[ratings]
සෙනසුරු යන නාමය ඇසූ පමණින් බොහෝ දෙනා දැඩිලෙස බියට පත්වෙති. එයට හේතුව නම් ග්‍රහ ලොව සිටින නපුරුම ග්‍රහයා සෙනසුරු බවට බොහෝ දෙනා අතර ඇති මතයයි. එහෙත් විමසිල්ලෙන් ග්‍රහයන් දෙස බැලීමේදී සෙනසුරු යනු අපට හැමදාම හැමවිටම අසුබ ඵල දෙන ග්‍රහයකු නොවේ. ජන්මීන්ට පැමිණෙන්නා වූ සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලවලදී නපුරු අයහපත් ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදුවුවත් කේන්ද්‍රයක සුබ ස්‌ථානයක යහපත්ව සිටින්නේ නම් ජන්මීන්ට ඉතාමත් යහපත් ප්‍රතිඵල උදාකර දෙන්නේය.
බොහෝ දෙනා බියට පත්වන සෙනසුරු ඒරාෂ්ටක යනු සෙනසුරු ගෝචර ගමනින් රාශිවලට ගමන් කිරීමේදී එක් එක් පුද්ගලයාගේ ජන්මපත්‍රයට අනුව පෙර අකුසල් පලදෙන (අපල) කාලයකි. සෙනසුරු එක් රාශියක් තුළ වර්ෂ දෙකක දෙකහමාරක් අතර කාලයක් ගමන් කරයි. ග්‍රහලොව ඉතාමත් හෙමින් ගමන් කරන ග්‍රහයාද සෙනසුරුය. ඒ අනුව සෙනසුරු ග්‍රහයා ජන්මීන්ට ලබාදෙන අපලද කල්යල් බලා නිසි අවස්‌ථාවේදී ලබාදීමට සැදී පැහැදී සිටින බව අප නිතරම සිත්හි තබාගත යුතු කාරණයකි.
ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව සෙනසුරු ඒරාෂ්ඨක වර්ග හතරකට බෙදා වෙන්කළ හැකි අතර එයින් පළමුවැන්න ලග්න ඒරාෂ්ටකය හෙවත් ශනි ගෝචරයෙන් කේන්ද්‍රයක දොළොස් වැන්නට, ලග්නයට හා දෙවැන්නට පැමිණීමයි. දෙවැන්න ජන්ම ඒරාෂ්ටකයයි. එනම් උපතේදී සඳු සිටි රාශියෙන් දොළොස්‌වැන්නට සඳු සිටි රාශියට සහ ඉන් දෙවැන්නට පැමිණීම වේ. තුන්වැන්න අෂ්ටම ඒරාෂ්ටකය වේ. එනම් සෙනසුරු යම් කේන්ද්‍රයක අටවැන්නට පැමිණීම වන අතර හතර වැන්න නම් උපතින් සඳු සිටින භාවයෙන් ශනි අටවැනි භවයේ ගමන් කිරීමයි. එය චන්ද්‍ර ඒරාෂ්ටකය ලෙස හැඳින්වේ.
සෙනසුරු ඒරාෂ්ටක කාල යනු ජන්මීන්ටය තරමක කටුක අත්දැකීම් ගෙන දෙන අමිහිරි කාලසීමාවකි. සෙනසුරු නම් දුකට අධිපති ග්‍රහතරුව ඔබේ කේන්ද්‍රයේ 1,2,3 භාවවල ගමන් කරන කාලසීමාව වන වසර 7 1/2 වූ කාලය තුළ දීර්ග අපල කාලසීමාවක් ද කේන්ද්‍රයක උපතින් සිටින රාශියකට සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන කාල සීමාව තුළද වර්ෂ 2 1/2 ක පමණ අපල කාල සීමාවක් ද විශේෂයෙන් ධනු ලග්නය වී 8 වැනි භාවයට සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන විට එහි චන්ද්‍රයා උපතින් ඔබගේ කේන්ද්‍රයේ 8 වැනි භාවයේ සිටීනම් ඉතාමත් ප්‍රවේශම් විය යුතු අතර හදිසි අනතුරු, නඩු හබවල පැටලීම, කල් අල්ලන රෝග වලට ගොදුරු විය හැකිය.
විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයාට කටක රාශිය සතුරු වන අතර උපතින් ඔබේ කේන්ද්‍රයේ කටක ලග්නය වී චන්ද්‍රයා කටක රාශියේ සිටී නම් සෙනසුරු ග්‍රහයා කටකයේ හැසිරෙන කාලසීමාව තුළ ඔබ දැඩිලෙස ප්‍රවේසම් විය යුතුය. ශනි ග්‍රහයා සැමවිටම දුකට අධිපති ලෙස හැඳින්වූවත් ඉතා ප්‍රබල වී සුබ ඵල දෙන අවස්‌ථා බොහෝ ඇත.
ඉහත කී ශනි ඒරාෂ්ටක අපලයට පිළියමක් ලෙස බුදුවරු දසනමක් දිශාගතකොට දේශනා කර ඇති දසදිසා පිරිත උදේ හවස භාවිත කිරීමත් නිර්මාංශව භාවනානුයෝගීව සිත කය වචනයෙන් සංවරව කල්ගෙවීමත් කළ හැකිය.
සෙනසුරු ඒරාෂ්ටකය ඔබට බලපාන්නේ කෙසේද කුමන කාලයේද යන්න සොයා ගැනීමට පළමුවෙන්ම රාශි චක්‍රය පිළිවෙළින් හඳුනාගත යුතුය. රාශි චක්‍රය යනු සූර්යයා වටා සෙසු ග්‍රහයන් ගමන් ගන්නා මාර්ගයට සාපේක්‍ෂව පවතින නැකත් තාරකාවන්ගෙන් සමන්විත චක්‍රයයි.
රාශි චක්‍රය පිළිවෙළින්
1. මේෂ 2. වෘෂභ, 3. මිථුන 4. කටක, 5. සිංහ,
6. කන්‍යා, 7. තුලා, 8. වෘශ්චික, 9. ධනු, 10. මකර 11. කුම්භ, 12. මීන.
සොයුරුගේ රාශි ඵල
ශනි – මේෂ
ශනි මේෂ රාශියේ නීචවේ. කුඩා කාලය දුක්‌කරදර සහිතවද තරුණ කාලයේදී දියුණුවද මහලු වියේදී නැවතත් දුක් කරදර විඳිමින්ද කල්ගත කිරීමට සිදුවේ. එහෙත් ශනි සුබ දෘෂ්ටි ලැබ සිටියහොත් වෙළෙ¹මෙන් දියුණුවිය හැකි අතර විවාහ සහකරු හෝ සහකාරිය තමාට වඩා වයසින් වැඩි අයකු වේ. ඇතැම් ජන්මීන්ට ශනි නීච වුවත් රාජ යෝග සහ ධනයෝග යෙදෙන අතර පස්‌වැන්නේ ශනි නීච වීමෙන් එය ධනවත්වීමට යහපත් වේ.
ශනි – වෘෂභ
ශනි වෘෂභයේ තනිවම වාසයට ප්‍රිය වන අතර නපුරු ක්‍රියාවන් සඳහා යොමුවේ. ගොවිතැන් කටයුතු යහපත්වේ. ව්‍යාපාර කටයුතු වලින් දියුණු වුවත් සමහර අවස්‌ථාවල ලෝභියකු වේ. ඉඩ කඩම් හිමිකර ගැනීමේ ශක්‌තිය තිබුණද නරකට සිටියහොත් විවාහයෙන් පසු මුදල් අගහිඟකම් ඇතිවිය හැකිය.
ශනි – මිථුන –
ස්‌ව උත්සාහයෙන් මුදල් උපයාගෙන ජීවත්වීමට කැමැත්තෝ වෙති. විවාහය සිදුවන්නේ බොහෝ දුරබැහැර අයකු සමගය. ගමන් බිමන් අධික ලෙස යෙදිය හැකි අතර ඥති සබඳතා පැවැත්වීමට කැමැත්තක් නොදක්‌වයි. ප්‍රතිපත්ති ගරු නොකරන දෙබිඩි චරිත වේ.
ශනි – කටක
සෙනසුරුට නරකම රාශියකි. ශනි කටකයේදී හැම අතින්ම ජීවිතය කලකිරෙන දේවලට මුහුණ දීමට සිදුවේ. බොහෝ විට විවාහකයන්ගේ විවාහ ජීවිත අසාර්ථක වනවා මෙන්ම ප්‍රේම සබඳතා තුළින්ද සිත් පීඩා ගෙනදේ. එදිනෙදා ගෘහ ජීවිතය අවුල් සහගත වේ. ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ලැබීමෙන් හා ගුරු ග්‍රහයා සමග යෝග වුවහොත් ඉහත කරුණුවල පලවිපාක වෙනස් වේ.
ශනි – සිංහ
සිංහ ද ශනිට සතුරු රාශියකි. එබැවින් මුරණ්‌ඩු ගති පැවතුම් හා අනුකම්පා විරහිත සිත් ඇතිවේ. සතුටින් කාලය ගත කිරීමට අසීරු වේ. මිතුරන් අතර විශ්වාසවන්ත බව අඩුවීම නිසා හවුලේ වැඩවලින් පාඩු ලබයි. නිතර නිතර රෝගාබාධ වලට ගොදුරු විය හැකිය. සුබ ග්‍රහයකු සමග සංයෝග වීමෙන් හෝ දෘෂ්ටියක් ලැබීමෙන් අසුබ තත්ත්වයන් සමනය කරගත හැකිවේ.
ශනි – කන්‍යා
ශනි කන්‍යාවේදී තද ගති පෙන්නුම් කරයි. එහෙත් ඥනවන්ත වේ. දහමට ලැදි ආගමික භක්‌තිය ඇති අයෙක් වන අතර ශාස්‌ත්‍රීය දේ අගයමින් ඒ පිළිබඳව වැඩි අවධානය යොමුකිරීමට පෙළඹේ. ශනි කන්‍යා ගතවීම විවාහ ජීවිතයට එතරම් සුබ නොවන පිහිටීමක් වන අතර විවාහයෙන් පාඩු සිදුකර ගනී.
ශනි – තුලා
ශනි තුලාවේදී උච්ච වේ. එබැවින් යහපත් සිතුවිලි වලින් ක්‍රියාකරයි. විවාහයෙන් පසු සහකරුට හෝ සහකාරියට අනුව ක්‍රියා කරයි. ශනි දුකට අධිපති වුවත් බොහෝ සැප ලබාදේ. විශාල ලෙස දියුණුවට පත්වන අතර කීර්තිය නොඅඩුව ලබයි.
ශනි – වෘශ්චික
ශනි වෘශ්චිකයට ශුභ නොවන අතර එවැන්නෝ ඉතාමත් ගුප්ත චරිත ඇත්තන් වේ. ගුණවත් නොවන අතර ඊර්ෂ්‍යා සහගත සිතුවිලි වලින් ක්‍රියා කරයි. බුද්ධිමත් බව තිබුණද බුද්ධිය යොදාගන්නේ වැරැදි දේ සඳහාමය. ජීවිතයේ සැඳෑ සමය තනිවම ගතකිරීමට සිදුවේ. රහස් පෙම් සබඳතා ඇතිකර ගනී.
ශනි – ධනු
ශනි ධනුවේ ඉතාම යහපත් වේ. හැමවිටම රැකියාවෙන් දියුණු වේ. ආගමික භක්‌තිය ඇති නිසි නුවණින් ක්‍රියා කරන අයකු වේ. අන්‍යයන් කෙරෙහි කරුණාවෙන් අනුකම්පාවෙන් කටයුතු කරයි. ප්‍රභූන්ගෙන් උදව් උපකාර ලබයි. ගුණගරුක දූ දරුවන් ලබයි. හොඳ මිතුරන් අතර ජීවත්වන මහජන සේවකයෙක් වේ.
ශනි – මකර
සෙනසුරු මකර රාශියේ සිටිනවුන් ආත්මාර්ථකාමීවේ. හැම මොහොතකම මුදල් සෙවීමේ අරමුණෙන් ක්‍රියා කරයි. පරලොව ගැන නොසිතයි. මකරය. සෙනසුරුට හිමි රාශියක් බැවින් සෙනසුරු එහිදී සකසුරුවම් අන්දමින් ක්‍රියාකරයි. පහත් අය ආශ්‍රයට යොමුව. එයින් දුකට පත්වේ. මකර ලග්නය හිමි අයගේ ශනි ලග්නයේ සිටියහොත් දැකීමට ප්‍රිය මුහුණක් ඇතිවේ.
ශනි – කුම්භ
ශනි කුම්භයේ සිටින්න වුන් අනුකම්පා සහගත සිත් ඇති අනුන්ට උදව් උපකාර කිරීමේ රුසියෝ වෙති. අන්‍යයන්ගේ සිත් ඇඳ බැඳගන්නා කථාබහේ නිරත වෙයි. කල්‍යාණ මිත්‍රයන් ලබයි. යහපත් විවාහයක් සිදුකරගෙන එය නියමාකාරයෙන් පවත්වා ගැනීමේ වාසනාව ඇත. ආගමට දහමට අනුව කල් ගෙවයි.
ශනි – මීන
ශනි මීනයට සුබ නොවේ. *නිතරම ආත්ම ශක්‌තිය බිඳවැටීම තුළින් දුකට පත්වේ. සුබවාදී සිතුවිලි වලින් තොර නිසා සෑම දෙයම වරදින්නේ තමාගේ වරදින් බව සිතමින් කල්ගෙවයි. එහෙත් ඒ සියල්ල උහුලාගැනීමේ ශක්‌තිය සතුය. අන්‍යයන්ට කරදර නොකරයි. සියලු බලාපොරොත්තු දුකින් කෙලවර වේ.
We found this article from Divaina on 2011/11/18.
Also Sinhala to English Google word to word translation can be found here