ඇඳුම් පැළඳුම් වලින් කියවෙන පලාඵල

1709
ඇඳුම්
ඇඳුම්

[ratings]

කලක සිට ශ්‍රී ලංකාවාසීන් පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල ජනතාව අඳුරු ඇඳුම් පැළඳුම් පාවිච්චි කිරීමට පුරුදුව සිටින බව පෙනේ. ඇතැමෙක්‌ උඩුකයට නිල් හෝ කළුද, තවත් අයෙක්‌ කළු හෝ නිල්ද මාරු කරමින් මුළු සිරුරම අන්ධකාර ඇඳුමෙන් සැරසී එදිනෙදා කාර්යවල නිරත වෙති. කළු හෝ නිල් ඇඳුමෙන් සැරසී වන්දනා විනෝද, මංගල, අවමංගල, වෘත්තීය, අධ්‍යාපන සෑම කටයුත්තක්‌ සඳහාම ඉදිරිපත්වන්නේ අඳුරු ඇඳුම් අලුත් විලාසිතාවක්‌ වශයෙන් සලකමින්ය.

අශුභ දේ ශුභ වශයෙන් සිතන ඉන්ද්‍රියයන් අසංවර, සිත කය කිලිටි, පව් කරන සියලු දෙනාම මාරයාට අසුව සිටින බව බුදුන්වහන්සේ වර්ෂ 2600 කට ඉහත කියා ඇත. අශුභ ඇඳුම් පැළදීමෙන් නැති අපල ළඟාකර ගන්නා බවත්, ශුභ කටයුතු සඳහා ඉදිරිපත්ව යන අයටද මෙවැනි අය අශුභ සාධකයක්‌ වශයෙන් බොහෝ දෙනෙක්‌ නොදනිති. ශුභ කටයුතු දියත් කිරීමට ශුභ දිසාවක්‌ හා ශුභ ගමන් සඳහා විශේෂයෙන් ශුභ වර්ණයක්‌ යෙදිය යුතු බව ජ්‍යෙdතිර් විද්‍යාවේ දක්‌වා ඇත.

කිසියම් කෙනෙකුට ශුභ පල දෙන ග්‍රහයෙක්‌ බලපාන විට ඔහු හෝ ඇය කැපීපෙනෙන අන්දමට ශුභවාදී ඇඳුම් පැළඳුම් ඇඳීමට නිරායාසයෙන්ම පෙළඹෙනවා ඇත. පාප ග්‍රහයෙක්‌ බලපාන හැමවිටම අපලකරු කළු, නිල්, අළු වැනි අන්ධකාර ඇඳුම්වලට රුචියක්‌ දක්‌වයි. වෘත්තියෙන් අන්ධකාර නිල ඇඳුම් අඳින නාවික භටයන්, නීතිඥයන් හා විනිශ්චයකරුවන්ද, ඇතැම් ආගමික පූජකයන්ද ප්‍රීතිමත් ජීවිත ගත නොකරති. එවැනි අයගේ නිදහස සීමාවී වෘත්තියේ සේවාවට කොටු වී සිටීම අනුව ඔවුහුද එක්‌තරා සීමාවක අපල ජීවිත ගත කරන බව පෙනේ. අද අඳුරු ඇඳුම් විලාසිතාවක්‌ වශයෙන් සලකා අඳින අයගේ ජන්ම පත්‍ර පරීක්‍ෂා කළ හොත් එවැනි අය කිසියම් අපලයකට ගොදුරුව සිටින බව පැහැදිලි වේ.

නිල් වර්ණය ජාතික ඇඳුමට යොදා පාවිච්චි කරන ජාතියක්‌ වශයෙන් ඉතියෝපියාවේ ජනතාව සැලකිය හැකිය. ශ්‍රී ලංකාවාසීන් නිදහස ලැබීමට පෙර පොදු වශයෙන් සුදු ඇඳුම් පාවිච්චි කළ නමුත් 1956 දේශපාලන පෙරළියත් සමඟ ක්‍රමයෙන් නිල් ඇඳුමට පෙරළිණ. වත්මන් කාලයේ ඇතැමුන් නිල් ඇඳුම් ඇඳගෙන නිල් වර්ණය යාන වාහන, නිවෙස්‌ ගොඩනැඟිලි, කාර්යාල සේවා ස්‌ථාන, වෙළෙඳපළ ආදී සෑම දෙයකටම යොදන බව සත්‍යයකි. ඇතැම් අය නිල් පක්‍ෂය තම මනසට එන්නත් කරගෙන නිදහස්‌ ලෙස සිතන්ට හෝ ක්‍රියාකරන්ට අපහසුව වල්මත් වී සිටිති. පසුගිය දශකය තුළ අපේ නිරීක්‍ෂණයට අසුවූයේ නිල් හෝ කළු වර්ණයෙන් කටයුතු කිරීමට ගිය කිසිම ආයතනයක්‌ දියුණුවේ මාර්ගයට නොපැමිණි බවයි. ඇතැම් කඩ සාප්පු, ඇඟළුම් කර්මාන්තද නිල් වර්ණය නිසා නැත්තටම නැතිවී ගිය බවට සාක්‍ෂි ඇත.

නවග්‍රහයන් අතරෙන් රවි, බුධ, ගුරු, ශුක්‍ර හා කුජ, සඳු දශා ජනතාවට ආලෝකය ගෙන දෙයි. පාප සඳු, බුධ, ශනි, රාහු, කේතු බොහෝවිට මිනිaසාට අඳුර ගෙන දෙනවා ඇත. පාප ග්‍රහයෙක්‌ කෙනෙකුට ශුභවන්නේ කලාතුරකින්ය. එසේ ශුභ වන විට එම ග්‍රහයාගේ වර්ණයද අපල නොකරයි. රවිට දිලිසෙන සුදද, සඳුට පවිත්‍ර සුදද, ශුභ වූ බුධට ලා කොළද, පාප බුධට අඳුරු කොළද, කුජට රතුද, ගුරුට කහද, සිකුරාට විසිතුරු පාටද, ශනිට නිල්ද, රාහුට අළු පාට හා කේතුට කළුද අයත් වේ. මෙකී ග්‍රහයන්ගෙන් කවර ග්‍රහයෙකුගේ හෝ බලවත් දශාවකදී එකී ග්‍රහයාගේ වර්ණයට ඔහු ප්‍රියකරයි.

එක්‌ එක්‌ ජන්ම පත්‍ර ගෙන පරීක්‍ෂා කිරීමේදී ඇතැම් අය මුළු ජීවිත කාලය තුළම අඳුරු ඇඳුම් ප්‍රියකරනු පෙනේ. ඇතැමුන් අඳුරු ඇඳුම් පිළිකුල් කරන අතර, නිතර ආලෝකමත් ඇඳුම් අඳිති. අඳුර ප්‍රිය කිරීමට ජන්මයෙන්ම අඳුරු ග්‍රහයන්ගේ බලපෑම කේන්ද්‍රය තුළ යෙදී ඇත. එසේත් නැති නම් රාහු, කෙතු හෝ සෙනසුරුගේ දශාවන් ලබා තිබිය යුතුය.

සෙනසුරු විශ්ව කේන්ද්‍රයේ අශුභවාදී අන්දමට ගමන් කරන විට නිල් හා කළු ඇඳුම් ඇඳීම ව්‍යාප්ත වන බව පෙනේ. සෙනසුරු කටක රැසට මාරුවීමත් සමඟ ශ්‍රී ලංකාවාසීන් වැඩියෙන් නිල් ඇඳුම් ඇඳීමට පුරුදු වූයේ නිරායාසයෙන්ය. ශ්‍රී ලංකා රජය 2004 මාර්තු මස පෙරළීමත් සමඟ ජනතාව නිල් වර්ණයෙන් සැරසී උත්සව ආදියටද නිල් සැරසිලි යෙදුවේ වර්ණයේ ආදිනවය නොදැනගෙනය. ජනතාව අඳුරු ඇඳුම්වලට රුචි දැක්‌වීම අභාග්‍යයක පෙර නිමිත්තක්‌ බව අප ප්‍රකාශ කළෙමු. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මුහුද ගොඩ ගැලීමෙන් මහත් විනාශයක්‌ රටට සිදුවිය.

මිනිස්‌ සිරුරේ සිත හා කය කෙරෙහි ග්‍රහ කිරණ එල්ලවන විට පළමුවෙන් දැනෙන්නේ සිතට හෝ හදවතටය. සිත හා හදවත මිනිස්‌ සිරුරේ ඉහළ කොටසේ පිහිටා තිබෙන හෙයින් පැරණි අය උඩුකයට ශුභවාදී අලංකාර ඇඳුම් ඇඳීමට පුරුදු විය. සිංහල රජ දවස ඒ ඒ කුලයට යෝජිත ඇඳුම් විශේෂයක්‌ හා වර්ණ සීමා විය. ශුභ වර්ණ හා අගනා ඇඳුම් රාජ වංශයට හා බ්‍රාහ්මණ වංශවලට සීමා වූ අතර, බාල ඇඳුම් හා දුර්වර්ණ පහත් කුල අයට සීමා විය. ඉතාම පහත් කුලයක්‌ වශයෙන් සලකන ලද රොඩී කුලයේ අයට කළු හෝ නිල් වර්ණය හිමි විය. රොඩි කුලයේ මිනිසෙකුට රජුන් බැහැදැකීමට අවශ්‍ය වූ විට ඔහු රජුන් හමුවට නිල් හෝ කළු ඇඳුමෙන් සැරසී යැම සිරිතකි. ග්‍රහ ලෝකයේ පාප ග්‍රහයන් වන කේතු හා ශනි දෙදෙනාගේ වර්ණය එදා පහත් කුලහASන ජනතාවගේ ඇඳුම විය.

බුදුන්වහන්සේ බුද්ධත්වයට පැමිණ පැවිදි අයට කාසා වර්ණ ඇඳුම්, සිවුරු ඇඳීමට නිර්දේශ කරන ලදී. සිල්වත් අයට සුදු ඇඳුම් නිර්දේශ කළෙන් අදත් සිල්වත්හු සුදු ද, පැවිදි භික්‍ෂූන් කහ සිවුරුද පාවිච්චි කරති. කහ වර්ණයට ගුරුද, සුදු පාටට සඳු ද බලපාන බැවින් මෙම පාට දෙකේ බලවේගය අදත් එම දෙපක්‍ෂයට ලැබෙනු ඇත. ලෝකයේ බොහෝ රටවල විප්ලවවාදීන් රතු වර්ණය කමිසයට හා ධජයට යොදා ගන්නා ලදී. රතු කුජට අයත් බැවිනි.

මානසික රෝගීන් සඳහා කොළ වර්ණය සුදුසු බවට පිළිගැනීමකි. කොළ වර්ණය බුධට අයත් බැවින් මනස සමනය කිරීමට මෙය හේතු වන්නකි. ආයුර්වේද බෙහෙත් තෙල් සෑදීමට කොළ වර්ග යොදා ගන්නා ලද යුෂ තෙලට මිශ්‍ර කර කකාරා හිස ගැල්වීමට ඉසිවරයන් නිර්දේශ කර ඇත. හිසේ, ඇසේ හා දත්වල රෝග සියල්ල කොළවල අඩංගු ක්‌ලෝරොµsන් (Cකදරදසෙක) නම් ඖෂධය සුදුසු බව බටහිර වෛද්‍යවරුන් සොයා ගෙන ඇත.

ජ්‍යෙdතිෂය අනුව එක්‌ එක්‌ පුද්ගලයාට සුදුසු ශුභ වර්ණයක්‌ ඇත. තමාට ශුභ ඵල දෙන වර්ණය ජන්ම පත්‍රය අනුව සොයා දැනගත යුතුය. එක්‌ එක්‌ තැනැත්තාට අශුභ වර්ණයක්‌ හා විපත් වර්ණයක්‌ද ඇත. අඳුරු වර්ණ වන කළු හා නිල් අශෝභන මෙන්ම අපල නිවේදනය කරන වර්ණ වශයෙන් සැලකෙයි. මෙම වර්ණ දෙක ශුභ ඵල සලසන අයද සමාජයේ සිටිති. කේතු, රාහු, සෙනසුරු ශුභවාදී අන්දමට පිහිටා තිබෙන කේන්ද්‍ර හිමි අයට එම වර්ණ ශුභ ඵල සලසයි. සෙසු අයට විපත් ගෙන දෙයි. එසේ නැතිනම් ළඟ එන විපතක්‌ නිසා අඳුරු වර්ණ ඇඳුම් ඇඳ ගැනීමට සිතෙන්නේය. එය විපත පෙන්වන නිමිත්තකි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here