[ratings]
මේ ලොව ඉපදෙන යම් පුරුෂයෙක් වේද ස්ත්‍රියක් වේද ඔවුන් පෙර සසරේ පුරුදු පුහුණු කළ කර්ම ශක්තිය මෙලොවට දායක කොට පැමිණ ඇත. එම කර්ම හේතු කොට ගෙන මෙලොව දියුණුවත් පරිහානියත් ඔවුන් මෙලොව එළිය දකින විට දෛවයේ සනිටුහන් කරනු ඇත. ඉන් බේරීමට බොහෝ දෙනකුට සිදු වන්නේ ඔවුන් විසින් ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ප්‍රතිපදාව අරමුණ කරගෙනය. ඊට මූලිකව බලපාන සාධක වශයෙන් ගත්කල දාන ශීල භාවනා ශීල සමාධි ප්‍රඥා කුසල් බල හේතුවේ. මෙවැනි කුසල් බල වැඩීම තුළින් යම් අයකුගේ ජීවිතය නිසි මාවතකට යොමු කර ගත හැකි ආකාරයන් සම්බන්ධව ලොවතුරු බුදු පියාණන් වහන්සේ යම් දේවතාවුන් වහන්සේලා අරඹයා පැහැදිලි කළ සේක.
පරාභවන්තං පුරිසං – පිරිහෙන කෙනා කවරෙක්ද යන්න විමසා ඇත.
සුවිජානෝ භවං හෝති – සුවිජානෝ පරාභවෝ
ධම්මකාමෝ භවං හෝති – ධම්මදෙස්සී පරාභවෝ
හැදෙන වැඩෙන නිසි මාර්ගයට එන තැනැත්තා දියුණු වන කෙනා දැන ගැනීමට පහසුය. පිරිහෙන කෙනා පහසුවෙන් දත හැකිය. දස කුසළ යෙදෙන තැනැත්තා දියුණුවන අතර ඊට පිළිකුල් කරන කෙනා පිරිහෙන වග ඉහත ධර්ම පාඨයෙන් අදහස් වේ. යම් පුද්ගලයකු මෙලොව පිරිහෙන පැත්තට නැඹුරුව සිටින බව තේරුම් ගැනීමට නිසි අවබෝධයක් අවශ්‍ය වේ. ඊට ලොව පවතින විශ්ව ශක්තිය ගැන විශ්වාසයක් ඔහු තුළ පවත්වා ගැනීම වැදගත් වේ. එමඟින් අප මෙලොවට පැමිණෙන විට රැගෙන ආ සකළ විධ පුණ්‍ය මහිමය කෙනෙකු යහපත් මාර්ගයට යොමු කරනු ඇත. ජ්‍යෙdතිෂ්‍ය න්‍යායන්ට අනුකූලව ගත්ත ද කෙනෙකුගේ හඳහන පරීක්ෂා කර එම අයගේ පිරිහෙන ස්වභාවයත් දියුණුවන ස්වභාවයත් ජ්‍යෙdතිෂ්‍ය ශාස්ත්‍රඥයන්ට පෙන්වා දිය හැකිය. කෙනෙකුගේ භෞතික දියුණුව ලෞකික වශයෙන්ද – ප්‍රතිපත්තිමය දියුණුව ආධ්‍යාත්මික වශයෙන් ද විග්රහ කළ හැකිය. මෙහිදී ප්‍රතිපත්ති යනුවෙන් අදහස් කරනුයේ ආමිස හා ප්‍රතිපත්ති පූජා විධි ක්‍රමයයි.
නැකත් කාරණාවලට අනුව ජ්‍යෙdතිෂ්යයේදී කුජ සිකුරු සඳු බුද රවි සහ රාහුට පුරුෂ කේන්ද්‍රයක යම් බලවේගයක් ඇති කළ හැකිය. උපතින්ම බෞද්ධ වන සමාජයක හා අබෞද්ධ සමාජයට මෙය මනා ලෙස යෝග්‍ය වේ. බුදු දහමට අනුව පංච ශීල ප්‍රතිපදාව අප සමාජයේ කෙනෙකු සමාජයේ දැහැමියකු කරවන්නට උපකාර වන කුඩාම ආරක්ෂිත පවුරයි. මෙමගින් ප්‍රකාශ වන කුසල අකුසල ස්වාභාවය එය පිළිපදින හා පිළිනොපදින තරාතිරම මත වෙනස් වේ. මෙහිදී අප අදහස් කරනුයේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරුකීම, සුරාපානය යන ශික්ෂාවන්ය. ඒ අතරින් මෙම විග්රහයේදී ඔබට පෙන්වා දීමට වීර්ය ගනු ලබන්නේ කාම මිථ්යාචාරිය හැසිරීම් නිසා ඔබ දෝෂ දර්ශනයට හා පිළිකුලට පත්වන ආකාරයයි.
යම් පුරුෂ කේන්ද්‍රයක රවි හය වැන්නේ සිටීමෙන් ඔහු කාමයට බලවත් ආශාවක් ඇති බව පැහැදිලිවේ. ලෞකික සැපයට රවි එතරම් සුබදායක නැඹුරුවක් නැතත් රවිගේ ශක්තිය නිසා කිසියම් බලපෑමක් සිදුවනු ඇත. බොහෝ විට රවිට චන්ද්‍ර කුජ මිතුරු ග්‍රහයන් නිසාත් බුද සම ග්‍රහයකු නිසාත් ඔවුන්ගේ දෘෂ්ටිය වැටෙන රාශීන් වල රැඳීසිටීමෙන් එහි ස්වභාව වෙනස් හා වේගවත් බව සිදුවීමට ඉඩ ඇත.
තවද ජ්‍යෙdතිෂයේදී ග්‍රහ තාරකාවක් නොවන රාහුට හිමිවනුයේ විශේෂ ස්ථානයකි. ග්‍රහලොව සීයා නමින් නම් පටබැඳුනත් රාහුට යොවුන් තරුණයකු හා සමාන කාම රාග සිතිවිලි උපදවා දිය හැකිය. ග්‍රහයකු නොවන ශක්ති ප්‍රභවයන් පමණ වන්නා වූ රාහුගේ ස්වභාවය ක්‍රියාවලිය වේගවත් කිරීම, අමුතු අමුතු රසයන් උත්පාදනය කිරීමය. එම නිසා රාහු නොදැනුවත්ම යම් අයකුගේ කේන්ද්‍රයේ 7 වැන්නේ තැන්පත්වීමෙන් සිදුවනුයේ විවාගත ස්ථානයේ බාධක ඇති කරවීම බව උපකල්පනය කෙරේ. එම ස්ථානයේ බාධක ඇතිකරන්නේa යෑයි අදහස් කරනුයේ අඹුසැමි මතවාද මත ගැටුම් ඇතිවීමය. එහිදී එම කරුණුවලට මුල් වන සිද්ධීන් වනුයේ වැරදි කාමමිත්‍යාචාරය ලෙස පෙන්වා දිය හැකි අවස්ථාද ඇත.
එසේම කුජ ග්‍රහයාගේ ස්වභාවයද කෙනෙකුගේ කාමුක ස්වභාවය වේගවත් කිරීමටත් එය වෙනත් පැතිකඩ සඳහා පරිවර්තනය කිරීමටත් ඔහු සමත් වේ. කුජ ලේ ධාතුවට අධිපති ග්‍රහයා නිසා සිත ක්‍රියාත්මක වීමේදී ලේ ධාතුවට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එබැවින් ලේ ධාතුවේ ඇති ශක්තිය විශේෂයෙන් පුරුෂයන්ගේ කාමුක සිතිවිලි වලට ප්‍රධාන වේ. කුජ ග්‍රහයා කේන්ද්‍රයක පස් වැන්නේ සිටීමද හත් වැන්නේ සිටීමද කාම සිතිවිලි වලින් බරිතවීමට පුළුවන. කේන්ද්‍රයක හත අධිපතියා හතෙහි සිටීමද රාගික සිතුවිලි ඉපදවීමට මුල් වේ. මේ හැම ග්‍රහයකුගේම ස්වරූපය තවත් ග්‍රහ තාරකාවක් නිසා වේගවත් වන්නටත් නොවන්නටත් ඉඩ ඇති බවද එම අවස්ථා පරීක්ෂා කිරීමෙන් දත හැකිය.
කුජ සිකුරුගෙන් දුර්වල වී නම් රාගික හා තම ධනය ශක්තිය රතියේ ස්පර්ශය වෙනුවෙන් වැය වන හා ස්ත්‍රීන් සැපයට ලොල් වූ අවකල්ක්‍රියාවෙන් පිරිනු අයකු වනු ඇත. තවද බුද ලග්නයේ හෝ දස වැන්නේ සිටියදී අශුභ දෘෂ්ටියක් ලද හොත් ඉහත අරමුණු කථාවලට යොමුවනු ඇත. රවි චන්ද්‍ර කුජ සිකුරු ග්‍රහ යෝගයද දෘෂ්ටි වැටීමද දුෂ්චරිත ඇති කර ගැනීමට සිදුවනු ඇත. රවි, බුද, කුජ, සිකුරු නරකට සිටියහොත්ද පරදාර සේවනයට ලොල් වූ පාපකාරී ක්‍රියා වලින් පිරුණු හෙයින් පව් කරන අයකු වනු ඇත. තවද බුද සිකුරු ශනිද පරදාරාවන් සොයා දුවන චරිතයක් වනු ඇත.
මේ අතර කුජ බුද සිකුරු යෝගය නිසා බොරුකරන අවකල්ක්රියාවලින් පිරුණු දුෂ්චරිතයට බැඳුණු රහස් ප්‍රදේශයේ පැතිරෙන රෝගවලින් පෙළෙන අයකු වීමට ඉඩ තිබේ. එම ග්‍රහයන්ගේ මහදශාවලත් අතුරු දශාවලත් ඉහත සඳහන් අවස්ථා ප්‍රබල විය හැකිය.
ඉහත සඳහන් දහම් පාඨයන්ගේ ප්‍රබල අර්ථය දෙස බැලීමෙන් පැහැදිලි වන කාරණා රැසකි. “ඉත්ථියුත්තෝ සුරා ධුත්තෝ – අක්ඛධුත්තෝ ච යෝ නරෝ – ලද්ධාලදධං විනාසේති”
යම් අයකු ස්ත්රීන්ට ලොල්වූවෝද, මත්පැනට ලොල් වූවෝද, සූදුවට ලොල් වූවෝද එමගින් තමා ලද ධනය යස ඉසුරු විනාශයට පත්වේ යන්න එමගින් අදහස් කෙරේ. බුද සිකුරු කුජ ස්වභාවය සඳුගේ දෘෂ්ටිය නිසා ඉහත කී කාරණාවලට යමකු භාජනය වන බව ජ්‍යෙdතිෂයේදී නිගමනය වනු ඇත. තවද ” සේහි දාරේහි සන්තුට්ඨෝ – වේසියාසු පදිස්සති – දිස්සනි පරදාරේසු”
යම් අයකු තම බිරිඳගෙන් සෑහීමකට පත් නොවී වෙසඟනන් කරා යයිද පරස්ත්‍රී සේවනය කරයිද එම අයද පිරිහීමට ලක්වන බව සඳහන් වේ. ඒ සඳහා චන්ද්‍ර, කුජ, සිකුරුගේ යෝගය අයහපත් ස්ථානයක පැවතීමද හේතුවේ.
මේ අතර චන්ද්‍ර බුද සිකුරු යෝග කාරකය අවකල්ක්‍රියාව බොහෝ සේ බලපාන අතර බුදු දහමේ මෙම ස්වභාවය අතීත “යොබ්බනෝ ජෝසෝ – ආනේ නිම්බරුත්ථතිං
තස්සා ඉස්සාන සුපති යන්නේ දේශනාවේ. මෙම ග්‍රහ යෝගය ඇති අය වයසින් බොහෝ ඉක්ම ගිය සැට වස පිරුණු අයකු නාඹර තරුණ ස්ත්‍රියක ආවාහ කරගෙන සොරුන්ගෙන් ඇය ආරක්ෂා කිරීමට වෙහෙසීම තමාගේ විනාශයට හේතුවන බව සඳහන් කළ හැකිය.
කෙසේ වෙතත් කේන්ද්‍රයක ලග්නාධිපති එම ස්ථානයේ සිටින විට තමාට තමා පාලනය කළ හැකි ස්වභාවයක් ඇතිවෙනු ඇත. ස්වයං ඥනය ඒ සඳහා උපදවා ගත හැකිය. තවද දෙවැන්නාධිපති පස් වැනි ස්ථානයේ සිටින විට ස්වකීය බිරිඳට දරුවන්ට ලැදිව තම පවුල සුරකින අයකු වන බවද සඳහන් වේ. තවද හඳහනක හතර අධිපති පහේ සිටීමෙන් සමානාත්මතාවෙන් බිරිඳට සලකන ඔවදන් දෙන බවත් පස්වැන්න අධිපති පහේ සිටීමෙන් අවකල් ක්‍රියාවෙන් මිදුණු තම චරිතය ආරක්ෂා කරන අයකු වන බවද විග්රහ වේ.
මෙම විග්රහයන් වෙත ඔබේ අවධානය යොමු කර තමාගේ ස්වභාවය පිළිබඳ යමක් අවබෝධ කර ගැනීමට මෙය විග්‍රහය ඔබට අතැඹුලක් වනු ඇත. ජ්‍යෙdතිෂ්යයෙන් කුමන විග්‍රහයක් කර තිබුණත් මනුෂ්‍යත්වය ලැබූ අප සිතිය යුත්තේ උසස් මනසක් දායක කොට තිබෙන බවයි. එම මනසින් ලොව උසස්ම ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ දැරීම ඉතාම අගනේය. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අපමණ වෙහෙසකින් විසි අසංෙඛ්යයක් දුර ගෙවා සකළ සත්වයන් වෙනුවෙන් වෙහෙස වී අවබෝධ කොටගත් ධර්මය උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙන් අවබෝධ කර ගැනීමට වෙහෙසවීම සුදුසුය. පංච ශීල ප්‍රතිපදාවේ සුරාමේරය ශික්ෂාව හා කාමේසුමිච්චාචාරා ශික්ෂාවන් පිළිපැදීමෙන් බොහෝ වැරදි ද්වාර වසා තැබිය හැකිය. නරකය අවීචිය තිරිසන් යෝනියෙහි දුක්විඳින සත්වයා අනන්ත අප්‍රමාණය. එවන් තත්ත්වයට පත් නොවී මෙලොව දියුණුවත් පරලොව දියුණුවත් ඇති කර ගැනීම සෑම බෞද්ධයකුගේම යුතුකමයි.
මිථ්‍යාදෘෂ්ටියෙන් මිදී දස කුසල් රැස්කර ඒවා අනුගමනය කරන සත්පුරුෂ ඇසුර ප්‍රියකරන සන්සුන් ඉන්ද්‍රියන් ඇති බුද්ධාදී සත්පුරුෂයන් ප්‍රියකරන සත්පුරුෂ ඉගැන්වීම්වලට ගෞරව කරන යහපත් පුරුෂයෙක් වීමට සැවොම උත්සුක විය යුත්තේය.
ඉතාම කෙටියෙන් පරාභවයට හේතුවන කරුණු කීපයක් නැකත් තරුවල ස්වභාවය මත සිදුවන බව කර්මඵල විශ්වයට පෙර ජ්‍යෙdතිෂයන් පෙන්වා දී ඇත. එනමුත් අප කරන කියන දෑ පෙරටු කොට ඉදිරියට ගෙනෙන “ෙච්තනාහං භික්කවේ කම්මං වදාමි” යන බුද්ධාර්ථයෙන් සනාථ වනුයේ කර්මය නිසා ඊට ආවේනික කර්මවල ඇතිවන බවය. එබැවින් ඉහත කරුණු නුවණින් සලකා බලා දුෂ්චරිතයෙන් වැලකෙන ආර්ය දර්ශනයෙන් යුත් තැනැත්තෙක් වීම සැනසිල්ලේ ජීවත්වීමට උපකාරී වේ.
We found this article from Divaina on 2012/01/13.
Also Sinhala to English Google word to word translation can be found here