[ratings]
ලොව පවතින බොහෝ විද්‍යාවන් අතර අංක විද්‍යාව ටද ප්රමුඛස්ථානයක් ලැබී ඇත. අංක උපයෝගී කරගෙන විෂ්මිත දේ කරන විවිධ වූ විද්‍යාඥයින් උගතුන් බුද්ධිමතුන් අද ද ලෝකයේ ජීවමානව සිටිති. අංක විද්‍යා වේ ඉතිහාසය සම්බන්ධව හරියටම කාල නිර්නයක් කිරීමට අපහසුය. එහෙත් පුරාණයේ අංක විද්‍යාවෙන් බොහෝ වැඩගත් බවත් ඉතා දියුණු තත්ත්වයකින් මෙම විද්‍යාව සමාජගතව පැවැති බවත් රහසක් නොවේ. මුල්ම බයිබලය නමැති ලොවම ප්‍රචලිත ආගමික ග්‍රන්ථය ලියා ඇත්තේද අංක විද්‍යාව ට අනුව බව අප අසා ඇත්තෙමු. වර්තමානය වන විට මෙම උතුම් විද්‍යාව නෂ්ඨාව ශේෂගතව ඇති බව පෙනේ. එහෙත් නැවත මෙම විද්‍යාවට පූණර්ජීවනයක් දීමට හැකි බවත් එයින් බොහෝ දෙනෙකුට යහපත සලසාගත හැකි බවත් පෙනෙන්ට තිබේ.
ලොව තිබෙන සියලුම ගුප්තවිද්‍යාවන් ග්‍රහවස්තුන් සමග සම්බන්ධව පවතී. කුමන නාමයකින් කුමන ශාස්ත්‍රීය ක්‍රමයක් අනුගමනය කළත් සොයා ගෙන යන විට නවතින්නේ ග්‍රහවස්තූන් හා සම්බන්ධතාවක් දක්වමිනි. පංචමහා භූතාත්මකව අප කරුණු සොයා බැලුවත් මේ සියල්ල ග්‍රහ වස්තුන්ගේ බලයට නතුව ක්‍රියාත්මක වන බව පෙනේ. අංක විද්‍යාවේදී ද මෙය සනාත වේ.
බිංදුවත් සමග අංක විද්‍යාවේදී අංක 10 යක් උපයෝගී කර ගනී. මෙකී අංකයන්ට අදාළව ග්‍රහ වසතූන් වර්ග කර ගැනීම අංක විද්‍යාවේදී සිදුවේ. එසේම ආපෝ – තේජෝ- වායෝ- පඨවි- ආකාෂ යන පංච මහා භූත බලයට යටත් වෙන අංකයෝ ගැන විමසා බලා ඒ අනුව අංක විද්‍යාවේදී පලාඵල කතනයන් කිරීම සිදුවේ. මේ සම්බන්ධයෙන් අංකයන්ගේ ගුණාත්මක භාවයන් සම්බන්ධව අංක විද්යාධරයා මනා පුහුණුවක් අධ්‍යයනයක් කර තිබිය යුතුය. එසේ නොවුණොත් අන්දයෝ අලියා ගැන විස්තර කළා සේ පලාඵල විස්තරයක් සිදු වෙනවා ඇත.
රවි – බුධ- සිකුරු ආදී වශයෙන් නව ග්‍රහයන්ට අංක හිමි කර දී ඇතිවා සේම ඒ සම්බන්ධව යම් යම් ගැටලු ඇති. එසේම ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරයන්ට අංක වටිනාකම් දී ඒ අනුව ඵලාපල කතනය කිරීම අද සිදුවේ.
අංක” 1″ රවිග්රහයාටද – අංක “2” සඳු ග්‍රහයාටද (අවසඳුට) – අංක “3” ගුරු ග්‍රහයාටද – අංක “4” දුර්වල රවි ග්‍රහයාටද (රවි ග්‍රහ කිරන දුර්වලවන විට යොදා ගැනීම) – අංක “5” බුධ ග්‍රහයාටද – අංක “6” සිකුරු ග්‍රහයාටද – අංක “7” පුර සඳුට ද – අංක “8” සෙනසුරු ග්‍රහයාටද – අංක “9” කුජ ග්‍රහයාටද
ආදී වශයෙන් ඒ ඒ අංකයන්ට ග්‍රහ වටිනාකම් දී ඇත. මෙහි දී රාහු – කේතුට අංක වටිනා කම් දී නැත. මෙය පර්යේෂණ කළයුතු කාරණයකි. අවසඳුට – පුර සඳුට – බලවත් රවිට දුර්වල රවිට වශයෙන් අංක 4 ක් වෙන් කර දීමෙහි ඇති ශාස්ත්‍රීය ක්‍රමය කුමක්ද? සෙවිය යුතු අතර සමහර විද්වතුන් අංක “7” නැප්චුන් ග්‍රහයාට අයත්යයි පවසති.
ඉංග්‍රීසි භාෂාවේ ඇති අක්ෂරයන්ට අංක වටිනාකම් දී ඒ අනුව පලාඵල කථනය කිරීම අද බොහෝ දෙනෙකු කරනු ලබන්නකි. මෙහි ශාස්ත්‍රීය පදනමක් ඇති බව ලිපිකර්තෘ නොපිළි ගනී. එහෙත් මෙම විද්‍යාවේ නව ප්රබෝධයක් උදෙසා එය භාවිත කිරීම පාඨකයෝ සිදු කිරීම තුළින් නව ගවේෂණයට පාත්‍ර වේය ලිපි කර්තෘ බලාපොරොත්තු වේ.
ඉංග්‍රීසි භාෂාවේ අක්ෂරයන්ට වටිනා කම් දීමේදී විවිධ උගතුන් විවිධ ආකාරයෙන් මේ වටිනා කම් දී ඇත.
මෙවැනි වර්ග කිරීම් රාශියකි. පරස්පරතාවන් බොහෝය. එහෙත් ආධුනිකයා ඉන් කවර ක්‍රමයක් හෝ භාවිතය යෝග්‍යයි. එය ගවේෂණය සඳහා වැදගත් වෙන නිසා.
We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation
can be found here