අනුන් ගැන විශ්වාසය තබා අමාරුවේ වැටෙන කටක ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

0
561
කටක
කටක

කකුළුවකුගේ රූපයෙන් සංකේතවත් වන කටකය ග්‍රහලොව මව හෙවත් චන්ද්‍රයාට අයත් රාශියකි. සිතට අධිපති සඳු හිමි කටක ලග්නයෙන් උපන් අය උසස්‌ සිතුවිලි ඇති තියුණු බුද්ධි මහිමයකින්ද නොසිඳෙන සිතුවිලි සමුදායකින් ද යුක්‌ත වූවන් වේ.

තමා ගැන පමණක්‌ නොසිතන අන්‍යයන් සමඟ එක්‌ව දියුණුව කරා පා නැගීමට වෙහෙසෙන පරාර්ථකාමී අදහස නිසාම අන්‍යයන් අවවාද අනුශාසනා කළද තමන් ඒවා පිළිපැදීමට පසුබට වෙයි.

ස්‌වභාවයෙන්ම ඉවසිලිවන්ත බව අඩු බැවින් ක්‍ෂණිකව කෝපයට පත්වන අවස්‌ථා වැඩිවුවත් ඉතා ඉක්‌මනින් කෝපය නිවී යන තත්ත්වයද ඒ පසුපසම පවතින බැවින් පසුතැවිල්ලට පත්වේ. එකී ලක්‌ෂණය මනාසේ හඳුනාගෙන ආශ්‍රය කළ හැකි නම් කටක ලග්න හිමියා සැබෑ මිතුරකු ලෙස පිළිගැනීමේ කිසිදු වරදක්‌ නැත්තේය.

අන්‍යයන් කෙරෙහි පමණට වඩා විශ්වාසය තබා කටයුතු කිරීමට යැමෙන් බොහෝ අවස්‌ථාවල අධික ලෙස කරදරයට පත්වීමට සිදුවේ. බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ හැකියාව තිsබුණ ද සිතේ පවතින්නා වූ දයානුකම්පා ගුණය ඉස්‌මතුවීම නිසා තර්කානුකුලව සිතා කටයුතු කිරීමේ ගුණය සිතින් බැහැර කරන්නේ හිතාමතාය. තමන් සතු සුළු දැනුම වුවද තීක්‍ෂණ චින්තන ශක්‌තියෙන් පුළුල් ලෙස ව්‍යාප්ත කරගත්තද එකී දැනුමෙන් තම දියුණුව සඳහා පල ප්‍රයෝජන අත්කර නොගැනීම විශේෂත්වයකි.

ආගමික කටයුතුවලට ලැදි එකී කටයුතුවලට මැදිහත්වී ක්‍රියාකිරීමට දැඩි කැමැත්තක්‌ දක්‌වන කටක ලග්නයෙන් උපන් අය දැඩි ලෙස දේව භක්‌තිය ඇත්තෙකු වුවත් අන්ධ භක්‌තිකයකු මෙන් නොව තර්කානුකූලව සිතා බලා තම සිතට එකඟව තම සිතෙහි උපදින සැබෑ ශ්‍රද්ධාව මත දෙවියන් ඇදහීමට පෙළඹේ.

අන්‍යයන් ඉදිරියේ තමන් නිර්භීත අයෙක්‌ ලෙස පෙන්වීමට කොතෙක්‌ උත්සාහ ගත්ත ද සැබැවින්ම මොවුන් නිර්භීත නොවේ. සැමවිටම යම් ප්‍රශ්නයක්‌ තමා හමුවේ පැනනගීදොa යන සැකය සිතේ තබා ගනිමින් ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීමට සූදානම් වෙයි. තමා හමුවේ කිසිදු ප්‍රශ්නයක්‌ පැනනොනැගුනද අවදානමට අනවශ්‍ය ලෙස පෙර සූදානමකින් කටයුතු කිරීම මොවුන් උපතින්ම උරුමකරගත් ගති ලක්‌ෂණයකි.

තම බිරිඳට ස්‌මාමියාට දූ දරුවන්ට තද බල ලෙස ඇල්ම, ආදරය දක්‌වන කටක ලග්න හිමියෝ හදවතින්ම ආදරය කිරීමට පෙළඹෙන්නෝය. හැකි සෑම අවස්‌ථාවකම තම නිවස දිව්‍ය විමානයක්‌ සේ සළකා තම පවුලේ අයට ආදරය කරමින් කල් ගත කිරීමට කොතෙක්‌ උත්සාහ දැරුවද කිසිදු අවස්‌ථාවක පෙරළා ඒහා සමාන ආදරයක්‌ සිය පවුලේ සාමාජිකයන්ගෙන් තමාට උරුම නොවේ. එහෙත් මෙම ලග්නයෙන් උපනුන්ට ලැබෙන භාර්යාව හෝ ස්‌වාමිපුරුෂයා අතිශයින්ම කාර්යශීලී, බුද්ධිමත් අයකුවීම ඒකාන්තය. තම පවුලේ වැඩ කටයුතු සියල්ලටම කැපවීමෙන්, උනන්දුවෙන් උර දෙමින් සහාය වීමට මෙවැන්නෝ සමත් බැවින් ගෙදර දොර ප්‍රීතිමත් ස්‌වභාවයක්‌ උසුලයි.

තමන් සතු සෘජු අදහස්‌, ප්‍රතිපත්ති, තීරණ නොසඟවා ප්‍රකාශ කිරීමෙන් හැමවිටම පාඩු සිදුකර ගනී. සිත තුළ ඇති සියලු දේ නොසඟවා අන් අය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් නිතර නිතර පාඩු සිදුකර ගනී. සැඟවූ අදහස්‌ නොමැති වීමෙන් තම පෞද්ගලික ජීවිතයේ තොරතුරු පවා නොවලඟා හෙළිදරව් කර අනවශ්‍ය ගැටලු මතුකර ගනී. එහෙත් ඒ සියල්ලටම නොබියව මුහුණදී කුමනාකාරයකින් හෝ ඒවා ජයග්‍රහණය කිරීමේ ශක්‌තිය සහජයෙන්ම මොවුන් සතුව පවතින බැවින් කොතරම් නින්දා අපහාස ලැබුවත් ඒවා තුට්‌ටුවකට හෝ මායිම් නොකර තමාට කිසිවක්‌ නොවූවා සේ හැසිsරීමට සමත්වේ.

උස්‌ පහත්වන ධනය හා තරාතිරමකට හිමිකම් ඇති කටක ලග්න හිමියෝ විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමටද සුදුස්‌සන් වේ. මනා සංවිධාන ශක්‌තිය උපතින්ම පිහිටීම තුළ බොහෝ ව්‍යාපාරවල මූලිකත්වය මොවුනට හිමිවන අතර, හැම අවස්‌ථාවකම තමන් යටතේ සිටින සේවක කාරකාදීන්ට කළයුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකරන බැවින් සේවකයන්ගේ සිත් දිනාගන්නා ආදර්ශවත් නායකයෙක්‌ බවට පත්වීමේ වාසනාව හිමිවන්නේය. කපටි කමින් වංචාවෙන් නීති විරෝධී දේ තුළින් ධනය ඉපැයීමට කිසිදු අවස්‌ථාවක කටක රාශි හිමියෝ උත්සාහ නොදරන අතර ධනය ඔවුන් සොයා එයි. වෙනත් සුවිශේෂ ග්‍රහදෝෂ බලපෑම් නිසා ධනය අහිමිවීමක්‌ සිදුවුවහොත් හැර මොවුන් සැබැවින්ම ධන උල්පත් ලෙස හඳුන්වාදිය හැකිය.

තමාගේ යහපත්කම නිසා අනුන්ගේ බස්‌ විශ්වාස කර ඊට අවනත වේ. මිතුරු සමාගම් ඇතිකරගන්නවා සේම ඒවා නැතිවන අවස්‌ථාද බොහෝය. අනුන්ගේ දුකෙහිදි අධික ලෙස කම්පාවට පත්වන කටක ලග්න හිමියෝ ඕනෑම කෙනෙකු කරදරයකට පත්වූ විට අවස්‌ථාව තැන නොතැන නොබලා සිය ආදරය අනුකම්පාව නොමඳව ලබාදෙයි. ආර්ථික වශයෙන් වුවද පිළිසරණ වීමට නොපැකිලෙයි. එහෙත් හිටිවනම වෙනස්‌ වී මෙකී ගුණාංග එකලෙස පවත්වාගෙන යැමට අපොහොසත් වුවත් තමා විසින්ම යළි සැබෑ ස්‌වභාවය මතුකර ගනී.

ජීවිතයෙහි දුක සතුට සමසේ විඳ දරා ගැනීමට චෛතසික වශයෙන් පැහැදී සිටින කටක ලග්නයේ උපනුන් සෑම අවස්‌ථාවකදීම යථාර්ථවාදීව බුද්ධිමත්ව සිතා බලා කරුණු කාරණා අවබෝධ කර ගනී. ජීවිත කාලය තුළ නින්දා ප්‍රශංසා එකසේ ලබයි. දුක සතුට එකසේ සලකයි. මොවුන් තුළ පිහිටන මැදහත්භාවය නිසාම අන්‍යයන් අතර ප්‍රසිද්ධියට පත්වන සුවිශේෂී චරිතයක්‌ බවට පත්වේ. දුර දිග නොබලා කටයුතු කිරීමත්, නොඉවසිලිවන්ත බවත්, පමණට වඩා අනුකම්පා කිරීමට යැම හා හිතුවක්‌කාරකම් නිසා පාඩු සිදුකර ගැනීම කටක ලග්න හිමියන්ගේ දුර්වලතා ලෙස පෙන්වා දිය හැකිය.

උදරාබාධ, ගලනාලයේ, ආමාශයේ රෝගාබාධ, අර්සස්‌ රෝග හා පිත්තාධික රෝගවලින් නිතර පීඩා විඳීමට සිදුවන මොවුනට සෙනසුරාදා දිනය මාරක වේ. සුදු කහ රතු යන වර්ණයන් ශුභපල ගෙනෙන අතර ලග්න ස්‌ථානය දුර්වල හෝ පීඩිත වුවහොතක්‌ ජීවිතයේ අවසාන කාලය තනිවම ගතකිරීමට සිදුවේ.

කටක ලග්න හිමියන් හැමවිටම ජය පරාජය අතර දොaලනය වන චරිත බැවින් ආත්ම ශක්‌තියත්, අධිෂ්ඨානයත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව කිව යුතුය.

We found this article from Divaina on 2013/07/14.
Also Sinhala to English Google word to word translation can be found here