කේතු ග්‍රහයා යනු රාහු ග්‍රහයාගේ ස්වරූපය, ගති ලක්ෂණ මෙන්ම සුබ අසුබ ඵල සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධව ලබා දෙන ග්‍රහයෙකි. රාහු ඉනෙන් උඩ සර්ප ස්වරූපයක්ද පහළ මිනිස් ස්වරූපයක්ද වන අතර කේතු ග්‍රහයා ඉනෙන් උඩ කොටස මනුෂ්‍ය ස්වරූපයක් හා පහළ කොටස සර්පයකුගේ ස්වරූපයක් ගනී. සුබ අසුබ ඵල ලබාදීමේදී රාහු ප්‍රසිද්ධියද කේතු අප්රසිද්ධියද, රාහු නිතර ඇවිද්දවයි. කේතු එකතැන සිටින්නට රෝගපීඩාද රාහු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම හා කේතු ඉගෙනීමට පෙළඹවීම වශයෙන් විරුද්ධ ප්රතිඵලම ලබාදේ.
මීට අමතරව කුඩා අවධියේ කෑම අරුචිය ඇති කර පෝෂණ ඌනතා ඇතිකිරීම, ඔත්පල කිරීම, ස්ත්රීන්ගේ ඔසප් දෝෂ මෙන්ම අමනුෂ්‍ය දෝෂ නපුරු සිහින නිසා නින්දට බාධා ඇතිවීම දුෂ්කර ස්ථානවලට මාරුවීම් ලැබීම සැකය, අවිශ්වාසය, ආත්ම ධෛර්යය හීනවීම වැනි දේ තුළින් පීඩාවන්ට ජන්මීන්ට ගොදුරු වීමට සිදුවන්නේ මෙකී කේතු අපලයේ බලපෑම් නිසාවෙනි.
මේ ආකාරයෙන් කේතු අපලයට මැදිව පීඩාකාරී තත්ත්වයන්ට ඡන්මීන්ට පත්වීමට සිදුවන්නේ ඉහත ආත්මයෙහි සිතේ ඇති වන අධික ක්‍රෝධය නිසා අන්‍යයන්ට සිදු කරන අනර්ථ ක්‍රියා හා විනාශකාරී ක්‍රියාවන් හා අන් අයගේ සැපය, සුබසිද්ධිය, නොඉවසා දැඩි ඊර්ෂ්‍යාකාරී ක්‍රියාවන්ට ඔවුන් ලක්කිරීම ආදී අකුසල කර්මයන් හේතුවෙනි.

එබැවින් කේතු අපලය දුරුකර ගැනීමට සැරසෙන ඔබම විශේෂ කොට මෛත්‍රී සහගත සිතින් පහත දැක්වෙන ශාන්ති කර්ම ඉටු කිරීම තුළ අපලයෙන් මිදී සතුටින් සහනයෙන් ජීවත් වීමේ හැකියාව පවතින්නේය.
කේතු අපලයට වත්පිළිවෙත්
කේතු අපලය සඳහා ගුරුදිනයේ (බ්‍රහස්පතින්දා) පෙ.ව. 6.00-7.00 හෝ රාත්‍රි 8.00-9.00 අතර කාලය තුළ බෝධියේ ඊසාන දිසාවෙහි තලතෙල් පහන් දල්වා පුවක් මල් පූජා කරන්න. “කේතු අපලය දුරුවේවා” යනුවෙන් ලියූ දම්පාට කොඩියක් හා දම්පැහැති මල්වලින් ආතුරයාගේ උසට සාදාගත් මල් මාලයක් බෝධියේ ඊසාන දිශාවේ එල්ලන්න. පෙරාගන්නා ලද පැන් කළයක් චන්ද පිරිතෙන් 27 වරක් හා කරණීයමෙත්ත සූත්‍රයෙන් 9 වරක් පිරිත්කර බෝධිය නාවන්න. අනතුරුව කෙසෙල්මුව මල් දෝතට ගෙන කේතු පීඩාහර ස්තෝත්‍රය කියමින් බෝධිය වටා 9 වරක් ගොස් එකී මල් බෝධියට පූජාකර කේතු අධිපති චිත්‍රගුප්ත දේවතාවාට හා ආතුරයාගේ ඉෂ්ට දේවතාවාට පිං අනුමෝදන් කර කේතු අපලය දුරු කර දෙනමෙන් ඉල්ලා සිටින්න.

කේතු පීඩාහර ස්තෝත්‍රය
කේතුඃ කාලඃ කලයිතා- ධුම්ර කේතුර් විවර්ණකඃ
ලෝක කේතුර් මහා කේතුඃ – සර්ව කේතුර්භයපුදඃ
රෞෙද්රd රුද්‍ර ප්‍රියෝ රුද්රඃ – කෲරකර්මා සුගන්ධ ධෘක්
පලාශ පුෂ්ප සංකාශශ් – චිත්‍ර යඥොප වීත ධෘක්
තාරාගණ විමර්දීච – ජෛමිනේයො ග්රහාධිපඃ
පංච විංශති නාමානී – කෙතොර්යඃ සතනං පථෙත්
තස්‍ය නශ්‍යති බාධාච – ස්ර්වාකේතුඃ ප්රසාදකඃ
ධනධාන්‍ය පශුනාංච – භවෙද්වෘද්ධිර් නසංශයඃ
ඡායා රූපො වජඃ ප්රච්ඡො – ජගත් ප්රලයකෘත්සදා
අදුෂ්ට රූපෝ දුෂ්ට ශේවත් – ජන්තුනාං භං තාරකඃ
පලාශ පුෂ්ප සංකාසං – තාරකා ග්‍රහ මස්තකම්
රෞද්‍රං රෞද්රත්මකං ඝෝරං – තං කේතුම් ප්රණාමාහ්යහම්
දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව පහත සඳහන් සඳු ස්තෝත්‍රය හා සෙත්කවිය නව වර බැගින් ගායනා කරන්න.

ස්තෝත්‍රය
අනේක රූප වර්ණේශ්ව
ශත ශෙථ සහස්රශ
උත්පාත රූපෝ ජගතං
පීඩා හරතු මේ තම
සෙත් කවිය
නාථ මෛත්‍රී මහසත් සුරිදා
බුදු වී බුදුබල විහිදයි මතුදා
බුදු බලයෙන් භූ පේ දොස හැරදා
කේතුගෙ අපලය දුරලන් සැමදා
මැණික් හා යන්ත්‍ර පැළඳීම
රන් මුදුවකට වෛරෝඩි ගලක් අල්ලා දකුණු අතේ වෙදඟිල්ලේ පළඳින්න. නැතහොත් කෙසෙල් කොළයක ආකෘතියකට සවිකර ගෙල පළඳින්න. නිසි ප්‍රමිතියට ප්‍රස්තාර ගත කරගත් සබබපාපස්ස යන්ත්‍රය සබ්බ පාපස්ස ගාථාවෙන් 1008 වරක් මතුරා කර පළඳින්න.

ඖෂධ පැන් ස්නානය
කළාඳුරු අල, කස්තුරි, ඉරිවේරිය, රසකිඳ, දෙළුම් කොළ, පොතු, ලෙලි, ජටාමාංශ යන ඖෂධ නැවුම් කළයකට දමා එයට පැන් පුරවා පැය 12 ක් ගත වූවාට පසු සාමාන්‍ය ස්නානයෙන් පසු ඖෂධ පැන් කළය පෙරා ස්නානය කරන්න.
ගෙවත්තේ ඊසාන දිසාවෙගි කෙසෙල් පැළයක් සිටුවා ස්පර්ශ කරමින් සාත්තු කරන්න. රැකබලා ගන්න.
තමන්ට හැකි ස්ථානයක කදුරු, නුග, ඉඹුල්, කෑල ගස් සිටුවන්න.
අයාලේ යන සුනඛයන්ට ආහාර සමග ජලය ලබා දෙන්න.
වයස්ගත උදවියට උදව් උපකාර කරන්න.
මෙකී සියලු පුණ්‍ය ක්‍රියාවන් අවසානයේදීම තමන්ගේ අපල හෙවත් පෙර අකුසල් දුරුවී පෙරපින් මතු වී යහපත උදාවේවායි ප්‍රාර්ථනා කරන්න.
We found this article from Divaina on 2013/12/01.