[ratings]
අනාවැකි පැවසීම ඈත පුරාණ කාලයේ සිටම පැවත එන්නකි. ලොව පුරාම සියලු ප්‍රධාන ආගම්වලට අදාළ පූජනීය ග්‍රන්ථවල විවිධ ආගම් සාශ්තෘවරුන් විසින් පළ කරන ලද අනාවැකි පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. මේ අනුව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම කිතුණු හා ඉස්‌ලාම් දහමට අයත් ග්‍රන්ථවල ද අනාවැකි ගැන සඳහන් ව ඇත. හින්දු ග්‍රන්ථවලද මේ පිළිබඳ විවිධ තොරතුරු හමුවේ.
බෞද්ධ ග්‍රන්ථවල එන තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේට අනාවැකි පළ කිරීම සම්බන්ධව විශිෂ්ටතම ස්‌ථානයක් හිමි වේ. සිදුහත් කුමරු උපන් වහාම “අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස” යනුවෙන් ප්‍රකාශ කළ උදාන වාක්‍ය ද අනාවැකියකි. තමන් මුළු ලොවටම අග්‍ර වන බව මෙයින් ප්‍රකාශ කරන ලදී. එය සත්‍යයක්‌ම බවට පත් කරමින් පසුකාලීනව සිදුහත් තවුසාණන් බුදුබවට පත්වී ලොව අති ශේ්‍රෂ්ඨ උතුමාණන් බවට පත් විය. මිනිසුන් අතර කිසිවකුට කිසි දිනක එම අති උතුම් පදවිය ලැබිය නොහැක.
බුදුරදුන් විවිධ අවස්‌ථාවල ඉතා නිවැරැදි අනාවැකි රැසක්‌ම ප්‍රකාශ කර ඇත. කොසොල් රජතුමා දුටු සිහින විස්‌තර කරමින් අනාගතයේදී ලොව සිදුවන කාලගුණික සමාජ හා දේශපාලන විපර්යාසයන් පිළිබඳ වූ අනාවැකි බොහොමයක් ම මේ වනවිටද සත්‍ය වී තිබේ. මෙයට අමතරව කොසොල් රජතුමා රාජ්‍යයෙන් පිරිහී මහමඟ අසරණව මිය යන බවට පැවසූ අනාවැකිය දින හතක් තුළ සත්‍යයක් බවට පත් විය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුදහම ස්‌ථිරව ලක්‌දිව පිහිටන බවට වූ අනාවැකිය ද සත්‍යවී තිබේ. රජගහනුවර පරිහානියට ගොස් පාඨලීපුත්‍ර නගරය දඹදිව කීර්තිමත් පුරයක් වන බවටද එය අධිරාජ්‍යයක අගනුවර වී පසුව ජලයෙන් විනාශ වන බවටද පැවසූ අනාවැකි එසේම ඉටු වී ඇත. නිගන්ඨනාථපුත්‍රයන්ගේ අවසානය ගැන පැවසූ අනාවැකිය සත්‍යයක්‌ම වූ අතර මෙවැනි උදාහරණ රාශියක් ගෙන හැර පෑ හැකිය.
බුදුරදුන් යම් සමාජය හා දේශපාලනික සිදුවීම් ගැන මෙන්ම පුද්ගලයන්ගේ අනාගතයද ඉතා නිවැරැදිව දැක ඇත. ඡත්තමානවක, පුක්‌කුසාති රජ හා පෙහෙරදුවගේ හදිසි මරණය මෙන්ම අංගුලිමාල, ආලවක හා දෙව්දත් ආදීන්ගේ අනාගතයද ඉතා නිවැරැදිව බුදුරදුන් දිවසින් දැක ඇත.
කෙටියෙන්ම කිවහොත් බුදුපියාණන් ශේ්‍රෂ්aඨතම අනාගත වාක්‌තෘන් වහන්සේ ය. ලෝකයේ සිදුවන සියලු දෙය මැනවින් දුටුවද ඒවා අනාවරණය නොකළේ එය අනාගත සමාජ ව්‍යසනයක් වන බව දුටු නිසාය. බුදුරදුන් ලෝකයේ අවසානය ගැන පැවසූ කරුණු සියල්ලද පරම සත්‍යයකි. ඒවා තවම සිදු නොවූ කරුණු වුවද ඒ අයුරින්ම ඉටුවන බවට සැකයක් නැත. ඒ නිසා බුදුරදුන් විශිෂ්ටතම අනාගත වාක්‌තෘන් වහන්සේ වන බවට විවාදයක් නැත.
සිදුහත් කුමරු බුදුවන බවට අසිත තවුසා හා කොණ්‌ඩඤ්ඤ බ්‍රාහ්මණයා කී අනාවැකි ද සත්‍ය වූ ඒවාය. මෙවැනි උසස් අනාවැකි වෙනත් ආගම්වල ද ඇතුළත් ව තිබේ. ලෝකයේ අවසානය ගැන ද විවිධ අනාවැකි පලව ඇත. ඒවා ඉටුවීමට තවත් කල් තිබේ.
ජෙරමියා, ඉසායා, මෝසස් වැනි අනාගත වාක්‌තෘන් විසින් කියන ලද අනාවැකි බයිබලයේ පරණ තෙස්‌තමේන්තුවේ සඳහන් වේ. බැබිලෝනියාවේ නෙබුකඩ්ෙන්‍යාර් රජුගේ ඊශ්‍රායල ආක්‍රමණය, බැබිලෝනියාවේ විනාශය, කිතු
උපත හා කුරුසියේ ඇණ ගැසීම වැනි කරුණු ගැන කියා ඇති අනාවැකි එලෙසම ඉටුව ඇත. මහමත්තුමා මෙවැනි සත්‍ය වූ අනාවැකි පවසා ඇත. ඒ නිසා මේ ආගම් ශාස්‌තෘන් වහන්සේලා ද ශේ්‍රෂ්ඨ අනාගත වාක්‌තෘවරු වෙති.
මේ උතුමන් විසින් අනාවැකි පවසා ඇත්තේ දිව්‍යමය වූ ඥානයකිනි. ඒ නිසා ඒවා නිවැරැදිම ඒවා බවට පත් විය. මිහිඳු මාහිමියන් දුටුගැමුණු රජු රුවන්මැලි සෑය ඉදිකරන බවට දෙවන පෑතිස් රජුට අනාවැකියක් පැවසීය. මෑත කාලයේ ටිබැට් රටේ දිව්‍ය බලයෙන් යුත් ලාමාවරු මෙවැනි ප්‍රබල අනාවැකි පවසා ඇත.
ටිබැට් යතිවරයකු වූ ලොබ්සාං රම්පාගේ කහ සිවුර නමැති පොතේ චීන ආක්‍රමණය ගැන කල්තියා දැනගත් දලයි ලාමාතුමා සියලු වටිනා පොත්පත්වල පිටපත් සකස් කර ආක්‍රමණයට පෙර රටින් පිටමං කළ බව පවසා ඇත. ටිබැට් ලේඛනවල 1850 ට පෙර 1904 දී බ්‍රිතාන්‍යය ටිබැටය ආක්‍රමණය කරන බවට සඳහන් වේ. එම ලේඛනවල 1910 චීන ආක්‍රමණය 1911 චින විප්ලවය 1914 එංගලන්තය හා ජර්මනිය අතර යුද්ධය 1933 දලයි ලාමා මිය යැම 1950 චීනය ටිබැටය අල්ලා ගැනීම පිළිබඳ සඳහන් කර තිබේ. මේවා ලාමාවරුන්ගේ විශිෂ්ට අනාවැකි වෙති.
ඉතිහාසයේ පැරැණිම රාජධානියක් වූ වැල්ඩියාමේ රාජ්‍ය පාලනයට අනාවැකි සැපයූ නැකැත්කරුවන් විය. බැබිලෝනියාවේද අනාවැකිකරුවන්ට ඉහළ තැනක් හිමිවිය. බයිබලයේ සඳහන් අහබ් රජුට අනාවැකිකරුවන් 400 ක් විය. ඊජිප්තුවේ පාරොවෝ රජවරුන් අනාවැකිකරුවන්ගේ සේවය නිතර ලබා ගෙන ඇත. බුද්ධකාලීන ඉන්දියාවේ රජවරුන්ට ද මෙවැනි විශිෂ්ට අනාවැකිකරුවන්ගේ සේවය ලැබී ඇත.
අංගුලිමාල උපන් විට ඔහුගේ පියා මොහු දරුණු පුද්ගලයකු වන බවට අනාවැකි පළ කළේය. අජාසත් කුමරු උපන් විට ජන්ම පත්‍ර පරීක්‍ෂා කළ බමුණු පඬිවරු ඔහු පියා මරා රජවන බවට අනාවැකි කියා ඇත.
ක්‍රිස්‌තුස් වහන්සේ උපන් විට අහසේ තාරකා පරීක්‍ෂා කළ පෙරදිග පඬිවරු තිදෙනෙක් ලෝකයට ශේ්‍රෂ්ඨ උතුමකු පහළ වූ බවට අනාවැකි පල කළේය. එසේම යුදෙව්වන්ට ඊශ්‍රායල් නම් වූ දේශයක් ලැබෙන බවට අනාගත වාක්‌තෘ එක්‌සෙකීල් අවුරුදු 2500 ට පෙර අනාවැකි පල කළේය.
අප රටේ ද මෙවැනි අනාවැකි රැසක් ඇත. දුටුගැමුණු කුමරුන් ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් රට මුදා ගන්නා බටව කඳ සුරි\q තාපස වේශයෙන් පැමිණ පවසා ඇත. සුභ නම් දොරටුපාල රජු මරා වසභ නම් කුමරකු රජ වන බවට කී ප්‍රකට අනාවැකියක් ඇත. ගෝඨාභය සිරිසඟබෝ හා සංඝතිස්‌ස කුමරුවන්ට අන්ධ බමුණකු නොවරදින අනාවැකියක් පවසා ඇත ලංකා ඉතිහාසයේ මෙවැනි හරි ගිය අනාවැකි රාශියක්‌ම ඇත. මේ අනාවැකිකරුවන් විශිෂ්ටයෝ වෙති.
නමුත් බුදුවසින් දෙදහස් පන්සියයක් ගිය කළ සවන සිරි පැරකුම්බා මහරජ දියසේන නමින් උපත ලබා සිරිලක ශ්‍රී විභූතියට පත් කරවන බවට පැරකුම්බා සිරිතේ සඳහන් අනාවැකිය මෙතෙක් හරි නොගිය ආන්දෝලනාත්මක අනාවැකියකි.
මෑත යුගයේ පහළ වූ සුප්‍රකට අනාගත වාක්‌තෘවරුද සිටිති. ඇමරිකාවේ වාසය කළ එඩ්ගා කේශි නම් දිවැසිවරයා දෙවන ලෝක යුද්ධයේදි ඇමරිකාව හා ජපානය යුද වදින බවට අනාවැකි පළ කළේය. ජීන් ඩික්‌සන් නමැති ලෝ පසිඳු අනාගත වාක්‌තෘවරිය 1952 හා 1956 දී ජනාධිපති කෙනඩි ඝාතනය වන බවට අනාවැකි කියා ඇත. දේශපාලන අනාවැකි නොකී වන්ගා සිම්ට්‍රොaවා නමැති බල්ගේරියානු අනාවැකිකාරිනිය පුද්ගලයන්ට කී අනාවැකි බොහෝ නිවැරැදි ඒවාය.
ටයිටැනික් නෞකාවේ විනාශය පිළිබඳ නැව තැනීමට දොලොස් මසකට පෙර මොගන් රොබින්සන් නම් ලේඛකයා අනාවැකියක් ලියා ඇත. 1937 දී ද ඇස්‌ට්‍රොලොජිකල් මැගසින් සඟරාවේ මහාචාර්ය බී. වී.රාමන් මහතා මෙසේ සඳහන් කර ඇත. “මුසෝලිනීගේ හා හිට්‌ලර්ගේ උපත යුරෝපය අනතුරු දායක කලාපයක් බවට පත් කරනු ඇත.” දෙවන ලෝක සංග්‍රාමය නිසා සත්‍යයක් බවට පත් මේ අනාවැකිය මෙන්ම 1944 ඔක්‌තෝබර් 11 දා සිට මාස නමයක් තුළ හිට්‌ලර්ගේ අවසානය වන බවද පවසා ඇත. 1947 දී එම සඟරාවේ අප්‍රේල් කලාපයේ ගාන්ධිතුමාගේ ඝාතනය ගැන අනාවැකියක් බී. වී. රාමන් මහතා පවසා ඇත. මේ අනුව එතුමා ද විශිෂ්ට අනාගත වාක්‌තෘවරයෙකි.
අනාගත වාක්‌තෘන් ගැන කියන විට ලිත අනාවැකි 3000 ක් පමණ මෙයට වසර පන්සීයකට පමණ ඉහතදී ඉදිරිපත් කළ ලෝකප්‍රකට අනාගත වාක්‌තෘ ප්‍රංශ ජාතික මිචෙල් ඩී. නොස්‌ට්‍රඩාමුස් ගැන සඳහන් කළ යුතුමය. පුදුම ජනක වූ මෙම අනාවැකිවලින් බොහොමයක් මේ වනවිට සත්‍ය වී ඇති නිසා මුළු ලෝකයේම අවධානය දැන් ඒවා ගැන යොමුව තිබේ.
නැපෝලියන් හා ප්‍රංශ විප්ලවය පළමු හා දෙවන ලෝක සංග්‍රාම හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය වැනි නිවැරැදි අනාවැකි රැසක්‌ම ඔහු පවසා ඇත. ඔහු සිටි අවධියේ එංගලන්තයට බ්‍රිතාන්‍ය යන නමක් නොවීය. එහෙත් ඔහුගේ අනාවැකිවල විස්‌මය ජනක ලෙස “බ්‍රිටේන්” යන නම සඳහන් ව ඇත. ඔහුගේ අනාවැකි සඳහන් සෙන්චරීස් නමැති ග්‍රන්ථය අද ලොව පුරාම පැතිරී ගොස් ඇති අතර අනාගතයේ සිදුවන අනාවැකි රැසක්a එහි සඳහන් ව තිබේ.
මෙම විස්‌මිත අනාවැකි බොහොමයක් ගුප්ත ශක්‌තියෙන් කියෑවුණ ඒවාය. ජ්‍යෙdතිෂයද අනාවැකි කීමට හොඳින් යොදාගත හැකි බව මහාචාර්ය බී. වී. රාමන් මහතා ඔප්පු කර ඇත. කෙසේ වුවද පිළිගත් අනාගත වාක්‌තෘවරයකු බවට පත්වන්නේ නිවැරැදි අනාවැකි පළ කළහොත් පමණකි. අප මෙහිදී සඳහන් කළේ එවැනි අනාගත වාක්‌තෘන් ගැන තොරතුරු කිහිපයක් පමණි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here