Saturday, November 1, 2025
Homesiමේ දිනයෙන් මේ මොහොතින් අලූත් ඇඳුම් අඳිනු සතොසින්

මේ දිනයෙන් මේ මොහොතින් අලූත් ඇඳුම් අඳිනු සතොසින්

[ratings]

රිවිදින නව වස්‌ත්‍ර ඇඳීමෙන් ඇඳුම් ඉක්‌මණින් දිරායන හෝ ඉරී යනු ඇත.

සඳුදා දින වන වස්‌ත්‍ර ඇඳීමේ දී ඒ ඇඳුම් තෙමෙනු ඇත.

කුජ දින නව වස්‌ත්‍ර ඇඳීමේදී ඒ ඇඳුම් ඉක්‌මණින් විනාශවේ.

ශනි දිනවල වන වස්‌ත්‍ර ඇඳීමේදී එම රෙදිවල නවතාවය ඉතා ඉක්‌මණින් සායම් යැම සහ තත්ත්වය බාලවෙනු ඇත.

බුද සහ ශුක්‍ර සහ ගුරුදින යන්වල නව වස්‌ත්‍ර අඳීමෙන් දිගුකල් පැවැත්ම ඇතිවේ.

ජලවක නවවක තුදුස්‌වක පෑළවිය යන දොළොස්‌වක සැටවක යන නිති වලින් හා විෂ්ධි කරනය ද හැර ශුක්‌ල පක්‍ෂයේ අනෙකැන් නිති අළුත් වස්‌ත්‍ර දැරීමට ශුභවේ.

මේෂ සිංහ වෘශ්චික ධනු මකර යන රාෂි නැතිව අනෙක්‌ රාෂි නව වස්‌ත්‍ර ඇඳීමට ශුභයි. එනම් වෘෂභ කන්‍ය තුලා කුම්භ මිථුන කටක මීන යන රාෂි 7 වන වස්‌ත්‍ර දැරීමට ශුභයි.

තුන්වැන්න හයවැන්නේ සහ එකොළොස්‌ වැන්න යන රාෂිවලට ගිය පාපයන්ද කේන්ද්‍ර ත්‍රිකෝණ වලට ගිය සෞම්‍යන්ද ශුභඵල දායකව නව වස්‌ත්‍ර ඇඳීමට සුදුසුය.

චන්ද්‍රයා 12 හෝ 8 යන ස්‌ථාකයක නොසිට සෙසු ස්‌ථානයක සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌ව සිටි අවස්‌ථාවක නව වස්‌ත්‍ර ඇඳීමට සුබය.

වස්‌ත්‍රයක්‌ අඳිනවිටදී විවාහ මංගල්‍යයට හෝ රාජසම්මානයක්‌ ලැබීමට හෝ වෙනත් විශේෂිත වූ උත්සවයකට අඳින විටදී මේ දේවල් ගැන සැලකිළිමත් නොවිය යුතුය.

වස්‌ත්‍රයක්‌ සමාන කොටස්‌ 9 කට බෙදයි

දේව රාක දේව

මනුෂ්‍ය රාක්‌ෂ මනුෂ්‍ය

දේව රාක්‌ෂ දේව

මෙසේ සමාන කොටස්‌ 9 මේ ආකාරයට බෙදා වෙන්කර ඇත. මෙසේ ශය නාසන පාවහන් සහ අනෙකුත් සියලුම වස්‌ත්‍ර කොටස්‌ නවයට බෙදනු ලැබේ. මනුස්‌සයන්ට හිමි කොටස්‌ 2ක්‌ පමණි.

මෙය මෙසේ බෙදන්නේ නව වස්‌ත්‍රයක මඩ හෝ කුණු තැවරීම ද ඉරීයැමද හෝ පිපිරී යැම වැනි දේ සිදුවූ විටදී එයින් වස්‌ත්‍ර හිමියාට සිදු වන්නේ කුමක්‌දැයි පැවසීම සඳහාය.

අලුත් වස්‌ත්‍රයක්‌ නම් පූර්ණ ප්‍රතිඵලයද තරමක්‌ පාවිච්චි කළ වස්‌ත්‍රයක්‌ නම් මධ්‍යම ප්‍රතිඵලද, පැරණි වස්‌ත්‍රයක්‌නම් එහි ප්‍රතිඵලය නැත.

මනුෂ්‍යයන්ට හිමි කොටසට ඉහත ආකාරයේ හානියක්‌ වීනම් පුත්‍ර ලාභ හා තේජස්‌ ඇතිවේ.

දෙවියන්ට හිමි කොටසට එනම් සතර කොණට ඉහත ආකාරයේ උපද්‍රවයන් ඇති වූ විටදී භොග වෘධිය ඇතිවේ. වෙනත් කොටසක අවසන් කෙළවර උපදායක්‌ වීම නුසුදුසුය.

රාක්‍ෂයන්ට හිමි කොටසේ ඉහත ආකාරයේ උපද්‍රව වූ විටදී රෝග පීඩා හෝ මරණය පවා සිදුවේ.

මෙසේ වුවද මංගල ලකුණු ආකාරයෙන් ඉහත උපද්‍රව සිදුවූ විටදී එය රාක්‍ෂ කොටසට වුවද පුද්ගලයාට ඉක්‌මණින් වාසනාව ගෙනදේ. එම මංගල ලකුණු නම් කොඩි සේසත් ස්‌වස්‌තික, ගස පුන්කලස, නෙළුම් මල, තොරණ යන ලකුණුය.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments