අංක විද්‍යාවෙන් පලාපල කියමු

2449
අංක
අංක

[ratings]

අංක විද්‍යාවේදී පලාපල කථනයක යෙදීමේදී ප්‍රථමයෙන් ඔහුගේ හෝ ඇගේ දෛවය අවස්‌ථා තුනකට වර්ගීකරණය කර ගැනීමට සිදු වෙනවා. එනම්,

1. ආධ්‍යාත්මීය, 2. චිත්ත වේගීය, 3. ලෞකික වශයෙන් ඒ අවස්‌ථා තුනය.

එසේම පුද්ගලයකුගේ ආධ්‍යාත්මික ලෝකය ද ලෝක තුනකට පරාවර්ථනය වේ. ආධ්‍යාත්මික තත්ත්වය සොයා ගැනීම සඳහා ගුප්ත අංකය සොයා ගැනීම කළ යුතුය. ගුප්ත අංකය අනුසාරයෙන් ඔහුගේ සිතේ ස්‌වභාවය හඳුනා ගැනීම සිදු කළ යුතු අතර අංකයන්ගේ ප්‍රභේද රාශියක්‌ ඇත. ධාතු කොටස්‌වලටද අනතුරුව අංක වර්ගීකරණය සොයාගෙන ඒවා ගැන බලා සමබරතාවන් ගැන විමසා බලා පලාපල කථනයේ යෙදිය යුතුය. එසේම වාර්ෂික පලාපල කථනයේදී ඒ ඒ පුද්ගලයාට වර්ෂයට බලපාන මුදුන් අංකය සොයා ගැනීම කළ යුතුය. එසේම වර්ෂයට බලපාන අංකය සොයා ගැනීම කළ යුතුය. එසේම වර්ෂයට බලපාන අංකය හා අංකයන්ගේ සමවිෂම තාවන් පරීක්‍ෂා කර බැලිය යුතුය.

මෙසේ අංක විද්‍යාවට අනුව ඵලාපල කථනයක යෙදීම ක්‍ෂණිකව කළ හැකි දෙයක්‌ නොවන බව ඔබට වැටහී යනවා ඇත. මේ සම්බන්ධව ඉදිරියට ඔබට කරුණු කාරණා “දිවයින” “නැකත” ජ්‍යෙdතිෂ අතිරේකය තුළින් දැනගැනීමට අවස්‌ථාව උදාවෙනවා ඇත.

බොහෝ විට නාමාංකය සෙවීමේදී ඉංගී්‍රසි භාෂාවේ අක්‍ෂරවලට විවිධ වටිනාකම් අංක වශයෙන් දී ඇත. දැනට භාවිතා වන්නේ එකී ක්‍රමයයි. එය ශාස්‌ත්‍රීය නොවන බවය මගේ වැටහීම, ශබ්ද විද්‍යාවට අනුවද එහි කිසිදු පදනමක්‌ ඇති බවක්‌ නොපෙනේ. එහෙත් මෙම විද්‍යාව හෙළයේ දියුණු තත්ත්වයට පත්වෙනතුරු එය භාවිතා කිරීම වරදක්‌ වශයෙන්ද නොපෙනේ, හේතුව ශාස්‌ත්‍රීය ප්‍රබෝධය රැක ගැනීම සඳහා, විශ්වකීර්තියට පත් ප්‍රංශයේ පහළ වූ ශේ්‍රෂ්ඨ කෙටිකතාකරු ගීද මෝපසාංගේ උපත ක්‍රි. ව. 1850-08-05 දිනය, ඔහුගේ දෛව අංකයන් වන්නේ – 1+ 8+5+0+8+5 } 9 යය. ඒ අනුව ඔහුගේ දෛව අංකය අංක “9” ය වේ. අනු දෛව අංකය අංක “5” වේ. බොහෝ අවස්‌ථාවලදී අනු දෛව අංකය හෙවත් දින අංකය ද බලපාන බව මට පෙනී ගිය කරුණකි. ඔහුගේ ගුප්ත අංකයද අංක “9” ය වේ. ගුප්ත අංකය සොයා ගැනීම සඳහා කළ යුත්තේ මාසයට හිමි සංඛ්‍යාවන් හා දිනයට අදාළ සංඛ්‍යාවන් එකතු කර 9 න් බෙදා ලැබෙන ශේෂයත් උත්තරයත් දෙක එකට එකතු කිරීමෙන් ලැබෙන උත්තරය ගුප්ත සංඛ්‍යාව ලෙසට ගැනේ.

අගෝස්‌තු මාසයට හිමි සංඛ්‍යා } 324821

දිනයට අදාළ සංඛ්‍යා (5 දිනය) } 461973

786794/9

ශේෂය 5 ලැබේ. උත්තරය 87421, ශේෂය හා උත්තරය තනි අංකයට ගත් විට 5+ 8+7+4+2+1 } 9. මෙය ගුප්ත අංකය ලෙසට සලකනු ලැබේ ගුප්ත සංඛ්‍යාවට අනුව ගීද මෝපසාංගේ ආධ්‍යාත්මික ලෝකය ලෝක තුනකට පෙරළේ. එනම්,

දේවත්වය ඝ ප්‍රඥවයි.

චෛතසික තත්ත්වය ඝ මානසික ආලෝකයයි

ද්‍රව්‍ය තත්ත්වය ඝ ආරක්‍ෂාවයි,

සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ පිළිගැනීමද අංක “9” බල සම්පන්න ගුප්ත අංකයක්‌ බවය. එහෙත් ලෞකික වශයෙන්a ප්‍රබල දායකත්වයක්‌ අංක “9” න් නොලැබෙන බව ගීද මෝපසාංගේ චරිතයෙන් පෙන්නුම් කරයි.

උපන් දිනයට අදාළව ඔහුගේ ලෞකික ජීවිතය මෙයාකාරයෙන් බෙදී යන්නේය.

1850-08-05 දින, උපත

තිත්ව බෙදීම.

ආධ්‍යාත්මික තත්ත්වය ඝ

චිත්තවේගීය තත්ත්වය ඝ 5, 8, 5,

ලෞකික තත්ත්වය ඝ

මෙහිදී ලෞකික තත්ත්වයට එකදු වටිනාකම් වත් ලැබී නැත. චිත්ත වේගික තත්ත්වය අතිශයින්ම බලවත් වී ඇත. උපන් වර්ෂයට අදාළ අංකයද අංක “5” වේ, දින අංකය ද “5” වේ. ආධ්‍යාත්මික තත්ත්වය දෛව අංකයෙන්ද, ගුප්ත අංකයෙන්ද බලවත් වී ඇත. ඊටම උපත ලද වර්ෂයට අදාළව ලැබී ඇති ආකාශ භූතයාට අයත් බිංදුවේ (“0”) බලයද ලැබී බලවත් වී ඇත. සාමාන්‍යයෙන් පංචමහා භූතයන්ගෙන් ආකාශ භූතයා සෑම අංකයක්‌ සමගම මිත්‍ර බවක්‌ දක්‌වයි.

මේ අනුව චිත්තවේගික තත්ත්වය බලවත්වීම ඊට ආධ්‍යාත්මීය ශක්‌තිය ද එකතුවීමෙන් ඔහු ශේ්‍රෂ්ඨ මහා පුරුෂයකු බවට පත් විය. එහෙත් ඔහුගේ ලෞකික ජීවිතය අතිශයින්ම දුඃඛ දායක එකක්‌ විය. ඔහු මුළු ජීවිත කාලය තුළම නය බරින් පීඩිතව අසහනයෙන් ද සමහර විටක එල්ල වු තර්ජනයන්ට පවා මුහුණදෙමින් පුදුමාකාර දුඃඛ දිවියක්‌ ගෙවූ බව ඔහුගේ ජීවිත කතාව හැදෑරීමෙන් දැනගත හැකි වෙනවා ඇත. ඔහු කිසිකලෙක රාජ්‍ය වරප්‍රසාදයක්‌ -රාජ්‍ය ප්‍රභූ බලයක්‌ සම්මානයක්‌ නොලැබූ ශේ්‍රෂ්ඨ කෙටිකතාකරුවා ද වෙයි.

ප්‍රංශ වියතුන් විෂ්මයට පත්කළ ඔහුගේ පොත ඊදමකැ De Sමසක නමැති කෘතියයි.

ගීද මෝපසාංට විශිෂ්ට කීර්තියක්‌ ලබා දුන් පොත,

ඛA ප්sදබ ඔeකකසැර

මේ කාලය වනවිට ඔහුගේ වයස අවුරුදු 31 සම්පූර්ණ වී අවුරුදු 32 ක ලබා තිබුණි. මේ කාලය තුළ ඔහුට උපරිම සුබඵල උදා වූ කාල වකවානුවක්‌ බව පෙනේ.

මෙකී කාලය 1881 වූ අතර වර්ෂයට හිමි අංකය වූවේ අංක “9” යය, උදාවී තිබුණ මුදුන් අංකය අංක “7” ය,

ක්‍රි. ව. 1882 වර්ෂයේ ඔහුගේ මුදුන් අංකය “7”

ක්‍රි. ව. 1883 වර්ෂයේ ඔහුගේ මුදුන් අංකය “9”

ක්‍රි. ව. 1884 වර්ෂයේ ඔහුගේ මුදුන් අංකය “1” ය.

ඔහුට උසස්‌ ප්‍රතිඵල උදාකර දුන් මෙම වර්ෂවලදී සුභඵල දායක වූ මුදුන් අංකයෝ උදාව පැවතුනි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here