අපල භංග කරන නවග්‍රහ ශාන්ති කර්මයක්‌ ඉපැරැණි පත් ඉරුවකින් ඔබට උපදෙස්‌

0
1123
නවග්‍රහ
නවග්‍රහ

[ratings]

ගුප්ත විද්‍යාව පෞරාණිකව පැවත එන උතුම් විද්‍යාවකි. අප හැම කෙනෙක්‌ම තමාගේ අභිවෘද්ධිය සඳහා තම උට්‌ඨාන වීර්ය යොදා දියුණුවේ රන්දොර ඇරගන්න බලවත් උත්සාහයක යෙදෙයි. මේ අතරින් සමහරකු උඩි යටිකුරු වෙයි. මහා මාළිගාවෙන් සිඟමනට පත්ව මහ මගට ඇද දමයි. සිඟන්නා රජ කරයි. එසේ මෙන්ම පෙර කර්මයද මුල්වේ. එමෙන්ම මේ සියල්ලක්‌ම සිදු වන්නේ ගුප්ත බලයක්‌ ඇති නරක ග්‍රහයන්ගේ බලය මුල්වීමෙන් බව දක්‍ෂ ජ්‍යෙdතිෂ්‍ය විශාරදයා ගුප්තවේදියා හොඳින් දනී.

ග්‍රහ අපල තදින් බලපාන විට ස්‌ථානයේ අඹුසැමි භේද ස්‌ථාන අතහැරයාම, ව්‍යාපාරයන් අඩපණවී බංකොලොත්වීම, රැකියා බාධක, විවාහ බාධක, ධනය නිකරුණේ වැයවීම, උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබීම හා සුව නොවන රෝග දුක, කනගාටුව ඇති කරයි. මහත් පරිහානියට ඇද දමයි. ඒ හැම නීච ග්‍රහබල ඇති වූ විටක අකල් මරණ සිරගතවීම්, රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වලට ගොස්‌ ජීවිත නැතිවීම් පවා විපත් ගෙන දේ.

ආදීන යුගයේ විසූවන් මෙවන් ඉරණමකට ගොදුරුවීමෙන් වළකින්න එකල විසූ වේද බ්‍රාහ්මණයින්ගේ හා අති දක්‍ෂ ජොතිෂ්‍යඥ විශාරදයින්ගේ උපදෙස්‌ අනුව යන්ත්‍ර, මන්ත්‍ර බලියාග, ශාන්තිකර්ම, හත් අඩියේ දෙහි කැපීම ආදිය මංත්‍රවේදීන්ගෙන් කරගෙන තම අපල ඒරාෂ්ඨක අපල මාරක අපල උපද්‍රවයන් සමනය කරගෙන ඇත.

එනිසා ග්‍රහ අපල ඇත්ද නැද්ද තීරණය කරන්නේ උගත් ජ්‍යෙdතිෂ්‍ය විශාරදයාය. නක්‍ෂත්‍ර අංශයේ රාශිචාරය දශාපල නැකැත් බලා ඔහු ග්‍රහයින්ගේ සැඟවී ඇති ගුප්තමය කරුණු රාශියක්‌ අනාවරණය කර එයින් සහනය ලබාගැනීමට උපදෙස්‌ දෙයි. එයින් සහනය ලැබූවන් ඉතා කීර්තිමත්ව ප්‍ර්‍රශංසාව ලබා ධනසම්පත් ධන උල්පතක්‌ පෑදී සමාජයේ ප්‍රසිද්ධියට පත්වේ.

එනිසා ඔබට ද සියලුම නවග්‍රහ අපල නසාලන නවග්‍රහ ශාන්තිකර්මයක්‌ ඉපැරණි පත්ඉරුවකින් උපුටා එළිදක්‌වමි. පළමුව මල්යහනාවක්‌ හදා පාට රෙද්දක්‌ පුදා තැඹිලි තෙල්වලට සුදු හඳුන් තෙල් මිශ්‍රකර, නව කොළ අතු තබා පහන් නමයක්‌ දල්වා ශනි දිනයක තම හිසකෙස්‌, කුණු, කෙළ, නියපොතු, ඇඳි වත නූල් ගොටුවකට දමා අබ, ලුණු ගම්මිරිස්‌, මිරිස්‌කරල්, දෙහිගෙඩියක්‌ සමග ගිනිකර එම අළු ගසාගෙන දියකට දමන්න.

දෙවනුව රන්තැඹිලි තෙල් ගෙන මල් යහනාවේ තබා නවග්‍රහ පූජාව පවත්වා මෙම මංත්‍රයෙන් 3324 වරක්‌ ජපකර අඟලක සූරයක බහා කර පළඳින්න.

මංත්‍රය – ඕං ඕං ඕ හී්‍රං හ්‍රSං ශ්‍රීං ශ්‍රීං සුරග්‍රහ දොස්‌ සූර්ය දිෂ්ඨ§ වජ්‍රවේ බ්‍රහ්මදේව දිෂ්ඨි සුර දේව නර දේව දිෂ්ඨි ආකාර ඊ කාර ඌ කාර ඒ කාර ඕ කාර දිෂ්ඨි සුර ලෝක නර ලෝක දිෂ්ඨි රවි චන්ද්‍ර කුජ දේවතා දිෂ්ඨ§ බුධ දේවගුරු දේව දිෂ්ඨි කිවි දේව මන්ත්‍රාම දිෂ්ඨි ශනි දේව ආලෝක දිෂ්ඨ§ පනි දේව සුර රාජ දිෂ්ඨි බඹ දේව අර්ධ වර දිෂ්ඨ§….

නවග්‍රහ දිෂ්ඨ§ මෙමට දිෂ්ඨ§ ජීවවාරුං ංප්‍රාණවාරුං නමඃ නමඃ මංගලා නමඃ ඕං රවි පත්‍රකාලී ජීව වරං කුජ පත්‍ර කාලි ජීව වරං බුධ පත්‍රකාලී ජීව වරං ගුරු පත්‍ර කාලී ජීව වරං කිවි පත්‍ර කාලී ජීව වරං ශනි පත්‍ර කාලී ජීව වරං සුර පත්‍රකාලී ජීව ජීව විෂ්ණු සරස්‌වතී රවි රාජන් අටකොන දෙවි ජීව වරං මෙමට වරං මෙමට ජීව වරං ජීව ජීව ප්‍රාණවර ඉෂ්ඨ§ සිද්ධි නමෝ නමඃ……

මෙසේ ජීවං කරගත් තෙල කර පැළඳ දිනකට පහන් 21 බැගින් දින නමයක්‌ තබන්න චෛත්‍යක්‌ වටා.

කාරණා කටයුතු සපලවේ. තනතුරු ලාභ ලැබේ. රැකියා මං සැලසේ. ව්‍යාපාරිකයන්ට මැණිකකි. විවාහ ඉක්‌මන් වේ. ධනලාභ ගෙනදේ. සතුරන් මිතුරන්වේ. තරඟ පරීක්‍ෂණ ආදියෙන් ජය, නඩු දිනන්න, ධාරණය ඇතිවීමට, සියලුම මාරක ග්‍රහබල බිඳ සමනය වීමට, ඉතාම යෝග්‍යයි. දේශපාලනඥයින්ට, වෙළෙඳ ව්‍යාපාරිකයන්ට, වෛද්‍ය, නීතීඥ, වෘත්තියන්වල නියලුවන්ට විශේෂයෙන් ශුභ වන බවත් ස්‌ත්‍රී පුරුෂ හැම දෙනාටම පොදු බවත් පෙන්වා ඇත.

එකල විසූ බෝගමුවේ ගුරුතුමා නක්‍ෂත්‍රය අලලා ග්‍රහ විස්‌තර, අවතාර ග්‍රහපන්නි, දශාපන්ති, පාද ග්‍රහ පන්ති කාව්‍යයෙන් බොහොමයක්‌ විස්‌තර කර ඇත. එම කව් වලින් කිවිවරයාගේ ග්‍රහ විස්‌තර කියෑවේ.

තමන් අයිති සියලු වස්‌තු සොරුන් විසින් වත්ගෙනියන

දෙමවුපියන් සිය නෑයන් තම මිතුරන් වෛර වෙමින

ගුණෙන් සොඳින් කථා කළත් තම දරුවෝවත් නොබලන

හරින් හිරුගෙ මහ දශාව පැමිණි අපල අද දුරලන

මෙම කාව්‍ය ප්‍රබන්ධ කලේ එවකට විසූ මහනුවර කාලයේදී බෝගමුවේ ගුරුතුමා, රඹුක්‌වැල්ලේ ගුරුතුමා, තිත්තපඡ්ජල ගුරුතුමන්ලා බව ඉතිහාසයේ දැක්‌වේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here