අත් අකුරු හෙළි කරයි ඔබේ චරිතය

2340
අත් අකුරු
අත් අකුරු

[ratings]

අප ජීවත්වන සමාජය තුළ නොයෙකුත් ආකාරයේ පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේදී එක්‌ එක්‌ පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස්‌වන චරිත ලක්‍ෂණ පිළිබඳව අපට දැනුමක්‌ ලබාගත හැක්‌කේ ජන්ම පත්‍රය හස්‌ත රේඛා දේහලක්‍ෂණය මගින් පමණක්‌ නොවේ. ඔවුන්ගේ හෝ ඇයගේ අකුරුවල ස්‌වභාවය මෙන්ම ලියන ආකාරයෙන්ද ඔහුගේ ගතිගුණ පිළිබඳව යම් යම් කරුණු දැන ගත හැකිය.

අත් අකුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ ආකාර වෙයි. එක හා සමාන අත් අකුරු බොහෝ විට දක්‌නට ලැබුනත් එසේ වන්නේ බාහිර පෙනුමෙන් පමණි. එවැනි ලිපි දෙකක්‌ පරීක්‍ෂා කිරීමේදී අකුරේ රේඛා විහිදයන ආකාරයෙනුත් අකුර ලියන හැඩයෙනුත් කොම්බුව, ගැටය, ඇදය, ඉස්‌පිල්ල, පාපිල්ල අකුරට සම්බන්ධ කරන ස්‌ථානය හා ලියන ශෛලියේත් සියුම් වෙනස්‌කම් තිබෙන බව පැහැදිලිවේ. පුද්ගලයකුගේ අත් අකුරුවල ස්‌වභාවය ඔහුගේ ශාරීරික හා මානසික ස්‌වභාවයන්, බාහිර හේතූන් ද පාදක කොට වෙනස්‌වන බැවින් අත් අකුරු නිරීක්‍ෂණය කිරීමේදී කරුණු කීපයක්‌ අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වෙයි. ලේඛනය සඳහා යොදාගත් කඩදාසිය ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය අකුරුවල ප්‍රමාණය හැඩය හා ශෛලිය, කොම්බුව ආදී උපාංග යොදා ගෙන ඇති ආකාරය, අකුරුවල වචන හා පේලි අතර ඇති ඉඩ ප්‍රමාණය යන කරුණු නිරීක්‍ෂණය කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ස්‌වභාවය පැහැදිලි වෙයි. දෙපස තීරු ඉහළ සිට පහළට සමාන්තරව වෙන්කොට ඇත්තේනම් අකුරුවල ශෛලිය හා හැඩය පැහැදිලි නම් එය ආයාසයෙන් තොරව ලියන ලද්දේ නම් හෙතෙම ක්‍රමානුකූල හැඩ ගැස්‌මක්‌ ඇති මනා තුලනය වූ මනසකින් යුක්‌ත අයෙක්‌ බව නිගමනය කළ හැකිය.

වම් පස තිරුව වඩා පළල්ව පවතී නම් බිය, අප්‍රවේසම වැනි චරිත ලක්‍ෂණ ද, වඩා පටුනම් ලෝභය, අරපරිස්‌සම, විපරම් සහිත බව ආදී ස්‌වභාවයන් ද පවතී. එමෙන්ම ඉහළ සිට පහළට ඇති දෙපස තීරුවල ඉහළ පහළත් අතර ඇති පරතරට බොහෝ සෙයින් අඩු හෝ වැඩි නම් ඔහු ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරියට යන කෙනෙක්‌ද පසුබාන කෙනෙක්‌ ද යන්නත් නිගමනය කෙරේ. දකුණු පස තීරුව වඩා පළල්ව දැක්‌වේ නම් අනාගතය කෙරෙහි බියක්‌ පවතින බව පැහැදිලිය. ප්‍රමාණයට වඩා ලොකු හා අක්‍රමවත් අකුරු මානසික දුර්වලතාවයෙන් යුත් මානසික ලක්‍ෂණයක්‌ ලෙස සැලකිය හැක.

කුමන ආකාරයක දුර්වලතාවක්‌ ද යන්න නිගමනය කළ හැක්‌කේ අකුරුවල ස්‌වභාවය අනුවය. වචන එකට බැඳි පවතී නම් බොහෝ විට වංචාකාරී බව පෙන්නුම් කරයි. වයස්‌ පරතරය හා පුහුණුව අනුව යොදවන ශක්‌තිය වෙනස්‌ වෙයි. ඒ අනුව ලියන්නා ළමයෙක්‌ ද නුහුරු අයෙක්‌ ද පුහුණු ලේඛකයෙක්‌ ද යන්න නිගමය කළ හැකිය.

ප්‍රමාණයෙන් ලොකු අක්‍රමවත් අකුරු වයස අවුරුදු 3-5 අතර ළමයින්ගේය. තද ගැඹුරු රේඛාවලින් යුක්‌ත නම් අඩු මානසික මට්‌ටමක්‌ පෙන්නුම් කෙරේ. ලිවීමේදී බය, කොම්බුව ඇදය ඉස්‌පිලි පාපිලි යොදා ගන්නා ආකාරය අනුව පුද්ගලයාගේ මානසික පීඩනයන් උද්ගතවේ. එසේම ලිවීමේදී භාවිත වන උපකරණවල අඩුපාඩු හා දුර්වලකම් කියා පායි. ඉස්‌පිල්ල පාපිල්ල අකුරට ආසන්නව කුඩාවට යයි නම් ප්‍රකාශන ශක්‌තියේ දුර්වලතාව පෙන්නුම් කරයි. අකුරුවල ඇලකිරීමේ ස්‌වභාවය ඔහුගේ හෝ ඇයගේ විවෘත හෝ සංවෘතභාවය සමාජය හා හැසිරෙන ආකාරය, අනාගතය හැඩ ගැසෙන ආකාරය හා විත්ත වේග බලපවත්වන ආකාරය තේරුම් ගත හැකිය. ශාරීරික මානසික වර්ධනයක්‌ද නිරවුල් බවක්‌ද ඇති අයගේ අකුරුවල වෙනස්‌කම් ඇති වන්නේ ඉතා හෙමින්ය. කෝණාකාර ලෙස අත් අකුරු ලියන්නේ හොඳ ආත්ම ශක්‌තියක්‌ ඇති අයවේ. අවංක සෘජු වැරදි නියම ආකාරයෙන් අවබෝධ කර ගත් තැනැත්තා සිරස්‌ව තනි පේලියට අකුරු ලියා ගෙන යයි. නමුත් හේ සිතිවිලි වලට තරමක්‌ වහල්ය. තිරස්‌ව පේලියකට අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු උඩ අතට ගමන් කරයි නම් එවැනි අය නිතරම අන් අය අතරින් කැපී පෙනීමට උත්සාහ දරන අය වෙති. එසේ අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු පහළට ගමන් කරයි. නම් එවැන්නෝ නිතරම රෝග පීඩාවලින් පෙළෙන නිතරම අන් අයගෙන් විශේෂ දෙයක්‌ බලාපොරොත්තුව සිටින අයයි. එක්‌ එක්‌ අකුරුවල ප්‍රමාණ සහ හැඩය වෙනස්‌ වෙයි නම් ඔහු ස්‌ථිර ප්‍රතිපත්තියක්‌ නැති අයකු බව තේරුම් ගන්න. ඔහු විටින් විට අදහස්‌ හා ගතිගුණ වෙනස්‌ කරන්නෙකි.

රවුම්, වටකුරු අත් අකුරු කාරුණික, අනුකම්පා සහගත අයකුගේ අතින් ලියවේ. අසරණ අයට පිහිටවීම අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට එවැන්නෝ ප්‍රියතාවයක්‌ දක්‌වති. ඉතා කුඩා ප්‍රමාණයට අත් අකුරු ලියන්නා ල-ජාශීලි අයෙක්‌ බව පෙන්නුම් කරයි. එම අකුරු පසුපසට ඇලවුණ ස්‌වභාවයක්‌ ගනී නම් බොහෝ ල-ජාශීලිය. ඉතා පිරිසුදුව සාමාන්‍ය ප්‍රමාණයට චාම් ලෙස ලියන අත් අකුරු උසස්‌ ගතිගුණ ඇති පුද්ගලයන් අතින් ලියවේ.

ස්‌ත්‍රීන්ගේ අකුරුවලත් පිරිමින් ගේ අකුරුවලත් හැඩය හා ලිවීමේ ස්‌වභාවයේ වෙනස්‌කම් පවතී. හඳුනා ගැනීමට අපහසු තරම් සමානකම් නැත්තේද නොවේ. එවැනි අයගේ ඔවුන්ට ආවේනික වූ විශේෂ ගති ලක්‍ෂණ පවතී.

තම උත්සාහයෙන් විවිධ වෘත්තීන්හි නියෑළි ලෞකික දියුණුව කෙරෙහි සිත් යොමු කරන ස්‌ත්‍රීන්ගේ අත් අකුරු බොහෝ දුරට පිරිමින්ගේ අකුරු හා සමාන ලක්‍ෂණ පෙන්නුම් කරයි.

කොපි කරන ලද ලේඛන කාණ්‌ඩයක්‌ නිsරීක්‍ෂණය කිරීමෙන් කිව හැකි අනාගත තොරතුරු සීමාසහිත වන අතර ස්‌ව නිර්මාණ ලේඛන කාණ්‌ඩයකින් පුද්ගලයා සම්බන්ධ බොහෝ තොරතුරු ප්‍රකාශ කළ හැක. ලියන ලද කොටසක්‌ කොපි කිරීමේදී ඔහු කරනුයේ අනුකරණයකි. එයින් අනාවරණය කරගත හැක්‌කේ ඔහුගේ මාංශපේශිමය හා ස්‌නායුමය බල දුබලතාවයන්ද ලිවීමේදී උපයෝගී කර ගන්නා සුදුසු නුසුදුසු භාවයන් ද පමණි. එහෙත් ස්‌වයං නිර්මාණයක්‌ කිරීමේදී ස්‌නායු හා මංශපේශීවල ක්‍රියාකාරිත්වයට අමතරව චිත්ත වේගද ක්‍රියාත්මක වේ. අනාගත තොරතුරු බොහොමයක්‌ අනාවරණය කරගත හැක්‌කේ චිත්තවේග ක්‍රියාත්මක වන රටාව අවබෝධ කර ගැනීමෙනි. බලාගෙන ලිවීමේදී මෙන් ස්‌නායුවලට හා මංශ පේශිවල පාලනයක්‌ සිදු නොවේ. එහෙයින් ශාරීරික හා මානසික රෝගාබාධ පිළිබඳව ද කරුණු වටහා ගත හැකිය.

We found this article from Divaina on 2012/06/08.
Also Sinhala to English Google word to word translation can be found here