කාම උමතුව ඇති කරන ග්‍රහ පිහිටීම්

2795
කාම
කාම

1. රවි සහ සඳු දෙදෙනා උත්පත්තියේදී 07 වැන්නෙහි තැන්පත්ව සෙනසුරුගේ දෘෂ්ටියට පමණක්‌ ලක්‌ වේ නම් තම වංශයට නොගැලපෙන නීච පහත් වැඩ කරන අයකුගේ තත්ත්වයට මනස පත් වේ.

2. රවි, සඳු සහ සෙනසුරු උත්පත්ති කේන්ද්‍රයේ 07 වැනි භාවයෙහි පාප දෘෂ්ටි සහිතව තැන්පත් විණි නම් ආර්ථික අපහසුතා මෙන්ම සමාජයෙන් එන අවනම්බු සඳහා මුහුණදීමට ශක්‌තියක්‌ නොමැතිවීමේ තත්ත්වයක්‌ පෙන්වයි. මෙම නිසාම මනස රෝගී වේ.

3. ජන්මියකුගේ උත්පත්ති කේන්ද්‍රයේ 07 වැන්න අධිපති ග්‍රහයා 12 වැන්නේ යෝග වී සිටී නම් අධි ලිංගික අවශ්‍යතාවය දැඩිව දැනෙන ග්‍රහ බලපෑමක්‌ වන්නේය. කිසිම ලිංගික කාර්යයකදී සෑහීමකට පත් නොවේ. මෙය මානසික රෝගී තත්ත්වයක්‌ වන අතර එය තමන්ගේ පරිහානියට ද හේතුවක්‌ බවට පත්වේ. එමෙන්ම මෙම රෝගය විවාහය ප්‍රමාද කරවන තත්ත්වයක්‌ ද වන්නේය. මෙය මානසික ආතතිය ලෙස පැමිණ අසහනය ලෙස වර්ධනය වී මානසික ව්‍යාධියක්‌ දක්‌වා පැමිණීමට හැකිය. ලෝභය, දොaෂය, අවිද්‍යාව, ථින මිද්ධ, විචිකිච්ඡාව යන අගතීන්ට නිතර පැමිණේ. මේ නිසාම විවාහ දිවිය වුවද සාර්ථක නොවිය හැකිය. මෙය සංසාරික කර්මයක්‌ පලදීමක්‌ වන අතර කාන්තාවන්ට මෙම පිහිටීම ඉතා නරකය.

4. කිසියම් ජන්මියකු උපත ලබන විට සතුරු ස්‌ථානගතව (2, 8, 12) කුජ සඳු සංයෝගවීම මෙන්ම සඳුගේ දෘෂ්ටිය කුජ වෙත එල්ලවීමෙන් රාගයෙන් මත් වූ කාමාධික උන්මාදයකුගේ තත්ත්වයට පත් වේ. මෙම පිහිටීම සහිත කාන්තාව රාගාධික කාමිණියකි. මෙය කෙනකුගේ මතුපිටින් නොපෙනෙන සේ සඟවා තබාගැනීමට ද මෙම ජන්මින් සමත් වේ. එහෙත් සැබෑ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්‌ය. ඉතා ශාන්තව ගලා යන දිය පහරක කිසිවෙකුට නොපෙනෙන බිලිගන්නා දිය සුළි හා සමාන තත්ත්වයක්‌ මෙම ජන්මීන් සතුව ඇත. මෙම ග්‍රහ පිහිටීම සහිත අය කාම උන්මාදයෙන් පෙළෙන අතර ඇසුරු කරන්නෝ ද මේ නිසා විපතට පත් කරයි.

5. කිසියම් ස්‌ත්‍රියකගේ උත්පත්තියේදී සඳු, කුජ, සිකුරු එකට තැන්පත්ව මෙයින් එක ග්‍රහයකු උච්ච වේ නම් රාජිනියකගේ තත්ත්වයට පත්වන අතර පුරුෂ අන්තඃපුරයක්‌ තබාගැනීමට පවා සිතන තරමේ රාගයට වහල් වූ මානසික ව්‍යාධියක්‌ ඇති තැනැත්තියක්‌ වේ.

6. රවි, කුජ, සිකුරු යන ග්‍රහයෝ එක රාශිsගතව උපතේදී තැන්පත්වීම ද කාමෝන්මාදය ඇති කරවන ග්‍රහ පිහිටීමකි. විශේෂයෙන් ප්‍රදර්ශන කාමයට බර සිතක්‌ මෙම ග්‍රහ පිහිටීම මගින් ඇති වේ. මෙම ව්‍යාධියෙන් පෙළෙන ස්‌ත්‍රිය තම අඟ පසඟ ප්‍රදර්ශනය වන ලෙස ඇඳුම් අඳී. තම නිරුවත දෙස විරුද්ධ ලිංගිකයකු බැලීමෙන් ඔහු හෝ ඇය ආශ්වාදයක්‌ ලබයි. එමෙන්ම මෙම ජන්මීන් ඉඩ ලැබුණ විට තුන්වැනි සිල්පදය කැඩීම කිසි ලඡ්ජාවක්‌ නැතිව කරයි. එමෙන්ම තමාගේ මෙම රෝග තත්ත්වය සමාජයෙන් සඟවා තබාගැනීමට සමත් වේ. එහෙත් සංසාර චක්‍රයේ මෙම භවය මෙන්ම ඊළඟ භවය ද දුකට පත්කරයි. මෙම මානසික රෝගී තත්ත්වයට සුදුසු ප්‍රතිකාරය වන්නේ නම් තමාම නුවණින් සිතා බලා කටයුතු කිරීමයි.

7. කුජ, බුද, සිකුරු උපතේදී එකම රාශියක තැන්පත්ව සිකුරු ග්‍රහයා උච්ච තත්ත්වයෙන් සිටී නම් එම ජන්මියාට ඉහළ අධ්‍යාපනයක්‌ හා වැදගත් රැකියාවක්‌ ද ලැබීමට වාසනාව ඇත. එහෙත් බලය නමැති මානයෙන් පෙළේ. එමෙන්ම දෛවෝපගත ලෙස කාමය සම්බන්ධව සැනසුම් සහගත විචාර භාවයෙන් තොරය. එම නිසාම පිරිහීමේ ලකුණක්‌ ලෙස කාමෝන්මාදය මතු කරයි. මෙම මානසික රෝගී තත්ත්වයට අනුව තම කාමය සංසිඳුවා ගැනීම සඳහා ඕනෑම තැනක ඕනෑම පහත් වැඩක්‌ කිරීමට මෙම ජන්මියා සූදානම්ය. එමෙන්ම මෙම පහත් තත්ත්වයට පත්වී අනුරාගිකව හැසිරීමට තරම් පහත් තත්ත්වයට පත්වේ. මෙවැනි අය අද සමාජයේ නගරාන්තර සේවා බස්‌ රථවල පිටුපස ආසනවල දැක ගැනීමට හැකියාව ලැබේ.

8. රවි, කුජ, බුධ, ශුක්‍ර, ශනි යන පංච මහා ග්‍රහ යෝගය සහිත ස්‌ත්‍රිය අධික ලිංගික ආශ්වාදය අපේක්‍ෂා කරනු ලබන කාමිණියකි. 02 වන භාවය රවිට හෝ කුජට හිමිව තිබීම ලග්නස්‌ථානයේ ස්‌වභාවය අටවැනි භාවය හා එහි සිටින ග්‍රහයන් හා එකොළොස්‌වැන්න මත තීරණය කරන මෙම කාම උමතුව ලියන් අභිසරු ලියන් බවට පත්කරලීමට තරම් බලවත්ය. එය සංසාර චක්‍රයේදී කරන ලද පාපකර්මයක්‌ මෙම භාවයේදී පල දීමක්‌ ද වන්නේය.

9. කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් සංයෝගව ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍රවල උපතේදී හෝ දෘෂ්ටිවලින් සංයෝගවීම ඉතා රහසිගතව ස්‌ත්‍රී පුරුෂයන් කාමයේ වරදවා හැසිරීම සඳහා පොලඹවන ග්‍රහ පිහිටීමකි. මෙම තත්ත්වය ලියන් මනාලියන් කරනවා සේම අභිසරු ලියන් බවට පත්කරන ලියන්ට ප්‍රධානව බලපාන අසුභ ග්‍රහ තත්ත්වයකි.

10. කාම උමතුව සඳහා ග්‍රහයන් පමණක්‌ නොව නැකත් 27 හි නැකැත් ද බලපානු ලැබේ. මෙම නැකත්වල පාදය සහ නැකතේ ස්‌වභාවය අනුවද කාම උන්මාදය සෑදේ. ඇතැම් නැකත්වල නැකත් පාදය මෙන්ම එදින ලබා ඇති ථිතිය මෙන්ම යෝගය ද අනුව කාමයේ කෙතරම් ඇලුනත් ඉන් සෑහීමකට පත් නොවේ. මිථුන, තුලා, වෘශ්චික රාශියෙන් උපත ලබා අද නැකතේ අවසන් පාද හිමිවීම මෙම රෝග තත්ත්වය තදින් බලපාන ග්‍රහ පිහිටීමකි. එසේම සිත, මුල, සියාවස, අස්‌ලිස, අස්‌විද, කැති, බෙරන, උත්‍රපල්, නැකත්වලින් අයහපත් ග්‍රහ සංයෝග සහිතව උපන් වනිතාව ද ලිංගික තෘප්තිය ගැන අධිකව සිතන එය මානසික ව්‍යාධියක්‌ යන තත්ත්වයට පත්කර ගන්නා තරමේ උන්මාදයෙන් පෙළේ. අධික කාම යෝග සහිතව උපන් ස්‌ත්‍රීSන්, පුරුෂයො කාම සුඛ විහරණය වින්දද එය කාම රෝගයක්‌ බවට පත්කර නොගනී.

11. කිසිවකුගේ මේෂ, වෘශ්චික රාශිය ලග්නය හා 08 වැනි භාවය හා ඒවායේ අධිපතීන් ද පීඩාවට ලක්‌වී සිටී නම් ඔහු නිරන්තර ලිංගික අසාරත්වය ලබයි. මේ හේතුව මත ලිංගික තෘප්තිය හීනවීම බෙලහීන තත්aත්වයට පත්වීමට සිදුවේ. එය යුග දිවියක්‌ ගතකිරීමේදී ප්‍රබලව දැනේ. මානසික සමබරතාවය දෙදෙනාටම පවත්වාගෙන යැම අපහසුය. මේ නිසාම නොරිස්‌සුමෙන් ආරම්භව මානසික ව්‍යාධියක්‌ දක්‌වා ගමන් කරයි. මෙය පෙර භවයේ කරන පාපකර්මයකට දෙදෙනාම හසුවීමකි.

12. 12 වැන්නේ හිරු උපතේදී තැන්පත් ජන්මීන්ගේ නැණ නුවණ හීන වී මානසික රෝගී තත්ත්වයකට පත්විය හැකිය. දැඩි කාමුක සල්ලාල බවක්‌ දක්‌වයි. පර අඹුවන් සොයා යයි. පියාසර කරන සතුන්ට හිංසා කිරීම සහ පවුල් අවුල් කිරීම මෙම මානසික රෝගී තත්ත්වයේ ප්‍රධාන ලක්‍ෂණයකි.

13. ඕනෑම ලග්නයක උපත ලබා රාහු ශනි දෙදෙනා එකම රාශියක තැන්පත් නම් එම ජන්මියා අයථා ක්‍රම මගින් ලිංගික තෘප්තිය ලැබීමට පෙලඹේ. මේ හේතු නිසාම විවාහ දිවියට ඇතුළු වීමට ඇති අවස්‌ථාවන් මඟහරී. එමෙන්ම තමාට වඩා

වයසින් වැඩි අය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට මොවුන් උනන්දු වේ. විවාහයකට බියක්‌ ද පවතින අතර මානසික සමබරතාවය ද පවත්වාගෙන යැමට නොහැක. මෙය මානසික රෝගී තත්ත්වයකි.

14. මේෂ වෘශ්චික ලග්නයෙන් ජන්මය ලබා 01 වන භාවයේ මෙන්ම 06 වන භාගයේ කුජ සමඟ සිකුරු උපතේදී තැන්පත් වීම ද කාමෝන්මාදය රෝගයෙන් පෙළීමේ තත්ත්වය පෙන්වන්නකි.

15. වෘෂභ, තුලා ලග්නයෙන් ජන්මය ලබා 01 වැනි භාවයේ කේතු සහ 07 වන භාවයේ රාහු මෙන්ම දෙවන භාවයේ සෙනසුරු උපතින් තැන්පත්වීම ද කාමෝන්මාදය ඇති කරන තත්ත්වයකි. රාහු, කේතු, සිකුරු මෙන්ම ගුරු මහ දශා අතුරු දශා කාලයන්හි මෙම තත්ත්වය වර්ධනය වීම මෙහි විශේෂ තත්ත්වයකි.

16. මිථුන, කන්‍ය ලග්නයෙන් ජන්මය ලබා රාහු 04 වන භාවයේ මෙන්ම කේතු 10 වන භාවයේ මෙන්ම සෙනසුරු 07 වන භාවයේ උපතේදී තැන්පත් ජන්මීන්ද කාමෝන්මාදයෙන් පෙළේ.

17. කටක ලග්නයෙන් ජන්මය ලබා අව සඳු සමඟ කේතු හෝ රාහු ලග්නයේ ද 04 වන භාවයේ සිකුරු ද 07 වන භාවයේ සෙනසුරු ද උපතේදී තැන්පත් ජන්මීන් ද කාමෝන්මාදයෙන් පෙළිය හැකි අතර රාහු, කේතු, සෙනසුරු මහ දශා සහ අතුරු දශාවන්හි මෙම තත්ත්වය වර්ධනය වීමක්‌ දැකිය හැකි වේ.

18. සිංහ ලග්නයෙන් ජන්මය ලබා ඇති ජන්මීගෙ ගේද 01 වන භාවයේ රාහු හෝ කේතු උපතේදී තැන්පත්ව ගුරු ග්‍රහයා ද පාප දෘෂ්ටි සහිතව පාප ස්‌ථානයක තැන්පත් වී නම් රාහු ගුරු මහ දශා අතුරු දශා කාලයන්හි කාම උන්මාදයට ගොදුරු වේ.

19. ධනු, මීන ලග්නයෙන් ජන්මය ලැබූ ජන්මීන්ට ද සිකුරු සඳු මෙන්ම රාහු මහ දශා අතුරු දශා කාලයන්හි කාමෝන්මාදය වැළඳීමට ඇති ඉඩකඩ වැඩිය.

මෙහි සඳහන් කරන ලද ආකාරයට ග්‍රහ පිහිටීම ඇති සියලු දෙනාටම උන්මාදය නොවැළඳේ. එමෙන්ම මෙහි උන්මාද තත්ත්වයන් ඇතිවන සියලුම ග්‍රහ නැකත් පිහිටීම් ද සඳහන් නොවේ. එය නිවැරැදිව දැනගැනීම සඳහා උපන් වේලාවට අනුව සතුරු මිතුරු ග්‍රහයන් ඔවුන් සිටින රාශි එම පිහිටීම උච්ච, ස්‌වක්‌ක්‍ෂේත්‍ර, සතුරු, ශ්‍රැක, නීච ස්‌වභාවය මෙන්ම උපතේදී තැන්පත් මාරක ග්‍රහයෝ මෙන්ම මහ දශාව අතුරු දශාව මෙන්ම ග්‍රහයන්ගේ ගෝචර ගමනත් සැලකීමට සිදුවේ.

කෙසේ නමුත් බුදුන්වහන්සේගේ ධර්මය අනුව අප කරන කටයුතුවල හොඳ නරක තීරණය වන්නේ ඉන් සමාජයට වන සේවය මෙන්ම අපගේ ෙච්තනාවන්හි ඇති පාරිශුද්ධත්ව ද අනුවය. ෙච්තනාව යහපත් නම් කර්මය ද යහපත් ලෙස අප පසුපස පැමිණේ. මෙම ලිපිය මගින් පෙන්වා දෙන ලද්දේ එම ධර්මයට අනුව අපට ඇතිවිය හැකි මානසික ව්‍යාධිවලින් එක්‌ පැතිකඩක්‌ පමණි. මෙම ව්‍යාධි පැති කීපයක්‌ම තිබේ.

We found this article from Divaina on 2013/07/07.
Also Sinhala to English Google word to word translation

Previous articleමැණිකෙන් පල ලබන්නේ මෙහෙමයි
Next articleග්‍රහ ලොව සෙන්පති ඔබේ ජීවිතයට කරන බලපෑම්