අපට වින කරන ගුප්ත දෝෂ හඳුනාගමු

1957
කඩවර
කඩවර

[ratings]

දැනට අප රටේ බොහෝ දෙනා කුමන ආකාරයක හෝ කරදරයකට විපතකට පත්වී සිටින අයවෙති. සමහරු දිගින් දිගටම විපත් කරදර පැමිණීම නිසා කිසිවක්‌ කරගත නොහැකිව අසරණව සිටිති. එසේ වන්නේ කුමක්‌ නිසාදැයි පැහැදිළි හේතුවක්‌ සොයාගත නොහැකිව විවිධ ප්‍රතිකර්ම කරමින් සිටියත් ඒවායින්ද සහනය නොලැබෙන බොහෝ දෙනා ඇත. පැහැදිලි හේතුවක්‌ යම් ප්‍රශ්නයකට නොමැති නම් එය ගුප්ත වූ හේතුවකි. මෙවැනි කරදර වලට බලපාන ගුප්ත හේතුන් රාශියක්‌ ජ්‍යෙතිෂ්‍යයේ හා ගුප්ත විද්‍යාවේ සඳහන්ව ඇත. ඒ ගැන මදක්‌ විමසා බලමු.

ජ්‍යෙdතිෂ්‍යයට හා ගුප්ත විද්‍යාවට අනුව මිනිසාගේ අයහපත පිණිස බලපාන විවිධ දෝෂයන් මේ ආකාරයට වර්ග කළ හැක.

1. ග්‍රහදෝෂ

2. දේව දෝෂ

3. මනුෂ්‍ය දෝෂ

4. අමනුෂ්‍ය දෝෂ

5. විවිධ දෝෂ

මෙහිදී මිනිසාට බලපාන ග්‍රහදෝෂ රාශියක්‌ තිබේ. සත්විසි නැකතින් පැමිණෙන දෝෂ, නව ග්‍රහයන්ගෙන් පැමිණෙන දෝෂ, අශුභ ග්‍රහ දශාවෙන් එන දෝෂ, ලග්න, ජන්ම, අෂටම ඒරාෂ්ටක දෝෂ ලග්න අෂ්ටක, චන්ද්‍ර අෂ්ටක, සූර්ය අෂ්ටක දෝෂ, දින, මාස, තිථි, සෘතු, හෝරා, කරණ දෝෂ, වක්‍රානුවක්‍ර ග්‍රහ ඝට්‌ටන, භූමිකම්පා, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ දෝෂ උල්කා, ධූමකේතු, රුධිරාම්බර නිසා වන දෝෂ ජන්ම ත්‍රි ජන්ම දෝෂ, හින් දෝෂ, ඌණ වෂී දෝෂ සැන්දැ දෝෂ ආදී වශයෙන් දෝෂ රාශියක්‌ ජ්‍යෙdතිෂ්‍යයේ දක්‌වා තිබේ.

මේවායින් සමහරක්‌ ඇතිවන්නේ තමාගේ ජන්ම කේන්ද්‍රයේ වරින්වර ඇතිවන ග්‍රහ බලපෑම් නිසාය. එයට අමතරව විවිධ කරුණු සම්බන්ධයෙන් සකස්‌ කරගන්නා නැකැත් වැරදී යැමෙන්ද දෝෂ ඇතිවේ. නැකතක්‌ නැතිව යමක්‌ කළද එය ආරම්භ කළේ අශුභ වේලාවක නම් දෝෂය හටගනී.

මෙවැනි නැකැත් හා ග්‍රහ දෝෂයන් යමකුට බලපානවිට ඒ නිසා ඔහුගේ සියලු කටයුතු අසාර්ථක වී ආදායම් මාර්ග බිඳවැටී අසනීප අනතුරු නඩුහබ ඇතිවී පවුල් අවුල් වී මානසික පීඩාවට පත්වී කරදරයට වැටේ. එවැනි අවස්‌ථාවලදී කළයුත්තේ දක්‍ෂ ජ්‍යෙdතිෂ්‍යවේදියකුගේ උපදෙස්‌ අනුව කටයුතු කර මෙම කරදර නැතිකර ගැනීමයි.

දේව දෝෂයන් නිසාද සමහරු විපතට වැටෙති. දෙවියන්ගේ උදහසට පත්විය හැකි දේවල් කිරීම නිසා දේව දෝෂ ඇතිවේ. එවැනි අවස්‌ථාවන් ගුප්ත විද්‍යාවෙහි දක්‌වා ඇත. විවිධ කරුණු ඉටුකර ගැනීම සඳහා දෙවියන්ට ඇප කැප බාර හාරවී ඒවා ඉටුවූ පසු එම බාර නිදහස්‌ නොකිරීම, දෙවියන් සන්තක වූ දේවල් බලයෙන් හෝ හොරෙන් තමං සතු කර ගැනීම දේවාල පන්සල් දාගැබ් පෙති පිළිම වනසා නිධන් වස්‌තු ලබා ගැනීම දෙවියන්ට අපහාස වනසේ කථා කිරීම හා හැසිරීම නිසා දෙවියන්ගේ ශාපයට ලක්‌විය හැකිය. මේ පිළිබඳව ගුප්ත විද්‍යාවේ සඳහන් වන්නේ මෙසේය.

1.දෙස්‌කොට දෙවියන් යදිමින් අහස පොළොව ගැන එකලෙස වස්‌ දොස්‌ නිති පැමිණ එයින් ගතතුල නියමල් එන දොස

2.නුගරුක්‌ සපුනාද ගොතටු එපැල් ගෙවල් කරව යසේ

හොඳ විස්‌තර කර උලුවහු කපා දවල් ඇඳ සැපසේ

3.වැව් ගන කෝවිල් නාරුක්‌ බෝරුක්‌ බිඳ ගිනිලන්නේ

උකුසන් දිවි වග වලසුන් සීනෙන් දැක බියවන්නේ

4.දේවාලද කෝවිල්වල දෙස්‌ කරමින් දිවුරමින්ද

විහාරවල සිටි සඟපෙල බේදකළේ දෝෂයෙන්ද

ඉහත කවි වලින් දැක්‌වෙන පරිදි එවැනි වැරදි කළවිට දෙවියන් උදහසට පත්වන අතර දිනෙන් දින විනාශය ළඟාවීමට පටන්ගනී. හිටිගමන් විපත් ඇතිවේ. හොඳ සිහිය අවුල් වී තමාම විපත් සිදුකර ගනී. දෝෂයන් අතර භයානකම දෝෂය දේව උදහසට ලක්‌වීමයි. එබඳු දේ සිදුවූවිට දෙවියන් සමාකරගෙන තමා යහපත් මාර්ගයට පත්විය යුතුය. එවිට දෝෂ නැතිවේ. නැත්නම් විනාශයට පත්වේ.

මිනිසාගේ අයහපතට මිනිසාම බලපන විට එය මනුෂ්‍ය දෝෂ යෑයි හඳුන්වමු. මේ මනුෂ්‍ය දෝෂ ගණයට ගෙවල්, ළිං, වෙහෙර විහාර දේවාල වැව් පොකුණු විවිධ ගොඩනැඟිලි ඉදි කිරීමේදී ඇතිවන වස්‌ දොස්‌ ඇස්‌වහ කටවහ අණවිණ දෝෂ දෙවියන්ට දෙස්‌ කිරීමෙන් වස්‌කවි කීමෙන් ඇතිවන දෝෂ, රාජභය, චෝරභය සතෘභය නිසාවන දෝෂ අයත් වේ.

මෙහි සඳහන් වාස්‌තු දෝෂ ඇතිවන්නේ ශාස්‌ත්‍රීය නීති වලට නොගැලපෙන පරිදි ගෙවල් පාද බෙදීම් උලුවහු ජනෙල් යටලී තැබීම් ආදිය හා නොසුදුසු බිම්වල ගෙවල් තැනීම නිසාය. මේ නිසා බොහෝ කරදර ඇතිවේ. එවැනි අවස්‌ථාවල වාස්‌තු වේදියකුගේ පිහිට පැතීමට සිදුවේ. මේ දෝෂය ගුප්ත විද්‍යාවේ දක්‌වා ඇති කවියක්‌ මෙසේය.

ගෙවල් තනා දොර උලුවහු නිති සිතියම් කරමින්දා

මනාලෙසට ඇති උලුපැල විසිතුරු කර සොයමින්දා

නොමනා ලෙස කර වඩුකම් ඇඳ පුටු එහි සදමින්දා

උනා හරින් ඒ දෝෂය ගෞතම මුනි බලයෙන්දා

ඇස්‌වහ කටවහ දෝෂය පිළිබඳව කිවයුතු බොහෝ කරුණු තිබේ. මෙය සාමාන්‍ය ජනජීවිතයේදී බොහෝ බලපෑම් කරන බව පෙනෙන දෝෂයකි. එවැනි සැකයක්‌ පහලවූ නොයෙක්‌ උපක්‍රම පොදු ජනතාව භාවිත කරති. විට මිරිස්‌ කරල් දෙහිගෙඩි එල්ලීම, ඇස්‌වහ පිච්චීම ආදිය එයින් සමහරකි. පුහුල් වෙස්‌ මුහුණු පඹයන් එලවන්නේද මේ සඳහාය නමුත් වඩාත් සුදුසු ප්‍රතිකර්මය උගත් මන්ත්‍රවේදියකු ලවා ඇස්‌වහ වතුර මතුරවා ගැනීම හෝ දෙහිකපා ගැනීමයි.

අණවිණ දෝෂ සම්බන්ධයෙන්ද දීර්ඝ විස්‌තර තිබෙන නමුත් මෙහිදී අප කරන්නේ හඳුනා ගැනීමක්‌ පමණි. අණවිණ යනු මන්ත්‍ර ශාස්‌ත්‍රයේ සඳහන් සතුරන් වනසන දරුනු මන්ත්‍ර භාවිත කරමින් කරන උපක්‍රමයකි. ඒ සඳහා හැකියාව දක්‍ෂතාව ඇති මන්ත්‍ර වේදීන් ලවා තම සතුරන් ට ඇතැම් අය ගුරුකම් කරවති. නමුත් එය ඉතා අපහසු එමෙන්ම භයානක ක්‍රියාවක්‌ නිසා අණවිණ ඇත්තේ ඉතාම සුළු වශයෙනි. මේවා බලපෑමෙන් සියලු දේ නැතිවී යනවා පමණක්‌ නොව ජීවිතයද විනාශවේ. එවැනි තත්ත්වයක්‌ ඇතිවූ විට එවැනිම දක්‍ෂ මන්ත්‍රවේදියකු ලවා අණවිණ කපා ආරක්‍ෂා කරවාගත යුතුයි. වස්‌කවි යනුවෙන් හැඳින්වෙන්නේද මෙවැනිම බරපතල සතුරන් විනාශ කරන ගුප්ත විද්‍යාත්මක අවියකි. මෙවැනි අණවිණ පිළිබඳ ගුප්ත විද්‍යාවේ ඇති සඳහනක්‌ මෙසේය.

1.ඉන්ද්‍රගුරුලු පංචලක්‍ෂ යමකාලත්

දඬුමරණද

මන්ත්‍ර යන්ත්‍ර ග්‍රහනවේද නම නැකතට එක්‌ කෙරුවෙද

ඔන්දා වෙනි නපුරු මරණ අන්සතු දේකට ලොබබැඳ

සින්දා නාක්‍ෂත්‍ර දෝෂ එමුනි බලෙන් දුරුවෙයි අද

2.තමරුව ඉටි මැටිද සොඬුල අලෙන් කපා තමගෙ නමට

ගෙනපස්‌ පැඟිරිද පසුකටු ගසමින්

සිරකර මඩයට

මෙවැනි අණවිණ කලහොත් ඒවා කපා ඉවත් කරන තුරු බලපෑම් ඇතිවේ. ඒ සඳහා ප්‍රබල මන්ත්‍රවේදීන්ගේ සේවය ලබාගත යුතුය.

මහා බලවත් දෙවියන් වාසය කරන මුන්නේශ්වරම, සීනිගම, ගැටබරුව, අලුත්නුවර, කබලෑව, දැදුරුඔය වැනි දේවාල වලදී මහා කාලි, දෙවොල්, පාත බණ්‌ඩාර, දැඩිමුණ්‌ඩ, සූනියම්, කඩවර, දෙවියන්ට පුද පූජාතබා බාර හාර වී කරන යෑදීම් හේතුවෙන්ද අනුන්ට විපත් සිදුකළ අයට විවිධ විපත් කරදර ඇතිවී දඬුවම් ලැබේ. ඒවා දේව දෝෂ වන බැවින් දෙවියන් සමාකරගෙනම බේරාගත යුතුය.අමනුෂ්‍ය දෝෂ ඇතිවන්නේ යක්‍ෂ භූත ප්‍රේත පිශාච භෛරව ආදීන්ගෙනි. එබඳු අවස්‌ථා වලදීද බොහෝ කරදර විපත් පැමිණේ. මිය ගිය ඥdතීන් නිසාද වෛරයෙන් මියගිය අය නිසාද වෙනත් විවිධ හේතු නිසාද අමනුෂ්‍ය උපද්‍රව ඇතිවේ. මෙවැනි අවස්‌ථාවලදීද ගුප්ත වේදීන්ගේ පිහිට පැතීමට සිදුවේ.මේවාට අමතරව වියහැකි වෙනත් විවිධ දෝෂයන් දැක්‌වෙන කවි පෙළක්‌ පහත දක්‌වා ඇත.
1. පියාසරව යන කපුටුව පැහැරූ කල අඟට වැටුනි නයා දෙබර ඇටි කුකුලන් ගෙරි සෑම ගේතුලට පැමිණි
2. දවල් සිහින සැතපී යහන ස්‌වප්න පෙනී බියවී සිතසිකනැල් කපුටුද ගැරඬින් සූනන් පැහෑරූ සියගත
3. පිට ගෙයි තුල සිට සැවුලන් බකමුහුණන් හඬා සවසවටකොට ගේ සතර පැලේ වේයන් නගිමින් එකලෙස
4. නපුරු සතුන් ගෙයි අටකොන හඬතැලුවා දොaසයෙන්දසතුරු සිතින් මරමි සිතා අනුනට බැඳි වෛරයෙන්ද
5. රොස උරඟන් වී කටුසන් සිකනල් නයි ඇඟ වැටුනේ ගසමින් හෙණ උන් භූමෙට පලතුරුගස්‌ සිඳ බිඳුනේ
6. ලඳුන් සහෝදර දූදරු මල්වරවූ දෝෂයෙන් ද අඳුන් සඳුන් ඇඟ ගාගෙන පැළඳි එමල් බරනයෙන්ද
මෙවැනි වූ විවිධ දෝෂයන් නිසා විපත් කරදර ඇතිවූ විට කළයුතු ශාන්තිකර්ම විධි ගුප්ත විද්‍යාවේ ඇතුලත්ව ඇත. දෙහි කැපීම් අඹ අත්තෙන් මැතිරීම් ආදියට අමතරව විශ්ව කර්ම බලිය, මල් බලිය, අත්බලිය, හත් අඩිය, මල් මඩුව පහන් මඩුව කප් ඉන්දුම කිරි මඩුව වැනි ශාන්තිකර්ම කර සෙත් පැතීමෙන් මෙම දෝෂ නැතිකර යහපත උදාකරගත හැකිවේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here