ජ්‍යෙතිෂ ශාස්ත්‍රීය නිගමනය අනුව නිවැරදිව පලාඵල ප්‍රකාශ කිරීමට නොයෙකුත් ජ්‍යෙdතිෂ සිද්ධාන්ත උපයෝගී කර ගත හැකිවෙයි. කේන්ද්‍රයක ලග්නය හතර වැන්න, හත්වැන්න දහ වැන්න කේන්ද්‍ර ස්ථාන ලෙස හඳුන්වා දෙයි. එසේම ත්රිකෝණයන්ද සතරක් ඇති බව ආධුනික ජ්‍යෙdතිෂ ශාස්ත්‍රඥයන් වුවද දන්නා සිද්ධාන්තයකි. ලග්න ස්ථානය, බන්දුස්ථානය, විවාහක ස්ථානය, කර්මස්ථානය ආදි නම් වලින් කේන්ද්‍රස්ථාන සතර හඳුන්වා දී ඇති අයුරින්ම පුද්ගල සහ අධ්‍යාත්මික ත්‍රිකෝණ ලෞකික සහ භෞතික ත්‍රිකෝණ සමාජ ත්‍රිකෝණ, සාර භෞතික ත්‍රිකෝණ යන නම්වලින් ත්‍රිකෝණ සතර හැඳින්වෙයි. ත්රිකෝණයන් සැදෙනුයේ රාශින් තුනක් එක්වීමෙනි.
උත්පත්ති කේන්ද්‍රය අනුව පුද්ගලයකුගේ රූප ලක්ෂණය චරිතය අධ්‍යාපනය දරුඵල සහ පිංදහම් ආදි ආගමික කටයුතු ප්‍රධාන වශයෙන් මූලික වී ලග්නය පහ නවය එක්වීමෙන් පළමු ත්‍රිකෝණය සෑදෙයි. දෙවැනි ත්‍රිකෝණයට අයත් වන දෙක, හය, දහය එක්වීමෙන් ඇතිවන ත්‍රිකෝණයෙන් යමෙකුගේ ධන තත්ත්වය රැකියාව බලපෑමට හේතුවන රෝග පීඩා සතුරු මිතුරු බව ආදිය හෙළි වෙයි. තුන්වැන්න සත්වැන්න, එකොළොස්වැන්න එක්වීමෙන් සැදෙන තුන්වන ත්‍රිකෝණයෙන් සහෝදර, සහෝදරියන් පිළිබඳව වික්‍රමාන්විත බව විවාහය ව්‍යාපාර ධනය ලද හැකි මාර්ග ආදිය මූලිකව හෙළිවෙයි. සතරවන ත්‍රිකෝණය වශයෙන් හඳුන්වන අතර අට දොළහ එක් වීමෙන් සෑදෙන ත්‍රිකෝණයෙන් මව් පිය උරුමයෙන් ඥතීන් බලපාන රෝග පීඩා විවාහයෙන් ලැබෙන ධනය වියදම ආදී තොරතුරු හෙළිවෙයි.
ත්‍රිකෝණස්ථාන පිළිබඳව විග්රහ කිරීමේදී තේජෝ වායෝ අපෝ පෘථිවි යන රාශින් අනුවද ත්‍රිකෝණය සැදි ඇති අන්දම ගැන කල්පනාකාරී විය යුතුයි වෙයි. කේන්ද්‍රස්ථානවලට හා සමාන බලයක් ත්රිකෝණස්ථානයන්ටද හිමිවන අතර අංශක 120 ක බලපෑමකින් යුක්ත මෙම ත්‍රිකෝණයන්හි තැන්පත් වී සිටින ග්‍රහයන්ගේ උච්ච නීච මිත්‍ර ක්ෂේත්‍ර සතුරු ග්‍රහ සංයෝග ග්‍රහ දෘෂ්ටි ආදී තත්ත්වයන් පිළිබඳව ශුබ අශුභ ග්‍රහ තත්ත්වයද සලකා බැලිය යුතු වෙයි. කේන්ද්‍රයක පළමු ත්‍රිකෝණය ශුබ ග්‍රහයින් සහ ශුභ දෘෂ්ටි සහිතව බලවත් වීමෙන් මනා රූප සම්පත්තියකින් යුක්ත සමාජයෙන් කීර්ති ප්‍රශංසා ලබන කාරුණික හදවතක් ඇති බුද්ධිමත් ඉගෙනීම ආදි කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් පිං දහම් කටයුතු කෙරෙහි හෝ ස්වකීය ආගම කුමක් වුවත් ඒ පිළිබඳ භක්තියක් ලැදියාවක් ඇති වාසනාවන්ත දූ පුතුන් ලබන භාග්‍ය වන්තයෝ බිහිවෙති. පාපී ග්‍රහයින් සහිතව දුබල වී නම් ඉහත සඳහන් ප්‍රතිඵල වෙනස් වී අහිතකර තත්ත්වයක් බලපෑමට හෝ සාමාන්‍ය ශුභ ඵල තත්ත්වයක් උදා කිරීමට හේතු වෙයි.
දෙවන ත්‍රිකෝණයෙහි ග්‍රහයින් බලවත් වී සිටීමෙන් නොයෙකුත් ක්රමයන්ගෙන් ධනය ලබන සතුරු බලපෑම් ආදියෙන් පීඩාවට පත් නොවන රැකී රක්ෂා ව්‍යාපාර ආදියෙන් දියුණුව ලබන සේවකාදීන්ගේ ආදරයට භක්තියට ලක්වන අයෙක් වෙයි.
අශුභ ග්‍රහ තත්ත්වයක් වී නම් ධන ධාන්‍යයෙන් අඩු නිතර සතුරු කරදර රෝග පීඩා ආදියට හේතුවන රැකී රක්ෂා ව්‍යාපාරයන්හි අවුල් වියවුල් සහිත කඩා කප්පල් වීම ආදි නොයෙකුත් අශුභ බලපෑම්වලට හේතුවන බව මා දැක ඇති අත්දැකීමකි. විවාහක ස්ථානයද සම්බන්ධ වී ඇති තුන්වන ත්‍රිකෝණයෙන් සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන උදව් උපකාර ඔවුන්ගේ ජීවන තොරතුරු තමාගේ එඩිතර වික්‍රමාන්විත තේජවන්ත බව යහපත් ගුණවත් සහකරුවෙක් හෝ සහකාරියක සමඟ වාසනාවන්ත යුග දිවියකට හේතුවීම, හවුල් ව්‍යාපාර ආදියෙන් දියුණුව ලාභ ප්‍රයෝජන අන්‍යයන්ගේ උදව් උපකාර කීර්ති ප්‍රශංසාවලට හේතුවීම කලාකාමි දේවලට විශේෂ දක්ෂතා ආදි ශුභ පළ උදාකරයි. අශුභ තත්ත්වයෙන් පිහිටියේ නම් ඉහත සඳහන් ශුභ පළයන්හි වෙනස්වීම් ඇති වීමට හේතු වෙයි.
සතරවෙනි ත්‍රිකෝණ ස්ථානයේ ශුභ ග්‍රහ පිහිටීම් වී නම් තමාගේ මව හෝ මව් පාර්ශ්වයෙන් හෝ ඥතීන්ගෙන් උදව් උපකාර ගෞරව හිමිවීම ස්වකීය පාරම්පරික දේපළ උරුමයෙන් හිමිවීම යහපත් ප්‍රියංකර නිවාසයන්ට හිමිකරුවෙකු වෙයි. ස්වකීය සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයෙන් උදව් උපකාර සහිත ධන ධාන්‍ය මාර්ග හිමිවීම රෝග පිඩා ආදියෙන් තොර යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පැවතීම වියදම් මාර්ග අඩුවී ඉතිරි කිරීම් ආදියට අවස්ථා උදාවෙයි. එහි ග්‍රහ තත්ත්වය අශුභ වී නම් එවිට අගුණ පාරම්පරික උරුමයන්ගෙන් ප්‍රයෝජන අඩුවීම හෝ ඒ සම්බන්ධ අවුල් වියවුල් බලපෑම ඥති මිත්‍ර ප්‍රශ්න විරෝධතා විවාහ පාර්ශ්වයෙන් උදව් උපකාර අඩු වී හෝ ඔවුන්ගේ අප්‍රසාදයට පත්වීම තමන් අපේක්ෂා නොකළ නඩු හබ වියදම් චෝදනා අපහාසය ආදියට හේතු බලපායි.
We found this article from Divaina on 2013/05/10.
Also Sinhala to English Google word to word translation can be found here