[ratings]
දෙවැනි කොටස
සුබ නැකතක් යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද යන කාරණය පිළිබඳව පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමු. ඒ අනුව සුබ මොහොත හෙවත් නැකත උදාවීමට ප්‍රධාන කරුණු දෙකක් බලපාන බව විස්‌තර කෙරිණි. අදාළ පුද්ගලයාගේ කේන්ද්‍රය අනුව අපේක්‍ෂිත කාරණය ඉටු කර ගැනීමට සුදුසු ග්‍රහ බලයක් මේ දිනවල තිබේද? යන්න එයින් පළමුවැන්නයි. එනම් කර්ම ශක්‌තියයි. දෙවැන්න නම් අදාළ වේලාවට උදාවන ග්‍රහචාරයයි. නැකත් වේලාවක දී උදාවන ලග්න, නවාංශක, දින, තිථි හෝරා ආදියෙන් යෙදෙන දෝෂ තිස් හතක් ගැන ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයේ ඉගැන්වේ. මෙම දෝෂ නොමැති අවස්‌ථාව ශුභ තැනක් වේලාවක් යෑයි අදහස් කරමු. එහෙත් ඒ දෝෂ 37 යෙදෙන්නේ නැති ඉතා ශුභ නැකතක් හෙවත් සර්වතෝභදා නැකතක් දෙවියන්ටවත් සෑදිය නොහැකි බවද කියෑවේ.
එසේ කියන්නේ මෙම දෝෂ 37 න් එකක්‌වත් යෙදෙන්නේ නැති අවස්‌ථා ඉතා දුර්ලබ බැවිනි. එබැවින් හැකි තරම් දුරට මෙම දෝෂ අඩුකර ගැනීම දක්‍ෂ ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රඥයකුගේ කාර්යභාරය විය යුතුය.
කෙසේ නමුදු මෙම ලිපිපෙළේ අදහස නැකත් සෑදීම පිළිබඳව පාඩම් මාලාවක් ඉදිරිපත් කිරීම නොව උපන්දා සිට මරණය දක්‌වා එදිනෙදා ජීවිතයේ නැකත් සාදා ගත යුතු වැදගත් අවස්‌ථා සහ ඒවාට අදාළ සිරිත් විරිත් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමයි. මේ හැර ජ්‍යෙdතිෂය පිළිබඳව ගැඹුරු දැනුමක් නැති අයගේ ද ප්‍රයෝජනය පිණිස පහසුවෙන් සාදාගත හැකි ශුභ තැනක් ක්‍රම හා ඊට අදාළ වැදගත් තොරතුරුද ඉදිරිපත් කෙරේ.
ඉඳුල් කටගෑම හා කෙස් කැපීම සඳහා නැකත් හා චාරිත්‍ර පිළිබඳව පසුගිය සතියේ කරුණු ඉදිරිපත් කළෙමු. දරුවාගේ වැඩීම සමග උදාවන විවිධ වූ වැදගත් අවස්‌ථාවල සාදන නැකත් පිළිබඳව මෙම ලිපියෙන් තව දුරටත් සාකච්ඡා කරමු.
කන් විදීම
ගැහැනු දරුවන්ගේ කන් විදීම නැකතකට සිදු කරන පුරාණ චාරිත්‍රයකි. දරුවාගේ වැඩීමත් සමග කන් පෙතිවල මෘදු බව ඉවත් වන අතර ඒවා විදීම දරුවාට වැඩිපුර වේදනා ගෙන දෙන නිසා, කුඩාකලම කන් විදීම යෝග්‍යය. දරුවාගේ වයස මාස 7 සහ 8 වන විට ද නැතහොත් වර්ෂ 1,3, 5 ආදී ඔත්තේ වර්ෂ ද ඊට සුදුසුය. මෙයට අමතරව “විෂ කලාව” හිසෙන් පහලට බැස ගිය පසුවද උදාවන සඳුදා, බදාදා, ගරුදා, කවිදා යන දින හතර ද ශුභ මේ සඳහා උදේ 7-11 අතර කාලය ශුභය. මධ්‍යන්නය හා සවස කාලය ශුභ නැත.
අකුරු කියවීම
හෝරාහරණය, මුහුර්ථ චින්තාමණී, ආදී පැරණි ජ්‍යෙdතිෂ ග්‍රන්ථවලට අනුව අකුරු කියවීම කළ යුත්තේ දරුවාට වයස අවුරුදු පහ වන විටය. පෙර පටන්ම පාසලේ හෝඩිය පංතියට ඇතුළත් කරගනු ලබන්නේ වයස වර්ෂ 5 වූ දරුවන්ය. මෙකල වයස වර්ෂ තුනේ දරුවන්ට අකුරු කියවීම කළද, ඊට හේතු වී ඇත්තේ ළදරු පාසල් යෑවීමට ඇති අවශ්‍යතාව බව පෙනේ.
කෙසේ නමුදු වයස 5 වීමට පෙර දරුවන්ට පොත් පත් කියවා අකුරු ඉගැන්වීම ශුභ නැත. වයස 3 දී විද්‍යාරම්භය උදෙසා අකුරු කියවුවද, ඊට “අත් පොත් තැබීම” යන වචන වඩාත් උචිත බව පෙනේ.
සරස්‌වතී යෝගය විද්‍යාරම්භය සඳහා ඉතා ශුභය. බදාදා දවසක බුධ හෝරාව තුළ රවි, බුධ යන ග්‍රහයින් දෙදෙනා කන්‍යා ලග්නයේ බලවත්ව උදාවන විට සරස්‌වතී යෝගය යෙදේ. මෙවැනි විශේෂ යෝගයක් උදාවන විට අතුරු කියවීම මැනවි.
අකුරු කියවන අවස්‌ථාව වැඩිහිටියනට ඉතා සුළුදෙයක් ලෙස පෙනිය හැකි නමුදු දරුවාට එය ඉතා වැදගත් කටයුත්තකි. එබැවින් එය දරුවාට ඉතා ප්‍රසන්න අද්දැකීමක් බවට පත්කළ යුතුය. අකුරු කියවීමේ චාරිත්‍ර පිළියෙල වී ඇත්තේ මේ අනුවය.
මේ සඳහා දරුවාට ලස්‌සන පොත් පත් පැන්සල් ආදිය සපයා ගත යුතුය. හිඳ ගැන්මට වඩාත් සුදුසුවන්නේ ලොකු පුටු මේස නොව දරුවාගේ සිරුරට ගැලපෙන සේ සාදන ලද කුඩා ඩෙස් එකක් හා පුටුවකි. අකුරු කියවීමට පෙර බුදු රජාණන් වහන්සේට බුද්ධ පූජා තබා දෙවියන්ට පින් දිය යුතුය. සරසවි, ගණදෙවි රූප තබා පනත් දල්වන්නේ නම් ඒ රූප බුද්ධ රූපයට වඩා පහලින් සිටින සේ තැබිය යුතුය.
අකුරු කියවීමට පෙර දරුවා කරන්නට යන දේ ගැන දැනුවත් කළ යුත්තේද ප්‍රසන්න ආකාරයෙනි. අකුරු කියවන විට ඕනෑවට වඩා සෙනඟ බලා සිටීම, දරුවාට “කියන්න” “කියන්න” යෑයි කෑගසීම, කිලි කුණු ඇති අය හා ඇස්‌වහ දෝෂ ඇති අය බලා සිටීමද අශුභය. අකුරු කියවීමට මව පියා හෝ අන්‍ය ගුණ ගරුක වැඩිහිටියකු ශුභය.
ප්‍රථමයෙන්ම මුල් පොත අකුර වූ ” අ” යන්න කියවීම සුදුසුය. එමෙන්ම ඤාණයට අධිපති ගුරු හා බුද්ධියට අධිපති බුධ යන ග්‍රහයින් අස්‌ත, නීච, කාලවල අකුරු කියවීම ශුභ නැත. සඳු, බුධ, ගුරු, සිකුරු යන දිනයන් හා හෝරාවන් ශුභය.
මුල, අස්‌ලිය, කැති, විසා, පුවපල්, පුවසල, පුවපුටුප මා, බෙරණ යන නැකැත් 9 මේ සඳහා ශුභය. මේවා අධෝමුඛ නැකත් යන නමින් හඳුන්වනු ලැබේ. අකුරු කියවීමට ශුභ වන්නේ උදේවරුව පමණකි.
මල්වර නැකත හා ශාන්තිස්‌නානය
යෞවනියකගේ මාසික ඔසප් වීමේ ක්‍රියාවලිය පළමුවෙන්ම සිදු වූ විට එය මල්වර වීම යෑයි හඳුන්වනු ලැබේ. මෙවැනි අවස්‌ථාවක ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයකු හමුවී එහි ශුභා ශුභ විමසීම හා එයින් පසුව දැරිය ස්‌තානය කරවීම සඳහා ශුභ නැකතක් බැලීම පුරාණ චාරිත්‍රයකි. මල්වර ප්‍රශ්නයක් ඉදිරිපත් වන විට එහි ශුභා ශුභ පැවැසීම සඳහා යොදා ගන්නේ තත්කාල කේන්ද්‍රයයි. තත්කාලය යනු සේවාදායකයා ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයා වෙත ඉදිරිපත් ව වේලාවට සාදනු ලබන කේන්ද්‍රයයි දැරිය පිළිබඳව බොහෝ විස්‌තර එමගින් හෙළි කෙරේ.
මල්වර නැකත අනුව යම් යම් ශුභා ශුභ කියනු ලැබුවද කාන්තාවකගේ අනාගත ජීවිතයේ ශුභා ශුභ තීරණය විමකෙරෙහි වඩාත් බලපෑමක් ඇති කරවන්නේ ඡන්ම කේන්ද්‍රය බව කිය යුතුය. ඇත්ත වශයෙන්ම දැරියක මල්වර වූ වේලාව නිවැරැදිව කීමට ඇය හෝ ඇගේ මව නොදනී. එවැනි විටෙක විස්‌තර පවසනුයේ තත්කාල ශාස්‌ත්‍රයෙනි. තත්කාල ශාස්‌ත්‍රය සෑම ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයකුම ප්‍රගුණ කර නැත. එබැවින් මේ පිළිබඳ කියන අනාවැකි ඡන්ම පත්‍රය අනුව කියන අනාවැකි තරම්ම ශාස්‌ත්‍රීය නොවේ.
මල්වරවූ දැරියක ස්‌නානය කරවීම සඳහා මල්වර වී දින හත අටක් ප්‍රමාද කර සාදා දී ඇති නැකත් මෙම ලියුම්කරුට දක්‌නට ලැබී ඇත. මෙය බරපතළ වරදකි. දැරියක මල්වර වී හතර, පස් යන දිනක ශුභ නැකතකින් ස්‌නානය කළ යුතු බව ජ්‍යෙdතිෂ නියමයයි. ඊට වඩා ප්‍රමාද කිරීමෙන් අපිරිසිදු ඔසප් ලේ සමග විෂ බීජ එකතු වී ආපසු ගර්භාෂය කරා යැමෙන් විවිධ අසාදන තත්ත්වයක් ඇතිවේ. ගර්භාෂයේ රෝග තත්ත්වයන් දිගුකාලීනව ඇති වීමට ද මෙය හේතු විය හැකිය. එබැවින් ඔසප්වී දින හතරෙන් හෝ පහෙන් නෑවීම කළ යුතුය. මේ සඳහා ඡන්ම පත්‍රයේ උපන් නැකතට සීහෙන නැකත් දිනය යොදාගත යුතුය. සිකුරාදා දිනය ශාන්ති ස්‌නානයට ශුභ නැත. සඳු, බුධ, ගුරු ආදී ශුභ දිනක උදේ පාන්දර යෙදෙන ශුභ වේලාවක් වඩාත්ම ගැලපේ.
ශාන්ති ස්‌නානය කරවීමට වඩාත් සුදුසු වන්නේ දැරියගේ මවය. නැතහොත් අන් වැඩිහිටි ස්‌ත්‍රියක් ශුභය. රජක ස්‌ත්‍රීන් හෝ වෙනත් අය ලවා නැවීම සුදුසු නැත. මල්වර වූ දැරියන් පමණක් නොව නව ග්‍රහ අපල ඇති අන්‍යයන්ටද ශාන්ති ස්‌නානය නියම කරනු ලැබේ. ශාන්ති ස්‌නානය යනු බෙහෙත් වතුරින් නෑවීමයි. ඒවාට ගනු ලබන ඖෂධ විවිධ ය. මල්වර ශාන්ති ස්‌නානය සඳහා රත්නඳුන්, වියලි ඉඟුරු, මරුතමුල්, වදකහ, අමුකන, කලා ඳුරු සපුමල්, කැකුළු, ජටාමාංශ, වෙනිවැල්ගැට, ඊතණ, සමන්පිච්චමල් ආදී ඖෂධ වර්ග සමව ගනු ලැබේ. මේවා කකාරවා පෙරාගත යුතුය.
ශාන්ති ස්‌නානය සඳහා ගනු ලබන බෙහෙත් වතුරින් දරුවා නෑවිය යුත්තේ අන්තිමටය. මුලින්ම එවායින් නහවා නැවත වතුර වත්කළොත් බෙහෙත් ද්‍රව්‍ය සියල්ල හේදී යන බැවිනි. ඉන්පසුව දිනට හිමි වර්ණවත් ඇඳුමක් අන්දවා දැරිය ගේ ඇතුළට එන විට පළමුව (පිරිමින්ගෙන්) පියාගේ මුහුණ දකීම මැනවි. ඉන් පසුව ආගමික වතාවත් කර පස්‌දෙනෙකු සමග වාඩිකරවා සංග්‍රහ කරවන්න. මෙයින් දින 21 ක් ගත වූ විට ප්‍රධාන සිද්ධස්‌ථානයක බුද්ධ පූජා, බෝධිපූජා තබා පන්තිනි දෙවියන්ට පින් දී භාරහාර වීම පැරණි සිරිතකි.
මල්වරවූ දැරියකගේ උත්සවය ජයපැන් බොන විශාල සාදයක් බවට පත් කර ගැනීම වරදකි. මෙසේ වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දැරියගේ පියා මත්පැන් ලෝලියකු වීම නිසා බව රහසක් නොවේ. මෙමගින් සිදුවන්නේ එම දැරියට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමයි.
මෙවැනි අවස්‌ථාවක දැරියගේ මව හා පියාගේ ළඟම ඥාතිවරියන් ට ” දැන් ඇය වැඩිවියටපත් තරුණියක් ” යෑයි දැන ගන්නට සලස්‌වා ඔවුන්ගේ ආශිර්වාදය හා ආරක්‍ෂාව පැතීම සඳහා පමණක් ආරාධනා කර සංග්‍රයක් කිරීම වරදක් නොවේ.
මල්වර වූ දැරියක ස්‌නානය කරන තෙක් පිරිමින් නොදැකීම, පුළුටු ආහාර නොදීම, වෙන් කර කාමරයක තැබීම, ශුභ නැකතකින් ශාන්ති ස්‌නානය කිරීම, දින 21 කට පසුව බුද්ධ පූජා නම් පතිවෘතාවට අධිපති දෙවඟන සේ සැලසෙන පත්තිනි මෑණියන්ට භාර කිරීම ආදිය ගැඹුරු අරුතක් ඇති උසස් චාරිත්‍ර බව විමසා බලනවිට අනාවරණය වන්නේය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here