කාල සර්ප දෝෂයෙන් මිදීමට පිළියම්

2775
කාල සර්ප දෝෂයෙන්
කාල සර්ප දෝෂයෙන්

[ratings]

වර්තමානයේ බොහෝ ජන්ම පත්‍රයන්හි දක්‌නට ලැබෙන සුවිශේෂී වූ යෝගයක්‌ ඇත. රාහු හා කේතු යන ග්‍රහ බල දෙක අතර අන් ග්‍රහයින් සත් දෙනා එක්‌ පසෙක පිහිටීමෙන් මෙම විශේෂිත යෝගය සෑදෙයි. ජ්‍යෙdතිෂයේදී මෙම යෝගය හඳුන්වනුයේ “කාල සර්පයෝගය” ලෙසිනි. පූර්ව භවයන් හී සර්පයන් නිකරුණේ මරා දැමීමේ පාපය හේතුකොට ගෙන මෙම ශාපය ජන්මියාගේ ආත්මය වෙළා ගනු ඇතැයි වෛද්‍ය ජ්‍යෙdතිෂයේ පැහැදිලිව පෙන්වා දී තිබේ.

මෙම “නාග ශාපය” හෙවත් කාල සර්ප දෝෂයෙන් ඉපදුන අයගේ ජීවිත අන් අයගේ ජීවිත හා සසඳන කල්හි බොහෝ අඩුපාඩුවලින් ගහන බවක්‌ දැක ගත හැකිය. මෙවැනි අයගේ ජීවිත බොහෝ විට දුක්‌, කම්කටොළු හා පීඩාවන්ගෙන් යුක්‌තව ගෙවී යන බව අත්දැක ඇත. අඩු තරමේ තම ජීවිතයට අවශ්‍ය ප්‍රධානතම කරුණුවලින් එක්‌ අවශ්‍යතාවක්‌ හෝ අඩුවෙන් පිහිටීම මෙම යෝගයේ ඇති විශේෂත්වයකි.

විවාහය ප්‍රමාද වන හෝ කිසි දිනෙක විවාහයක්‌ සිදු නොවන අය බොහෝ දෙනෙකුගේ කේන්දරවල මෙම කාල සර්ප යෝගය දක්‌නට ඇත. මෙම යෝගය විවාහයට පමණක්‌ නොව දරුඵල අහිමිවීම, ගබ්සාවීම් ආදියටද දැඩි බලපෑම් එල්ල කරයි.

රැකියා අහිමිවීම, එක්‌තැනක වැඩි කාලයක්‌ රැකියාව කිරීමට නොලැබීම ධනය අහිමි විම වැනි කරුණු කාරණා කිහිපයක්‌ හෝ එකක්‌ දෙකක්‌ හෝ ඇතිවීම මෙම යෝගයේ බලය ලෙස පෙන්වා දිය හැකිය.

මෙම නාග දොaෂය හෙවත් කාල සර්ප යෝගයෙන් උපත ලද සමහර අය ප්‍රමාද වී විවාහ වුවද, ඔවුන්ට එක වහළක්‌ යට ජීවත්වීමේ උරුමය අහිමි කරවීමට තරම් මෙම කාල සර්ප යෝග සමත් වෙයි. ආයුෂ අඩුවීම කෙරෙහි මෙන්ම හදිසි අනතුරුවලින් අකාලයේ මිය යන්නන්ද බොහෝ විට මෙම සර්ප දොaෂය ඇතිව උපත ලද්දවූන්ය.

මෙම භයානක ආත්මීය නාග ශාපයෙන් මිදී, තරමක සහනයක්‌ හෝ තම ජීවිතයට ළඟා කර ගැනීමට හැකි මහඟු අවස්‌ථාවක්‌ ළඟදීම නැකත පාඨකයන්ට උදා වෙයි. ඉතාම දුර්ලභ අවස්‌ථාවක්‌ වන මෙම මා හැඟි කටයුත්තට සහභාගි වීමට කැමැති අය පහතින් දැක්‌වෙන පරිදි කටයුතු කරන්න.

2011 නොවැම්බර් මස 29 වන කුජ දින රාහු කාලය පවතින අවස්‌ථාවේ එනම් එදින පස්‌වරු 2.55 සිට 4.23 දක්‌වා කාලය තුළ එළඟිතෙල් පහන් පහක්‌ තම නිවසේ හෝ ආගමික සිද්ධස්‌ථානයක දල්වන්න. එසේ දල්වා රාහු ග්‍රහයාට අයත් ස්‌ත්‍රොaත්‍රය 21 වරක්‌ එම ස්‌ථානයේ සිට ගායනා කරන්න. රාහුගෙන් සිදුවන සියලුම දෝෂ හිරු දුටු පිණි බිඳුවක්‌ සේ වියෑකී යනු ඇත. රාහුගේ හා කේතුගේ දෝෂවලට භාරතීයන්ගේ අත්දුටු පිළියමක්‌ සේ මෙම “පංචම නාග දෝෂ ආලෝක පූජාව” පෙන්වා දිය හැක. විශේෂයෙන් රාහුගේ නැකතක හත්වැන්නාධිපතියා බලවත්වීම ද නාග දෝෂයක්‌ බව පෙන්වා දී තිබේ.

රාහු ස්‌තෝත්‍රය

අර්ධකායම් මහා වීර්යයම් – චන්දාදින්‍යම් විමර්දනම්

සිම්හිකා ගර්භ සම්භූතම් තබ් – රාහුම් ප්‍රණාම් – මාහ්‍යම්

කලාතුරකින් උදාවෙන මෙම අගනා අවස්‌ථාවෙන් රාහු මහ දශාව ගතකරන්නන්හටද වාසනාව උදාකර ගත හැකිය.

We found this article from Divaina on 2011/11/18.
Also Sinhala to English Google word to word translation can be found here