කෙත් රකිනා ඉපැරණි කෙම් ක්‍රම

1042
කෙම් ක්‍රම

කෘෂිකාර්මික ජන ජීවිතයෙහිදී වගා කටයුතු සඳහා විවිධ පළිබෝධක බලපානු ලබන්නෙකි. වර්තමානය දක්‌වා පවතින හස්‌තසාර ඉපැරැණි කෙම් ක්‍රම මෙවර පාඨකයා වෙතට මෙසේ තිළිණ කෙරෙනු ඇත.

වන සත්වයාගෙන් කෙත රැකගැනීමට

කුරුමිණියන් කෑ තල් කොළ සතරක්‌ ගන්න. එහි මතු දැක්‌වෙන මන්ත්‍රය ලියන්න – 324 වරක්‌ එකී මන්ත්‍රයෙන්ම තල් කොළ සතරම ජීවම් කර ගන්න. මෙසේ සකස්‌ කොට ගත් තල් කොළ සතර බට ලී හතරකට ඔතා දමන්න. අහුලීයෙන් තැනූ ඇබ ගසා හිරකරන්න. අනතුරුව කුඹුරෙහි හෝ හේනෙහි සතර කොණ ගෞරී යාමාර්ධ ශුභ මුහුර්තයක්‌ අනුව රාත්‍රි 12.00 – 1.00 අතර තැම්පත් කර ගන්න. වන සතුන්ගෙන් රැකවරණයි.

මීට මන්ත්‍රය – ඕං නමෝ නීල නීල අනිලේස්‌වාහා – ඕං නමෝ තුං තුං තං තං මමලේ ස්‌වාහා – 324 වාරයයි. පිරිසිදුව තිසරණ පඤ්චශීලය සමාදන් වී තුන් සූත්‍රය කියා රතන සූත්‍රයෙන් 21 වරක්‌ ද ගායනා කොට ගන්න

අලුත වැපුරූ හේන කෙත ආරක්‍ෂාවට

මුහුදු වැලි, අබ, කම්මල් පස්‌ හෝ ළිපෙහි පස්‌ රැගෙන පහත සඳහන් මන්තරයෙන් 324 වර මතුරා සබ්බපාපස්‌ස අකරණං යන ගාථාව කියමින් කෙත හෝ කුඹුර පුරා රාත්‍රි නවයෙන් පසුව ඉසින්න. වරු 3 ක්‌ ගතවන තුරු වනිතාවන් කෙත නොපෑගිය යුතුය. සියලු සත්ව හානි වැළකෙයි.

ජීවම් මන්ත්‍රය – ඕං නමඃ සුරෙභ්‍යා බලජඃ පරි පරි ජපරි ලිලි ස්‌වාහඃ – ඕං සුරෙභ්‍යා නමඃ නමඃ කෘත්‍යය ඉමං විද්‍යාං ප්‍රයෝජයං විද්‍යා මිකී විද්‍යා මේ සිද්‍යා තේජා ‚ලං ජබකානං ම්‍යගනං ගශකානං – 324 වාරයයි.

පණුවන් කන භෝග ආරක්‍ෂාවට

කපුටා යෑමට පෙර ළිපෙන් අලු මිට තුනක්‌ පිටි අතින් ගෙන පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක්‌ ජීවම් කොට වරු තුනක්‌ භෝගවලට ඉසින්න.

මන්ත්‍රය – නමෝ බුද්ධාය ඒස්‌වාහා ඉර ගුරු ඒස්‌වාහා

පක්‍ෂි මුඛබන්දනය –

මා නැකත ඇතිවේලාවක මීගසක මුලක්‌ ගලවා (අතින් කඩාගෙන) කුඹුරු යායෙහි මැද සිටවන්න. කතා නොකර කරන්න. සැම පක්‌ෂි මුඛ බන්දනයයි.

වල් අලින්ගෙන් ගොවිතැන් ආරක්‍ෂාවට

“ඕං නමෝ ගණපති නම ශිවාය ගෞරීප්‍රිය පුත්‍රං ගණේශ්වරානං හස්‌ති චක්‌ක්‍රාධාර මනි ශේෂ්ඨං ශුද්ධ සිද්ධි ඉෂ්ඨ විෂ්ඨ අමෘත නයනා මෘත ප්‍රේක්‌ෂ ප්‍රවිෂ්ටන්තු විමාන සංහාර නොමලිත් මලිතා දිෂ්ටි දිෂ්ටිනමෝ නමඃ පොඩි කරු අත්තක්‌ (කොහොඹ) සවස පිරිසිදුව ගොස්‌ රාහු කාලයෙන් තොරව මරුට පිටුපා ශුභ දිනක ඉහත මන්ත්‍රයෙන් 1008 වර ජ්‍යෙතිෂ ගුප්ත විද්‍යානුකූලව මතුරා ගන්න – හේන හෝ කුඹුර වටේ කතා නොකර යන්න. ආපසු ඇවිත් නැවතුන ස්‌ථානයෙහි ගසක අත්තක එල්ලන්න. හේන වටේ අලි කැරකුනත් ඇතුළට නොඑයි. ඉරරාජ සඳරාජ මේ මන්ත්‍රයෙන්ම මතුරා ගොඩ මඩ ගොවිතැනෙහි සිටුවීමෙන් දහසක්‌ දොaෂ භංග වේ.

මැසි උවදුරුවලින් ගොවිතැනෙහි රැකවරණයට

“නමෝ යංකිඤ්චි විත්තං ලෝකේ විඡ්ජාච්චරනේ – ස්‌වඃ – මීටම – නමෝ නික්‌කං මම්මතං ශාරිපුත්තං සාවත්තියන් මහා මොග්ගල්ලානං ඒතේරං යාවජීවං නම්මනා භන්තේස්‌වඃ – මීතෙලම මෙයින් 1008 වර මතුරා සිවුරු පහන් වැටි නවයකට මෙකී තෙලින් තෙමන්න. කදුරු කෝටුවක එක බැගින් (පහන් වැටි තුන බැගින්) දින 3 කදී සන්ධ්‍යා යාමයෙහි දල්වන්න. මුහුදු වැලිද මේ සමගම ආරක්‍ෂා කොට ගොවි භූමියෙහි මධ්‍යයෙහි සිට ඉසින්න. කතා නොකර ආපසු නොබලා යැමද විශේෂිත වූ කෙම් ක්‍රමයකි.

පොල්, තල්, කිතුල් ගස්‌වල කුරුමිණි උවදුරු නැතිවීමට

ඕං නමෝ ඉරසරා නුවර උපන් උමයංගනා දේවිගේ දකුණු සළුපටට රං කුරුමිණියා වැටී සළු සුණු කළේය. ඊට ඊෂ්වර දෙවි කෝප නැඟී මාලිගාවේ සැතපෙන වේලාවට ඊශ්වර දෙවියෝ දැක සොඳුරියනි කුමක්‌ වූවාදැයි ඇසීය. ඊට සළුව පෙන්වූයේය. ඊශ්වර දෙවියෝ කෝපව මටත් වැඩිය බල ඇති කෙනෙක්‌ ඇත් දැයි අසා ඊශ්වර සැරයක්‌ ඇර කුරුමිණියෝ අළුකර ඇරියේය. ඒ ආනුභාවයෙන් අදත් මේ භූමිය ඉඩහැර යන්ට ඊශ්වර දෙවියන් ගෙන් වරම්.

නොඉඳුල් පැන්, සුවද ධූප, තැඹිලි තෙල් 1008 වර ජ්‍යෙdතිෂ ගුප්ත විද්‍යානුකූලව සකස්‌ කර ගන්න. සුවඳ දුමෙන් දුම්දී තෙල් කඳෙහි ගා පැන් ගොබවලට තුන් දිනක්‌ ඉසින්න. කුරුමිණි උවදුරු නවතියි. අත්දුටුවයි සත්තයි.

කෘමි උවදුරින් ගස්‌ රැකගැනීමට

ඕං ස්‌වසති කිෂ්කින්ධාස්‌ථිත ප්‍රකට පරාක්‍රමාන්ත හි තාරක මණ්‌ඩලෝප ජීවිතස්‍ය ශ්‍රී හනුමා නාඥපයති මුෂක පනබග පිපී ලික සලභ කරභාත්වක කීට ගන්ධිකා නිව හෛණි ස්‌ථාණ ව්‍යම් ආඥ මතික්‍රම මානස්‍ය ශරීර නිග්‍රහඃ සමාවර්තයති තස්‍යවානර සිංහස්‍ය ක්‍රමමානස්‍ය සාගරං කක්‌ෂාන්තර ගතොවායුර් ජීමුත ඉව නර්දතී හුං එට්‌නමඃ

තල්පතක මෙකී මන්ත්‍රය ලියා 108 වර කියා කුරු කුහුඹුවන්ගෙන් වෘක්‌ෂ ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉතාම යහපත් වෙයි.

We found this article from Divaina on 2014/03/09.