ඔබේ රෝගය හරිහැටි දැනගන්න රාශි චක්‍ර නිමිත්ත අල්ලන්න

1654
රෝගය
රෝගය

ස්‌වභාව ධර්මය පිළිබඳ සියුම් අධ්‍යයනයක්‌ වන නිමිත්ත ජ්‍යෙdතිෂය විද්‍යාංශයට සෘජුවම සම්බන්ධයි. ලෝකය අතිශයින්ම ගුප්තය නිර්මිත හෝ ස්‌වාභාවික සලකුණක්‌ උපයෝගී කරගෙන අපට නොපෙනෙන අන් සිත දැකීමක්‌ ආවෘත සිද්ධි දාමයක්‌ අනාවරණය කර ගැනීමත් නිමිති ක්‍රමයේ මුඛ්‍යාර්ථය වනු ඇත. පරසිත් දැකීමේ විවිධ ක්‍රම බෞද්ධ දර්ශනය තුළින්ද, භාවනා ක්‍රම අතුරින්ද අපට දැකිය හැක. නිමිත්තද එබ» එක්‌තරා ක්‍රමයකි.

ආයුර්වේදීය අගද තන්ත්‍රයට අයත් විෂ චිකිත්සාවේද ප්‍රශස්‌ත නිමිති ක්‍රමයක්‌ ඇත. සර්පයෙකු දෂ්ඨ කර විෂ ඇති වූ විට වෙදැදුරු ළඟට එන ගමනින්, පැමිණි සංඛ්‍යාව අනුව, අඟ පසඟ අතගෑමෙන් උච්ඡාරණයෙන් දෂ්ඨ කළ සර්පයා හඳුනාගැනීමේ නිමිති ක්‍රමයක්‌ද ඇත. මෙය අප අතර යම් පමණක්‌ ප්‍රසිද්ධද ඊටත් වඩා ප්‍රශස්‌ත බව නොරහසකි.

විශ්වයේ සෑම ක්‍ෂණයකම ඊට විශේෂ වූ කිසියම් ගුණාංගයක්‌ ඇති බව ස්‌වභාව ධර්මය පිළිබඳ අන්තරාවලෝකනය කළ පූර්ව ප්‍රඥ මතයයි. සත්ත්ව චින්තයක්‌ බාහ්‍ය ලෝකයත් සියුම් ලෙස සම්බන්ධ කරන අදිසි බල වේගයක්‌ ඇති බව දුටු පැරැන්ණන් එම බලවේගය සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් බාහ්‍ය සිද්ධීන් ඇසුරු කරගෙන අභ්‍යන්තරය දැකීමට සලසාගත් සරලතම ක්‍රමය නිමිත්ත බව හැඳින්විය හැක.

මෙම නිමිති ශාස්‌ත්‍රයන් විවිධ වුවද සත්‍යයි. මලක, ගෙඩියක, ගහක. පක්‍ෂියෙකුගේ වර්ණවලින්, නමක්‌ කීමෙන්, බෙල්ලන් දැමීමෙන්, බුලත් ගණනින්, වේලාව, හෝරාව, නැකත, රාශිය අනුව නිමිති කීමේ ක්‍රම රැසක්‌ ඇත. එමෙන්ම සරස්‌වතී බ්‍රහ්මරාජ දිව්‍ය නිමිත්ත, නක්‍ෂත්‍ර නිමිත්ත, රාශි චක්‍ර නිමිත්ත එයින් මුල් තැනගන්නා නිමිති ක්‍රමයන්ය.

ලංකාවේ මෙම නිමිති ක්‍රම ඇත්තේ ගුරු පරම්පරා කීපයක පමණි. තිබෙන අයකු එය පිටට නොදීම නිසා දිනෙන් දිනම නිමිති ශාස්‌ත්‍රය ගිලිහී යයි.

මෙම පුස්‌කොළ පොතකින් උපුටා ගත් මේ නිමිත්ත අල්වා ඔබේ සුව නොවන නිදන්ගත රෝගය දැන එයට නිසි ප්‍රතිකාර කරන්න. පළමුව රාශි චක්‍රය ඇඳ එහි දකුණට අංක 1 සිට 12 දක්‌වා රාශි පිහිටුවා පුවක්‌ ගෙඩියක්‌ හෝ මලක්‌ “ඕං රාක්‍ෂ” යන මංත්‍රයෙන් 108 වරක්‌ ජපකර රාශි චක්‍රයේ ඇති කොටුවක තබා එම රාශිය අනුව පහත දක්‌වා ඇති රෝගයන් හඳුනාගන්න.

මේෂය බඩ ලෙඩ ඉඟෙන් පහළ

ලෙඩ උණ හෝ ඉස ගිනියන් දැන්නේ

පිටි මුසු කැවිලිද කාලා ආ

ලෙඩ ගෙවල යකුන් හට යෑද පන්නේ

වෘෂභය සුදු කැවිලිද කිරි මුසු කොට

කාලා ආ ලෙඩ දන ගන්නේ

වැදියක්‌ කඩවර දෝසෙට පුදමින්

අවුසද කරපන් ගුණ වෙන්නේ

මිතුනය සුනු සාලේ බත් කිරි සහ කාලා

ඉදිමුම් හැති වන්නේ

ඉඟෙන් පහළ ලෙඩ ග්‍රහ අපලය සහ

වීරමුණ්‌ධි දෙවි දොස්‌වන්නේ

කටකය හීල්බත් බඳුන්ද කාලා

බෙල්ලෙන් උඩ ඇස්‌ ලෙඩ වන්නේ

ඊට මහත් දෙවි දෝසෙට නැතිනම්

වැදියක්‌ කඩවර පුදවින්නේ

සිංහය දඩමස්‌ පලාද කාලා

බඩ හිස පිත දත ලෙඩ දන්නේ

පත්තිනි දෙවිගෙ දෝසෙට නැත්නම්

අභිමානය යකු පුදමින්නේ

කන්‍යා කටුසර දේවල් කාලා

නොයෙක්‌ ව්‍යාධි ලෙඩ පැමිණෙන්නේ

දැඩිමුණ්‌ඩ දෙවියන් යෑදගෙන

සකියනි වෙදකම් කරපන්ගුණ වෙන්නේ

තුලාව නිඹුලුද බත් අඹුලක්‌ කා

උණ හිසරද අරුචිය කියනා

කොසඹ යකුන්ගේ දෝසෙට නැත්නම්

ගෙවල යකුන් හට පුද දෙමිනා

වෘශ්චික අන් ගෙදරක බත් කාලා

උන ඉදිමුන් කැසි ලෙඩ තිබෙනා

ගරා යකුන් යෑද ගුණවෙයි නැත්නම්

පුලුටු යකුන් පුද ගුණ කරනා

ධනුවද මී මුසු කැවිලිද කාලා

උණ ඉසරද බඩ ලෙඩ වන්නේ

පනික්‌කු යක්‌කුයි මහ දෙවි දෝෂයි

උන් හට යෑදපන් වන්නේ

මකරය හීල් බත් අනුන්ගෙ ගේකින්

කාලා බඩ ලෙඩයයි දන්නේ

රඡ්ජුරු දෙවියන් දෝෂයි දැනගෙන

පාට වතක්‌ පුදනුය සොඳිනේ

කුම්භය සුනු සාලේ බත් සමගින්

පලාද කාලා ලෙඩ වන්නේ

බඩ ලෙඩ හිසරද පින් අදිකේ

ලෙඩ අධිමානය යෑද ගුණ ගන්නේ

මීනය තුඹ මැස්‌සන් කාලා

උණ ඉසරද ලෙඩ බව දැනගන්නේ

කොහොඹා යක්‌ දෝෂය මත් නියතය

නැතහොත් පනික්‌කු යකු වන්නේ

We found this article from Divaina on 2013/03/22.
Also Sinhala to English Google word to word translation can be found here