අපල සමනය කර ගැනීමට බෞද්ධ ආරක්‍ෂා විධි

79
අපල
අපල

ග්‍රහ දෝෂ

මෙයින් අදහස්‌ කරන්නේ ජන්ම පත්‍රය අනුව කිසියම් ග්‍රහයෙකුගෙන් පැමිණෙන අපල පිළිබඳවයි. සෙනසුරු ග්‍රහයා කවුරුත් දන්නා පරිදි අපල කරන ග්‍රහයකු යෑයි හඳුන්වන නමුදු සෙනසුරු පමණක්‌ නොව ග්‍රහයන් නව දෙනාගෙන්ම එසේ අපල කාලසීමාවන් උදාවිය හැකිය. උදාහරණයක්‌ වශයෙන් රවි දශාව අශුභ වූ විට රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදෙන, තනතුරු රැකියා අහිමිවන, රාජ දඬුවම් විඳින තත්ත්වයක්‌ හා පිත් රෝගවලින් පෙළෙන කාලයක්‌ උදාවෙයි.

සඳු අපලයේදී ජන්මයා සෙම් රෝග, ඇදුම, ලේ අඩුකම ආදී රෝගවලින් පෙළේ. අලස හා බේබදු වෙයි. චංචල සිතින් යුක්‌තව කල් ගෙවයි. කුජ අපල ඇතිවිට සතුරන්ගෙන් විපත්. සතුරු පීඩා, තුවාල, ලේ ගැලීම්. නඩු හබ, ශෛල්‍යකර්ම ආදියෙන් පෙළෙයි. බුද අපලයේදී ස්‌නායු රෝග, අධ්‍යාපනයට බාධා, කතාව දුබල වීම, කතාව අනන්‍යන්ට රුස්‌සන්නේ නැතිකම, පොරොන්දු කඩ කිරීම ආදී දුර්වලතා ඇතිවෙයි. ගුරු ශුභ ග්‍රහයකු නමුදු අපල ඇති කරන විට හෘද රෝග, දියවැඩියාව හෝ සෙම් රෝග ඇති වේ. දරුවන් සමග භේද වෙයි. ධන හානි වේ. සැප නැති වෙය.

කිවි හෙවත් සිකුරු අපලයේදී චරිතයට නොගැලපෙන ක්‍රියා, රහස්‌ රෝග, ස්‌ත්‍රීන් නිසා නින්දාවට පත්වීම, දුරාචාරය ආදියෙන් පීඩා විඳී, ශනි අපලයේදී නින්දා අපහාස විඳීම, ගොවි කම්කරුවන් නිසා කරදර පීඩා, වාත රෝග වැළඳීම හා කලකිරුණු මහළු ස්‌වරූපයට පත්ව දුක්‌විඳීම මේ කාලයේ දැකිය හැක. රාහු අපලයට දුරදිග නොබලා හදිසි හා වැරැදි තීරණ ගනී. නැතහොත් දුම්පානයට, මත්ද්‍රව්‍යවලට හුරු වෙයි. ඇවිදිලි අධික වෙයි. වතුර බීම අපහසු වී තෙම්පරාදු ආහාර ගැනීම නිසා බඩේ හා හිසේ රෝග ඇතිවෙයි. කේතුගෙන් අපල ඇතිවන විට කෙට්‌ටු වීම, ඔත්පල වීම, ඇවිදීමට බැරිවීම, ප්‍රධානීන් සමග අමනාප වීම, අප්‍රසිද්ධ වී මුල්ලකට තල්ලුවීම සිදු වෙයි. කුමන ග්‍රහයකු හෝ වේවා අශුභව කේන්ද්‍රයේ ගමන් කරනවිට ඒ ග්‍රහයාගේ දශාවද ලබා රවි, චන්ද්‍ර හා ලග්නාධිපති ද දුර්වල වී ලග්නය ද කිසිදු ශුභ ග්‍රහ බලපෑම්වලින් තොර නම් ජන්මියා මරණයට පත් වෙයි. මේ අනුව ග්‍රහදොෂ ඇතිවන කාල සීමා ජන්ම පත්‍රය මගින් අනාවරනය කළ හැකි වන්නේය.

අපල

වින දෝෂ

විපත් ළඟා කරවිය හැකි දෙවැනි කාරණය වන්නේ විනදොස්‌ ඇතිවීමයි. විනදෝෂ යෑයි කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ආදී ක්‍රමවලින් මිනිසුන් විනාශ කිSමට යොදන උපක්‍රමවලටය. අෂ්ට කර්ම යෑයි හඳුන්වන ක්‍රම අටක්‌ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවල සඳහන් වේ.

ඒවා සැකෙවින් මෙසේය.

  1. ආකර්ෂණ – ඈත සිටින කෙනකු ලංකර ගැනීම
  2. මෝහන – අන්‍යයන් තමාට එකඟ කර තබා ගැනීම.
  3. පේෂණ – ලෙඩ රෝග නැති කර ශන්තිය ලබාදීම
  4. වශීකරන – අන්‍යයන්ගේ ඇල්ම ඇති කර ගැනීම
  5. විද්වේශණ – දෙදෙනකු වෛර කරවීම, බිඳ වීම
  6. උච්චාටන – යම් පුද්ගලයකු හෝ අමනුෂ්‍යයකු එලවීම.
  7. මාරණ – දිවි තොර කර විනාශ කිSම
  8. ස්‌ථම්භන – යථා තත්ත්වයෙන් පැවතීමට ඉඩ නොදීම හෙවත් නැවැත්වීම.

ඉහත සඳහන් අෂ්ට කර්මවලින් හතරක්‌ ශුභ වන අතර විද්වේශන, උච්චාටන, මාරණ, ස්‌ථම්භන යන අංග හතර විපත්ති ඇති කරවීම පිණිස ගුරුකම් දත් දුෂ්ට මිනිසුන් විසින් කරන හා කරවන බව සත්‍යයකි. මේවා ට වින කිරීම යෑයි ද විනදෝෂ යෑයිද කියන අතර මිනිසුන්ට විපත් ඇතිකරන දෙවැනි කරුණ වන්නේ වින දෝෂ ක්‍රියාත්මක කිරීමයි.

අපල

වාස්‌තු දෝෂ

වාස්‌තු දෝෂ නමින් හඳුන්වන්නේ ගෘහ නිර්මාණයේදී ඇතිවන දෝෂ යයි. නිවසක හෝ විහාරස්‌ථානයක හෝ දේවාලයක නැතහොත් රාජ්‍ය ගොඩනැඟිල්ලක වුවද වාස්‌තු දෝෂ තිබිය හැකිය. වාස්‌තු දොෂ පිළිබඳ මීට ඉහත විස්‌තර කර ඇත. ග්‍රහ අපල හෝ වින දෝෂ ඇතත් නැතත් වාස්‌තු දෝෂ එම ස්‌ථානයේ වාසය කරන අයගේ පීඩාවට හේතු වන්නේය.

අපල හඳුනා ගැනීම

කෙනකු පීඩාවට පත්වී ඇති විට එයට සුදුසු ප්‍රතිකර්ම කිරීමට පෙර ඉහත දෝෂ තුනෙන් කුමක්‌ ක්‍රියාත්මක වන්නේ දැයි අවබෝධ කරගත යුතුය. මෙකල සමහර පුවත්පත් මගින් පවා නිවාස ගොඩනැඟීමට බාධා ඇතැයි දැන්වූ විට නිවාස සැලැස්‌ම පරීක්‍ෂා කර ඊට විසඳුම් දෙන බව දක්‌නට ලැබුණත් දෝෂ වර්ග තුනක්‌ ඇති නිසා සැලැස්‌ම බැලීමෙන් පමණක්‌ ඒ දෝෂ කුමක්‌දැයි හඳුනාගත නොහැකි බව කිව යුතුය.

පුද්ගලයකු පීඩාවට පත් කරවන දොaෂය හඳුනා ගැනීමේ නිවැරැදි ක්‍රමය නම් තත්කාල කේන්ද්‍රයක්‌ පරීක්‍ෂා කර ප්‍රශ්න ශාස්‌ත්‍රය මගින් විසඳුම් ලබා ගැනීමයි. එය කළ හැක්‌කේ ප්‍රශ්න ශාස්‌ත්‍රය හෙවත් තත්කාල ශාස්‌ත්‍රය දත් උගත් ජ්‍යෙතිර්වේදියකුට පමණි.

කෙසේ නමුදු ග්‍රහ දෝෂ , වින දෝෂ , වාස්‌තු දෝෂ නමින් අංග තුනකට අයත් දෝෂ වලින් විපත් ඇතිවන බව මෙය කියවන පාඨකයාට වැටහී යන්නට ඇත. මෙයින් වාස්‌තු දෝෂ හෙවත් ඉදිකිරීමේදී ඇතිවූ දෝෂ නැවත නිදොස්‌ කර ගත හැක. ගොඩනැඟිල්ලක ක්‍ෂේත්‍රඵලය, දොර, ජනෙල් ස්‌ථානගත කිරීම, වහළ සවි කිරීම ආදිය දෝෂ සහිත නම් එය නැවත සුදුසු අන්දමට සකස්‌ කර ගත හැක්‌කේය.

එහෙත් ග්‍රහ අපල හෙවත් ග්‍රහ දෝෂ හෝ වින දෝෂ හෙවත් අණ වින, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, හදි හූනියම් ඇත්නම් ඒ සඳහා ශාන්තිකර්ම කිරීමට අවශ්‍ය වෙයි. යන්ත්‍ර මන්ත්‍රවලින් කෙරෙන ශාන්තිකර්ම රාශියක්‌ මේ සඳහා පැරැණි සෘෂිවරුන් විසින් පිළියෙල කර ඇත. මේ සඳහා ශුභ වර්ණ ඇති ඇඳුම් භාවිතය, අශුභ වර්ණ භාවිත නොකිරීම, ශුභ මැණික්‌ හා ශුභ ලෝහ පැළඳීම, නවග්‍රහ පූජා පැවැත්වීම, නවග්‍රහ කවච, කියවීම, සෙත්කවි කියවීම, යාචක දාන, කපුටු දාන දීම ආදී ක්‍රම රාශියක්‌ ජ්‍යෙතිෂ පොත්පත්වල සඳහන් වෙයි.

බෞද්ධ ශාන්තිකර්ම

ග්‍රහ අපල හෝ විනදොස්‌ නිසා නැතහොත් වාස්‌තු දොaෂ නිසා වුවද ඇතිවන අශුභ ඵල මගහරවා ගැනීමට කළ යුතු ශාන්තිකර්ම බුදු දහමේදී සඳහන් වන්නේය. රෝග පීඩාදිය නාශනය කිරීමට කරනු ලබන ප්‍රයෝගය ශාන්ති කර්ම නම් වේ. අකුසල කර්මවල ප්‍රතිඵල නිසා දුර්විපාක උදාකරන විට බලවත් කුසල කර්ම හෙවත් පින් දහම් කිරීම මගින් එම අකුසල විපාක යටපත් කිරීමේ ක්‍රමය ද, බුදු ගුණ, දහම් ගුණ සංඝරත්නයේ ගුණ ආදිය සහ තමන්ගේ ශීලමය ගුණයද ගැන සිතා සත්‍ය ක්‍රියාකොට සෙත් පැතීමද බෞද්ධ ශාන්තිකර්මවල පදනම වන්නේය.

බෝධි පූජා කිරීම සෙත් පිරිත් සඡ්ධායනය හා නවගුණ ආදී යන්ත්‍ර පැළඳීම මෙහිදී කරනු ලැබේ.

බෝධි පූජාව

සෑම බෝධිසත්වවරයකුව බුදු වීමට බෝධියක්‌ අවශ්‍යය. තමන් වහන්සේ විහාරයේ නොමැති අවස්‌ථාවක වැඳ පුදා ගැනීම සඳහා බෝධියක්‌ රෝපණය කරවන්නැයි ජීවමාන බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට වදාළහ. ඒ අනුව උන්වහන්සේ සිටියදීම ආනන්ද බෝධිය රෝපණය කරන ලදී. ශ්‍රී මහා බෝධිය බුදු සමිඳුන්ට මාර පරාජය සිදු කිරීමට සෙවණ දුන් වෘක්‍ෂයයි. මේ අනුව බෝධිය සාමාන්‍ය ගසක්‌ නොව පූජනීය ගසකි. සත් සතිය ගත කරන අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් සතියක්‌ පුරා අනිමිසලෝචන පූජාවෙන් ද ගෞරව කරන ලද ශ්‍රී මහා බෝධි යෑයි සිතාගෙන එහි ශාඛා වන බෝධීන්ටද පුද පූජා කර පින් ලබා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ආනිශංසදායක ක්‍රියාවක්‌ නිසා බොහෝ බෞද්ධයෝ ග්‍රහ අපල සඳහා බෝධි පූජා කරති.

තමන්ගේ වයස වර්ෂ ගණනට සමාන පහන් දැල්වීම, සෙනසුරු අපල ඇති විට ගිතෙල් පහන් දැල්වීම, අපල ඇති කරන ග්‍රහයාට හිමි වර්ණවත් කොඩි නැතහොත් බෞද්ධ කොඩිවලින් සැරසීම, එම වර්ණයේ සුවඳ මල් පිදීම ඇතුළු ක්‍රමානුකූල ජ්‍යෙතිෂ පිළිවෙළක්‌ද බෝධි පුජාවට යොදා ගනු ලැබේ. පොත දීර්ඝ වන නිසාද වෙනත් බොහෝ පොත්පත්වල පල කර ඇති නිසාද බෝධි පූජාව පිළිබඳව දීර්ඝ විස්‌තර මෙහි සඳහන් නොකරමු. කෙසේ නමුදු ජන්ම නැකතට ගැලපෙන සඳුදා, බදාදා, සෙනසුරාදා දිනෙක බුද්ධ පූජාවක්‌ද තබා බෝධි පූජාවක්‌ කර අවසානයේ කරණීය මෙත්ත සූත්‍රය කියා සුළු වේලාවක්‌ භාවනා කිරීම මගින් සුවදායක තැන්පත් මානසික තත්ත්වයක්‌ උදා කරගත හැක්‌කේය. මෙය විශාල මුදලක්‌ වැය නොකර කරගත හැකි උසස්‌ පින්කමක්‌ද ශාන්තිකර්මයක්‌ද වන්නේය.

We found this article from Divaina on 2013/10/20.