Saturday, November 1, 2025
HomesiHoroscopeඅසුබ ඵල ගෙනෙන කේන්ද්‍රයේ අටවැන්නා

අසුබ ඵල ගෙනෙන කේන්ද්‍රයේ අටවැන්නා

[ratings]

ලග්න කේන්ද්‍රයේ අශුභව සිටින ග්‍රහයා චන්ද්‍ර කේන්ද්‍රයේ ශුභව සිටින්නේ නම් ශුභ ඵල දෙන බව සම්ප්‍රදායික ජ්‍යෙතිෂයේ දී කියවෙයි. එනමුත් ලග්න ස්‌පූඨයේ උප නවාංශකය හෝ උප නැකත වෙනස්‌ විය හැකි නමුත් චන්ද්‍ර ස්‌පූඨයේ උප නැකත හෝ උප නවාංශකය වෙනස්‌ නොවන බව ක්‍රි.මූ. පද්ධතියේ නිගමනයයි. ඒ නිසා පලාපල කිව යුත්තේ ලග්න කේන්ද්‍රයටය. පලාපල කීමට චන්ද්‍ර කේන්ද්‍රය භාවිතා නොකළ යුතු බව ක්‍රි.මූ. පඬිතුමා කියයි.

එසේම ග්‍රහයකු ශුභ හෝ අභුභ පල දෙන්නේ තම දශා අතුරු දශා හා විදශාවලදී බව මතක තබාගෙන අද මේ ලිපියට හසුකර ගන්නේ කේන්ද්‍රයක අටවැන්න අධිපතියාගේ ක්‍රියා කලාපයයි.

අට අධිපතියා ලග්නයේ නම් – ජන්මියා සෑම කටයුත්තකදීම මුළු ගැන්වෙයි. සිතට සැනසුමක්‌ නැත. සම්පතක්‌ නැත. විවාහය දුක්‌ සහිත වෙයි. සෑම කටයුත්තක්‌ම මන්දගාමී වෙයි. ලග්නයට ශුභ දෘෂ්ටි වැටී තිබුණහොත් ජීවිතයේ මැදි වියේදී සාමාන්‍ය දියුණුවක්‌ ඇති වේ.

අට අධිපතියා දෙවැන්නේ නම් – බෙල්ලෙන් උඩ රෝග හටගනියි. උගුරේ ආබාධ, මුඛයේ ආබාධ, දත්වල රෝග ඇති වේ. වස්‌තුවක්‌ නැත. විවාහය අවාසනාවන්ත වේ. සිතට සැනසීමක්‌ නැත.

අට අධිපතියා තුන් වැන්නේ නම් – ඉගෙනීමට බාධා ඇති වේ. සැප සම්පත් ඇති නොවේ. මානසික දුක්‌ ඇති වේ. හිතවතුන් හෝ මිතුරන් නැත. කන්වල ආබාධ, දත්වල රෝග ඇති වේ. සහෝදර සහෝදරියන් හිතවත් නොවනු ඇත.

අට අධිපතියා සතර වැන්නේ නම් – ඉඩකඩම් ගේදොර පිළිබඳව අසහන ඇති වේ. සිත සන්සුන් නැත. ගෙදර වාසය අලස වෙයි. ඥති පිරිස සතුරු වේ. පියාගෙන් පසු කාලය අවාසනාවන්ත වේ. පපුවේ අමාරු ඇති වේ. ලග්නයට ශුභ දෘෂ්ඨ§ වැටී තිබුණහොත් ජීවිතයේ අවසාන භාගය සැනසිලිදායක වේ.

අට අධිපතියා පස්‌වැන්නේ නම් – දූදරුවන් නිසා දුක්‌ කරදර ඇති වේ. බුද්ධිය ඇතත් පලක්‌ නොවේ. අට අධිපතියාගේ දශා අතුරු දශා විදශාවලදී දරුවන්ට විපත් ඇති වේ. නමුත් තමාගේ මරණයේ දී දුක්‌ වධ වේදනා නොවිඳ මියයැමේ වාසනාව ඇති වේ.

අට අධිපතියා සය වැන්නේ නම් – අට අධිපතියා සයවැන්නේ සිටි විට එම දශා අතුරු දශා විදශාවලදී සෞඛ්‍ය තත්aත්වය පිරිහී ලෙඩ රෝග හටගනියි. රහස්‌ සතුරන් ඇති වේ. සර්ප විපත්, ජල විපත් ඇති වේ. ආදායම් තත්ත්වය බිඳ වැටෙයි. විපතකින් මරණය සිදුවිය හැකිය.

අට අධිපතියා සත්වැන්නේ නම් – උපතින්ම ශරීර ශක්‌තිය අඩුවේ. කුජ හෝ සිකුරු ද අටේ සිටි විට මුත්‍රාබාධා හටගනියි. විවාහය ඉතා අප්‍රසන්න වේ. ජීවිතය අභාග්‍යමත්ය. සැනසීමක්‌ නැත. ආශාවන් පිබිදී ආවත් ඒවා ක්‍රියාත්මක කිරීමට ශක්‌තියක්‌ ඇති නොවේ.

අට අධිපතියා අටවැන්නේ නම් – හදවත කාරුණිකය. වැරැදි වැඩ නොකරයි. දැහැමිය. බලාපොරොත්තු රහිත වස්‌තුවක්‌ හිමිවෙයි. අනුන්ට උදව් උපකාර කරයි.

අට අධිපතියා නව වැන්නේ නම් – කවරම ග්‍රහයකු නව වැන්නේ සිටියත් අශුභ නැති බව කියනු ලැබේ. අට අධිපතියා නව වැන්නේ සිටීම ඉගෙනීමට ශුභ බව කියති. එසේම උගත්කමට වඩා දැනුම ඇති වේ. ආත්ම ධෛර්යයෙන් වැඩ කිරීමට දක්‌ෂ වෙයි. කාටත් හිතවත් වෙයි.

අට අධිපතියා දසවැන්නේනම් – මුල් ජීවිත කාලය කරදර සහිත වෙයි. රැකීරක්‌ෂා බිඳ වැටෙයි. ඥතීන් විරුද්ධ වෙයි. අරමුණක්‌ නැතිව කටයුතු කරන්නට සිදු වෙයි. අට අධිපතියාගේ දශා අතුරු දශා විදශාවලදී අසහන ඇති වේ.

අට අධිපතියා එකොළොස්‌ වැන්නේ නම් – ආදායම් මාර්ග බිඳ වැටෙයි. බලාපොරොත්තු බිඳ වැටෙයි. මහන්සියේ ප්‍රමාණයට ප්‍රතිඵල නොලැබේ. විවාහය සාර්ථක වේ යෑයි මතයක්‌ වෙයි.

අට අධිපතියා දොළොස්‌ වැන්නේ නම් – ආයුෂ අඩු වේ. නඩුහබ, දුක්‌ කරදර ඇති වේ. ධනය දිය වී යයි. ජීවිතය කරදර සහිත වේ. විවාහය බිඳෙන තරමට ජීවිතය අමිහිරි වේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments