එදිනෙදා ජීවිතයට වාස්‌තු විද්‍යාව

2534
Architecture
Architecture

වර්තමානයේ පල කර ඇති, නිවාස හා භූමි සුබ අසුබ දැක්‌වෙන පොත් රාශියකි. ඒ 1937 පලවූ පොතක අඩංගු කරුණු ම හැර සමාජයට යහපත් වන දෑ එම පොත්වල විරල ය. ඒ සදහා බලවන්තයන් දරණ මත ද විවිධය විෂම ය. මෙහි දැක්‌වෙන්නේ සුළු ආයාසයකින් කුඩා මුදලක්‌ වැය කර අති විශාල යහපතක්‌ සලසා ගත හැකි අයුරු ය .

සීවලී මහරහතුන් වහන්සේ වෙනුවෙන් වතාවත් කිරීම.

නිවසේ හෝ කිසියම් තැනක යහපත් කටයුත්තක්‌ වෙනුවෙන් පහන් දල්වන විට පළමුව බුදු පහන දැල්වීම සිරිතයි. දෙවනුව මහරහතුන් වහන්සේලා වෙනුවෙන් පහන් දල්වයි. මනුස්‌ස නොවන බලයන් වෙනුවෙන් කටයුතු කරන්නන් වෙසමුණු දෙවියන් වෙනුවෙන් ඊළඟට පහන් දල්වයි. රහතුන් වහන්සේ වෙනුවෙන් වතාවත් කරන්නෝ සීවලී මහරහතුන් වහන්සේ ම තෝරා ගන්නේ තම නිවසටත් නො අඩුව ආහාර ලැබේය යන පැතුම ඇති වය. එහෙත් මෙම කටයුතු කිරීමේ බොහෝ විට තම නොදැනුවත් කම නිසා අයහපත ළඟා කර ගනිකි.

පළමු පහන

නිවසේ පළමු පහන මෙන්ම ඉහළම ගෞරවයක්‌ හිමි වන පහන බුදු පහනයි. කිසිදු පහනක්‌ බුදු පහනට ඉහළින් සිටින සේ තැබීම යහපත් නො වේ.

සීවලී මහ රහතුන් වහන්සේ ගේ පින්තූර හෝ පිළිම වහන්සේ තෝරා ගැනීම.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිළිම වහන්සේ මෙන්ම මෙම පිළිම වහන්සේ තෝරා ගැනීමේ දී ද සැලකිය යුතු කරුණු රාශියක්‌ වෙයි. එම සියලු කරුණු රහතුන් වහන්සේ කෙනෙකුට හිමි පරිදි විය යුතුය. පිළිම වහන්සේ හෝ සීවලී රූපය තැන්පත් කරන විට ද බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමට අයහපත් යෑයි. කියන ලද සියලු ස්‌ථානය අයහපත් වේ. එමෙන්ම සීවලී රූපය හෝ සීවලී පිළිමය තෝරා ගැනීමේ දී ද, බෝහෝ කරුණු එකහා සමාන ය. බොහෝ විට සීවලී රහතන් වහන්සේ ගේ පින්තූර වල අඩු පාඩු දැකිය හැක. විශේෂයෙන්ම සීවලී මහරහතුන් වහන්සේ ගේ පිළිම වහන්සේ ගේ හා සීවලී මහරහතුන් වහන්සේ ගේ පින්තූර වල කණ්‌ එකක්‌ සහිත පින්තූර ඉතා අයහපත්ය

එවැනි පින්තූර ඇති නිවාස තුල බෝහෝ දුක්‌ කරදර ඇති වේ. අසාර්ථකත්වය. ඇල් මැරුණු බව. දුර දක්‌නා නුවණ අඩු කම, සමාජයේ ඇගැයීමට ලක්‌ නොවීම ආදී සියලු දුක්‌ කරදර වේ.

පාත්තරය ඇතුළට අත දමා ගෙන සිටින පින්තූර හා පිළිම වහන්සේ ද යහපත් නැත.

සීවලී මහරහතුන් වහන්සේ ගේ උතුම් ගුණ ධර්ම මෙනෙහි කරමින් එවන් ගුණ ධර්ම පුරමින් නිවැසියන් යහපත් දිවියක්‌ අනුගමන කිරීම සියලු යස ඉසුරු ළඟා කර දෙන්නේ ය.

උතුම් මහ රහතුන් වහන්සේ ගේ පින්තූරය එල්ලා තැබීම. උතුම් මහ රහතුන් වහන්සේ ගේ පින්තූරය එල්ලා තැබීමද අසුබ ළඟා කර ගැනීමකි. පින්තූරය යමක්‌ මත සිටින පරිදි තැබිම කළ යුතුය.

පිළිම වහන්සේ

අපිරිසිදු වූ, දුර් වර්ණ වූ, ඇතුළත හිස්‌ පිළිම වහන්සේ යහපත් නොවේ. මේ වැනි පිළිම හෝ පින්තූර ඔබ ගේ නිවසේ තිබේ නම්, ආසන්න පුQජනීය ස්‌ථානය වෙත වඩම්මා ගෙන ගොස්‌ තැන්පත් කරන්න. කාලයක්‌ පුජනීය ලෙස වතාවත් කර පසුව වතාවත් නො කර අතහැර දැමීම ඉතා අයහපත්ය. එ බැවින් ඔබ ගේ නිවසෙන් අවසන් වතාවත් කර බැහැරට වඩම්මන්න.

පිං රැස්‌ කිරීම

අප පිං රැස්‌ කිරීමට බුද්ධ ධම්ම සංඝ යන තුන් සරණය වෙනුවෙන් වතාවත් කළ යුතුය. වචනයෙන් සත්පුරුෂ විය යුතුය. එවන් අය නිතරම දෙවියන් රැක බලා ගනු ඇත.

ආහාර පූජාවන් සැකසීම

ආහාර පූජාවන් කිරීමේ දී නොයිඳුල් යන වචනය භාවිතා වේ. එයින් අදහස්‌ වන්නේ බුදු, පසේ බුදු, මහරහත් හෝ දෙවි දේවතා වහන්සේලා වෙනුවෙන් සකස්‌ කරන ලද ආහාර පූජාවන් ඉඳුල් නොකර සකස්‌ කළ යුතු බව ය. මෙහිදී ළණු ඇඹුල් බැලීම සදහා වත් ඉඳුල් කරනු නො ලැබේ. කටේ දිවේ නො ගා නොයිඳුල්ව ව පිරිසිදුව තුන් සිත පහදාගෙන දෙන, ධනය මහත් ඵල මහත් අනුසස්‌ ලැබේ. මෙවන් ධනය කින් පසු ඔබ ගෙන් යෑපෙන්නන් හෙවත් ඔබ විසින් ආහාර ආදියෙන් සලකා රැක බලා ගත යුතු අය වෙනුවෙන් ආහාර ආදිය දී, ඔවුන ගේ ආශීර්වාදය ලබාගත යුතුය.

සාධාරණ ව උපයා සපයා ගත් දෙයින් දනට පිනට දෙන විට තම ගේ දහදිය මහන්සියෙන් වෙහෙසින් හරි හම්බ කර ගත්තු දෙයින් දෙන දානය උතුම් ය. පුරාණයේ මව් වරු තුත්තිරි බත් ධනය මහත් බැතියෙන් පුජා කළහ.

පුජණිය

වතාවත් කරන පිළිම වහන්සේලා පිරිසුදු කර සුවඳ පැන් නැහැවීම, පූජා භාණ්‌ඩ තැන්පත් කරන භාජන පිරිසිදු කිරීම නිතරම පූජාවක ට පෙර කරන්න. තමන් පළමු ව නිවස පිරිසිදු කර, තමන් ද පිරිසිදුව, පිරිසිදු ඇඳුමක්‌ ඇද, සඳුන් කිරි පැන් දියර ඉස සුවඳ දුම් දෙන්න.

පුජා කළ පසු දැවී ඉතිරි වූ පහන් වැටි හඳුන් කුරු

පුජා කළ පසු දැවී ඉතිරි වූ පහන් වැටි හඳුන් කුරු ආදිය ඉතිරි වී ඇතත් එම සියල්ල පූජා වී හමාරය. ඇත්ත වශයෙන් ම සඟ සතු දේ අතිත අනාගත මෙන්ම වර්තමාන ද සතර දික්‌ බාගයෙන් පැමිණෙන සංඝයා වහන්සේ සතු වන්නේ යම් සේ ද, එමෙන් ම මුහුද සතු ජලය සඟ සතු නොවන්නා සේ අප පූජා කළ දෙය අප සතු නොවේ.

පූජා වීම

ඔබ මල් කැඩිමට සිතුව විට ද, මල් කඩන විට ද, මල් වට්‌ටියේ මල් සරසන විට ද, මල් දොaවනය කරන විට ද, මල් පූජා කරන විට ද, පූජා කළ මල් දකින විට ආදී සියලුම අවස්‌ථාවන් හි ඔබ සතුටින් හැඟීමෙන් යහපත් සිහියෙන් කරන්නේ නම් ඒ සෑම අවස්‌ථාවකදීම ජීවමාන බුදු හාමුදුරුවන් ට කළ මල් පූජාවක්‌ සේ ඔබට එහි ආනිසංස ලැබෙන්නේ ය. අනෙකුත් පූජාවන් ද එවන් සිතුවිල්ලෙන් ම කරන්න.

නිවසේ දල්වන බුදු පහන වැඩි උසකින් තිබිම නිසා දෛනික පිරිසිදු කිරීම අපහසු වෙනවා මෙන්ම නිසි ගරු බුහුමන් දැක්‌විම ද අපහසුවේ. පහන පහතින් තැබිම නිසා කුඩා ළමුන් හා සුරතල් සතුන් නිසා ගැටලු ඇතිවිය හැක. පහන පත්තු කරන ස්‌ථානයේ යට හා අසන්නයේ ගිනි ඇවිළෙන දෑ නොතැබිය යුතුය. නිවසේ පහන් පත්තු කර තබා නිවැසි සියලු දෙනා ම ගෙදරින් බැහැර නොවිය යුතුය. පහන පහසුවෙන් පෙරලීමට ලක්‌ නොවෙන පරිදි තැබිය යුතුය.

සීවලී යන්ත්‍ර සදහා වතාවත් කිරීම.

යන්ත්‍ර ඇඳීම සඳහා කළ යුතු වතාවත් , පේ වීම, සුබ නැකත්, හා යන්ත්‍ර ඇඳීම ට නියමන් ද පවතී. ඒ ආදී කරුණු කාරණා බෝහෝ වෙති. එහෙත් වර්තමානයේ බෝහෝ දෙනෙක්‌ වත් පිළිවෙත් කරන්නේ අසුබ ඵල දෙන යන්ත්‍ර වලටය. මුද්‍රණය කරන ලද යන්ත්‍ර ඉතා අසුබය. යන්ත්‍ර ඇඳීමේ දී ලබා දෙන ගුරු උපදෙස්‌ අනුව බැලිමේ දී බොහෝ දොස්‌ ඇත. මෙම යන්ත්‍ර තොග පිටින් ඇණවුම් කර ලබා ගෙන ලොකු මුදලකට උපාය ශිලීව විකුණයි. මෙම යන්ත්‍ර වල සහ නිවාස ආරක්‌ෂා කිරී මට බල ගන්වා ඇතැයි, කියන යන්ත්‍ර තුල නිෂ්පාදකයා ගේ දුරකථන අංක ද තැන්පත් කිරීම කර ඇත.

මුල් දොර

නිවසට ඇතුලුවන මුල් දොර ඉහළ උළුවස්‌ස හරස්‌ කඳ (උදුම්බරා) මැද යකඩ ඇණයක්‌ ගසා යන්ත්‍ර, පින්තූර, තෙල් කුප්පි එල්ලනු ලබයි. මෙය ද ඉතා අසුබය. ගෘහ හිමි නියෝජනය කරන මෙම ස්‌ථානය මෙසේ හානි කළ විට ගෘහ හිමි ගේ නළලත ඇණයක්‌ ගැසුවා හා සමාන ය.

නියම පිළිවෙත් නො පුරන ලද යන්ත්‍ර තැන්පත් කිරීම ද ,එම යන්ත්‍ර වලට වතාවත් කිරීම ද, නැති කරදර කැන් දා ගැනීමකි. මෙම යන්ත්‍ර වල ඉරි නියමිත පරිදි සම්බන්ධ නො විම, නියමිත ඉරි අඩුවිම, අලංකාරය සදහා වැඩිපුර යෙදීම් හා බෝ විට නිෂ්පාදකයා ගේ දුරකථන අංක ද සටහන් කර ඇත. වචන යෙන් පව් කරන්නන් හට යහපත් ජප පිහිටිය නො හැක.

නිවස තුල දෙවියන් වෙනුවෙන් වතාවත් කිරීම.

දෙවියන් ගැන සලකා බැලීමේ දී පළමු කොටස්‌ දෙකකට බෙදේ සම්‍යක්‌ දෘෂ්ක හා සම්‍යක්‌ දෘෂ්ක නොවන වශයෙනි. මෙම කොටස්‌ නැවත කෝටි තිස්‌තුනකට බෙදේ. එවන් දෙවි වරු පිනට පිහිට වේ. එහෙත් බුද්ධ අනුශාසනා පවතින මෙම කාලයේ බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජා කර දෙවියන්ට පිං අනුමෝදනා කරන්න. කාර්ය සිද්ධි වේ.

පලතුරු පහන් ආදී පූජා

ඇතැම් අය සිතා ගෙන සිටින්නේ පලතුරු ,පහන් ආදී පූජාවන් දෙවියන් ට ඔප්පු කළ විට සියල්ල හරි කියාය. එහෙත් දෙවියන් පිං බලාපොරොත්තු වන්නේය.

දේව රූපයෙන්

දෙවියන් ගේ දේව රූපයෙන් යම් කරුණක්‌ නියෝජනය කරයි ද , එම දේවතා හෝ දේවි ගේ ස්‌භාවය ද එය ම වේ. සෝවාන් ඵල ලාභී සමන් දෙවි රජු නෙළුම් මලක්‌ දරයි. අයියනායක, ගණදෙවි, පුල්ලියාරේ යන නමයන් සඳහන් ගණදෙවි පොතක්‌ දරයි. සරස්‌වතී දේවිය පොතක්‌ දරයි. පති වත නො රකින්නා පත්තිණි දෙවි පිහිට නො පැතිය යුතුය. එහෙත් පත්තිණි දෙවි ගෙන් වරම් ගත් කාලි පිහිට පැතිය හැක. මේ ආදී වශයෙන් සලකා බැලීමේ දී දෙවියන්ට පිං අනුමෝදනා කර පිහිට පැතීම ඉතා සුදුසුය. තම තමන්ගේ ඉෂ්ඨ දේවතාවන් අවබෝධයකින් කටයුතු කිරීමෙන් පිහිට ලැබිය හැක. දෙවියන් බුදුන් කෙරෙහි විශ්වාසය ද ඇතිවේ.

විශේෂ අවස්‌ථා

අකුරු කියවීම, පවුලේ අයකුට විපතක්‌ ඇති වුන විට, පිහිට පැතී මට, ලෙඩක දී, දුක ක දී, ආදී අවස්‌ථා වල දී, දේවතා පිහිට පැතීමට උවමනා වන විට කිලි කුණු වලින් තොරව පිරිසිදුව දිසා පිරිසිදුව නිවසේ බුදු පහන පත්තු කර බුදුන් වැඳ, පන්සිල් සමාදන්ව, දෙවනුව දේව ආරාධනා කර ඔබ ගේ දුක්‌ගැනවිල්ල දෙවියන්ට කියන්න. දෙවියන්ට පිං අනුමෝදනා කරන්න.

අධිෂ්ඨාන

භාරයක්‌ වෙන්න. අධිෂ්ඨානයක්‌ කරන්න. කිසියම් පිං කමක්‌ කර දෙවියන්ට පිං අනුමෝදන් කරන්න. දේවතා පිහිට ලැබ තමා ගේ කාරණය ඉෂ්ඨ සිද්ධ වුන පසු දෙවියන් සතුටු වන ඹබ ට කළ හැකි දෙයක්‌ බාර වෙන්න. කාර්ය සිද්ධ වුන පසු භාරය ඔප්පු කරන්න.

කිළි කුණු

කිළි වර්ග බොහෝ වෙති, මරණ, මල්වර, උපත්, මාසික ආදී වශයෙනි. මෙම කිළි දින කීපයක සිට මාස තුන දක්‌වා යෙදේ. තව ද පිළිහඩු වර්ග නිසා ඇති වන කිලිටි ය. මෙම කිළි සියල්ලට ම වැඩියෙන් බලවත් වචන යෙන් පව් කිරීම ය.

කිළිහරණය

කිළි අවස්‌ථාවකින් පසුව කිළිහරණය කළ යුතුය. මුලින් තැබූ පුද නැවත තබා. ජප සංඛය වෙන් අඩක්‌ පිරිය යුතුය.

We found this article from Divaina on 2013/06/23.
Also Sinhala to English Google word to word translation can be found here