[ratings]
ගෙවල් සෑදීමට
සුබ නැකතක් පවතිනුයේ ඉතා සුළු කාලයකි. සමහර විට එය විනාඩි දෙක තුනක් ඇතුළත ඉක්‌ම යා හැකිය. ලග්නය නවාංශකය හෝරාව ආදී වශයෙන් මේ ශුභ නැකත ඉතා සියුම්ව ගණනය කළද තැනක් සෑදීම ආරම්භ වන්නේ සුදුසු වර්ෂය හෙවත් වයස සැලකිල්ලට ගැනීමෙනි. ඉඳුල් කටගෑම, අකුරු කියවීම කෙස් කැපීම, විවාහය ආදී කටයුතු සඳහා ඉතා සුදුසු වයස කුමක්‌දැයි ජ්‍යෙdතිෂයේ සඳහන් වන්නේය.
මෙවැනි මාතෘකාවක් යටතේ මෙම ලිපිය ලිවීමට අදහස් කළේ ඒ ඒ කටයුතු පිළිබඳව සලකා බැලිය යුතු වයස පිළිබඳව බොහෝ දෙනෙකුට පැහැදිලි වැටහීමක් නැති බව පෙනෙන බැවිනි. නැකත් සාදන විට ඉවත් කර ගත යුතු යෑයි සැලකෙන දෝෂ 37 ක් පළමුවැන්න ලෙස සලකනු ලබන්නේ වයස පිළිබඳවය. අදාළ කාර්යය ඉෂ්ට කරවීමට තරම් ජන්මියා ශාරීරික වශයෙන් යෝග්‍ය තත්ත්වයක සිටීද යන්න මෙයින් විමසා බලන්නේය.
කෙස් කැපීම
කුඩා දරුවන්ගේ කෙස් කැපීම උපන් දින සිට දින 45 ක ගත වූ විට කරන බවට ඇති මතය ජ්‍යෙතිෂයට අනුකූල නොවේ. කෙස් කැපීම සඳහා පිරිමි දරුවන්ට 1, 3 ආදී ඔත්තේ වර්ෂයද ගැහැනු දරුවන්ට ඉරුට්‌ටේ වර්ෂය ද ශුභය. එහෙත් යන්තමින් වචන කතා කිරීමට ආරම්භ කරන විට හෙවත් “බහ තෝරන” විට කෙස් කැපීම සඳහා නැකත් සෑදීම සුදුසු නැත. එමගින් දරුවාට වචන උච්චාරණයේ දුර්වල කම් ඇති වීමට ඉඩ තිබේ.
කණ් විදීම
ගැහැනු දරුවන්ගේ කන් විදීම සඳහා 1, 3, 7 ආදී ඔත්තේ වර්ෂ ශුභ බවක් කියෑවේ. ඉහත පරිදි කන් විදීම හා කෙස් කැපීම යන කටයුතු සඳහා මෙකල වයස මාස දෙක තුනක් ගත වු දරුවා සඳහා තැනක් සැදීමට මව් පියන් යොමු වී ඇති නමුදු පැරණි ග්‍රන්ථවල එසේ කළ යුතු බවක් සඳහන් වන්නේ නැත.
බත් කැවීම
බත් කැවීම සඳහා පිරිමි දරුවන්ට ඉරට්‌ටේ මාසයක් ද ගැහැනු දරුවන්ට ඔත්තේ මාසයක් ද ශුභ බව කියෑවේ. 2, 4, 6, 8, 10 ආදී ඉරට්‌ටේ නැතහොත් 7, 9, 11 ආදී ඔත්තේ මාසයක ශුභ යෑයි සඳහන් කරමින් විවිධ මාස ගණන් බත්කැවීමට නිර්දේශ කර තිබෙන්නේ විශේෂ හේතුවක් නිසාය. එනම් බත් කැවීම සඳහා “ඝන ආහාර” දිරවීමේ ශක්‌තියක් දරුවාට තිබිය යුතුය. එම වර්ධනය පෙන්වන්නේ කටට කෙළ උනන බව සහ දත් එම (ආරම්භ වූ බව) මගිනි. එතෙක් දරුවන්ට බත් දීම අශුභ දායකය. දිරවීමේ ශක්‌තිය නැති බැවිනි. එක දතක් හෝ පැමිණි විට ඊට ආසන්න ශුභ මාසය බලා ඉඳුල් කටගෑමේ නැකත සැදිය යුතු වන්නේය.
අකුරු කියවීම
විද්‍යාරම්භය වශයෙන් ජ්‍යෙdතිෂ ග්‍රන්ථවල සඳහන් වන අකුරු කියවීම මෙකල වයස අවුරුදු තුනක් වීමට පෙර සිදු කිරීමට සෑම දෙමව්පියෙක්‌ම උනන්දු වන බව පෙනේ. ළදරු පාසල් වලට දරුවන් ඇතුළත් කිරීම සිදු කෙරේ.
අකුරු කියවීම වයස අවුරුදු පහේදී කළ යුතු බව සෑම ජ්‍යෙතිෂ ග්‍රන්ථයකම පාහේ සඳහන් වන්නේය. “පංචමෙ වත්සරේ ගීශොඃ” යනුවෙන් තෝරාභරණය නම් පුරාණ ග්‍රන්ථයේ එසේ කියෑවෙන අතර “මුහුර්ථ චින්තාමනි” නම් ග්‍රන්ථයේදී අකුරු කියවීම වයස වසර 5 කළ යුතු බව කියා තිබේ. පහත පළවන්නේ මේ පිළිබඳව පලදාවලියේ සඳහන් කවියකි.
පස් වන වසර ගිය කළ හිරු උතුර යන
තොස්‌වම සරසවිය ගණපති හට සොබන
උක් සකුරුද කිරිබත් ආදිය රැගෙන
සිත් ලෙස පුදා නමකර අදර බැතියෙන
මෙයින් ද අකුරු කියවීම වසර 5 දී කළ යුතු බව කියෑවේ. මෙකල ළදරුවන්ට අකුරු ඉගැන්වීමෙන් ඔවුන් ශාරීරිකාව යෝග්‍ය බවට නොපැමිණි මොළය වෙහෙස වීමෙන් දුර්වල බවට පැමිණේ. පාසල් අධ්‍යාපනය වයස 5 සම්පූර්ණ වූ දරුවන් ගෙන් ආරම්භ කර ඇත්තේ මෙය අධ්‍යාපන විශේෂඥයින්ගේද මතය බැවිනි. පෙර පාසල් අධ්‍යාපනයට අනුව අකුරු ඉගැන්වීම ජ්‍යෙdතිෂයට පටහැනිය.
පැවිදිවීම සඳහා ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටම වයස අවුරුදු හතෙන් පසුව සුදුසු ය. පැවිදිවීම ආධ්‍යාත්මික දියුණුව ඉලක්‌ක කරගෙන කරන ලද්දක් වුවද ශුභ නැකතකට මහණ කිරීම හා එහි ප්‍රතිඵල ජ්‍යෙdතිෂ ග්‍රන්ථවල වර්නනා කොට ඇත්තේය.
විවාහය
විවාහය සඳහා පිරිමි අයට වයස වර්ෂ 21 පසුව උදාවන 21, 23, 25, 27 ආදී ඔත්තේ වර්ෂයක් ද තරුණියන්ට වයස 16 න් පසුව උදාවන 16, 18, 20, 22 ආදී ඉරට්‌ටේ වර්ෂද ශුභය.
ගෙවල් සෑදීමට හෙවත් ගෘහාරම්භය සඳහා නිර්දේශ කර ඇත්තේ ද පිරිමින්ට ඔත්තේ වර්ෂ සහ ස්‌ත්‍රීන්ට ඉරට්‌ටේ වර්ෂ ය. එහෙත් විවාහය හා ගෘහාරම්භය සඳහා සෑම ක්‍රිස්‌තු වර්ෂයකම අගම සති දෙක හෙවත් දෙසැම්බර් මාසයේ අග හා ජනවාරි මාසයේ මුල සති දෙකක ඉතා අශුභය.
ජනවාරි වලින් ආරම්භ වී දෙසැම්බර් වලින් අවසන් වන අවුරුද්ද හා එම මාස ක්‍රමය ජ්‍යෙdතිෂයට අදාළ වර්ෂ හෝ මාස ක්‍රමය නොවේ. මෙහි වයස උපන් දා සිට ඊළඟ උපන් දිනය දක්‌වා එක් වසරක් වශයෙන් ගත යුතු ය. වයස මැන ගැනීමේ ඉතාම නිවැරැදි ක්‍රමය වන්නේ උපන් ශත වර්ෂය සූර්ය මාසය හා දිනය වත්මන් ශත වර්ෂය මාසය හා දිනයෙන් අඩු කිරීමයි.
ඉහත සඳහන් කළ පරිදි ජීවිතයේ ඒ ඒ අවස්‌ථා වලදී කළ යුතු වැදගත් කටයුතු වයස අනුව සලකාබලා කල් ඇතිව සැලසුම් කිරීමට මෙම කරුණු උපකාර වනු ඇත. සුබ කටයුතු නිසි වයසේ දී සිදු කිරීමට වග බලා ගනිමු.
We found this article from Divaina on 2011/10/14.
Also Sinhala to English Google word to word translation can be found here	

