කුජගේ අපල වලට නොවරදින පිළිවෙත්

1054
කුජගේ අපල
කුජගේ අපල

න්මියකු මෙලොවට දායාද කළ දෙමව්පියන්ට පහරදීම ඔවුන් ඝාතනය කිරීමෙන් ආනන්තර්ය පාපකර්මයට ගොදුරුවීම සතුන් දඩයම් කිරීමෙන් ප්‍රාණගාත අකුසලය සිදුකිරීම පර අඹුවන් පර පුරුෂයන් සමග වැරදි කාම සේවනයේ යෙදීම හෙවත් කාමයේ වරදවා හැසිරීමේ ශික්‍ෂා පදය කඩකිරීමෙන් තම දරු පවුල් අවුල් සහගත තත්ත්වයන්ට පත් කිරීම හා නිතර නිතර කෝපසහගත ලෙස හැසිරෙමින් කෝපාවිෂ්ඨව ක්‍රියාකිරීමේ අකුසලකර්මවලට විපාක වශයෙන් මේ ආත්මභාවයේ “කුජ” ග්‍රහයාගෙන් එල්ල වන්නාවූ පීඩාකාරී තත්ත්වය හෙවත් “කුජගේ අපල යෙන්” පීඩා විඳීමට සිදුවේ. එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූවන්ට පහත සඳහන් ශාන්තිකර්ම මගින් කුජගේ අපල ය දුරුකර ගැනීමට හැකිය.

කුජගේ අපල යට වත් පිළිවෙත්

අඟහරුවාදා දිනවල කුජ හෝරාවෙන් එනම් පෙ.ව. 6.00 – 7.00 අතර හෝ ප.ව. 8.00 – 9.00 අතර කාලය තුළ බෝධියේ දකුණු දිශාවේ පස්‌තෙල් පහන් දල්වා රතු නෙළුම්, රතු අරලිය, රතු කනේරු (රතු කනේරු ඉතා සුබ වේ) ආදී රතු මල් සුවඳ දුම් පූජා කර හල්දුම්මල වලින් බෝධියට දුම් අල්ලන්න. අපලකරුගේ උසට ගොතාගත් රතු කනේරු මල් මාලයක්‌ ද අඟහරු දොස්‌ දුරුවේවා යනුවෙන් ලියූ රතු කොඩියක්‌ ද බෝධියේ දකුණුපස එල්ලන්න. පෙරාගන්නා ලද පැන් කළයක්‌ ගෙන මහා මංගල සූත්‍රයෙන් 3 වරක්‌ ද චක්‌ක පිරිතෙන් 3 වරක්‌ ද අභිසම්භිධාන පිරිතෙන් 3 වරක්‌ ද පිරිත් කර “කුජ අපලය” දුරුවේවායි ප්‍රාර්ථනා කර බෝධිය නාවන්න. පහත සඳහන් කුජ පීඩාහර ස්‌තෝත්‍රය 9 වරක්‌ ගායනා කර බෝධිය අබියසදීම කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කර අපල දුරුකර දෙන මෙන් ඉල්ලා සිටින්න.

කුජ පීඩාහර ස්‌තෝත්‍රය

අංගාරකඃ ශක්‌තිධරෝ – ලොහිතාංගො ධරාසුතඃ කුමාරො මංගලො භෞමො – මහාකායො ධනප්‍රදඃ

රණාකර්තෘ දෘෂ්ටි කර්තෘ – රෝග කෘෙද්‍ා ශතාශනඃ විද්යුත් ප්‍රභො ව්‍රණ කරඃ – කාමදො ධනහෘත් කුජඃ

සාම ගාන ප්‍රියොරක්‌ත – වස්‌ත්‍රො රක්‌තායතෙ ක්‍ෂණඃ ලොහිතො රක්‌ත වර්ණශ්ව – සර්ව කාර්මාච බොධකඃ

රක්‌තමාල්‍ය ධරොහේම – කුණ්‌ඩලී ග්‍රහ නායකඃ නාමාෙන්‍යතානි භෞමස්‍ය – යඃ පඨෙත් සතනං නරඃ

රණං තස්‍යච දෞර්භාග්‍ය – දාරිද්‍රංච විනශ්‍යතී ධනං ප්‍රාප්නොති විපුලං – ස්‌ත්‍රියං චෛව මනොරමාම්

මංගලෝ භූමි පුත්‍රශ්ව – රණ හරතා ධනප්‍රදඃ ස්‌ථිරාසනෝ මහා කායඃ – සුඛ සෞභාග්‍ය දායකඃ

වංශොෙද්‍යානකරං පුත්‍රං – ලභතෙ නාත්‍ර සංශයඃ යොර්වයෙ දග්නි භෞමස්‍ය – මංගලං බහු පුෂ්පකෛඃ සර්වානශ්‍යති පීඩාච – තස්‍ය ග්‍රහකෘතාධ්‍රැවම්

දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව පහත සඳහන් කුජ ස්‌තෝත්‍රය හා සෙත්කවිය නව වර බැගින් ගායනා කරන්න.

ස්‌තෝත්‍රය

ධරණ ගර්භ සම්භූතං විද්යුත් කාන්ති සම්ප්‍රභම්

කුමාරං ශක්‌ති හස්‌තානං මංගලම් ප්‍රාණ මා සභාම්

සෙත් කවිය

පසළොස්‌ චරණය ගුණපිරි මුනි සදහම් මග පෙන්වාදුන් පහදා

විඡ්ජා චරණය නැණ බල විහිදා කුජ ග්‍රහ අපලය දුරලන් සැමදා

මැණික්‌ හා යන්ත්‍ර පැළඳීම

කොරල් හෝ රතු මැණික්‌ ගලක්‌ පස්‌ලෝ මුදුවක අල්ලා අත පළඳින්න. නැතහොත් කොළොන් කොළයක ආකෘතියකට සවිකර ගෙළ පළඳින්න. ශාස්‌ත්‍රානුකූලව සකසා ගත් අභිසම්භිධාන යන්ත්‍රය එකී පිරිතෙන් 1008 වරක්‌ පිරිත් කර පළඳින්න.

ඖෂධ පැන් ස්‌නානය

බෙලිකටු, සුදු හඳුන්, බැබිල, රතු කනේරු මල්, ජටාමාංශ පෙරුන්කායං යන ඖෂධ සඳුදා දිනක නැවුම් කළයකට දමා එයට පෙරන ලද පැන් පුරවා පැය 12 කට පසු අඟහරුවාදා දිනයේ උදේ සාමාන්‍ය ස්‌නානයෙන් පසු ඖෂධ පැන් කළය පෙරා ස්‌නානය කරන්න.

ගෙවත්තේ දකුණු දිශාවේ කොළොන් වෘක්‌ෂයක්‌ අඟහරුවාදා දිනක සිටුවා ස්‌පර්ෂ කරමින් සාත්තු කරන්න.

අසරණ රෝගීන්ට ලේ දන්දෙන්න. රතු පැහැති ධාන්‍ය වර්ග රතු හාල්, රතු පරිප්පු, රතු කව්පි වැනි දේ ග්‍රහ දාන වශයෙන් ලබාදෙන්න. අතපය බිඳුණු ආබාධිත තරුණ පිරිමි පක්‍ෂයට විශේෂයෙන්ම හමුදා සේවයේදී එලෙස පීඩාවට පත් වූ අයට මේවා ලබාදීම හා උපස්‌ථාන කිරීමෙන්ද මරණයට කැප වූ එළුවන්, කුකුළන් බේරා ගැනීමෙන්ද කුජ අපලයෙන් වන පීඩාකාරී තත්ත්වය මගහැර ගත හැකිය. මේ සියලු කටයුතු සිදුකරන අතරතුර සිතෙහි ඇතිවන කෝපය මැඩගනිමින් හැකි සෑම අවස්‌ථාවකම අභිසම්භිධාන පිරිත සඡ්Cධායනය කරන්න. මෙනෙහි කරන්න.

We found this article from Divaina on 2013/10/20.