Saturday, November 1, 2025
Homesiසිද්ධාන්ත සංහිතා සහ හෝරා

සිද්ධාන්ත සංහිතා සහ හෝරා

[ratings]

ග්‍රහ ගමන් උදා. වක්‍ර, අනුවක්‍ර නිවෘති, අස්‌ථ, ග්‍රහණ, යුද්ධ, වර්ෂ, ඝෘතු, මාස, සති, දින, පැය, මිනිත්තු, තත්පර ආදී කාල නියමයන් සහිත ගණිතමය කොටස සිද්ධාන්ත ගණයට වැටේ.

මිනිසාගේ උපතේ සිට මරණය දක්‌වා තම තමන්ගේ කුසල ලා කුසල කර්මයන්ට අනුව සිදුවන ප්‍රතිපල කොටස සංහිතා ගණයට වැටේ සංහිතා ස්‌කන්ධය විශාලම කොටසයි. ග්‍රහ පිහිටීම් අනුව පලාපල ප්‍රකාශ කිරීම, යෝග කාණ්‌ඩය මෙයට අයත් වේ. භූගෝල විද්‍යාවත්, තාරකා විද්‍යාවත් ගණිත විද්‍යාවත් උපයෝගී කර ගෙන සංහිතා කාණ්‌ඩය ගොඩනඟා ඇත. වෙනත් විද්‍යාවන්වලදී හේතුව හා ඵලය එකිනෙකට ඔප්පු කළ හැකි නමුත් ජ්‍යෙdතිෂයේදී ප්‍රතිඵලය ගැන පෙනෙනවා විනා හේතුව අපගේ පියවි ඇසට හෝ විද්‍යා උපකරණවලට අසු නොවේ. එහි සැඟවුණු දෙයක්‌ ඇත. මේ ගුප්ත කොටස සංහිතාවට වැටේ ග්‍රහ ගමනේ අංශක කලා විකලා අනුව නිවැරැදි තීරණයකට එළඹීම නිදසුනක්‌ හැටියට දැක්‌විය හැකිය. එය අධ්‍යාත්මික බලයකි. කමටහනකි. මේ ගුප්ත විද්‍යාව පිළිබඳව මුළුමනින්ම නොදැන කමටහනක්‌ නොලද පුද්ගලයා, දෛවඥයකු හෝ ජ්‍යෙdතිර්විද්‍යා, විශාරදයකු නොවේ. ජ්‍යෙdතිෂ්‍ය ටිකක්‌ ඉගෙන ගෙන අනුන් රවටන්නා විශාරද නම් පට බඳින්නා මරණින් මතු රෞරව නම් නරකාදියට ගොස්‌ දුක්‌ විඳ කුසලයකින් මනුෂ්‍ය ආත්මයේ උපන්නත් ඔහු අන්ධයෙක්‌ වන බව පරාශර ඝෘෂිවරයා පවසා ඇත.

ජ්‍යෙdතිෂ්‍ය මනාව ප්‍රගුණ කළ තැනැත්තාට මිනිසාට කර්මානුරූපව සිදුවිය යුතු හා සිදුවන දේ කල්තියා දැන ගැනීමේ හැකියාව ලැබේ. ස්‌ථීර තාරකා පංතිය මධ්‍යයෙහි ග්‍රහතරු ගමන් කිරීම නිසා ඒ ඒ තාරකා හා ග්‍රහතරු අතර ඇතිවන සංයෝග, යෝග, වියෝග, ආදියෙන් නානාප්‍රකාර ගුණාගුණ ජීවියකුට ඇතිවේ හඳහන යනු හඳ පිහිටි තැන මුල්කරගෙන ජන්ම කේන්දරය සැකසීමයි. කේන්දරය නැතිනම් වේලාපත්කඩය යනු තාරකා පංතීන් සහ ඒ අතරින් ගමන් කරන රවි-චනද්‍ර-කුජ-බුධ-ගුරු-ශුක්‍ර-ශනි-යුරේනස්‌-නැප්චූන් හා ඡායා ග්‍රහයන් වන රාහු – කේතු උපන් වේලාවට පිහිටා තිබෙන ස්‌ථාන රාශි භාව, අංශක, කලා, විකලා වශයෙන් සඳහන් කරන සටහනකි.

බොහෝ දැනුම් තේරුම් නැති ජනතාව ජ්‍යෙdතිෂය කියා විශ්වාස කරන්නේ පලාපල දැන ගැනීම, තත්කාලයෙන් ශාස්‌තරයක්‌ ඇසීම, මලක හෝ සතෙකුගේ නමක්‌ අසා නිමිත්තක්‌ බැලීම වැනි දේවල් ගැන පමණි. නමුත් එය වැරැදි දුර්මතයකි. ජ්‍යෙdතිෂයේ ඉතා වැදගත්ම කොටස ගණිතය පදනම් වූ සිද්ධාන්ත කොටසයි. ගණන් වැරදුනොත් අප කියන පලාපල ග්‍රහ පිහිටීම්, නැකැත් ආදි සියල්ලම වැරැදී යෑයි ගණිත චක්‍ර බොහොමයක්‌ ජ්‍යෙdතිෂයේදී ප්‍රයෝජනයට ගනු ලැබේ.

ශුභා ශුභ වේලාවන් නිර්ණය කර ගැනීමට යොදාගන්නා ලග්නය මුල් කොට ඇති ජන්ම කාල ප්‍රශ්න කාල, මුහුර්තිකාල, නැකැත් ආදිය හෝරා කොටසට අයත්වේ. උත්තම පලදායක කොටස හෝරා කොටසයි. හොඳ පැත්තට මෙන්ම නරක පැත්තටද හෝරාව යොදාගත හැකිය.

We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments