වැදූ කිල්ල, කොටහළු කිල්ල, මරණ කිල්ල මේ කිළි අතර ප්‍රධාන වෙයි. තුවාල, වණ, දද, කුෂ්ට, ගෙඩි, ශල්‍ය තුවාල, පිළිකා යන ලේ විෂ කරන රෝගයන් සඳහා බැක්ටීරියා විෂ ඇදී යැමෙන් එම තුවාල වැඩි වන බව නොරහසකි. මළ ගෙදර ගිහින් ආපු දවසේ ඉඳලා තුවාල වැඩිවෙලා දැන් ලේ සැරව ගලනවා හොඳටම ඉදිමිලා… යන වදන් ඔබ කොතෙකුත් අසා ඇත. මල්වර ලෙය, වැදූ ගෙදර දරු ප්‍රසූතියේ පිට වන ලෙය, ආශ්‍රිතවද වහ වහා බැක්ටීරියා විෂ උපදින බැවින් මේ අවස්ථා තුනම කිලිටි නොහොත් කිලි ගෙවල් තුනක් ලෙස නම් කර රෝගීන් රෝග තත්ත්වයෙන් මුදා ගැනීමට දේශීය වෛද්‍ය, භූත වෛද්‍යවරයා ගන්නා උත්සාහය අති සාර්ථක නොවන්නේද?
උණසන්නිපාතය, පාචනය, අතීසාරය හෝ වෙනත් හේතූන් මත ආහාර දිරවන ඉන්ද්රිය පද්ධතිය දුර්වල වූ අයටද යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කිරීමේදී කිළි අහුකර ගන්න එපාය කියා මෙවන් තහංචියක් දමයි. අල කොල මියණ කොල, අළු පුහුල්, අළු කෙසෙල්, ඌරං, වඳුරං, මොනරං, මෝරං, මගුරං යන රන් පහ කෑමෙන් වළකින්න. මේ යන්ත්‍රයට කිළි අහුකර ගන්න එපාය කියයි. මේ ආහාර දිරවන්නට අපහසු ආහාර වර්ගයි. නොදිරවන රෝගියාට තවත් නොදිරවන ඝන ආහාර දීමෙන් රෝග තත්ත්වය උග්‍ර වී මරණයට පත් වන රෝගීන් මරණයෙන් මුදා ගැනීම පිණිස මේ කරන උපාය විද්‍යාත්මක නොවන්නේද? දැඩි සත්කාර ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙවැනි ඝන ආහාර නොදන්නේ මේ නිසා නොවේද?

යන්ත්‍ර පැළඳීම
කොලෙස්ටරෝල් වැඩි – සෙම් බහුල හදවත් පෙනහළු රෝගීන් සඳහා අපරදිග වෛද්‍යවරයා තෙල්, බැදුම්, මස් වර්ග කෑමෙන් වළකින්න කියා උපදෙස් දෙන බව ඔබ දන්නවාද? එවැනි රෝගියකුට යන්ත්‍රයක් දමමින් ශාන්ති කර්ම කර රෝග තත්ත්වය අනුව දින 21 ක්. මාසයක් – දින 45 ක් මාස 3 ක් වශයෙන් දින නියම කරමින් මස්, මාංශ තෙල් බැදුම්, පිළිහුඬු කෑමෙන් වළකින්න. මේ යන්ත්‍රයේ බල බිඳෙනවා යෑයි කියා තහංචි දැමීමෙන් එම රෝගීන්ගේ රෝග තත්ත්වයෙන් මුදා ගන්නට ගන්නා උපාය මාර්ගය කෙතරම් සාර්ථකද? වියදම් කර පැළඳ ගන්නා යන්ත්‍රය කිළි අහුකර ගත්තොත් තමන්ට වැඩි පාඩුවක් සිදුවන බැව් දන්නා රෝගියා අකුරටම පිළිපදින නිසා කොලෙස්ටරෝල් අඩුවී තම රෝග තත්ත්වයෙන් මිදීමටද මෙම කිල්ල යන වචනය කොතරම් ප්‍රයෝජනවත් වන්නේද?
මේ සියල්ල හණමිටි මතයෑයි ඉවත දමනවාට වඩා මෙහි යම් සත්‍යයක් ඇද්දැයි සොයා බැලීම ඔබ සැමට භාර කරමි. නවීන විද්‍යාවට සොයා ගත නොහැකි, කියන දේ සිදුවන බැව් ඇමරිකාව හා ජපානය සොයා ගෙන ඇති බැවින් අපේ යන්ත්‍ර මන්ත්‍රවලින් කියෑවෙන දේත් සිදුවන බැව් සනාථ වන විට අපේ අෂ්ඨාංග ආයුර්වේදය ලොවට ඉතාම වැඩදායි වෛද්‍ය ක්‍රමයක් වන බව ආයුර්වේද හිතකාමීන් වන ඔබට ලියන්නට, කියන්නට, බලන්නට කරුණු රැසක් හෙළිකර දෙනු ඇතැයි මම විශ්වාස කරමි. කියන දේ සිදුවනවා නම් කිළි කතුරෙන් මතුරා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල දැකිය හැකි වේ.

මන්ත්‍ර
ඕං නමෝ නාරිනන්දනම් රුසියා නයින් දහසක් පිරිවරාගෙන මඟුල් කිළි ගං දහසකට මැද්දෙන් ගොස් ඒල් මල්ගල තිබුණ එරං ගිනි සළඹ රැගෙන ආ ආඥවෙන් ආනුභාවයෙන්, අදත් මේ මල් යහනට යන්ත්‍ර මන්ත්‍ර, තෙල්, බෙහෙත්, අඳුන්, හඳුන්, දෙහි තැඹිලි නූලට හා මේ ආතුරයන් හට කිළි නැති යඃ
යන මන්ත්‍රයෙන් 9 වරක් හෝ 108 වරක් ජීවන්කර කහ වතුර ඉසීම, දුම්මල සාම්බ්‍රානි දුම් ඇල්ලීම හොඳයි.
We found this article from Divaina on 2014/02/09.