ඔබේ වාසනාව අවාසනාව ජන්ම පත්‍රයේ ලියෑවී තිබේ

0
697
වාසනාව
වාසනාව

කෙනකු ජයග්‍රහණය කරන විට කෙනෙකු පරාජය විය යුතුයි. එය තරගයක ස්‌වභාවයයි. එකෙකු පරයා දිවෙන ලෝකයක තරගයට යන අයට ඒ න්‍යායට මුහුණදීමට සිදුවේ. අනිත්‍ය, දුඃඛ, අනාත්ම දේශනා කරනවාට වඩා පරාජයට හේතු සාධක ජ්‍යොතිෂයේ ඇසකින් පෙන්වාදීම වැදගත් යයි සිතමු. දේශපාලන ජය පරාජ ගැන කරන විග්‍රහයක්‌ මෙන්ම තමාගේ “ජීවිත තරගයේදී” මුහුණදීමට සිදුවන අභියෝගවලට මුහුණදීමට හොඳ ආත්ම ශක්‌තියක්‌ හොඳ ආත්ම විශ්වාසයක්‌ ලබා ගැනීම වැදගත්ය. එසේම “පරාජය වන්නට” ඉදිරිපත් වනවාට වඩා “දිනන්නට ඉදිරිපත් වීම වැදගත්ය. ඒ ජයග්‍රහණයේ මාවත පෙන්වා දීම අපේ වගකීමයි. ඒ මාර්ගය තෝරා ගැනීම හෝ නොගැනීම ඔබේ වගකීමයි.

මැතිවරණය මෙන්ම ජීවිතයේ තරග රාශියක්‌ තිබේ. විභාග, රැකියා, විවාහ වැනි තරගවලට ඔබට මුහුණදීමට සිදුවිම අද හෙට හෝ අනින්දාට සිදුවිය හැක. නොඑසේ නම් ඊයේ හෝ පෙරේදා මුහුණ දුන්නා විය හැක. ජීවිතයම තරගයකි. ඒ නිසා ඒ තරගයෙන් දිනන්නට අපට අත්වැලක්‌ තිබිය යුතුය. මිල මුදල්, බලය, පමණක්‌ නොව වාසනාව ද තිබිය යුතුය. මේ “වාසනාව, කෙනකුට ඉබේම උදාවන අතර අනෙක්‌ අය ඒ “වාසනාව සොයා යා යුතුය. “වාසනාව දොරට තට්‌ටු කරන්නේ” කලාතුරකිනි. කෙසේ වෙතත් “මැතිවරණය කේන්ද්‍රකොටගෙන ජීවිතයේ තරගවදින ඔබට එම තරගවලින් ජයගන්නට හෝ ඒ තරගවලින් පරාජය වූ හේතු සාධක නිවැරදි කරගන්නට ජ්‍යොතිෂමය මං හෙළිකිරීමකට පිවිසෙමු.

ඔබගේ ජන්ම පත්‍රයේ ඔබේ වාසනාව හෝ අවාසනාව ලියෑවී පවතී. ඔබ උපදින විටම ඔබේ අනාගතය සටහන්ව ඇත්තේ ජන්ම පත්‍රය හෙවත් “හඳහනේයි” “මහ බඹා කොටා” තියන පිළිවෙළ ලෙස ඇතැමුන් පවසන්නේ මෙයයි. ඔබේ ජන්මයත් සමඟම ඔබේ දියුණුව, ජය, රැකියා, ධන වාසනා, විවාහ සහකරු වැනි දේ සටහන්ව ඇත. එය පැහැදිලිකරගත හැක්‌කේ ජ්‍යොතිෂ විග්‍රහයකින් පමණි. එහෙත් බොහෝ මිල මුදල් සහ “බලය” ඇත්තන් එය නොසලකා හැර ඇත. “මුදල්” ඇත්නම් “ඕනැම” දෙයක්‌ කළ හැකි යයි සිතන අයට මැතිවරණ පරාජය වූ විට තමාගේ “මිල මුදලට” සිදුවූ දේ ගැන සිතන්නට අවස්‌ථාව ලැබේ. ඒ නිසා ජ්‍යොතිෂ මත අනුව ජයග්‍රහණයන් සඳහා සුදුසු අවස්‌ථා සලකා බලමු.

පළමුවෙන්ම ඔබේ උපතේදී ජන්ම පත්‍රයේ ඇති “දසා අපහරණය” ඉතා වැදගත්ය. මේ දසා අපහරණය අනුව වර්තමානයේ ඔබේ “දසාව” සොයාගත යුතුය. එසේම “මහ දසාව” මෙන්ම පවතින අතුරු දසාද වටහා ගත යුතුයි. ඔබට ඇත්තේ සුබ දසාවක්‌ සහ සුබ අතුරු දසාවක්‌ නම් ඔබට ආත්ම විශ්වාසයක්‌ තබාගෙන තරගයට පිවිසෙන්නට පුළුවන. එහෙත් ඔබට ඇති මහ දසාව හෝ අතුරු දසාව අසුභ නම් ඔබ දෙවරක්‌ සිතා බැලිය යුතුය. ඇතැම් මහ දසා සහ අතුරු දසා ඔබට අසුභ පල ලබාදෙනු ඇත. මිල මුදල් නාස්‌තිවීම, සතුරන් ඇතිවීම ආදී අසුභ පල උදාකරයි නම් දෙවරක්‌ සිතා කළ යුතු දේ පිළිබඳව සිතන්න. මෙහිදී එක්‌කෝ තරග නොවැදීමයි. නැතහොත් ඇති අසුභ දෝෂ මගහරවා ගැනීමය. පළමුවෙන්ම අසුභ මහ දසාවක්‌ ඇත්නම් ඒ මහ දසාව අධිපති දේවතාවන්ගේ ආරක්‌ෂාව ලබාගත යුතුය. අප බොහෝ දෙනා පුරුදුව ඇත්තේ මැතිවරණ හෝ විභාග සම්මුඛ පරීක්‍ෂණ වැනි අවස්‌ථාවලදී තමා විශ්වාසවන්ත කුමන හෝ දේවාලයකට ගොස්‌ පුද පූජා පැවැත්වීමයි. එය “වැසි පොදක්‌” පමණි. එහෙත් නිත්‍ය පිහිටාරක්‌ෂාව ලබන්නට නම් ඒ ඒ දසාව අධිපති දෙව් දේaවතාවුන් හඳුනාගත යුතුය. එසේ හඳුනාගෙන ඒ ඒ දෙවි දේවතාවන්ගෙන් පිහිටාරක්‌ෂාව ඉල්ලීමයි. එසේම ඒ පිළිවෙත් නිසි අයුරින් ඉටුකිරීමයි. මැතිවරණයක්‌ වැනි තරගයකදී පාර්ශ්ව දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ පවතී. මෙහිදී කොයි කවුරුත් මැතිවරණයට පෙර දෙවියනට පුද පූජා, පඬුරු පාක්‌කුඩම් පිළිගන්වති. මෙහිදී දෙවියන්ගේ නෙත් යොමුවන්නේ කුමන අපේක්‌ෂකයාටද, සියලු දෙනා දෙසම දෙවියනට සාධාරණය ඔප්පු කළ නොහැක. එතනදී දෙවියන්ගේ ආශිර්වාදය එල්ල වන්නේ තමාගේ දසාව ඇති සේවාදායකයා වෙතයි. උදාහරණ ලෙස “කුජ” මහදසාව ඇති අය කතරගම දෙවියන්ගේ ආශිර්වාදය පැතිය යුතු අතර “ශනි” මහ දසා ඇති අය විෂ්ණු දෙවියන්ගේ ආධාර ඉල්ලීම කළ යුතුය. මේ දෙදෙනා මාරුකරගෙන උපකාර ඉල්ලීම සාර්ථක නොවනු ඇත. මොළයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගත යුත්තේ ඒ සම්බන්ධ රෝගීන්ය. ඔහුගෙන් දරු ප්‍රසූතිය සඳහා ප්‍රතිකාර ලබාගැනීම කළ නොහැක. ඒ නිසා පළමුව තමාගේ දසාව සොයා බලා අසුභ නම් ඊට අදාළව වත් පිළිවෙත් ඉටුකර තරග වැදීම මැනවි.

එසේම තමාගේ ජන්ම පත්‍රයේ ඇති ග්‍රහචාරයද ඉතාම වැදගත්ය. දසාව මෙන්ම “තත්කාල” කේන්ද්‍රයත් ජන්ම කේන්ද්‍රයත් පරීක්‍ෂා කර බලා ජය පරාජය ගැන ඉඟියක්‌ ලබාගත හැක. මැතිවරණ වැනි අවස්‌ථාවලදී ජන්ම පත්‍රයේ හත (7) වන කොටුව වැදගත්ය. එය විවාහය ගැන පමණක්‌ නොව “සමාජ පිළිගැනීමද” පැහැදිලි කරවන්නක්‌ නිසාය. එසේම නව (9) වන කොටුවේ පෙර පින්පව් ගැනද විමසා බලා කර්මස්‌ථානයේ ගෝචරවන ග්‍රහයන්ගේ තත්ත්වයද දැන ගැනීම වැදගත්ය. මෙසේ ජන්ම පත්‍රයේ තරග ජයග්‍රහණ සඳහා සුදුසු වාතාවරණයක්‌ තමාට තිබේද? නොඑසේ නම් නිකරුණේ මුදල් වැයවන යෝගයක්‌ තිබේද යන්න වටහා ගැනීම සුදුසු වේ.

තමා පදිංචි නිවසේ “වාස්‌තු දෝෂ” තිබේද යන්න දැන ගැනීම ඊළඟ කළයුතු දෙයකි. වාස්‌තු දෝෂ ඇත්නම් මැතිවරණ පමණක්‌ නොව විවාහය, රැකියාව, මිල මුදල් ආදියටද හානිවීමට ඉඩ ඇත. ඒ නිසා තමා පදිංචි නිවසේ වාස්‌තු දෝෂ පරීක්‍ෂා කොට බලා ඒ දෝෂ පවතී නම් ඒවා නිsදොස්‌කර ගැනීම ඉතා වැදගත්ය. බොහෝ විට ඇතැම් “වැදගත්” උදවියගේ නිවසේ ප්‍රධාන දොර විවර වන්නේ “වැදගත්” අයට පමණි. අනෙක්‌ අවශේෂ අයට ගෙයි පිටුපස දොරක්‌ පමණක්‌ විවර වේ. විශේෂයෙන්ම මැතිවරණ සඳහා තරග කරන අපේක්‌ෂකයින් මේ දේ කරනු පෙනේ. ඇතැම් විට මැතිවරණ සමයේදී වෙනත් නිවසක්‌ කුලියට හෝ බද්දට ගෙන ඒ කටයුතු සඳහා යොදාගනු ලැබේ. ඔබේ ඡන්ද දායකයාද ඔබට කරන්නේ එයමය. ප්‍රධාන මනාපය වෙනත් අයෙකුට ලබාදී තුන්වන මනාපය ඔබට ලබාදීම හෝ මැතිවරණයට පෙර ඔබේ “කුලියට” හෝ “බද්දට” ගත් නිවසට පැමිණ මැතිවරණ දිනයේදී වෙනත් අපේක්‌ෂකයකුගේ නිවසේ පදිංචියට යනු ඇත. ඒ නිසා ඔබ ඔබේ නිවස ගැන සැලකිලිමත් වන්න. විවාහය ප්‍රමාද වීමටත් මේ ගෘහ දෝෂ බලපානු ඇත.

එසේම ඔබ මැතිවරණයට නාම යෝජනා අත්සන් කළ මොහොත නැතහොත් තරග විභාගයට අත්සන් කරන මොහොත හා දිශාව ගැන සැලකිලිමත්විය යුතුයි. ඔබගේ ජන්ම නැකතට සාධක වන සම්පත්, සාධක, පරම මෛත්‍රී වැනි නැකතකින් නොව “වද” හෝ “විපත් නැකතකින්” අත්සන තැබුවේ නම් එහි විපාකයද එයම වනු ඇත. ඒ නිසා අත්සන තැබීමට පෙර සුබ නැකතක්‌ දැනගන්න. උදාහරණ සේ ඔබේ උපන් නැකත “අස්‌විද” යෑයි සිතමු. අස්‌විද නැකතට “බෙරණ” නැකත සම්පත් නැකතකි. එය “අස්‌ලිස” නැකතට “විපත් නැකතකි” “සිත” නැකතට “මා නැකත “සාධක” නැකතකි. එහෙත් “රෙහෙණ” නැකතට “මා” නැකත “වද” නැකතකි. එනිසා ඔබේ වටිනා අත්සන ඔබට සුබ නැකතකින් තැබීමට හුරු පුරුදු වන්න. නැතහොත් ඒ අත්සන හිරගෙවල්, රෝහල් කරා ගෙන යන මාර්ගයක්‌ වීමටද ඉඩ ඇත. මේ අත්සන මෙන්ම අත්සන තැබිය යුතු දිශාවද වැදගත්ය. ඒ ඒ දිනයට මරු සිටින දිශාව මගහැර අත්සන් තැබීම වැදගත්ය. ඒ නිසාම උතුර බලා නැගෙනහිර බලා වැනි සුභ දිශාවන් දක්‌වා ඇත්තේ “මරුසිටින” දිශාව හඳුනාගෙන “මරුට” පිටුපා ඔබේ අත්සන තැබුයේ නම් දෝෂ භංගවනු ඇත. ඔබට “මරු” සිටින දිශාව හඳුනාගන්නට නොහැකි නම් “නිරිත දිශාව” හඳුනාගෙන ඊට පිටුපා “ඊසාන දිශාව” බලා අත්සන් තැබීම හෝ සුභ කටයුතු ආරම්භය සිදුකරනන්න. “ඊසාන” දිශාව මරු නොමැති දිශාවයි.

මැතිවරණයේදී තවත් වැදගත් සාධකයක්‌ වනුයේ ඔහුගේ භාර්යාවයි. “සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම සාර්ථක ගැහැණියක සිටී.” ප්‍රබල කියමනකි. එය අනෙක්‌ අතටද සාධාරණය. සෑම “අසාර්ථක පිරිමියකු පිටිපසම අසාර්ථක ගැහැනියක සිටී” මෙයින් පෙන්වන්නේ ඔබේ ජයග්‍රහණයට ඔබේ සහකරු වැදගත් බවය. ඔබට වාසනාව – අවාසනාව ගෙන දෙන්නට සහකරුද වැදගත් සාධකයකි. මැතිවරණයේදී බොහෝ දේ ඇය ඉටුකරන්නීය. ඒ ප්‍රායෝගික පැත්තය. එහෙත් ඇයගේ ජන්ම පත්‍රයේ පවත්නා දෝෂ ඔබටද බලපානු ඇත. එනිසා තරගවදින්නට පෙර දෙදෙනාගේම “හඳහන” බලාගනිමු. තරගයකදී පමණක්‌ නොව ගෘහයක්‌ ඉදිකිරීම, ගෘහයකට ගෙවදීම ආදී කටයුතුවලදී ද දෙදෙනාගේම ජන්ම පත්‍ර වැදගත්ය. ඒ නිසා ඔබ තරග වදින්නට පෙර ඉහත සධක ගැන සිතන්නේ නම් ඊට අනුගත වන්නේ නම් ඔබට “ජය නියතයි.”

We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here