Friday, September 12, 2025
Homesiජුලි 23 සිට අගෝස්‌තු 23 දක්‌වා උපන් අයගේ පලාපල මෙන්න

ජුලි 23 සිට අගෝස්‌තු 23 දක්‌වා උපන් අයගේ පලාපල මෙන්න

[ratings]

සෑම වසරකම ජුලි 23 වැනි දාත්, අගෝස්‌තු 22 වැනිදාත් අතර කාලය තුළ එනම්, සිංහ රාශිය බල පවත්නා කාලයේ උපන් අයගේ පලාපල මේ ලිපියට ඇතුළත්ය.

සිංහ රාශියේ ලක්‍ෂණය – සිංහයකුගේ රූපයකි. පාලක ග්‍රහයා රවිය.

සිංහ රාශියට අදාළ මාසයේ උපන් ගැහැනු හෝ පිරිමි හෝ කෙනකුගේ ස්‌වභාවික ගති පැවතුම් – රිදී හැන්ද මුවෙහි තබාගෙන උපදින අය හැටියට සිංහ රාශියට අදාළ මාසයේ උපදින අය හැඳින්වෙන අතර ඔවුන් වාසනාවන්තයන්ය. රූප ස්‌වභාවය අතින් සිත්ගන්නා පෙනුමක්‌ මෙන්ම එඩිතර ස්‌වභාවයක්‌ද තිබිය හැකිය. අදහස්‌ උසස්‌ය. තීක්‍ෂණ පුද්ගලයකු විය හැකිය. අන්‍යයන් පාලනය කිරීමට, සහජයෙන්ම වාගේ දක්‍ෂය. යමක යහපත් තත්ත්වය උදා වන විට, අහිංසක ස්‌වභාවයක්‌ පෙන්නුම් කළ හැකිය. ආකූල ව්‍යාකූල දේවල් පිළිබඳ දැඩි ලෙස කල්පනාකාරී වීම සිරිතකි. උසස්‌ ඉලක්‌කයන් කරා යන අරමුණක්‌ තිබෙන්නට පුළුවන. තමන්ට කරන ලද සුළු උපකාරයක්‌ පවා කිසිවිටෙක අමතක නොකිරීම සිරිතය. ඉතාමත් කරුණාවන්ත කෙනකු විය හැකිය. බුද්ධි මට්‌ටම ඉතා පිsරිසිදුය. ඇඳීමෙහි, පැළඳීමෙහි මෙන්ම වාසස්‌ථානය පිළියෙල කර ගැනීමෙහිද ක්‍රමවත් භාවයක්‌ දැකිය හැකිය. උසස්‌ දේවල්ම සිතීම හා කිරීමද සිරිතය. නිවහල්භාවය සඳහා ඕනෑම දෙයක්‌ කරන්න මැළි නොවන තරම් ය. කැමැත්ත දක්‌වන්නේ, අනුන්ගේ පිළිසරණක්‌ නොලබා ස්‌වශක්‌තියෙන්ම ජීවත් වන්නටය.

ජීවිතයේ තත්ත්වය සහ සෞඛ්‍යය තත්ත්වය – සම්පූර්ණයෙන්ම ශක්‌තිමත් ශරීරයක්‌ හිමිකර ගත හැකි වුවද, ශරීර ශක්‌තිය ප්‍රමාණය ඉක්‌මවා යෙදවීමෙන් සමහරවිට රෝගාබාධ වැළැඳිය හැකිය. ශරීරයට වෙහෙස ගෙන දෙන වැඩකටයුතු හා ක්‍රියාවන්ට සම්බන්ධ වීමේදී, තමන්ගේ ශරීරය ගැනත් අවධානය යොමු කළ යුතුය. කිසියම් රෝග පීඩාවකට ගොදුරු වුවහොත්, හදිසියේම වාගේ ඊට ගොදුරු වන අතර, උවමනාවක්‌ තිබුණා නම්, තමන්ට, එය වළක්‌වා ගැනීමට ඉඩ තිබුණු බව හැඟී යාමට පුළුවන.

විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය – ශරීරයට වෙහෙසෙ ගෙන දෙන මස්‌පිඬු ක්‍රියා කරවන ආකාරයේ ක්‍රීඩාවලට සහභාගි වීමෙන් වින්දනයක්‌ ලැබිය හැකිය. වෙහෙස මහන්සියෙන් දවසේ වැඩ රාජකාරි ඉටුකොට, සවස්‌ කාලයේ විනෝදාත්මක ක්‍රීඩාවල යෙදීමට කැමැත්තක්‌ දැක්‌වීමට පුළුවන. එම ක්‍රීඩාවලට දක්‌වන්නේ ද හපන්කමකි.

කරන රැකී රක්‍ෂා යනාදිය – සෙස්‌සන් පාලනය කිරීම, සිංහ රාශිය පිළිබඳ මාසයේ උපන් අයගේ ස්‌වභාවය වන අතර ඒ සඳහා අවශ්‍ය ගති ගුණ හා ශක්‌තියද උපතින්ම ඔවුන්ට උරුමය. ඕනෑම ආකාරයක වෘත්තියක්‌ යථා පරිදි කර ගෙන යැමට හැකියාවක්‌ තිබෙන්නේ, තියුණු චිත්ත ශක්‌තියකුත්, බුද්ධි මට්‌ටමක්‌ හා මනා දේහ ශක්‌තියකුත් ඇති නිසාය. කිසියම් දෙයක්‌ සම්බන්ධයෙන් දරන උත්සාහයේ තරමට, තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට හැකියාවක්‌ ඇත. කලකිරුණු තත්ත්වයකට පත් වන්නේ, තමන්ගේ වැඩි දියුණුව ප්‍රමාද වන විටය. එතුළින්, අගනා අවස්‌ථාවන් පවා වළක්‌වා ගන්නට බැරිකමක්‌ නැත. හැම කටයුත්තකදී ආරම්භයේදීම වාගේ, ඒ පිළිබඳ සෝදිසි මාදිසියෙන් කටයුතු කිරීම මැනවි. උසස්‌ මට්‌ටමේ සේවයන්හි යෙදී දියුණුවත්. වාසනාවත්, ළඟා කර ගත හැකිය.

සිංහ රාශිය පිළිබඳ මාසයේ උපන් කාන්තාවන්ද, එම මාසයේ උපන් පිරිමින්ට දෙවැනි වන්නේ නැත. එම නිවෙස්‌වල ධනයත්, ප්‍රීතිය හා වාසනාවත් උතුරා යනවාට සැකයක්‌ නැත.

ප්‍රේමය හා විවාහ ජීවිතය – තරුණියක හෝ තරුණයකු හෝ සමඟ පෙම් සබඳතාවක්‌ ගොඩනඟා ගත් කල්හි, හැම මොහොතක්‌ම වාගේ ඒ වෙනුවෙන්ම ගත කරන්න පුළුවන. විවාහ වීමෙන් පසුව තමන්ගේ වාසස්‌ථානය පාලනය කිරීම සඳහා, ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයම එකසේ කැමැත්තක්‌ දැක්‌විය හැකිය.

සිංහ රාශියට අදාළ මාසයේ උපන් පිරිමින්ට, එම මාසයේ උපන් කාන්තාවන්ගෙන් සැලකිය යුතු සහනයක්‌ සැලසේ. සිංහ රාශියට අදාළ මාසයේ උපන් පිරිමින්ට, පෙබරවාරි 20 වැනිදාත්, අප්‍රේල් 19 වැනිදාත්, ඔක්‌තෝබර් 24 වැනිදාත්. දෙසැම්බර් 21 වැනිදාත් අතර උපන් බිරින්දෑවරුන් පවුල් ජීවිතය සඳහා බොහෝදුරට යෝග්‍ය ය.

ශුභ දවස – සඳුදාය.

වාසනාව උදා කරන වර්ණය – කහ පාටට හුරු හැම පාටකින්ම ශුභ පල උදා කර ගත හැකිය.

වාසනාව උදාකරන මැණික්‌ වර්ගය – ලේ පාටට හුරු තද රතු මැණික්‌ පැළඳීමෙන් වාසනාව උදා කර ගත හැකිය.

වාසනාව උදා කරන ලෝහ – රත්රන්ය.

සෑම වසරකම ශුභාශුභ කාලවකවානු –

කරන කියන දේවල් උසස්‌ම ප්‍රතිඵල. සෑම වසරකම පෙබරවාරි 20 වැනිදා සිට අප්‍රේල් 19 වැනිදා දක්‌වා කාලය තුළ දැක ගත හැකිය. එය එසේ වුවද, ජනවාරි 21 වැනිදාත්. පෙබරවාරි 19 වැනිදාත් අතර කාලය නම්, එතරම් ශුභදායක නැත. මේ නිසා ජීවිතයේ වැදගත් කටයුතු එකී ශුභ කාලවකවානුව තූළ සිදු කිරීම සුදුසුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments