Friday, September 12, 2025
Homesiබුදුදහම හා බැඳි උතුම්ම ශාස්‌ත්‍රය ජ්‍යෙතිෂ්‍යයයි

බුදුදහම හා බැඳි උතුම්ම ශාස්‌ත්‍රය ජ්‍යෙතිෂ්‍යයයි

[ratings]

බුදුදහම හා ජ්‍යෙතිෂ්‍ය අතර ඉමහත් සබැඳියාවක්‌ ඇත. මිනිස්‌ දිවියේ සිතු දේ නොවීම නොසිතුදේ සිදුවීම මානවයාගේ උරුමයයි. එය බුදු දහමේ දුක, සැප, ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා යනුවෙන් හැඳින්වේ. එය විවිධාකාරව සිදුවේ. මෙයින් මිදීමට මාර්ගයක්‌ද බුදුදහමේ හොඳින් උගන්වයි. ඒ වගේම මේ හැම දෙයක්‌ම දැනගැනීමට ජ්‍යෙතිෂය අපට උපකාරී වන්නේ චින්තා මාණික්‍යයක්‌ ලෙසින්ය. එනිසා ජ්‍යෙතිෂය බුදුදහමත් සමග අත්වැල් බැඳ ඇති නිසා කලීකාලය හා සමාජය සමග ඉපැරැණි යුගයේ සිට අද දක්‌වා ඉදිරියට පියනඟන උත්තම ගණයේ ශාස්‌ත්‍රයකි. මේ ශාස්‌ත්‍රය අනුව තමාගේ බලාපොරොත්තු සියල්ලක්‌ ළං කර ගත්තේ කෙසේද? ඒ සඳහා මට කිසියම් භාග්‍යයක්‌ උදාවේද යන්න කේන්ද්‍රය හෙළිකරයි. අප ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවන බව අසිත තවුසා එදා ප්‍රකාශයක්‌ කළේ මේ උතුම් ශාස්‌ත්‍රය උපයෝගී කොට ගෙනය.

බුදුදහමේ ඉගැන්වීම් අනුව කේන්දරයක භාව දොළහ වෙන්කර ඇති ආකාරය අනුව බොහෝදුරට සබෑඳේ. නව වැනි භාව ස්‌ථානයේ ප්‍රත්‍ය ස්‌ථානය භාග්‍ය ස්‌ථානය වශයෙන් හැඳින්වේ. එය භාග්‍ය ධර්ම ඥනය, ආගමික ළැදියාව ආධ්‍යාත්මික බලය පෙර ආත්ම භවයේ කළ කුසලා කුසල කර්මයන් අනුව ඵලයන් දැන ගැනීමට කේන්ද්‍රය උපයෝගී වෙයි.

සමාජයේ යහපත් මිනිසකු වීමට හොඳ මනසක්‌ අවශ්‍ය බව බුදුදහම පෙන්වයි. කේන්ද්‍රයද මනස වශයෙන් පෙන්වන්නේ පළමුවැනිභාවයයි. මනස පිළිබඳ කරුණු එම භාවයෙන් විමසීමට හැකිය. ලග්නාධිපතිගේ බල දුබලතාවය අනුව මිනිසාගේ බල දුබලතාවයන් ද මැන බැලිය හැක. මිනීමරුවකු වූ අංගුලිමාල බුදුදහමේ සරණින් දමනය කිරීම එයට නිදසුනකි.

ග්‍රහයින් වෙන්කොට ඇති දිග්බල ස්‌ථාන අපට එය පැහැදිලි කරයි. ගුරු, බුධ දෙදෙනාට පළමුවැනි භාවය ප්‍රබල ස්‌ථානය වශයෙන් වෙන්කර ඇති නිසා මිනිසා යහමගට ඇද ගැනීමේ භාරදූර කාර්යය ඔවුනට පවරා තිබීමෙන් එය අපට අවබෝධ කරගත හැක.

එමෙන්ම හත්වැන්නෙත් කාමය, කාම ශක්‌තිය විවාහය ආදිය පවරා සෙනසුරුට එය දිග්බල ස්‌ථානය වෙන්කර ඇත්තේ කුමන හේතුවකටදැයි අප සිතිය යුතුයි. සෙනසුරුට ලෞකික ජීවිතයට නැඹුරුව විපතට පත්වන මිනිසා මුදවා ගැනීමේ බලයක්‌ද ඇත. හත්වැන්න සිකුරු වැනි ග්‍රහයකුට දිග් බල ස්‌ථානය වශයෙන් භාරනොදී සෙනසුරුට පවරා ඇත්තේ විශාල අර්ථයක්‌ ඇතිවයි.

වංශෝත්තර මහදශා ක්‍රමයද බුදුදහම අනුව පිළිවෙළ වී ඇත. එක්‌ දශාවකදී ලැබෙන සුබ පල හෝ අසුබ පල අනික්‌ දශාවේදී වෙනස්‌ වේ. මහ දශාවක්‌ තුළ අතුරු දශා විදශ දා ආදී වශයෙන්ද වෙනත් ආකාරයට ප්‍රතිඵල ලැබෙන ආකාරයට කොටස්‌කර වෙන්කර ඇත. මහ දශාවේ බ්‍රහස්‌පති සිටිවිට සැප සම්පත්, ලාභ, පැසසුම් ලැබුවෝ සෙනසුරු මහ දශාවේදී ඉමහත් දුක්‌ කරදරවලට මුහුණපෑමට සිදුවේ. සුබවාදී බ්‍රහස්‌පතිගේ මහ දශාවේදී ආගම ධර්මය හා දෙවියන් කෙරෙහි විශ්වාස නොකර තම හිතුවක්‌කාරව ජීවත්වන අයට ඊළඟට එන සෙනසුරු බලවත් ලෙස අශුභ පල ගෙනදේ. රාහුගේ කාලයේ විවිධ දුෂ්කරතාවන්ට ලක්‌වූ අය බ්‍රහස්‌පති මහ දශාවේදී සැනසිල්ලේ සතුටු සාමීව ජීවිතය උදාකර ගනී. ආලෝකවත් කර ගනී.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments