කුජ ග්‍රහයාගේ හැටි මෙන්න

4845
කුජ ග්‍රහයාගේ
කුජ ග්‍රහයාගේ

[ratings]

ජෝතීර්වේදයේ පැරැණ්‌නන් විසින් කුජ ග්‍රහයා හඳුන්වා ඇත්තේ භූමි පුත්‍ර යනුවෙනි. මොහු ග්‍රහ ලොවේ සටන්කාමී ග්‍රහයෙකි. කුජ නොහොත් අඟහරු මිනිස්‌ ජීවිත කෙරෙහි, එඩිතර බව, තේජවන්ත හා ක්‍රියාශීලීත්වය, වාද කිරීමේ හැකියා, ප්‍රධානත්වය, යනාදී සුවිශේෂ වූ කරුණු කෙරෙහි බලපාන්නේය. යටකී කරුණු වලට අමතරව දුර බැහැර ප්‍රදේශවල හෝ විදේශ සංචාරක කටයුතුවලටද කුජ දක්‌ෂයි. මේ සියල්ල සිදු වන්නේ ඔබේ කේන්ද්‍රයේ කුජ බලවත්ව සිටිය හොත් පමණි. ඔබගේ හඳහනේ කුජ දුබලව සිටියේ නම් හදිසි අනතුරු උෂ්ණ රෝග, සණ්‌ඩු සරුවල් වලට මුහුණපෑමට සිදුවේ. සිපිරි ගෙවල්වල ලැගීමටද සිදු වන්නේය.

කුජ ග්‍රහයා එක්‌ රාශියක ගමන් කිරීමට දින 45 ක්‌ පමණ ගතවෙයි. එහෙත් රාශියේ කෙළවරට ගොස්‌ වක්‍ර වී යළි ආපසු එකී රුසේම මුලට පැමිණ නිවෘත වී නැවත ඉදිරියට යාමක්‌ සිදු වන කාලයේදී එම රාශියේ මුල අග යන එන මුළු කාලය මාස පහන් (05) හතක්‌ (07) අතර කාලයක්‌ වීමට ඉඩ ඇත. මේ තත්ත්වය, ඔක්‌තෝම්බර් (2011) මාසයේ 30 දා සිට 2012 ජුනි 22 දක්‌වා රවිට අයත් සිංහ රාශියේ ගමන් ගන්නා නිසා උදා විය.

ග්‍රහ ලොව ප්‍රධානියා ලෙස සැලකෙන රවිගේ නිවසට කුජ සම්ප්‍රාප්ත වීම නිසා උපන් කේන්ද්‍රයේ කුජ සිටි ස්‌වභාවය අනුව (සුබ අසුබ) තත්ත්වයන් උදාවෙයි. රවි නොහොත් හිරුගෙන් ජීව හා රෝගනාශක බලය ලබාදෙයි. රවි එඩිතර බව, ප්‍රසිද්ධිය, ක්‍රියා ශූරත්වය, දීර්ඝායුෂ ලබාදෙයි. හුදෙක්‌, ඒ රවි බලවත්ව සිටීමෙනි. කේන්ද්‍ර සටහනේ රවි නරක ස්‌ථානයක සිටියේ නම්, ඉක්‌මන් කෝපය, චපලකම හොර හිත ආදී අයහපත් තත්ත්වයන් උදා කරයි.

කුජ අධිපති වන්නේ මේෂ සහ වෘශ්චික යන රාශි දෙකටය. මෙය ස්‌වකේෂත්‍ර බලය ලෙසින්ද හැඳින්වෙයි. මකර රාශියට කුජ උච්ච වෙයි. නීච වන්නේ කටක රාශියටය. මිථුන- කන්‍යා රාශි දෙකට සතුරු වන්නේය. වෘෂභ සිංහ, ධනු, මීන රාශි වලට මිත්‍ර වෙයි. තුලාවට සහ කුම්භයට සම වේ.

මේෂ – වෘශ්චික සහ මකර ලග්න හිමියන්ගේ කුජ සුබව සිටීමෙන් රුවක යෝගය උදාවෙයි. එසේම කුජ මේෂ රාශි ගතව සිටීම නිසා ගජකේශර යෝගයද උදාවන වග ජ්‍යෝතිෂ මතය වේ. කුජ වෘශ්චික රාශියේ සිටීමෙන් මහීපාල යෝගයද, මකර රාශියේ සිටීමෙන් සතරදීප ජය යෝගයද උදා වන වග පසක්‌ කළ හැකිය.

මේෂ ලග්න හිමියන් කුජ ලග්නයේම (01) සිටිවිට සියලු අභියෝග බාධක ගණන් නොගෙන ඒවා අභිබවා යමින් ජය කණුව වෙත ළඟාවෙයි. සටන් කර හෝ තම ජය තහවුරු කරගනී. ස්‌ව උත්සාහයෙන්ම දියුණුව උදා කර ගනී. දරුණු අනතුරුවලටද මුහුණ පෑමට සිදු විය හැකිය. ශරීරය නිරෝගී සේම ශක්‌තිමත්ද වෙයි. ගේ දොර ඉඩ කඩම් ලැබීමේ භාග්‍ය උදාවෙයි. නිදහසට සේම ස්‌වාධීනත්වයට ගරු කරයි. භූමි ලාභ ගේදොර ලබයි. එහෙත් විවාහ දිවියේ සතුට අඩුයි. රැකියා වශයෙන් නීති ක්‍ෂේත්‍රයේ ඉංජිනේරු කාර්මික අංශවල, වෛද්‍ය සේවා වල යෙදීමේ ඉඩ කඩ වැඩී. මේෂ ලග්න හිමියන්ගේ අඟහරු 10 වැන්නේ නොහොත් මකර රාශියේ සිටි විට කරදර බාධක මැඩගෙන කටයුතු කරයි. ඉඩකඩම් දේපළ යහතින් ලැබෙයි. පියා සතු දේපළ වැඩියෙන් ලබයි. යාන වාහන අතින්ද සම්පූර්ණයි. ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නේ නම් අධික ලාබ ලබයි. පිරිස්‌ පාලන කටයුතු වලටද සුබදායකයි. සංවිධාන ශක්‌තිය ප්‍රබලයි. තමන් වෙත පැවරුන කාර්යයන් තිතටම ඉටු කරයි. යුක්‌ති ගරුකයි. අයුක්‌තියට එරෙහි වෙයි. ආයුෂ වැඩිවේ.

කුජ වෘශ්චික රාශිගතව (01) ලග්නයේම සිටීම නිසා උපක්‍රම ශීලීව කටයුතු කරයි. යටිකූට්‌ටු වැඩ වලට දක්‍ෂවෙයි. අන් අය නොදන්නා ඔවුන්ට නොපෙනෙන දේවල් විශේෂයෙන් රහස්‌ පරීක්‍ෂක කටයුතු ගුප්ත දේවල් කිරීමට කුජ ලග්නගතව සිටිය අය දක්‌ෂයි. බොහෝ අය නොකරන දේවල් කිරීමට පෙළඹෙන අතර ඉන් උසස්‌ අයකු බවට පත් වී පෝසත් වීමේ වාසනාව හිමිවීමට ඉඩ තිබේ. රැකියා වශයෙන් නීතිවෘත්තිය ගුරු උපදේශක, වැනි කටයුතු වලින් උසස්‌ තත්aතවයක්‌ හිමි කර ගත හැකිය.

මකර ලග්නයෙන් උපන් අයගේ කුජ 04 වැන්නේ (මේෂ) සිටීමෙන් ගේදොර ඉඩකඩම් දේපළ ලැබීමේ භාග්‍ය උදාවෙයි. ඥාතීන් සහෝදරාදීන් අතර ප්‍රමුඛයෙකු ලෙස පෙනී සිටී. එසේම ඉක්‌මන් තරහද ඒම ද නොවැළැක්‌විය හැකියි. පවුල් ජීවිතය සේම පවුලේ ඥාතීන්ටද ඉතා හිතවත්ව කටයුතු කරයි. භූමි ලාභ සේම පතල් කර්මාන්තයෙන්ද ආදායම් ලැබිය හැකිය. රැකියා සම්බන්ධයෙන් වෛද්‍ය, ඉංජිනේරු, කාර්මික, කෘෂිකාර්මික කටයුතු කෙරෙහි වඩාත් ලොල් වෙයි. යම් වැදගත් සිතුවිල්ලක්‌ ඇති වුව හොත් එය කෙසේ හෝ ඉෂ්ට කර ගන්නා තෙක්‌ ඉවසිල්ලක්‌ නැති සෙයකි. ගෝදොර අලංකාරව තබා ගනී. කුජ මකර රාශිගතව (ලග්නය මකර වී එහිම) සිටිවිට සහජ හැකියාවන්ගෙන් පූර්ණ අයකු වෙයි. ඉවසීම ප්‍රගුණ කරයි. අත්දැකීමෙන් ඕනෑම වැඩක්‌ කිරීමට හැකියාව තිබේ. ශ්‍රාස්‌ත්‍රීය අංශයට වඩා ශිල්පීය අංශයෙන් දියුණුවට පත්වෙයි. විවාහය ඉතාමත් වාසනාවන්ත වෙයි. එහෙත් දරුවන්ට අගුණයි. උසස්‌ තනතුරු රැකියා ලැබීමේ භාග්‍ය උදාවේ.

කුජ කටක රාශියට නීච වන්නේය. කුජ කටකයේ නීච වීමෙන් ඉතාමත් හික්‌මුණු ඉවසිලිවන්ත පුද්ගලයෙකු වන්නේය. කොයිකාටත් එකයේ සලකයි. විරුද්ධවාදී හතුරන්ට පවා කරුණාව දක්‌වා සමගියෙන් සිටීමට බලයි.

මිථුන රාශිය කුජට සතුරු ස්‌ථානයකි. මිථුනරාශි ගත වූ කුජ (01) අලුත් අමුතු අදහස්‌ දරන පුද්ගලයන් ඇති කරයි. කථාව වේගවත්ය. ඉගනීමට දක්‍ෂවේ. ගණිත – මිණිත කටයුතු වලට සේම කාර්මික තාක්‍ෂණික යන්ත්‍ර සූත්‍ර කටයුතු වලටද දක්‍ෂවෙයි. ඉක්‌මන් කාරීවේ.

කන්‍යා රාශියේදී කුජ ග්‍රහයා දියුණුව සඳහා වැඩි උත්සාහයෙන් යුතුව කටයුතු කරයි. අන් අය සමග ආශ්‍රය අඩුවේ.

කුජ වෘෂභ රාශීන් මිත්‍රව සිටීමෙන් රාගාධික වෙයි. ශරීර ශක්‌තිය යහපත්ය. අන් අයට යටත් පහත් නොවන ගතියක්‌ ප්‍රකාශිත වෙයි. ස්‌ත්‍රීන්ට ලොල්වේ. නිතර විනෝදයෙන් සතුටින් කල්ගෙවීමට සිතයි.

කුජ සිංහ රාශි ගතවීමෙන් නිර්භීත හා තේජාන්විත බව වැඩිවේ. පහත් ක්‍රියා නොකරයි. විරුද්ධවාදියාට නොපැකිලිව පහර දෙයි. ආලය ප්‍රේමය වැනි කටයුතු ගෞරවයෙන් යුතුව කරයි.

ධනු රාශි ගත වූකුජ සටන් කාමී ගති අඩුකරයි. සමාජය ආශ්‍රය කරන අයට ඉතා හිතවත්ව කටයුතු කරයි.

මීන රාශි ගත වූ අඟහරු එඩිතර බවක්‌ නොපෙන්වයි. කරුණාවන්තයි. විවාහය තරමක්‌ ප්‍රමාද වීමට පුළුවන්. ආලය පිළිබඳ අදහස්‌ කීපයක්‌ ඇති වීම නිසා සුදුස්‌සා තෝරා ගැනීම ප්‍රමාද වෙයි.

We found this article from Divaina on 2011/12/23.
Also Sinhala to English Google word to word translation can be found here