ධියට ද පත්වෙති.
පත් ඉරු හි දක්‌වා ඇති ලෙස රාජකීයන්ගේ ගෞරවයට පාත්‍රවන අතර රාජකීය තනතුරු ද හිමිකර ගනුයේ නිරායාසයෙනි. ධන සම්පතට පැහැදිලි උරුමකරුවෝ වෙති.
ධනවතකු බිහිකරන යෝග ත්‍රිත්වය
වීනා, දාම හා මාලා යන යෝග තුන ධනය හා සම්බන්ධ වන ප්‍රබල යෝග තුනකි. රාහු කේතු දෙදෙනා හැර ඉතිරි ග්‍රහයන් හත්දෙනා රාශි හතක වීම “වීනා” යෝගය වේ. ධන සම්පත් නොමඳව ලබා දෙන මෙම යෝගය හේතුවෙන් කලා විෂයන්ට හා සංගීතයට ජන්මියා යොමුකරවන අතර, කාර්ය සංවිධානයේ සුවිශේෂී දක්‍ෂතා මෙවැන්නන් කෙරෙන් දැකගත හැකිවෙයි. මෙය දුර්ලභ ග්‍රහ යෝගයකි.
ඉහතින් කී ලෙස ග්‍රහයන් සත් දෙනා රාශි හයක උපතින් පිහිටියේ නම් එය “දාම” යෝගය ලෙස ජ්‍යෙdතිෂයේ හැඳින්වෙයි. මෙම පිහිටීම තුළින් විශාල ධනවතකු සමාජයට දායාද කරනු ඇතැයි සෘෂිවරු පවසා තිබේ. මෙය ධනවත් භාවය ලැබීමේ කදිම යෝගයකි.
රති සැපත නොඅඩුව ලබාදෙන ඒකාවලී යෝගය
මුතු ඇට පෙළක් එකට ඇමිණුවා සේ, ජන්ම පත්‍රයෙහි රාශියෙන් රාශියට එක් එක් ග්‍රහයා පිළිවෙළින් සිටීම කරණ කොට ගෙන “ඒකාවලී” නමැති බල සම්පන්න යෝගය පැන නගී.
මෙය ලෞකික සැප සම්පත් නොඅඩුව ලබාදෙන බලවත් ග්‍රහ පිහිටීමකි. මෙම යෝගයේ අනුභාවයෙන් විද්‍යා හා කලා ශිල්පයන්හි මනා නිපුනත්වයක් ඇතිකෙරේ.
සියලු රජුන්ගේ මිණි කිරුලේ පළඳවන මාණික්‍යයකට මෙම “ඒකාවලී” යෝගයෙන් උපන් තැනැත්තා සමාන කළ හැකිය. ඔහු සියලු ලෞකික සැප සම්පත් ලැබීමේ උරුම හිමිකම් ඇත්තෙකි. මෙම යෝගය වනාහී විශේෂයෙන් රති සැපත නොඅඩුව ලබාදෙන ග්‍රහ පිහිටීමක් බව පත් ඉරුහි දක්‌වා ඇත.
ජනප්‍රියත්වය ලබාදෙන ශාරද යෝගය
බුද ග්‍රහයා කේන්ද්‍රගතව, රවි සිංහයේ පිහිටි විටදී දසවැන්නාධිපතියා පස්‌වැන්නේ සිටියේ නම් එය ශාරද යෝගය වේ.
ස්‌වකීය දියුණුව පතා කරන වැඩකටයුතු සාර්ථක වී දියුණුවට පත්වීම අනිවාර්යයෙන් සිදුවේ. උසස් අය හා ඇසුරට පත්වන පිහිටීමක් ලෙස මෙම යෝගය හැඳින්විය හැකිය.
සියලු සැප සම්පත් භුක්‌ති විඳීමට ලැබෙන අතර ජන්මියාට ජනප්‍රියත්වය ලබාදෙන හොඳම යෝගය ලෙස මෙම ශාරද යෝගය පෙන්වා දිය හැකිය.
සැප සම්පත් ලබාදෙන ශ්‍රී භාෂ්කර යෝගය
රචි ග්‍රහයාගෙන් දෙවැන්නේ බුධ ද, බුධගෙන් එකොළොස් වැන්නේ චන්ද්‍රයා ද, පස්‌වැන්නේ හෝ නවවැන්නේ ගුරුද පිහිටීමෙන් ශ්‍රී භාෂ්කර යෝගය උදාවෙයි. ලෞකික සැප සම්පතින් ජන්මියා ආඪ්‍ය කරවන ග්‍රහ පිහිටීමක් ලෙස මෙම යෝගය හැඳින්විය හැක.
හදිසි ධන ලාභ ලබා දෙන
හරීහර බ්‍රහ්ම යෝගය
දෙවැන්නාධිපති සිටි තැනින් අටේ හෝ දොළහේ ශුභ ග්‍රහයන් සිටීද, ගුරු, සඳු හෝ බුධ හත්වැන්නාධිපති සිටි තැනින් හතරේ, නවයේ හෝ අටේ සිටීද රවි, කුජ, සිකුරු ලග්නාධිපති සිටි තැනින් හතරේ දහයේ හෝ එකොළහේ සිටීද එය හරී හර බ්‍රහ්ම යෝගය වෙයි.
මෙම යෝගය ලෞකික දියුණුවට ඉවහල් වන ප්‍රධාන පෙළේ ග්‍රහ යෝගයකි. තමන්ට එරෙහිව එන සතුරු බලවේගයක් හිරු දුටු පිනි බිඳුවක් මෙන් විනාශ කරවීමට තරම් බලයක් මෙහි අඩංගු වී ඇත.
අන්‍යයන් වසඟ කරවන වාග් ශක්‌තියක් ලබා දෙන අතර මනා කථිකත්වයක්‌ද පිහිටනු ඇත. හදිසි ධන ලාභ හිමි කරවන ප්‍රබල ග්‍රහ සංයෝගයක් වන මෙම යෝග බලයෙන් ජන්මියාට ලෞකික සැපසම්පතින් ආඪ්‍ය කරවන බව සෘෂිවරු පෙන්වා දී ඇත.
තියුණු ඥන ශක්‌තියක් ලබාදෙන
වරින්චි යෝගය
ගුරු ග්‍රහයා, පස්‌වැන්නාධිපතියා, සහ සෙනසුරු (ශනි) කේන්ද්‍රස්‌ථානවල හෝ ත්‍රිකෝණ ස්‌ථානවල මිත්‍ර, ස්‌වක්‌ෂේත්‍ර හෝ උච්ච රාශිවල සිටීම තුළින් වරින්චි යෝගය නිර්මාණය වෙයි.
මෙම යෝගයෙන් උපන්නන් සියලු ශිල්ප ශාස්‌ත්‍රයන්ගෙන් දියුණුව ලබනු ඇත. එමෙන්ම සැප, ධන, කීර්තිය නොමඳව ලබන තියුණු ඥන ශක්‌තියකින් හෙබියාවු ගුණවත්, වාසනාවන්තයකු වීම නොවැළැක්‌විය හැක්‌කකි.
පාලකයන් හා බලවතුන් ඇසුරට
ලැබෙන මෘදංග යෝගය
ජන්ම පත්‍රයක එක් ග්‍රහයකු හෝ උච්චව සිටියදී එම උච්ච ග්‍රහයා තැන්පත් නවාංශකාධිපතියා කේන්ද්‍රස්‌ථානයක හෝ ත්‍රිකෝණස්‌ථානයක ස්‌වක්‌ෂේත්‍රව හෝ උච්චව පිහිටා තිබියදී ලග්නාධිපති ග්‍රහයාද බලසම්පන්නව සිටීමෙන් මෘදංග යෝගය පැන නැගෙයි.
මනා පෙනුමැති දේහ ධාරියකු මින් බිහි කරන අතර පාලකයන් හා වෙනත් බලවතුන් ඇසුරු කරන්නකු වෙයි. ඉමහත් කීර්තියටත්, ප්‍රසිද්ධියටත් නොඅනුමානව එක්‌වෙයි. සැපවත් ජීවිතයක් ගත කරන මෙම ජන්මීන් ස්‌වාධීන චින්තනයෙන් යුක්‌ත වූවන් වෙති. බොහෝ බලපුළුවන්කාර කමින් කාලය ගෙවන අයගේ ජන්ම පත් හි මෘදංග යෝගය” දැකගත හැකිය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here	

