අන් අයගේ චරිත ලක්‍ෂණ, ගතිගුණ, සිතුම් පැතුම් ආදිය ගැන ඔබට දැන ගැනීsමේ හැකියාවක් ඇත්නම් මොන තරම් ආඩම්බරයක් ද, එවැනි පුදුම සහගත ඉවක් ඇති ඉතා කලාතුරකින් අතක දැකිය හැකි රේඛාවක් පිළිබඳවයි අද අනාවරණය කරන්නේ. දියුණු කරගත් චිත්ත සන්තානයක් ඇති අයටත් පුනරුත්පත්තිය අනුව කාලයක් තිස්‌සේ නොකඩවා දියුණු කරගෙන එන මනසක් ඇති අයගේත් අත්වල මෙම රේඛාව හොඳින් දර්ශනය වෙයි.
මෙම රේඛාව පරහිත් (අත්හිත්) දර්ශන රේඛාව හෙවත් ස්‌ථානෝචිත රේඛාව යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම රේඛාව පිළිබඳ විමර්ශනයට පළමුවෙන් හස්‌ත රේඛා සටහන දෙස හොඳින් බලන්න. ඔබේ අත්ලේ මෙම රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයේ උතුරු දිශාවෙන් ආරම්භ වී අර්ධ කවයක් මෙන් නැවී හෘදය රේඛාවෙන් පහළ දෙවැනි කුජ මණ්‌ඩලය මතදී අවසන් වෙයි. ඇතැම් අවස්‌ථාවලදී මෙය බුධ මණ්‌ඩලයට හෙවත් සුලැඟිල්ලේ මුලට වැටෙයි. එමෙන්ම මෙම රේඛාවේ විශේෂ ලක්‍ෂණයක් වනුයේ කිසිම අවස්‌ථාවක සෘජු රේඛාවක් වශයෙන් නොපිහිටීමයි. එමෙන්ම ගැඹුරු හා පැතලි රේඛාවක්‌ද නොවේ. මනෝ දර්ශන රේඛාව හැම අවස්‌ථාවේම සියුම් රේඛාවක් වේ. “හිප්නොටිසම්” “මැස්‌මරිසම්” මනෝවිද්‍යාව වැනි පෝෂණ ක්‍රම හා දර්ශන විද්‍යා උගතුන්ගේ අත්ලෙහිත් එම රේඛාව පිහිටිය හැක. එහෙත් ප්‍රායෝගික ජීවිත ගත කරන ඇතැමුන්ගේ අත්වල මෙම රේඛාව කිසිසේත්ම ප්‍රදර්ශනය නොවේ. මනස නොදියුණු මිනිස්‌සු තමාට නිරුත්සාහයෙන්ම වශී වෙන ගතියක් ඇති වේ. මනෝදර්ශන රේඛාව මගින් ඇති කරවන බලවේගය අනුව සිත තුළ හට ගන්නා අදහස් ඉතා ගැඹුරු දර්ශනයක් සේයාවක් ගනී. යමෙකුගේ මනසෙහි ස්‌වභාවයෙන් පවතින චල ගතිය මෙම රේඛාව වැටීමත් සමගම අවසන් වෙයි. වැඩ ගැනීමට හැකි තමාට පාලනය කර ගත හැකි අචල චිත්ත සංතාපයක් මෙම රේඛාව මගින් ඇති කරවයි. එමෙන්ම භූතාත්ම සමග දැඩි සම්බන්ධකම් පවත්වන දේව ආකර්ෂණය ලත් අය සත්‍ය ලෙස ප්‍රකාශ කරන අයගේ අත්වල මෙම රේඛාව පිහිටා ඇති අතර ඔවුන්ගේ මනසෙහි අත්භූත සිතුවම් දර්ශන මැවෙයි. මෙම රේඛාවේ බලපෑම ප්‍රමාණය ඉක්‌මවා ගිය විට අසාධ්‍ය මානසික ආබාධවලට හැරී අවාසනාවන්ත ජීවිත ගත කිරීමටද සිදුවනු ඇත. මනෝදර්ශන රේඛාව ඇති අය සිතන්නේ, පතන්නේ, ක්‍රියා කරන්නේ අන් අයට වඩා වෙනස් ආකාරයකටයි.

අවස්‌ථාවට උචිතගත ආකාරයෙන් ක්‍රියා කිරීම තවත් වැදගත් ලක්‍ෂණයක් වන්නේය. චන්ද්‍ර මණ්‌ඩලයේ උතුරු කොටසින් පටන් ගෙන කුජ මණ්‌ඩලයෙන් අවසන් වන මනෝදර්ශන රේඛාවක් අත්ලේ පිහිටා තිබේ නම් එවැන්නන්ට යමක් කලින් පෙනෙන, දැනෙන, හැඟෙන ඥනයක් ඇති වේ. එවැනි අය ගුප්ත ශාස්‌ත්‍රයට දක්‍ෂයෝ වෙති.
මෙම ලක්‍ෂණය වම් අත්ලේ පමණක් දර්ශනය වේ නම් උත්පත්තියෙන්ම පිහිටා ඇති එවැනි ප්‍රවීණතාවක් දියුණු කර නොගෙන එයින්ම මෝඩයකු හෝ මානසික ලෙඩෙකු හෝ වීමක් පෙන්නුම් කරයි. හොඳින් පිහිටා ඇති එකී රේඛාවක් සමගම හෘදය රේඛාවත් ශීර්ෂ රේඛාවත් අතර කතිර ලක්‍ෂණයක් වැටී තිබේ නම් එවැනි අයට හිප්නොටිසම් මැස්‌මරිසම්” වැනි පෝෂණ ක්‍රම ප්‍රගුණ කළ හැක. දියුණු කරත හැකි මනෝ ශක්‌තියක් ඇති පුද්ගලයෙක් වෙයි. රේඛාව කුඩාවටත් රේඛා සමූහයකුත් සංකලනය වී පිහිටියේ නම් එවැන්නෝ ස්‌නායු දුර්වලතාවයෙන් පෙළෙන හා සුළු දේවල්වලට පවා අධික ලෙස කැලඹෙන අය වෙති. මෙම රේඛාව කෙටි රේඛාවලට කැඩී බිඳී ගොස් තිබේ නම්, අපස්‌මාරය හෝ ආවේශ වී ශාස්‌ත්‍ර කීම හෝ එවැනි තත්ත්වයන්ට පත්වේ. මෙම රේඛාව කෙටි රේඛාවලින් හරස් අතට කැපී ගොස් තිබේ නම් තමාගේ ඥතීන් හා ළඟින් ඇසුරු කරන අයගේ බලවත් විරෝධය මැද ගුප්ත ශාස්‌ත්‍ර ප්‍රගුණ කිරීමට පෙළැඹුණ ගතියක් පෙන්නුම් කෙරේ.
මනෝදර්ශන රේඛාවේ සිට ශාඛාවක් පැනනැඟී දෛව රේඛාවට සම්බන්ධ වී නම් තමාගේ රැකියාවත්, ජීවන මාර්ගයත්, එම ගතිගුණ නිසාම පිරිහීමට පටන් ගනී. රේඛාව ආරම්භ වන්නේ දූපත් ලක්‍ෂණවලින් නම් සිහිනෙන් කතා කිරීම, ඇවිදීම වැනි විකෘති ගතිවලින් නොයෙකුත් හිරිහැර විඳීමට සිදුවේ. තාරුකා ලක්‍ෂණ වැටීම හේතුවෙන් දරුණු මානසික රෝගවලට ගොදුරු වේ. මෙම රේඛාව පැහැදිලිව ගැඹුරුව පිහිටීම ඉතා උසස් ප්‍රතිපල ඇති කරයි. එවැනි රේඛා ඇති අයට අනුන්ගේ සිත් ගැන පුළුල් අවබෝධයක් ද ඇත.
We found this article from Divaina on 2013/05/24.
Also Sinhala to English Google word to word translation can be found here