Friday, September 12, 2025
Homesiදෛව අංකයට අනුව ඔබගේ තොරතුරු

දෛව අංකයට අනුව ඔබගේ තොරතුරු

[ratings]

උපන් දිනය අනුව ඔබගේ දෛව අංකය සොයා ගත හැකිය. උදාහරණයක්‌ ලෙස 1980 – 09 – 12 උපන් පුද්ගලකු යෑයි සැලකුවොත් දෛව අංකය වන්නේ මෙසේය.

(1Ý9Ý8Ý0) Ý (0Ý9) Ý (1Ý2)

18 Ý 9 Ý 3

} 30 } 3

ඒ අනුව දෛව අංකය 03 වේ.

දෛව අංකය අනුව පුද්ගලයන්ගේ තොරතුරු පහත දැක්‌විය හැක.

දෛව අංක 1 – මූලිකත්වය

අංක 01 හිමි පුද්ගලයන් මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙකි. ඉතා පිරිසිදු නිදහස්‌ සිතුවිලි වලින් යුත්තය. ඉතා පැහැදිලි දර්ශනයකට හිමිකම් කියයි. ඕනෑම පිරිසක්‌ අතර නායකත්වය දැරීමට හැකිය. තනි තීරණ ගැනීමට ප්‍රියතාවක්‌ දක්‌වයි. තම අදහස්‌ ක්‍රියාවට නැංවීමෙන් ජීවිතය සාර්ථකත්වයට පත්කර ගනියි. මොවුන් ආත්මාර්ථකාමී සිතුවිලි වලින් යුක්‌තය.

දෛව අංකය 02 – සෞන්දර්යට මුල්තැන

අංක 02 හිමි පුද්ගලයන් කතුන් ප්‍රියකරන දේවල්වලට ප්‍රියකරයි. මල් වැවීම, ගෘහ අලංකාර, ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් අතර ප්‍රධාන තැනත් ගනියි. සාමය, නිවාස, පවුල, ආදරයට විශේෂ තැනක්‌ දෙයි. අනුන්ගේ කරදර වලදී දුකට පත්වන ගතිය ඉතාමත්ම අධිකය. අන් පුද්ගලයන්ට සමීප වීමේ අවදානම වැඩිය.

දෛව අංක 3 – සංවේදිත්වය

අංක 3 දැක්‌වෙන පුද්ගලයන් චාම්ගති ගුණයෙන් යුක්‌තය. සාර්ථකව ඕනෑම ප්‍රශ්නවලදී මුහුණදීමට හැකියාව ඇත. අංක 3 හිමි පුද්ගලයන් නිර්මාණාත්මක හැකියාවලින් යුක්‌තය. දේශන පැවැත්වීමට දක්‍ෂය. මෙම පුද්ගලයන් රංගනය, ගායනය, නර්තනය, සංගීතයට යන වෘත්තීන් වල නියෑළේ. සුබවාදිව දැක්‌මක්‌ තිබේ.

දෛව අංක 04 – නායකත්වය

අංක 04 න් හිමි පුද්ගලයන් ප්‍රබල අධිෂ්ඨානශීලි බවක්‌ පෙන්නුම් කරයි. සමාජයේ නායකත්වය උසුලයි. එයට මූලිකත්වයක්‌ යොමුකරයි. විවෘතව අදහස්‌ ක්‍රියාත්මක කරයි. තමාගේ ගමනට බාධා පැමිණෙන අවස්‌ථාවලදී දබර කර ගනියි. ජීවිත කාලය තුළදී විවිධ ප්‍රශ්නවලට මූණපාන්නට සිදුවේ. ආදායම් තත්ත්වය යහපත්ය. අලුත් අත්දැකීම් ලැබීමට ප්‍රියයි. මෙම පුද්ගලයන් එක්‌ දෙයකට සිත යොමු කිරීමට අසීරු කාර්යයක්‌ ලෙස සලකයි.

දෛව අංක 05 – ක්‍ෂණිකව වෙනස්‌වීම්

දෛව අංක 05 හිමි පුද්ගලයන් දස්‌කම් පාන්නේ මහජන සම්බන්ධතා ඇති සංචාරක වෙළෙඳ සේවක නිර්මාණ ශිල්පී දේශ ශවේෂණ හා සංනිවේදන අංශයන්ටය. උසස්‌ සිතුවිලි පිහිටයි. කථාවෙන් සියල්ල ජයගනියි. අන්‍යයන්ට වංචා කිරීමද මොවුන්ගේ අතින් සිදුවේ. තමන්ගේ කථාවෙන්ම එය ප්‍රයෝජනයට ගනියි. මෙම පුද්ගලයන් ලිංගිකත්වය පිළිබඳව වැඩිපුර උනන්දුවක්‌ දක්‌වයි.

දෛව අංක 06 – ප්‍රේමණීය බව

දෛව අංක 06 හිමි පුද්ගලයන් සාමකාමි සුන්දර ජීවිතයකට ප්‍රිය කරනු ලැබේ. ඔවුන්ගේ යෝජනා වලට ගැලපෙන පුද්ගලයන් ඇසුරට ප්‍රිය කරයි. කලාකාමී සිත් ඇති අය වෙති. ඕනෑම වගකීමක්‌ භාරගෙන සාර්ථකව නිම කරයි. කලාත්මක දේවල් නිර්මාණය කිරීමට හැකියාව ඇත. තම පරිසර නිර්මාණ අලංකාරව තබාගැනීමට ප්‍රිය කරයි. මෙම අංකය හිමි පුද්ගලයන් දික්‌කසාද වීමක්‌ පෙන්නුම් කරනු ලබයි. ආදරය විඳීමට අනවශ්‍ය ලෙස ප්‍රිය කරයි. අන්‍යයන්ගේ සිත් දැනගැනීමට දක්‍ෂය.

දෛව අංක 07 – දැනුම

දෛව අංක 07 හිමි පුද්ගලයන් ශක්‌තිවන්තය. තමන්ගේ අවශ්‍යතා කෙසේ හෝ ඉටුකරගනියි. මෙම අයගේ විශේෂ ලක්‍ෂණයක්‌ වන්නේ ආදරය ගුප්ත බවය. අන් අයට නොදැනෙන ආකාරයට ආදර සම්බන්ධතා ඇති කරගනියි. මෙම පුද්ගලයන් ලැ-ජාශීලී බව පෙන්වයි. දෛව අංක 07 පවතින පුද්ගලයෝ පසුකාලයේදී දීප්තිමත් තත්ත්වයට පත්වෙයි.

දෛව අංක 08 – ආත්මාර්ථකාමිත්වය

තම කටයුතු ඉතා සෙමින් ඉටුකිරීම දෛව අංක 08 හිමි පුද්ගලයන්ගේ විශේෂ දක්‍ෂතාවක්‌ වෙයි. නමුත් තමාගේ කටයුතු සාර්ථකව ඉටු කරගනියි. වැඩිපුර ව්‍යාපාර වල යෙදීම ප්‍රියකරයි. ඕනෑම වගකීමක්‌ දැරීමට මෙම පුද්ගලයන්ට හැකිය. බැලූ බැල්මට අලස වුවත් උද්යෝගිමත් පුද්ගලයන්ය. තම ජයග්‍රහණය ලැබෙන තෙක්‌ම නිහඬව සටන් කරයි. බොහෝසේ රහසිගතය. ඔවුන්ගේ ළඟින් හෝ සමීපව සිටින පුද්ගලයන්ටද තේරුම් ගැනීමටද අපහසුය. ඕනෑම දෙයක වටිනාකම ගණනය කරති.

දෛව අංක 09 – සටන්කාමිත්වය

දෛව අංක 09 හිමි පුද්ගලයන් ශක්‌තිවන්තය. අනුන්ගේ සිත් රිදවීමට දක්‍ෂයෝය. තම විරුද්ධවාදීන් දකින්නේ කරදරකාරයන් ලෙසය. අකාරුණික පුද්ගලයන් වෙති. අන්‍යන්ගේ කටයුතුවලට ඇඟිලි ගසයි. සෑම දෙයක්‌ම අධ්‍යයනය කිරීමට දක්‍ෂයෝ වෙති. මෙම පුද්ගලයන් මුදල් කෙරෙහි උනන්දුවක්‌ නොදක්‌වති.

We found this article from Divaina on 2012/03/03.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments