[ratings]
ඔබ තුළ බොහෝ දක්‍ෂතා ඇති බවද යහපත් ගතිගුණ ඇති බවද ඔබ හැම දෙනාම සිතති. එහෙත් ඔබ තුළ ඇති දුර්වලකම් හා නොයෙකුත් අඩුපාඩු, වැරැදි ඔබ කිසිවකුට නොපෙනේ. අවට සිටින අය හා ඔබ ඇසුරු කරන අය, ඔබ හොඳින් හඳුනාගත් පසුව ඔබගේ අඩුපාඩු හා දුර්වලකම් අවබෝධ කර ගනීs. එහෙත්, පළපුරුදු ජ්‍යෙdතිර්වේදියාට පමණක් ඔබ නොදැක ඔබ හඳුනා නොගෙන ඔබගේ ජන්ම පත්‍රය පමණක් පරීක්‍ෂාකර බලා ඔබ ගැන පැහැදිලි විස්‌තරයක් කිව හැකිය.
ලොව දෙදෙනකු එක හා සමාන නොවේ. එක මව්කුස තුළ උපන් නිවුන් දරුවෝද එක හා සමාන නොවෙති. රූපයෙන් සමාන වුවද ගතිගුණ අතින් වෙනස්‌කම් දක්‌නට ඇත. ලොව උපදින සියලුම මිනිසුන් ලග්න අනුව කොටස් දොළහකට බෙදිය හැකිය. එක් එක් ලග්නය අනුව මිනිසුන්ගේ ඇති දුර්වලකම් හා අඩුපාඩු පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි. මෙයින් ඔබගේ අඩුපාඩු හොඳින් දැනගෙන හැකි තරම් දුරට ඒවායින් මිදීමට කටයුතු කළ හැකිය.
මේෂ ලග්නය
කුජ හිමි මේෂ ලග්නයෙන් උපන්නේ නම් සහකරුට හෝ සහකාරියට මිස වෙනත් කෙනකුට අවනත වීමට කැමැති නැත. තම අදහස් අනුවම ක්‍රියා කරයි. මව, පියා හෝ වෙනත් වැඩිහිටි කෙනකු හෝ දෙන අවවාද උපදෙස් පිළිගන්නේ නැත. තරගයකදී හෝ විවාදයකදී හෝ තමන්ට ලැබෙන පරාජය පිළිනොගෙන යම් කලබලයක් ඇති කර, එයින් ජයගැනීමට උත්සාහ දරයි. නොඉවසීමේ ගතිය, සමාදානයට ගරු නොකිරීම පවතින දුර්වලකම් වේ. සුළු වැඩකිරීමට කැමැති නැත. ලොකු වැඩ කරන්නට ගොස් නැති කරදර පටලවා ගනී.
වෘෂභ ලග්නය
විනෝදයට, සැපතට, බාහිර අලංකාරයට වැඩි කැමැත්තක් දක්‌වයි. අවශ්‍ය දෙයට වියදම් කිරීමට තරමක් මැළිවුවද අනවශ්‍ය දෙයට වියදම් කිරීමට මැළිනොවේ. තමන් බැසගත් තීරණය
නිවැරැදි යෑයි සිතා කටයුතු කරන අතර අනුන්ගේ මතයට ගරු නොකරයි. කඩිසර කමක් නැත. හෙමින් හෙමින් වැඩකරයි. මමය, මාගේය යන ආත්මාර්ථකාමී සිතුවිලි ඇතිවේ. අනුන් ගැන වැඩි තැකීමක් නැත. ඒ සමඟ හතුරෝ ඇතිවෙති. කෙනකු සමඟ අමනාපවන්නේ හෙමිහිටය. නැවත මිතුරු වීමටද සෑහෙන කාලයක් ගනී.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියා කතා බහ කිරීමේදී හැම දෙයක්‌ම දන්නා බව හැඟවීමට උත්සාහ දරයි. පටන්ගත් වැඩය අවසන් නොකර, තවත් දෙයක් කිරීමට උත්සාහ දරයි. අදහස් නිතර වෙනස් වේ. පුරුෂයකු නම් ස්‌ත්‍රීන් සම්බන්ධවද ස්‌ත්‍රියක නම් පුරුෂයන් සම්බන්ධවද ඕනෑවට වඩා මිතුරුකම් ඇති කර ගැනීමට ගොස් කරදර පටලවා ගනියි. අනවශ්‍ය වියදම් කිරීමටද පෙළඹේ. සිතේ කිසිම නිස්‌කලංක බවක් නොමැත. තමන් නොදන්නා කෙනකු සමඟ වුවද ඉතා ඉක්‌මනින් මිතුරුකම් ගොඩනගා ගනියි. එහෙත්, ඒවා වැඩිකල් පවත්වාගෙන යන්නේ නැත.
කටක ලග්නය
ඉවසිලි ගතිය අඩුවීමත් වහා කිපීමත් ඕනෑවට වඩා අධික අනුකම්පාවත් දුර්වලකම් හැටියට දැක්‌විය හැකිය. අනුන්ට අවවාද උපදෙස් දීමට මහන්සි ගන්නවා මිස, තමාගේ දියුණුවට මාර්ගය විවෘත කර ගැනීමට උනන්දු නොවේ. සිතුවිලි අධිකය. අන්‍යයන් කෙරෙහි අසීමිත විශ්වාසය තබා ඉතා අනුකම්පාසහගතව කටයුතු කිරීමට ගොස් අමාරුවේ වැටේ.
සිංහ ලග්නය
හරි හෝ වේවා, වැරැදි හෝ වේවා තමාගේ මතයේ සිටම කටයුතු කරයි. තමාගේ හෝ අඹුදරුවන්ගේ වැරැදි අඩුපාඩු පෙන්වනවාට කැමැති නැත. ආඩම්බර වේ. තීන්දු – තීරණවලට පැමිණීමට ඇති ඉක්‌මන් කමත්, ප්‍රසිද්ධ වීමට ඇති තදබල ආශාවත් පවතින දුර්වලකම් වේ. බඩගින්නේ සිටීමට වුවද හැකියාව ඇත. කෑම ඕනෑ වූ විට, රසවත් හොඳ කෑමත් සොයයි.
කන්‍යා ලග්නය
වැඩ කිරීමේදී කලබලකාරී ගතියක් දක්‌නට ඇත. කලබල වීම නිසා සමහර වැඩ වරද්දා ගනියි. තමා කරන වැඩගැන වුවද, එතරම් විශ්වාසයක් නැත. විශ්ව කේන්ද්‍රයේ හයවැනි රාශිය කන්‍යා වීම නිසා, සතුරන්ට සහ අසනීපවලට පමණට වඩා බිය වෙති. සුළු දේවල් ගැන අවශ්‍ය ප්‍රමාණයට වඩා වෙහෙසීමද කාලය ගත කිරීමද නිසා තම වැදගත් කටයුතු ප්‍රමාද කර ගනී. අනුන්ගේ දොස් සෙවීමට කැමැතිය. මෙම අඩුපාඩු නිසා ජීවිතයේ දියුණුවට බාධා ඇති කර ගනී.
තුලා ලග්නය
ඉක්‌මනින් නොසන්සුන්වීම, ඉක්‌මනට තරහා යැම, ප්‍රධාන දුර්වලකම් හැටියට සඳහන් කළ හැකිය. අවසන් තීරණයකට නොබැස ප්‍රමාද වීම, කෞතුක භාණ්‌ඩවලට වැඩියෙන් ආශා කිරීම, තුලා ලග්නකරු සතු ගුණාංගයකි. පෞද්ගලික සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැප කර, තමන් දුක් විඳීමට වුවද සූදානම්ය. තම ජීවිත ප්‍රශ්න වලදී වහා තීන්දුවක් නොගෙන ඒ අත මේ අත කල්පනා කරමින් සිටින නිසා සමහර කටයුතු ප්‍රමාද වී යයි. එසේ නැත්නම් ඉටුකරගත නොහැකි වේ.
වෘශ්චික ලග්නය
අනුන්ගේ අදහස් හා කටයුතු සම්බන්ධව නිතරම දොස් දකී. ඒවා නිවැරැදි කිරීමට ගොස් අසමගිකම් පාදා ගනියි. “මට එය පසුව කළ හැකිය” කියා තම කටයුතු ප්‍රමාද කර ගනී. වහා කිපීමත් තමාගේ රහස් අනුන්ට දැන ගැනීමට සැලැස්‌වීමත් පවතින දුර්වලකම් වේ.
ධනු ලග්නය
සමහර විට කිසි ගරු සරුවක් නැතිව අනුන්ගේ දෙයට ඉදිරිපත් වී, සටන් වැදී කරදර පටලවා ගනී. විටෙක භයානක දෙයටද ඉදිරිපත් වේ. පමණට වඩා අනුන් විශ්වාස කරයි. අශ්ව රේස්‌වලට හා එවැනි තරගවලට ඇල්මක් දක්‌වයි. මුදල් එවැනි දේ වෙනුවෙන් නාස්‌ති කරයි. සමහර කටයුqතු වලින් පාඩු සිදුවන බව දැන දැනම ඒවා ඉටුකිරීමට ගොස් කරදර ඇති කර ගනී.
මකර ලග්නය
අනුන් ගැන නොසිතා තමන් ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී ගතිය ප්‍රධාන දුර්වලකමයි. ඉතා මසුරු වේ. පමණට වඩා වෙහෙසී ක්‍රියාකරයි. සමාජයෙන් කොන්වීමට සිදුවේ. හැම දෙයින්ම ලාභ ප්‍රයෝජන ගැනීමට සිතයි. තමාට බැරි දුර්වල අවස්‌ථාවක් පැමිණිය හොත් අනුන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු නොවේ. එසේම තමාද අනුන්ට උදව් උපකාර කිරීමට නොසිතයි.
කුම්භ ලග්නය
අලුත් අදහස්, නව නිර්මාණ, නව නිෂ්පාදන ආදිය පිළිගැනීමට වැඩිකැමැත්තක් නැත. ඉදිරිපත්වීමේ ගතිය අඩුය. හුදෙකලාව නිදහසේ ජීවත්වීමට කැමැතිය. මෙලොව දියුණුව ගැන එතරම් තැකීමක් නැත. ඒ නිසාම කම්මැළි කෙනකු ලෙස අන්‍යයන්ට පෙනේ. ජීවිතයේ අඳුරු කාලවලට මුහුණ දීමට සිදුවන්නේ තම ජීවිතයේ දියුණුව ගැන නොසිතන නිසාය.
මීන ලග්නය
අනුකම්පාව සහ ත්‍යාගවන්තභාවය හොඳ වුවද ඒවා අධික වීම නිසා බොහෝ දෙනකුගේ රැවටිලිවලට අසුවීම මීන ලග්න හිමියා සතු දුර්වල කමකි. තමා තුළ පවත්නා යහපත් ගතිගුණ නිසා, තම පෞද්ගලික ජීවිතයේ දියුණුව අඩාල වීමද දුර්වලකමක් හැටියට කෙනකුට දක්‌නට හැකිය.
මෙම අඩුපාඩු හා දුර්වලකම් එක් එක් ලග්නය සතු පොදු ලක්‍ෂණ වේ. ලග්න අධිපතියාගේ බල දුබලතාවය මත සහ ලග්නයේ සිටින ග්‍රහයින් අනුව මෙම කරුණු ස්‌වල්ප වශයෙන් වෙනස් වීමට ඉඩ ඇත.
We found this article from Divaina on 2011/11/18.
Also Sinhala to English Google word to word translation can be found here