Saturday, November 1, 2025
Homesiජ්‍යෙතිෂයේ චන්ද්‍රයාට හිමි ස්‌ථානය

ජ්‍යෙතිෂයේ චන්ද්‍රයාට හිමි ස්‌ථානය

[ratings]

ජ්‍යෙතිෂයට අනුව චන්ද්‍රයා ලෝකයේ මව ලෙස සැලකේ. ඒ අනුව චන්ද්‍රයාට ජ්‍යෙතිෂයේ විශේෂ ස්‌ථානයක්‌ හිමිව තිබේ. පාථිවියේ සිට සැතපුම් 240,000 පමණ ඈතීන් පිහිටි චන්ද්‍රයාට පෘථිවිය වටා ගමන් කිරීමට ආසන්න වශයෙන් දින 27 කුත් පැය 8 ක්‌ පමණ ගතවේ. චන්ද්‍රයා තම අක්‍ෂය වටා භ්‍රමණය වීමටද ගතවනුයේ එම කාලයම බැවින් පෘථිවියේ අපට සැමදා පෙනෙනුයේ චන්ද්‍රයාගේ එක්‌ පැත්තක්‌ පමණි.

රාශි අතර ග්‍රහයින් චලනය වීමේදී ඉතාම සීඝ්‍ර ගමන ඇත්තේ චන්ද්‍රයාටයි. සඳරැස්‌ පොළොවට වැටීමට දළ වශයෙන් තත්පර 1.3 ක්‌ පමණ ගතවේ. චන්ද්‍රයාගෙන් මිනිස්‌ සිතට සෘජු බලපෑම් ඇති කරන බව නවීන විද්‍යාව අනුවද පිළිගනී. එබැවින් ජ්‍යෙතිෂයේදී චන්ද්‍රයාට හිමිවන විශේෂ ස්‌ථානය විද්‍යාවෙන්ද බැහැර කළ නොහැක. පෘථිවිය මත ඇතිවන සමහර සංසිද්ධීන් වලට හේතුව චන්ද්‍රයා බව විද්‍යාත්මකවද පිළිගනී.

කේන්ද්‍රයක කෙනකුගේ උපන් නැකත ලෙස සැලකෙනුයේ එම මොහොතේ චන්ද්‍රයා සිටින නැකතයි. උපන් මොහොතේ චන්ද්‍රයා සිටින තැනක එම පුද්ගලයාගේ නැකත ලෙසද භාවිත වේ. ඔහුගේ මහ දශාව සෙවීමේදීද සලකා බලනුයේ චන්ද්‍රයා සිටි නැකත හිමි ග්‍රහයාගේ දසාවයි.

ජ්‍යෙතිෂයේ තිථිය ලෙස හැඳින්වෙනුයේ ද පෘථිවිය වටා චන්ද්‍රයා යන ගමනේදී චන්ද්‍රයා පිහිටන ආකාරයයි. එහිදී පුර හා අව ලෙස තිථි 30 ක්‌ භාවිත වේ. පෑලවිය, දියවක, තියවක, ජලවක, විශේනිය, ශටවක, සතවක, අටවක, නවවක, දශවක, එකොලොස්‌වක, දොලොස්‌වක, තෙලෙස්‌වක, තුදුස්‌වක හා පසලොස්‌වක යනු එම තිථි පිළිවෙළින් වේ. පුර පක්‍ෂයට තිථි 15 ක්‌ හා අව පක්‍ෂයට තිථි 15 ක්‌ ලෙස ඉහත තිති භාවිත වේ.

ජ්‍යෙdතිෂයේ එන යෝගය ඇති වීමටද මුල් වී තිබෙන්නේ චන්ද්‍රයා වේ. යෝගය යනු පෘථිවිය, රවි හා සඳු ගේ ත්‍රිකෝණගත පිහිටීමයි. මෙහිදී පෘථිවිය මධ්‍ය ලක්‍ෂය ලෙස සලකා රවි ගමන් කරන දුරෙහිත් සඳු ගමන් කරන දුරෙහිත් එකතුව අංශක 13 කලා 20 ක්‌ වීමට ගත වන කාලය යෝගය වේ. කරණය යනු ද තිථියෙන් දෙකෙන් පංගුවකි. මේ අනුව තිථිය තුළ කරණ දෙක බැගින් පිහිටයි.

ශුභ වැඩක්‌ ආරම්භ කිරීමේදී ශුභ නැකතක්‌ මෙන්ම ශුභ දිශාවක්‌ද යොදාගනී. එම ශුභ දිශාව ලෙස ගන්නේද සඳු සිටින දිශාවයි. එම දිශාවේ යම් බාධාවක්‌ වේ නම් සඳු සිටින දිශාවට දකුණත හැරී සිටින ලෙස ශුභ දිශාව තේරා ගනී.

අතීතයේ සිටම ජ්‍යෙdතීර්වේදීන් උපන් දරුවා ගැහැනු ද පිරිමිද යන වග පැවසීමට ද සඳු සිටි රාශිය උපයෝගී කර ගත්හ. (උපන් වේලාව අනුව ගැහැනු පිරිමි බව ප්‍රකාශ කිරීම මතභේද සහිත සිද්ධියකි.)

ජ්‍යෙතිෂයේ ප්‍රධාන කරුණක්‌ වන සෙනසුරු ඒරාෂ්ටකය සඳහාද චන්ද්‍රයා කෙලින්ම දායක වේ.

සෙනසුරු ඒරාෂ්aටකයේ අවස්‌ථාවන් කිහිපයක්‌ පවතින අතර ජන්ම ඒ රාෂ්ටකය යනු චන්ද්‍රයා උත්පත්තියේදී සිටි රාශියට ශනි ගෝචරයෙන් පැමිණීමයි. චන්ද්‍රයා සිටි රාශියට, පෙර රාශියට හා පසු රාශියට ශනිගේ පැමිණීම ඒරාෂ්ටක කාලය වේ. එය වසර 7 1/2 පමණ පවතී.

ගෝචර පලාපල කීමේදී ද වඩා හොඳ ක්‍රමය වනුයේ උපතින් චන්ද්‍රයා සිටි රාශියට හෝ එම රාශියෙන් කී වැනි රාශියට කුමන ග්‍රහයෙකු පැමිණ සිටී දැයි අනුව ගෝචර පලාපල කීමයි.

මේ අනුව සලකා බැලීමේදී ජ්‍යෙතිෂයේ භාවිත වන ප්‍රධානම කරුණු වන නැකත, දශාව, තිථිය, යෝගය කරණය, ශූභ දිශාව, ස්‌ත්‍රී පුරුෂ බව තීරණය ගෝචර පලාපල කීම හා සෙනසුරු ඒ රාෂ්ටකය යන සියලුම කරුණු සඳහා චන්ද්‍රයා හෙවත් සඳු කෙලින්ම බලපා ඇති බව පෙනී යයි. මීට අමතරව චන්ද්‍රයාගේ බලවත් බව අනුව ශුභ නැකත් යොදා ගැනීම මෙන්ම පලාපල කථනය සඳහාද සඳුගේ පිහිටීම තදින්ම බලපායි.

We found this article from Divaina on 2011/10/07.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments