අටවැන්න සහ මරණය

2164
මරණය
මරණය

මෘත්‍ය ස්‌ථානය වශයෙන් හඳුන්වනු ලබන අටවැන්නෙන් මරණය පිළිබඳව යම් ඉඟියක්‌ පළ කෙරේ. එනම් මරණය සිදුවන ආකාරය ගැනයි. අටවැන්නේ සිටින ග්‍රහයාට අයිති ධාතු කෝපයකින් උපන් රෝගයකින් මරණය සිදුවේ. ග්‍රහයන්ට අයිති ධාතු වශයෙන් රවිට පිත ද සඳුට වා, සෙම් දෙකද, කුජට පිතද, බුධට වා පිත් සෙම් යන තුන් දොසමද, ගුරුට සෙමද සිකුරුට වා සෙම් දෙක ද, ශනි ග්‍රහයාට වාතයද හිමිවේ. අටවැන්නේ කිසිම ග්‍රහයකු තැන්පත් නොවේ නම් අටවැන්නට දෘෂ්ටි හෙළන බලවත් ග්‍රහයාගේ ධාතු කෝපයකින් හටගත් රෝගයකින් මරණය වේ. කිසිම ග්‍රහයකු දෘෂ්ටි හෙළන්නේ ද නොමැති නම් අටවැන්නාධිපතිට අයිති ධාතු කෝපයෙන් හටගත් රෝගයකින් මරණය සිදුවේ.

බලවත් ග්‍රහයන් කීප දෙනෙකුම අටවැන්නට දෘෂ්ටි හෙළයි නම් ඒ ග්‍රහයින්ට අයිති ධාතු කිපීමෙන් අටවැන්නට අයත් ශරීරස්‌ථානයේ හටගත් රෝගයකින් මරණය වේ.

තවද රවි අටවැන්නේ වෙතොත් ගින්නෙන් ද සඳු වෙතොත් ජලයෙන් ද කුජ වෙතොත් ආයුධයකින් ද බුධ වෙතොත් උණ රෝගයකින් ද ගුරු වෙතොත් ආම රෝගයකින්ද සිකුරු වෙතොත් පිපාසයෙන් ද ශනි වෙතොත් ක්‌ෂුධාවෙන් (බඩගින්නෙන්) ද මරණය සිදුවේ.

අටවැන්නට වැටෙන රාශිය මේෂ නම් හිසෙහි හටගත් රෝගයකින් ද වෘෂභ නම් මුහුණේ හටගත් රෝගයකින් ද මිථුන නම් උරයේ ද කටක නම් හෘදයේ ද සිංහ නම් බඩේ ද කන්‍යා නම් උකුලේ ද තුලා නම් වස්‌තියේ ද වෘශ්චික නම් ලිංගයේ ද ධනු නම් කලවා දෙකේද මකර නම් දෙදණේ ද කුම්භ නම් කෙණ්‌ඩාවලද මීන නම් දෙපතුලේ ද හටගත් රෝගයකින් මරණය වේ.

අටවැඅන්න චර රාශියක්‌ නම් අන්‍ය දේශයකදී ද තිර රාශියක්‌ නම් ස්‌වදේශයෙහි ද උභය රාශියක්‌ නම් මාර්ගයේද මරණය සිදුවේ. මේෂ කටක, තුලා. මකර චර රාශි වේ. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශි වේ. මිථුන, කන්‍යා, ධනු, මීන උභය රාශි වේ.

We found this article from Divaina on 2013/03/22.
Also Sinhala to English Google word to word translation can be found here