[ratings]
අද විද්‍යාවේ දියුණුව ඉතා ඉහළ මට්‌ටමක පවතී. පරිගණකය ඇතුළු නවීන වෛද්‍ය උපකරණ භාවිතය තුළින් රෝග විනිශ්චය මෙන්ම ස්‌ත්‍රී පුරුෂ භාවය පවා නිශ්චිතව හඳුනා ගැනීමේ පහසුව අද අපට ඇත. එහෙත් අතීතයේ මෙවැනි උපකරණ නොතිබුණත් අපේ මුතුන් මිත්තන් ස්‌ත්‍රී පුරුෂ භාවය ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ ආධාරයෙන් හඳුනාගත්හ.
දරුවකු කුසේ පිළිසිඳගත් මොහොතේ සිට මෙලොව එළිය ලබන තෙක් දරුවා ගැනත් මව ගැනත් විවිධ තොරතුරු ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවට අනුව පැවසිය හැකි දක්‍ෂ දෛවඥයන් අද සමාජයේද දක්‌නට ඇත. පැරණි දෛවඥයන් ඵලාඵල කථනයේ ඉතාමත් ශූර වූ බව මුඛ පරම්පරාවෙන් එන නොයෙක් කථාවලින් අපට හෙළිදරව් කරගත හැක.
ගර්භනී මාතාවක් පිළිබඳ ජ්‍යෙdතිෂ්‍ය ඇසින් කරුණු ඉදිරිපත් කිරීමේදී ස්‌ත්‍රියගේ ගර්භය තුළ පිළිසිඳ ඇති කළල රූපය ස්‌ත්‍රියක්‌ද පුරුෂයෙක්‌ද යන්න තහවුරු කරගැනීමට පැරැණ්‌නෝ තත්කාල ශාස්‌ත්‍රය උපයෝගී කරගත් අතර ඊට අනුව ප්‍රශ්න අසන වේලාවේදී එහි අධිපති ග්‍රහයන් ස්‌ත්‍රී පුරුෂ භාවය සනාථ කරගැනීම සඳහා යොදාගත්හ.
එම මොහොතේ උදාවී තිබූ රාශිය හා අධිපති ග්‍රහයන් ලිංග භේදය විසඳීමට බොහෝ සෙයින් උපකාරී විය. ප්‍රශ්න මොහොතේ උදාවූ ලග්නය පුරුෂ රාශියක් වී එහි අධිපතියා රවි, කුජ, ගුරු යන ග්‍රහයෙක් වී නම් පිරිමි දරුවෙක් වශයෙන්ද තත්කාල ලග්නය ස්‌ත්‍රී රාශියක් වී එහි සඳු, සිකුරු, දුටුවේ නම් ගැහැනු දරුවකුගේ පිළිසිඳ ගැනීමක් වශයෙන්ද ජ්‍යෙdතිෂයේ දැක්‌වේ.
මෙහිදී නවාංශකය සැලකිල්ලට ගෙන ග්‍රහ තත්ත්වය විමසා බැලීමේදී තත්කාල කේන්ද්‍රයේ චන්ද්‍රයා තැන්පත්ව සිටී නම් ගර්භනී මව තරුණ වියේද කුජ බුද සිටීනම් සාමාන්‍ය වයසකද ගුරු ශනි රාහු තැන්පත් වී නම් වැඩිමහලු කාන්තාවක් ලෙසද පැවැසිය හැක.
පිළිසිඳගන්නා කාලයේදී බලවත් ග්‍රහයාට හිමි රසය අනුව දොලදුක හට ගන්නා ආකාරය ජ්‍යෙdතිෂ්‍යයට අනුව දැක්‌වීමේදී රවිට කුලු රසයද සඳුට ලුණු රසයද කුජට තිත්ත රසයද බුධට මිශ්‍ර රසයද ගුරුට මියුරු රසයද සිකුරුට ඇඹුල් රසයද ශනිට කහට රසයද රාහුට හා කේතුට කැට කැබිලිති රසයද (මැටි වළං වල ඇති නැවුම් රසය) හිමිවේ.
ගැබ්ගත් මාසයේ සිට දරුවා බිහිවන අවස්‌ථාව දක්‌වා වූ දසමාසය තුළ බලපාන ග්‍රහයන් ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයෙහි සඳහන් වන අතර ශරීර සෞඛ්‍ය ආරක්‍ෂා කරගැනීම සඳහා ගැබිනි මවුවරුන්ට මෙය බෙහෙවින් වැදගත් වේ. පළමු මාසය සිකුරුට දෙවන මාසය කුජට තුන්වන මාසය ගුරුට හතරවන මාසය රවිට පස්‌වන මාසය චන්ද්‍රයාට හයවන මාසය ශනිට හත්වන මාසය බුධට අටවන මාසය ගැබ්ගත් කාලය අදාළ ග්‍රහයාටද නව වන මාසය යළිත් සඳුටද දහවන මාසය රවිටද වශයෙන් හිමිවේ. ඒ ඒ මාසවල හිමි ග්‍රහයන්ගේ බල දුබලතාවය අනුව මවට හානිද දරු ගැබට හානිද අඩු වයසින් ඉපදීම ද සිදුවිය හැක.
දරු උපත ස්‌වාභාවික අන්දමින් සිදුවේද මවට හෝ දරුවාට කරදර ඇතිවේද ශල්‍යකර්ම වලට භාජන වීමට සිදුවේද යන කරුණුද ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය මැනවින් ප්‍රගුණ කළ දෛවඥයන්ට කල්තියා පැවසීමේ හැකියාව ඇත.
හරියාකාර ඔරලෝසු වේලාවට සාදාගත් තත්කාලයේ ලග්නයෙන් දෙර්කානයෙන් නවාංශකයෙන් පැහැදිලිව ස්‌ත්‍රී පුරුෂ භේදය වෙන් කර කිව හැක. මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශිවල මුල අග කොටස්‌වල පුරුෂයන් උපදින අතර මැද කොටස්‌වල ස්‌ත්‍රීන් උපදී. මෙහි සඳහන් නොකළ සෙසු ලග්නවල වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ලග්නවල මුල හා අග ස්‌ත්‍රීන් උපදින අතර මැද පුරුෂයන් උපදී.
මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන ලග්න පුරුෂ රාශි වශයෙන්ද වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන රාශි ස්‌ත්‍රී වශයෙන්ද වෙන්කළ හැකි අතර නවාංශකයද මේ ආකාරයට ස්‌ත්‍රී පුරුෂ වශයෙන් වෙන්කර ගත හැක.
උපන් ලග්නය ඔත්තේ රාශියක් වී ලග්නාධිපති රවි ගුරු සඳු යන විෂම නවාංශකවල ඇති කල්හි පිරිමි උපත් සිදුවන අතර යුගම රාශිවල යුගම නවාංශකවලට ගියා වූ ලග්නාධිපති රවි, ගුරු, සඳු කරණ කොට ගෙන ගැහැනු දරුවන් උපදී. බලයෙන් යුක්‌ත ගුරු රවි දෙදෙනා විෂම රාශිවල විෂම නවාංශක වල සිටින කල පිරිමි උපත්ද බලවත් වූ සඳු සිකුරු දෙදෙනා හා කුජද යුගම රාශිවල යුගම නවාංශකවල සිටින කල ගැහැනු උපත්ද සිදුවේ.
උපන් මොහොතේ උදාරාශි පුරුෂ රාශියක් නම් එහි මුල අග පිරිමිද මැද ස්‌ත්‍රීන්ද උපදී. පුරුෂ රාශිවල මුල හා අග දෙර්කාණයෙන් මුල හා අග පිරිමින්ද මැද ස්‌ත්‍රීන්ද උපදී. ස්‌ත්‍රී රාශියක මුල ස්‌ත්‍රී උපතක් ලෙසින්ද ඊළඟ කොටස පුරුෂ උපතක් ලෙසින්ද තෝරාගත යුතුය. තවද උපත ලද ආරංචිය රැගෙන එන්නා පැමිණ ඇත්තේ චන්ද්‍රයා පුර පක්‍ෂගතව ඇති දිනක නම්, චන්ද්‍රයා සිටින්නේ ස්‌ත්‍රී නවාංශකයක නම් උපන් දරුවා ගැහැනු දරුවකු බවත් පුරුෂ නවාංශකයක නම් උපන් දරුවා පිරිමි දරුවෙක් බවත් ප්‍රකාශ කළ හැක.
We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation
can be found here