කුම්භ ලග්න හිමියන්ගේ පලාපල මෙන්න

2097
කුම්භ
කුම්භ

[ratings]

ඔබ මෙලොව එළිය දකින අවස්‌ථාවේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයින් පිහිටා සිටි ක්‍රමය අනුව සාමාන්‍ය පලාපල විස්‌තරයක්‌ දැනගත හැකි වන්නේය. ලග්නාධිපති ශනි ග්‍රහයා සිටින අයුරු මින් දැක්‌වේ.

කළගෙඩියක්‌ අතින් ගත් පුරුෂයෙකුගේ හැඩරුවින් යුතු රූපයකින් රාශි චක්‍රයේ 11 වැන්න වූ කුම්භය හඳුන්වා දෙයි. ඇතැම් විට කළය පමණක්‌ සංකේතවත් කරවයි. පුරුෂ, වායු, තිර, රාශියක්‌ බැවින් මෙවන් අයගේ ශරීරය මධ්‍යම ප්‍රමාණයේ වෙයි. පෙනුම අහිංසක සිත්ගන්නා සුළුය. ක්‍රියාශීලි බව තරමක්‌ අඩුයි. තමා කරන කාර්යය හෙමින් වුවත් හොඳට කරයි. මෙවන් අය තුළ මිනිස්‌ ගති පිහිටයි. වටිනා මිත්‍රයින් ආශ්‍රය කරයි. අවසාන මොහොතේ වුව ජය ලබයි. දුර්වලකමක්‌ ලෙස දැකිය හැක්‌කේ තනි පංගලමේ විවේකය පැතීමයි. රෝග වශයෙන් කකුල්වල පහළ සන්ධිවල අත්වල සන්ධි ස්‌ථානවල ආබාධ ඇති කරන අතර පපුවේ ආබාධ ඇස්‌ රෝගද ග්‍රහ ගමන් අනුව වැළඳේ.

කුම්භ ලග්නයෙන් උපන් අයට සිකුරු ග්‍රහයා ශුභ ඵල උදාකරයි. එසේම සිකුරු සමග කුජ එකට සිටීමෙන්ද යහපත් ප්‍රතිඵල ළඟා කරයි. විශේෂයෙන් අපල තත්ත්වයක්‌ උදාකරන්නේ ගුරු සඳු සේම කුජයි. සිකුරු 9 ට අධිපති බැවින් ශුභ ඵල ලබාදෙයි. කුම්භ ලග්නයට ලග්නාධිපතියා වන්නේ ශනි ය.

ඔබේ ජන්ම පත්‍රයේ කොටු 12 න් පළමු ස්‌ථානයේ සිට (ලග්න භාවය) වම් පැත්තට පිළිවෙළින් 1-2-3-4-5 ආදී වශයෙන් යෙදෙන විට ලග්නය අයිතිවන්නේ සෙනසුරුටයි. 02 වැන්න අයිතිවන්නේ (මීන) ගුරු නොහොත් බ්‍රහස්‌පතීටය. තුන්වැනි දසවැන්න කුජට අයත් මේෂ වෘශ්චික රාශිය වේ. මේ අනුව කුම්භ ලග්න හිමියන්ගේ 04 වැන්න සහ 09 ට අධිපති වන්නේ සිකුරුයි. 05 සහ 08 ස්‌ථාන අයිතිවන්නේ බුධටයි. 06 වැන්න කටක නිසා එහි අයිතිකරු සඳුවේ. 07 වැන්නට අධිපති වන්නේ රවි ග්‍රහයාය. 11 සහ 12 ට අධිපති ග්‍රහයන් වන්නේ ගුරු සහ ලග්නාධිපති ශනිය.

කේන්ද්‍රයේ 1 වැනි ස්‌ථානයෙන් ජන්මියාගේ චරිත ලක්‍ෂණ ආයුෂ – දුක්‌ සැප ජය පරාජය වැනි රාශියක්‌ ගැන කියෑවෙති. 02 වැන්නෙන් ධනය දේපළ, උරුම හිමිකම් පවුලේ තොරතුරු යනාදී වශයෙන් විග්‍රහ කළ හැකිය. මේ අනුව ස්‌ථාන 12 ට විවිධ කරුණු ගැන සොයා බැලේ.

ලග්නාධිපති නොහොත් ශනි කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 1 වැනි ස්‌ථානයේ සිටී නම් එය ස්‌වක්‌ක්‍ෂ්ත්‍ර බලයෙනි. මේ නිසා ආයු බල වැඩී., පිරිස්‌ බලද තිබේ. ආත්ම ගෞරවයෙන් යුතුව කටයුතු කරයි. ඉගෙනීමට බාධක ඇති කළත් පළපුරුද්ද හා අත්දැකීම් තුළින් තම කටයුතු සාර්ථක කරගනී. ශනි 02 සිටීම නිසා ඇතැම් විට තම වැඩකටයුතු ප්‍රමාද වෙයි. අගහිඟකම් ඇතිවේ. ස්‌ථාන මාරුවීම හෝ පදිංචියේ හෝ වෙනසක්‌ සිදුවිය හැකිය. ශනි 02 වැන්නේ සඳු සමග වීමෙන් ලග්න ජන්ම ඒරාෂ්ඨක දෙකම යෙදෙන නිසා ජීවිතයේ දුක්‌ කරදර වැඩිවේ. ශනි ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 03 සිටීනම් එම ස්‌ථානය ශනිට නීච වේ. මේ නිසා 03 වැන්න හිමි කුජට නිසා තමා සමාජයේ කැපී පෙනෙන අයකු ලෙස සිටීමට සිතයි. මා පිය දේපළ ලැබීමට වාසනාව තිබේ. තමාට පදිංචි ස්‌ථානය වෙනස්‌ කිරීමට සිදුවේ. තමා කරන කාර්යය වැරදුනහොත් හෝ පාඩු සිදු වුවහොත් වෙනත් මගක්‌ ගනී. ඉන් ජය ලබයි. උෂ්ණ රෝග පහසුවෙන් වැළඳිය හැකි නිසා සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. 03 වැන්නේ ශනි සමග රවි ග්‍රහයා යෙදී සිටියේ නම් ඉතාමත් භාග්‍යවන්ත තතත්වයක්‌ උදා කරයි. (රවි 03 ට උච්ජවීම නිසා) ඔබේ ලග්නයේ 04 වැනි ස්‌ථානය අයත්වන්නේ සිකුරුටය. (වෘෂභ) ශනි 04 යෙදීමෙන් දෙමාපිය දේපළ ලැබේ. ඉඩකඩම් ගේදොර ලැබීම සිදුවේ. සකසුරුවම්කම ඇතත් විවාහ දිවියේ ගැටලු ඇති කරයි. අලංකාරයෙන් සිටීම හෝ විනෝද කටයුතු කෙරෙහි හෝ තද ආශාවක්‌ ඇති නොවේ. ශනි 05 යෙදී ඇත්නම් තැන්පත්ය. හැඟêම් පාලනය කරගනී. අධ්‍යාපන කටයුතුවලට බාධක යෙදේ. එහෙත් ප්‍රායෝගිකව උගත්කමට වඩා දැනුමක්‌ ලබයි. විවාහය සිදුවන්නෙ ඈත දුරින්ය. මිතුරන්ගෙන් අපවාද, කරදර ඇතිවේ. බුධ ලග්න ගතව (01) සිටියේ නම් ඉතාමත් ශුභදායකයි. ශනි 06 සිටින විට ළමා වියේදීම ශරීරය කෙට්‌ටු කරයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවේ. ඉගනීමටද එතරම් ශුභ දායක නැත. සතුරු කරදර ඇතිවේ. දරුවන් ගැන දුක්‌වේ.

සෙනසුරු 07 වැන්නේ රවිගේ රාශියක (සිංහ) සිටීමෙන් නිර්භීත වේ. උද්යෝගය වැඩී, අධ්‍යාපන කටයුතුවලට හොඳයි. අන් අය යටතේ රැකියා කිරීම අපහසුයි. විවාහය ප්‍රමාද වීමට පුළුවනි. ශනි විවාහ ස්‌ථානයේ සිටීමෙන් බිරිඳට හෝ ස්‌වාමිපුරුෂයාට හෝ එතරම් ශුභ දායක නැත. දරුවන්ටන් හොඳ මදි. උෂ්ණ රෝග ඇති විය හැකිය.

ශනි 08 වැන්නේ සිටියේ නම් අෂ්ඨම ඒරාෂ්ඨකය උපතේදී ලබා ඇත. එනිසා ළදරු ළමා වියේ රෝග පීඩා වලින් කරදර විඳීමට සිදුවේ. රසායනික කටයුතු වලට දක්‍ෂ වේ. රහස්‌ කටයුතුවල යෙදේ. දේපළ ඇතත් අන් අයට දුප්පත් අයකු ලෙස පෙන්වයි. වැය පක්‍ෂයද වැඩී ශනි 09 වැනි ස්‌ථානයේ තුලා රාශි ගතව සිටීම ඉතාමත් වාසනා වන්ත පිහිටීමකි. ශනිට සිකුරුගේ රාශියක්‌ වූ තුලාව උච්ජ නිසා ආගමානුකූලව කටයුතු කරයි. ධර්ම ප්‍රචාරක කටයුතුවල වුව යෙදිය හැකිය. තමා බුද්ධිමතකු ලෙස සමාජයේ පිළිගනී. ඉගෙනීම් කටයුතු වලටද ඉතා හොඳයි. ශනි 09 වීම නිසා ඇතැම් විට මවගේ පියාගේ ආදරය, සෙනෙහස නොලැබීමට ඉඩ තිබේ. සාර්ථක විවාහ දිවියක්‌ ගත කළ හැකිය.

ශනි 10 වැන්නේ කුජට අයත් රාශියක සිටීම නිසා ආත්මාර්ථකාමී බවක්‌ දනවයි. නිර්භීතයි. ක්‍රියාශීලි වේ. දෙමාපිය තත්ත්වයට වඩා උසස්‌ දියුණුවක්‌ ලබයි. ආගමික කටයුතුවලට එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. වියදම් කරන්නේ සීමා සහිතවය. හදිසි අනතුරුද ඇති වීමට පුළුවන්.

ශනිට 11 වැන්නද සුදුසු ස්‌ථානයකි. ආදායම් මගින් අතමිට සරුවේ. පිරිස්‌ බලය ලබයි. කරන කියන දේවල් තුළ රහස්‌ බවක්‌ නැතිව එළිපිටම කරයි. කියයි. සමාජයෙන් හිතවත් කම් සැලකිලි ලැබේ. අධ්‍යාපන කටයුතු වලින්ද ප්‍රගතියක්‌ අත්කර ගනී. ආගමටද රුචිවේ. සහෝදර සහෝදරියන්ට හිතවත් වේ. මව් පිය උරුම කම් ලබයි.

ශනි 12 වැන්නේ සිටීමද යහපත්ය. එය ශනිට අයත්ම රාශියක්‌ නිසා. මකරය ශනිට ස්‌වක්‍ෂේත්‍ර වෙයි. 12 වැන්න වැය ස්‌ථානය වුවත් ශනිගේ ස්‌ථානය නිසා වැය පක්‍ෂයට හානි නොවේ. සකසුරුවම් තිබේ. ධනය රැස්‌කර ගනී. ඉක්‌මනින් දියුණුවේ. අයථා මාර්ගද යොදා ගනී. ගමන් බිමන් අධිකයි. ඇතැම්විට පිටරට පවා වුව විය හැකිය. ශනි 12 වැන්නේ වීමෙන් විවාහයට දෙපැත්තේම බාධක ඇති කරයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here